අටදාගෙය

විකිපීඩියා වෙතින්
(අටදාගේ වෙතින් යළි-යොමු කරන ලදි)
අටදාගේ ප්‍රවිශ්ඨ ද්වාරය

අටදාගේ පොළොන්නරුව පෞරාණික නගරයේ දළදා මළුව තුල දක්නට ලැබෙන පැරණිතම ගොඩනැගිල්ල වේ. මහා විජයබාහු රජු (ක්‍රි.ව. 1055-1110) විසින් කරවූ දළදා මැදුර මෙය ලෙස හඳුනාගෙන ඇත. දෙමහල් ගොඩනැගිල්ලක්ව පැවති මෙහි ඉහළ මහලේ දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුව තැම්පත් කොට තිබූ බවට සාධක පවතී. අටදාගේ ඉහල මහල දැවයෙන් නිර්මිත අතර පියස්ස දැව පරාල යොදා උළු සෙවිලි කොට තිබී ඇත. අසල පිහිටි වේලක්කාර සෙල් ලිපියට අනූව මෙම දළදා මැදුරේ ආරක්ෂාව රජුගේ පුද්ගලික ආරක්ෂකයින් වූ වේලයික්කාර භටයන්ට පැවරුණු බව සඳහන්ය.

ව්‍යුහය[සංස්කරණය]

මෙම ගොඩනැගිල්ල චතුරස්‍රාකාර මණ්ඩපයකි . එයින් ආයත චතුරස්‍රාකාර අන්තරාල නැමැති කොටස ඉස්මතු වෙයි. එය ඉදිරියේ සිට පිටුපස දක්වා පිට පැත්තෙන් අඩි 75 ක් දිග වන අතර හතරැස් ගර්භයේ උපරිම පළල අඩි 45 ක් වෙයි. මෙය දළදා මැදුර දකුණු දෙසට මුහුණලා පිහිටා ඇත එහි පියගැට පෙළෙහි සපුරා හුණු ගලින්ම වු සදකඩ පහණක සිට නැගෙනහිර දෙසට කොරවක් ගල් සහිත පියගැට පෙළකි. අටදාගෙයි දාරුමය උපරි ව්‍යුහය සියවස් ගණනාවක කාලයක් තිස්සේ නටඹුන් ව ඇති අතර එහි ආකෘතිය හැර වෙනත් කිසිවක් අද ශේෂව නොමැත

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අටදාගෙය&oldid=399583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි