සුමිත්‍රා පීරිස්

විකිපීඩියා වෙතින්
සුමිත්‍රා පීරිස්
උපතමාර්තු 24, 1935 (1935-03-24) (වයස 88)
මියගිය දිනය2023-01-19
කොළඹ, ශ්‍රී ලංකාව
රැකියාවඅධ්‍යක්ෂිකා, සංස්කාරක, නිෂ්පාදිකා
සහකරුවා(වන්)ලෙස්ටර් ජෙම්ස් පීරිස්

1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් ශ්‍රී ලාංකීය සිනමාවේ සිටින විශිෂ්ඨ අධ්‍යක්ෂකවරියකි. 1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් මහඟු සේවයක් ඉටු කළාය. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි. ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇයගේ ජීවන ගමනේ සහකරුවා වේ.


ළමා සහ තරුණ අවධිය

සුමිත්‍රා පීරිස් මෙලොව එළිය දුටුවේ සුමිත්‍රා ගුණවර්ධන නමිනි. ඒ 1935 මාර්තු 24 වෙනිදාය. ඇය උපත ලැබුවේ ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී චරිතයක් වන බොරලුගොඩ ගුණවර්ධනයන්ට ඥාතීත්වය දරන පවුලකය. ඇයගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) වූ අතර ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිතීඥයෙකු ලෙස කටයුතු කළේය. ඇයගේ මව වූ හැරියට් වික්‍රමසිංහ සාමාන්‍ය මධ්‍යම පාන්තික කාන්තාවක් වූවාය. සුමිත්‍රා පීරිස්ගේ ඥාතීන් තිදෙනෙක් වන දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන සහ ප්‍රසන්න ගුණවර්ධන ලාංකීය ක්‍රියාකාරී දේශපාලනයේ අදටත් කටයුතු කරමින් සිටී.

සුමිත්‍රා පීරිස් දහහතර වන වියේ පසුවන විට ඇයගේ මව මෙලොව හැර ගියාය. එතැන් සිට සුමිත්‍රා තම සොයුරු සොයුරියන් වූ ගාමිණි, චන්ද්‍රලතා සහ රංජිත් සමඟ ජීවන ගමනේ විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නාය. ගාමිණී, සුමිත්‍රාට වඩා වසර පහක් වැඩිමහලු වූ අතර, චන්ද්‍රලතා ඇයට වඩා වසර හතරක් වැඩිමහළු වූවාය. රංජිත් පවුලේ බාලයා විය.

මවගේ වියෝවෙන් පසු සුමිත්‍රාගේ වැඩිමහලු සොයුරු ගාමිණී ප්‍රංශයේ දකුණු ප්‍රදේශයට ගොස් ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු සමඟ ජීවත් වුයේය.

සුමිත්‍රා ඉගෙනීම ආරම්භ කළේ අවිස්සාවේල්ලේදීය. පසු කලෙක ඇය කොළඹ විශාකා විද්‍යාලයට ඇතුලත් වුවාය. ඇය ලන්ඩන් උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලැබුවේ කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙනි. සුමිත්‍රා වයස අවුරුදු 20 වන විට ප්‍රමාණවත් මුදලක් එක්රැස් කොටගෙන යුරෝපය බලා පිටත්ව තම සොහොයුරා ගාමිණී මුණගැසුණාය. එතැන් පටන් ඔහුගේ ආධාරද ඇතිව ඇය යුරෝපයේ විවිධ රැකියාවන්හි නිරත වුවාය.


පෞද්ගලික ජීවිතය

සුමිතා පීරිස් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ විවාහ වුයේ 1964 ජුනි 19 වනදා ඕල් සේන්ට්ස් (All Saints) දේවස්ථානයේ දීය.

සිනමා දායකත්වය[සංස්කරණය]

සංස්කරණයන්[සංස්කරණය]

වසර චිත්‍රපට
1968 ගම්පෙරළිය
1967 දෙලොවක් අතර
1971 බක්මහ දීගේ
1976 මඩොල් දූව
1978 අහසින් පොළොවට
1980 ගඟ අද්දර

අධ්‍යක්‍ෂණයන්[සංස්කරණය]

වසර චිත්‍රපට
1978 ගැහැනු ළමයි
1980 ගඟ අද්දර
1982 යහළු යෙහෙළි
1984 මායා
1988 සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා
1996 ලොකු දුව
1997 දුවට මවක මිස
2003 සක්මන් මළුව
2009 යහළුවෝ

නිෂ්පාදනයන්[සංස්කරණය]

වසර චිත්‍රපට
1975 දෑස නිසා

සම්මාන[සංස්කරණය]

අන්තර්ජාතික සම්මාන[සංස්කරණය]

  • Carthage International Film Festival - Gehenu Lamai - Diploma of Merit. shared the jury award with Mirinal Sen of India – 1978
  • London Film Festival - Gehenu Lamai - Outstanding Film of the Year – 1978
  • South Asian Film Festival in Tokyo Japan - Ganga Addara – Diploma Moscow International Film Festival - Yahalu Yeheli - Diploma 1984 purchased by a German television channel in 1986
  • Filmex International Film Festival - Los Angeles - Yahalu Yeheli - Diploma – 1985
  • Tokyo International Film Festival - Sagara Jalaya - One of the Ten Best Films purchased by a Japanese television station
  • Nantes International Film Festival - Loku Duwa - Diploma – 1993
  • Fukuoka International Film Festival - Loku Duwa - 1994
  • London Film Festival - Duwata Mawaka Misa – Diploma – 1998
  • International Film Festival - India - Duwata Mawaka Misa – 1998
  • Fukuoka International Film Festival - Duwata Mawaka Misa – 1998
  • Golden Lotus - Deauville Award for "Contribution to Asian Cinema" - 2001

ජනාධිපති සම්මාන[සංස්කරණය]

  • හොඳම සංස්කරණය - අහසින් පොළොවට – 1979
  • හොඳම සංස්කරණය - ගඟ අද්දර - 1981
  • හොඳම අධ්‍යක්ෂණය - ගඟ අද්දර – 1981
  • හොඳම අධ්‍යක්ෂණය - යහළු යෙහෙළි – 1983
  • හොඳම අධ්‍යක්ෂණය - ලොකු දුව - 1997
  • හොඳම අධ්‍යක්ෂණය - දුවට මවක මිස - 1998

සරසවිය සම්මාන[සංස්කරණය]

  • හොඳම සංස්කරණය - ගම්පෙරළිය – 1964
  • හොඳම සංස්කරණය - දෙලොවක් අතර – 1967
  • හොඳම අධ්‍යක්ෂණය - ගඟ අද්දර – 1981
  • හොඳම අධ්‍යක්ෂණය - මායා – 1985
  • හොඳම අධ්‍යක්ෂණය - සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – 1989

සිග්නිස් (ඕ.සී.අයි.සී) සම්මාන[සංස්කරණය]

  • හොඳම සංස්කරණය - අහසින් පොළොවට – 1979
  • හොඳම අධ්‍යක්ෂණය – ගැහැනු ළමයි – 1979
  • හොඳම අධ්‍යක්ෂණය - යහළු යෙහෙළි – 1983
  • හොඳම අධ්‍යක්ෂණය - සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා - 1989

වෙනත්[සංස්කරණය]

  • Best Editor - Bakmaha Deege - Critics Awards - 1971
  • Swarna Sanka Awards – 1998
  • Best Director - Rana Thisara Lifetime Achievement Award – 1993
  • Best Director - Zonta Arthur C Clark Award for Communication - 1998

සටහන්[සංස්කරණය]

Sumitra_Peries
"https://si.wikipedia.org/w/index.php?title=සුමිත්‍රා_පීරිස්&oldid=536962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි