ස්වාධීන කාන්තාවන්ගේ සංසදය

විකිපීඩියා වෙතින්
ස්වාධීන කාන්තාවන්ගේ සංසදය
Independent Women's Forum
ප්‍රාරම්භකයා(යන්)රොසාලි සිල්බමන්, බාබරා ඔල්සන්, අනීතා කේ. බ්ලෙයාර්
වර්ගය501(c)(3)[1]
ස්ථාපිත වූවේ1992
ස්ථානයවොෂින්ටන් ඩී.සී.
ප්‍රධාන පිරිස්සබ්‍රිනා ස්ක්‍රැෆර්, කෙරී ලූකස්,[2] හෙදර් හිගින්ස්, ක්‍රිස්ටිනා හෆ් සමර්ස්, ලින් වී. චෙනී, වෙන්ඩි ලී ග්‍රෑම්, මිඩ්ජ් ඩෙක්ටර්,කේට් ඕ. බ්‍රයන්[3]
ආවරිත කලාපඑක්සත් ජනපදය, ඉරාකය, ඇෆ්ගනිස්තානය
අවධානය යොමු කරන්නේකාන්තාවන්ගේ අයිතිවාසිකම්, කාන්තා සම තත්වය, දේපල හිමිකම, නිදහස් වෙළඳපල, ප්‍රජාතන්ත්‍රවාදය, විදේශ ප්‍රතිපත්තිය,[1] ගෘහාශ්‍රිත හිංසනය, සරසවි කාරණා, සනීපාරක්ෂාව, කම්කරු ප්‍රතිපත්තිය[4]
විධික්‍රමයන්අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම, සම්මාන පිරිනැමීම, ප්‍රධානයන් සිදුකිරීම, දේශපාලන පරිකථනය කිරීම
ආදායම්අමෙරිකා ඩොලර් 1,317,157 (2004 වසරේදී)[5]
ආදර්ශ පාඨය"සියලු ගැටළු ගැහැණියගේද ගැටළු වේ "
වෙබ් අඩවියIWF.org

ඉන්ඩිපෙන්ඩන්ට් වුමන්ස් ෆෝරම් (සිංහල තේරුම:ස්වාධීන කාන්තාවන්ගේ සංසදය) යනු කාන්තාවන් පිලිබඳවවූ ප්‍රතිපත්තිමය ගැටඑ ඉලක්ක කරගත් කන්සවෙටිව් දේශපාලන මතධාරී ලාභය අරමුණු කර නොගත් ඇමරිකානු සංවිධානයකි. [6][7] 1992 දී ක්‍රියාවේදිනියක වන රොසාලි සිල්බමන් විසින් "ස්ත්‍රි වාදය පිලිබඳ වූ මූලප්‍රඥප්තියෙහි මධ්‍යස්ථ විකල්පය"ට අනුබල දීමක් වශයෙන්, ක්ලැරන්ස් තෝමස්ගේ ශ්‍රේෂ්ඨාධිකරණ නාමයෝජනාවට සමගාමීව මෙය ස්ථාපනය කරන ලදී.[8]

මොවුන් පෙනී සිටිනු ලබනුයේ සම ස්ත්‍රි වාදය උදෙසා වන අතර, මෙම "සම ස්ත්‍රි වාදය" යන්න IWF හි කතුවරියක වන ක්‍රිස්ටිනා හෆ් සමර්ස් විසින්, මධ්‍යස්ථ ස්ත්‍රි වාදය, ලිංගික ස්ත්‍රි වාදයෙන් වෙන් කර හඳුන්වා දීමට භාවිතා කර ඇත. එනම් මෙහිදි ඇය, ලිංගික විචයනය හා පුරුෂාධිපත්‍යය එරෙහිව නැගී සිටියාය..[9][10] සමර්ස්ට අනුව ලිංගික ස්ත්‍රි වාදී දර්ශනය, "නූතන දාර්ශනිකයන් හා නායකයින් අතරෙහි බහුලව පැතිර පවත්නා මතවාදය" වන අතරම, එය "ඇමරිකානු කාන්තාවන් පීඩනයට පත්ව ඇති අප්‍රධාන පිරිසක්" යන මිථ්‍යාව මත රඳා පවතී."[11]එමෙන්ම සමර්ස්ගේ සම ස්ත්‍රි වාදය, ප්‍රති-ස්ත්‍රි වාදී සංකල්පයක් ලෙසද විචාරකයන් විසින් පෙන්නා දී ඇත.[12]

2012 එක්සත් ජනපද ජනපති මැතිවරණයේදී, මෙම සංවිධානය ඔවුන් ගේ වෙබ් අඩවියෙන් සහ දේශපාලන දැන්වීම් පෙළක් ඔස්සේ බරාක් ඔබාමා ට එරෙහිව වාචික නැගී සීටිමක් සිදු කරනු ලැබුවේ , ජනපතිතුමන් වංක ප්‍රේමවන්තයෙකු හට සම කරමින්ය. .[13]

සම්භවය සහ ඉතිහාසය[සංස්කරණය]

1992 දී රොසාලි සිල්බමන්, බාබරා ඔල්සන් සහ අනීතා කේ. බ්ලෙයාර් විසින් ස්ථාපනය කරන ලද ස්වාධීන කාන්තාවන්ගේ සංසදය, ක්ලැරන්ස් තෝමස්ට එල්ල වූ ලිංගික හිරිහැර කිරීම් සහ අනෙකුත් අකටයුතුකම් යන චෝදනාවන්ට එදිරිව "විනිසුරු තෝමස් වෙනුවෙන් කාන්තාවන්" යන ඇඩ්-හොක් කණ්ඩායම ලෙස ආරම්භ විය. 1996 දී සංවිධානය සතුව මධ්‍යාහ්න භෝජනයේදී නිරතුරුවම හමුවී අදහස් හුවමාරු කරගත්, අත්දැකීම් බහුල සාමාජිකයෝ 700 ක් පමණ සිටියහ.[14] සිල්බර්මන් කාන්තා සංවිධානයේ ප්‍රථම සභාපතිනිය විය. ඊට පසු එක්වූ නායකයන් අතරට නැන්සි ප්ෆොටෙන්හර් සහ අනිටා බ්ලෙයාර් ද ඇතුලත් වී ඇතුළත් වී ඇත. සබ්‍රිනා ස්ක්‍රැෆර් සංවිධානයේ වර්තමාන විධායක අධ්‍යක්ෂකවරිය වේ..[15] IWF, වොෂීන්ටන් සමූහ ආණ්ඩුවෙහි කැපී පෙනෙන සංවිධානයක් ලෙසද හදුන්වා දිය හැකිය."[14][16] 2006 දී සංවිධානයේ සාමාජිකයන් 20,337 ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 1.05 ක අය වැය වාර්තාවක්ද තිබුණි..[6]

අනිකුත් ස්ත්‍රිවාදී කණ්ඩායම් වලට එරෙහි වීම්[සංස්කරණය]

IWF , බොහොමයක් දැඩි ස්ත්‍රීවාදී ආකල්ප වලට විරෝධය දක්වන අතරම, එවන් අදහස් "රැඩිකල් ස්ත්‍රීවාදය" ලෙසද හඳුන්වා දෙනු ලබයි.. IWF ට අනුබද්ධ ලේඛකයින්ගේ තර්කයට අනුව,ලිංගික පරතරය මත ආදායම වෙනස් වනු ලබන්නේ, හුදෙක් ස්ත්‍රී පුරුෂ භාවය නිසා නොව, කාන්තාවන් සතුව දැඩි ඉල්ලුමක්, ඔවුන්ගේ රැකියාවන්හි නම්‍යශීලීභාවයට, අඩු පැය ගණනකට සහ අවම ගමනාගමනයට ඇති බැවින්ය. නිදහස් කාන්තා සංසදයේ උප සභාපතිනිය වන කැරී ලූකස්,දලාස් උදෑසන ප්‍රවෘත්තිවලට ලියන ලද "ආදායමෙහි ස්ත්‍රී පුරුෂ අන්තරය සහ කාන්තාවන්ගේ සිය අභිමත" යන ලිපියෙහි දක්වා ඇත්තේ, කාන්තාවන් තම රැකියාවන්හි, ඇති නම්‍යශීලීබව සහ ස්වකීය සාධනය කෙරෙහි හුදෙක් තම වැටුප කෙන්ද්‍ර කරගත් පුරුෂයින්ට වඩා ප්‍රමුඛතාවක් දෙනු ලබන බවයි. කාන්තාවෝ බොහෝ දුර ගමන් කිරීමට සහ නිරතුරුවම රැකියා ස්ථාන මාරු කිරීමට සිදුවන රැකියා ප්‍රතික්ෂේප කිරීමට නැඔුරු වී ඇති අතරම පුරුෂයින් ට සාපේක්ෂව බොහෝ නිවාඩු ගැනීමට මෙන්ම අවම කාලයක් රැකියා ස්ථානයේ රැදී සිටීමටද තැත් කරති.නමුත්, පුරුෂ පාක්ෂිකයෝ විසමානුපාතිකව බොහොමයක් කිලිටි, භයානක සහ දොම්නස් සහගත රැකියා වල යෙදෙති. ."[17]

කන්සවෙටිව් මතධාරීහු, ස්වාධීන කාන්තාවන්ගේ සංසදයට නන් අයුරින් ප්‍රශසා කලෝය.ලින්ඩා චාවේස්ද "වුමන්ස් ෆිගර්ස්" එනම් 1999 දී මුද්‍රනය කරන ලද ඇමරිකානු කාන්තාවන්ගේ ආර්ථික සංවර්ධනය පිළිබඳව නිදර්ශන සහිත මාර්ගෝපදේශය නමැති ග්‍රන්ථයේ , ස්වාධීන කාන්තාවන්ගේ සංසදය මඟින් රචිත, ස්ත්‍රීවාදීන්ගේ වූඩූ ආර්ථික විද්‍යාව නම් බොරුව හෙළිදරව් කිරීම “ යන ලිපිය මහත් සේ අගය කලාය."[18] "කැපිටලිස්ට්" සඟරාවට අදහස් දැක්වූ, ජෝන් ස්ටොස්සෙල් විසින්, 2007 දී මයිකල් බර්ගාඩ් විසින් රචිත කාන්තා ප්‍රගති සාක්ෂියෙන් උපුටා ගනිමින් සඳහන් කලේ, “ ඇමෙරිකානු කාන්තාවන් මෙතරම් විකල්ප රාශීයක් හෝ උසස් ජීවින තත්වයක් කිසිදා හිමි කරගෙන නොමැති බවය."[19]

සමහර ලේඛකයින් විසින් තරයේ ප්‍රකාශ කර සිටින්නේ, ස්වාධීන කාන්තාවන්ගේ සංසදය මගින් ස්ත්‍රීවාදී අලංකාරෝක්තියන්, හුදෙක් ප්‍රති-ස්ත්‍රීවාදී පරමාර්ථයන් මුදුන් පත් කර ගැනීමට භාවිතා කරනු ලබන බවයි.[20][21] නිදහස් කාන්තා සංසදය වනාහී රාජ්‍ය ප්‍රතිපත්ති කණ්ඩායමේ හුරු අත බවත්, ව්‍යාජ ලෙස පුරුෂයින්ගේ නිදහස ස්ත්‍රීන්ටද තිබිය යුතුය යන්නට සහයෝගය ලබා දුන්නද, එම සිද්ධාන්තයේ කෙළවර කාන්තාවන් භයානක ඉරණමකට ලක් වීමට බොහෝ ඉඩකඩ ඇති බවට එක් නිව්යෝක් ටයිම්ස් සඟරාවක කතුවැකියකද සඳහන් කර ඇත."[22]

දේශීය ප්‍රතිපත්ති සහ වැඩසටහන්[සංස්කරණය]

එක්සත් ජනපදයේ සෞඛ්‍ය ආරක්ෂක ප්‍රතිපත්තිය[සංස්කරණය]

2009 දී මොවුන් විසින් "යූ ටියුබ්" වෙබ් අඩවියේ පළ කරන ලද "එක්සත් ජනපද රජය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අරමුදල් සැපයූවේ නම්, පියයුරු පිළිකා වැළඳී ඇමරිකානු කාන්තාවන් 300,000 මිය යාමට ඉඩ තිබුන" යන්න තේමා කරගත් දේශපාලනමය දැන්වීමක්, ප්‍රාන්ත 8ක් තුල වාද විවාදයට ලක් විය.[23][24] නිදහස් තතු ගවේශකයින් විසින්, IWF දැන්වීම "පැරණි සංඛ්‍යා ලේඛනයන්, දෝෂ සහිත තර්කයන් සහ සාවද්‍ය වක්‍රෝක්තීන්" මත රදා පතින බවට සොයා ගැනීමෙන් අනතුරුව,මෙය කාන්තාවන් තමා තුල ඇති භයංකාර හැගීම් තුලට වැරදි සහගත ලෙස පොලඹවන සුලු බවට ලේබල් ගත කරන ලදී.[25]

අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ විශ්වවිද්‍යාල වැඩ සටහන්[සංස්කරණය]

ප්‍රාථමික, ද්වීතික සහ උසස් අධ්‍ය්‍යාපනයන්ට අදාල විවිධ ගැටළු කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවන් සඳහා සංසදය ක්‍රියාකාරී වේ.

9 වන මාතෘකාව බලාත්මක කිරීම[සංස්කරණය]

සංවිධානය ආරම්භයෙන් මදකට අනතුරුව, මොවුහු ජාතික රෙස්ලින් පුහුණුකරුවන්ගේ සංගමය වැනි පිරිස් සමග එක් වී එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ කාර්‍යාලය මගින් බලාත්මක කරන ලද ලිංගික සමානතාව පිලිබඳව වූ ව්‍යවස්ථාව ඉදිරිපත් කර ඇති ආකාරයට එරෙහිව නැගී සිටියහ.මෙම 1972වන නීතියෙන් ප්‍රකාශ වනුයේ,එක්සත් ජනපදයේ වෙසෙන කිසිදු පුද්ගලයෙකුව, ස්ත්‍රි පුරුෂ භාවය මත පදනම් ව, අධ්‍යාපන වැඩසටහනකින් හෝ ෆෙඩරල් මූල්‍ය ආධාර ලැබෙන කිසිදු ක්‍රියාකාරකමකමකින් බැහැර කිරීම,ප්‍රතිලාභ ලබා නොදීම, අන් අයගෙන් වෙනස්කොට සැළකීම ආදිය සිදු කල නොහැකි බවය."[26] IWF හි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ක්‍රිස්ටීන් ස්ටෝල්බා ට අනුව, මෙම නීතිය අපේක්ෂා නොකරන ලද ඍණාත්මක ප්‍රතිවිපාක රාශියකට තුඩු දී ඇත.[27] කණ්ඩායමෙහි මතය තහවුරු කිරීම උදෙසා,ස්ටෝල්බා,තරයේ ප්‍රකාශ කර සිටියේ,

අප සංවිධානය, 9වන වගන්තියට විරුද්ධ බවට නිරතුරුවම දෝෂාරෝපනයට ලක්වේ. ඒත් අප 9වන මාතෘකාවට විරුද්ධ නැත..... අප විරුද්ධ වන්නේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කාර්යාලය මඟින් එය බලාත්මක කිරීමට යොදා ගත් ආකාරයට පමණය. ඔවුන්ගේ ව්‍යවස්ථාවට අනුකූලව පාසැල් මඟින් මෙය බලාත්මක කරනු ලබන්නේ සංඛ්‍යාංක වලට අනුකූලවය..... අපගේ සාමාන්‍ය බුද්ධිය හා සංගණන දත්තයන් මගින්ද, පිළිඔිඔු වන්නේ පිරිමින් ගැහැණුන්ට වඩා මළල ක්‍රීඩාවන්ට ඇල්මක් දක්වන බවය. ඒත් මෙහි පිරිමි ළමුන් ගණනට වඩා ගැහැණු ළමුන් ගණන වැඩිය. එම නිසා මෙය හුදෙක් සංඛ්‍යා හා කෙරෙන ක්‍රීඩාවක් පමණක් වන අතර මළල ක්‍රීඩකයන් ගණන එයට සමානුපාතික විය යුතුය. මෙය කිරීමට පහසුම ක්‍රමය නම් පිරිමි කණ්ඩායම් ගණන අඩුකිරීමයි.[28]

පිරිමි ළමුන් බොහෝවිට පාසැල් මළල ක්‍රීඩා වැඩසටහන් වලට ගැහැණු ළමුන්ට වඩා සාභාගිවීමට ඇල්මක් දක්වයි යන සංගමයේ අදහස ගෙනහැර පෑම උදෙසා ස්වාධීන කාන්තාවන්ගේ සංසදය විසින් කාන්තා පාසැල් වල සිසුවියන් මළල ක්‍රීඩා කටයුතු වල නියැලීමේ ප්‍රතිශතය, එවැනිම මළල ක්‍රීඩා කටයුතු වලට උපාධි අපේක්ෂිත සිසුවියන් සහභාගි වීමේ ප්‍රතිශතය හා සසඳා බැලීම සඳහා සමීක්ෂණයක් පැවැත්විය. මෙහි ප්‍රතිඵලයක් ලෙසට, මිශ්‍ර පාසැල් වල සිසුවියෝ ‍ ‍බොහෝ දුරට මළල ක්‍රීඩිකාවන් වීමට ඉඩ ප්‍රස්ථාව හිමි කර ගන්නා බව සොයා ගන්නා ලදි. ජෙරම් රූබ්කින්, 1992 දී ඇමරිකන් ස්පෙක්ටේටර් හි ලිපියක වූ සමීක්ෂණයක් උපුටා දක්වමින් පවසා සිටියේ ස්ත්‍රී පුරුෂ භාවය මත පුද්ගලයින් වෙනස් කොට සැලකීම, මිශ්‍ර පාසැල් වලින් පැමිණෙන මළල ක්‍රීඩිකාවන් ප්‍රමාණය පහළ මට්ටමක තබා ගැනීමට හේතු වේ නම්, මුළු කාන්තා සහභාගි වීමේ ප්‍රතිශතය, ජාතික කාන්තාවන්ගේ සාමාන්‍යයෙන් හරි අඩකට, බ්‍රයන් මවුර්, මවුන්ට් හොල්යෝක්, වෙල්ලෙස්ලි සහ ස්මිත් හිදී සමාන වීමට හේතුව කිමෙක්ද යන්නය.. [29]

2012 ජනවාරි මාසයේදී 9 වන මාතෘකාවෙහි 40 වන සංවත්සරය සටහන් කරමින් ස්වාධීන කාන්තාවන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂකවරිය වන සබ්‍රිනා ස්කැෆර්(ආ) ප්‍රකාශ කර සිටියේ, "කෙතරම් සමාන තත්වයන් යටතේ වුවද කාන්තාවන්ට හා පුරුෂයින්ට ‍ වෙනස් හැකියාවන් සහ අභිමතයන් ඇත යන්න, ස්ත්‍රීවාදීන් විසින් පිළිගනු ඇති බවට ඇය බලාපොරොත්තු වන බවය. මෙයට හේතු වනුයේ, නාමිකව ව්‍යවස්ථා සම්පාදනය වුවද එයින් කාන්තාවන් හා පිරිමින් කිසිදා සම තත්ත්වයන්ට පත් කල නොහැකි වීමය.[30]

පාසැල් තේරීම වෙනුවෙන් පෙනී සිටීම[සංස්කරණය]

ඇමරිකානු රාජ්‍ය මූලික,මධ්‍යම සහ උසස් පාසැල් වල පිරිමි දරුවන්ගේ විභාග ලකුණු මට්ටම් පහළ වැටිමට පිළියමක් වශයෙන්, ස්වාධීන කාන්තාවන්ගේ සංසදය මඟින් “පාසැල් තේරීම උදෙසා කාන්තාවන්” නැමති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි. මෙම ප්‍රයත්නය කාන්තා අධ්‍යාපන සමානතා පනතෙහි සෘනාත්මක ඵලයද අරමුණු කොට සිදු කරනු ලබයි.ස්වාධීන කාන්තාවන්ගේ සංසදය මඟින් ප්‍රකාශීත ක්‍රිස්ටා කේෆර් ගේ වාර්තාවකට අනුව,

කාන්තාවන්ගේ අධ්‍යාපන සමානතා පනත යනු නැති ප්‍රශ්නයකට දුන් පිළිතුරකි.මෙම වැඩසටහන හුදෙක් මුල්‍යමය නාස්තියක් වන අතර එම මුදල් වඩාත් උග්‍ර ගැටළු කෙරෙහි යෙදවීමට හැකියාව තිබිණි. උදාහරණයක් ලෙස පිරිමි දරුවන්ගේ සාක්ෂරතාව දියුණු කිරීමට හෝ එය නැවතත් බදු ගෙවන්නන් හට ලබාදීමට හෝ ඉඩ තිබුණි. පාසැලේදී ගැහැණු දරුවන් බොහෝ කඩිසරව හා උද්යෝගයෙන් අධ්‍යාපන කටයුතු වල යෙදෙන මුත් පිරිමි දරුවෝ බොහෝ විට අධ්‍යාපනය හා හැසිරීම ආශ්‍රිත ගැටළු වලින් පෙලෙනු ලබති.[31]

එමෙන්ම, මෙම ව්‍ය‍ාපෘතිය ජාතික කාන්තාවන්ගේ සංවිධානය විසින්, බාලක හා බාලිකා පාසල් වෙන් වෙන්ව පවත්වා ගැනීම අනුමත කල නොහැකි නූතන වෙන්කොට සැලකීම් වලට උදාහරණයක් යැයි පවසමින් එල්ල කරන ලද වාග් ප්‍රහාරයන්ට ප්‍රතිවිරෝධී ආකල්පයක්ද විය.[32]

2006 දී ඩූක් සරසවියෙහිවූ ලක්‍රෝස් නඩුව[සංස්කරණය]

IWF, ඩූක් සරසවියේ විභාග වෙමින් පැවති ස්ත්‍රී දූෂණ නඩුවේදී සැකකරුවන්ට මාධ්‍ය ආවරණය දීම විවේචනය කරන ලදි..

2006 මාර්තු මස ඩූක් සරසවියේ ලක්‍රෝස් ක්‍රීඩකයන්හට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ලවීමෙන් අනතුරුව මෙම නඩුවට හවුල් වී ඇති පාර්ෂවයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම පිළිබඳව ස්වාධීන කාන්තාවන්ගේ සංසදය විසින්ගේ ජනතාවගේ අවධානයට යොමුකර සිටියේ නඩුවේ අවසන් නීතිමය ප්‍රතිඵලය කවර වුවද ඔවුන්ගේ ආත්ම ගෞරවය වෙත මෙයින් දැඩි පහරක් එල්ල වූ බැවින්ය. . 2006 අප්‍රියල් මස දී, මෙම සංවිධානයෙහි කැරී ලූකස් ප්‍රකාශ කර සිටියේ මෙසේය,

ඩූක්හිදී එක් කාන්තාවක් පිරිමි තිදෙනෙකු හට තමන්ව දූෂණය කලා යැයි චෝදනා එල්ල කළාය. එයින් දෙදෙනෙකු හට නඩු පැවරිය හැකි විය. චෝදනා එල්ල වූ පුද්ගලයන්ගේ නම් අපි දන්නෙමු. අපි ඔවුන්ගේ ඡායාරූපද දැක ඇත්තෙමු. ඔවුන්ගේ ජීවිත නැවත වරක් තිබූ ආකාරයටම නැවත පත් නොවනු ඇත. සාක්ෂි මත ඔවුන් මෙම සාහසික අපරාධය කල බවට පෙන්නුම් කෙරෙනු ඇත. එහෙම වුවොත්, ඔවුන් ඉතා දැඩි ලෙස දඬුවමට ලක්විය යුතුවන අතර ලක්වනුද ඇත.එනමුත් මාධ්‍යය විසින් චූදිතයන්ගේ ගිණුමට මෙම අපරාධය බැර කොට හමාර අතර දැන් දැන් හෙළිවන කරුණු වලට අනුව චූදිතයා නිර්දෝෂී වීමටද ‍ ‍බොහෝ ඉඩක් පවතී.[33]

තීරු ලපි කතුවරයකු වන මයිකල් ගෝන(ර්), ඇලන් කේයස්ගේ ඕගනයසේෂන් රීනිව් ඇමෙරිකා” හි පළකර ඇති ආකාරයට IWF මඟින් පාසැල් හා දිස්ත්‍රික් ඇටනි විසින් වැරදි ලෙස හැසිරවූ නඩුව පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ "ස්වාධීන කාන්තාවන්ගේ සංසදයෙහි චාලට් ඇලන් කලින්ම පැහැදිලි කල ආකාරයට , ඇත්තෙන්ම මෙහිදී අපහරණයට ලක් වූයේ ක්‍රීඩකයන් වන අතර 2006 වසරේ අප්‍රියල් මස, IWF වෙබ් අඩවියේ පලවූ ඇයගේ ලිපියට අනුව හදිසියේ වැරදි සහගත කීරණයන්ට නොඑළඔී ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග සහ සාක්ෂි පිළිබඳව දැඩි අවධානයක් යොමු කල යුතු බව පෙන්වා දී ඇත."[34]

සරසවි වැඩසටහන්‍[සංස්කරණය]

මෙම සංවිධානය අවධාරනය කර සිටින්නේ, සම්ප්‍රදායික පවුලේ භූමිකා සහ සංස්කෘතික මිමි සිවිල් සමාජය උදෙසා අත්‍යවශ්‍ය බවය. විශේෂයෙන්ම ස්වාධීන කාන්තාවන්ගේ සංසදය මඟින් තරුණ කාන්තාවන් හට පුරුෂයන් ආශ්‍රය කිරීම,විවාහ යෝජනා කිරීම්, විවාහය වැනි සෞඛ්‍යමත් ආකල්පයන් වැළඳ ගැනීමටද දිරිමත් කරනු ලබයි. [35] මෙම අදහස පෙන්නුම් කිරීමට ජනප්‍රිය මෙන්ම විවාදයට තුඩු දුන් කාර්යන්හිදී මොවුන් නියැලී ඇති අතර විශ්ව විද්‍යාලයන්හි දැන්වීම් ව්‍යාපාර, විස්තර පත්‍ර බෙදා හැරීම ආදීන්ට අනුග්‍රහය දැක්වීම මඟින් ඔවුන්ගේ අදහස් තව දුරටත් ව්‍යාප්ත කරනු ලබයි. එවන් එක් ප්‍රයත්නයක් නම් “පොදු ස්ත්‍රීවාදී මත 10ක්” යන උණුසුම් ශීර්ෂපාඨය ඇතුලත් දැන්වීම් බෙදාහැරිමය.[36] එමෙන්ම ස්වාධීන කාන්තාවන්ගේ සංසදය මඟින් වොෆින්ටන් D.C හිදී, ආධුනික පුහුණු පාඨමාලාද පවත්වනු ලබන අතර කාන්තා උපාධි අපේක්ෂිකාවන් හට වාර්ෂික රචනා තරඟයක් උදෙසාද අනුග්‍රහය දක්වනු ලබයි.[37]

විශ්ව විද්‍යාලවල වර්ධනය වෙමින් පවතින දුසිරිත් වලට එරෙහිව සහ ඊව් එන්සල(ර්) විසින් ආරම්භ කරන ලද වැලන්ටයින් දින ව්‍යාපාරය වෙනුවෙන් IWF "ටේක් බැක් ද ඩේට්" යන සරසවි වැඩසටහන ආරම්භ කරන ලද්දේ ආදරය හා ප්‍රේමය වෙනුවෙන් වූ දිනය “ද වජයිනා මොනොලොග්” වැනි ක්‍රියාකාරකම් තුලින් අශීලාචාරකම් හා දුසිරිත් ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගත් රැඩිකල් ස්ත්‍රීවාදීන්ගෙන්, වැලන්ටයින් දිනය නැවතත් අත්පත්කරගැනීම සඳහාය."[38][39] විශේෂයෙන් විවාදයට තුඩුදුන් ඓව්ට් හි "ටේක් බැක් ද ඩේට්" යන නාට්‍යය වෙනුවෙන් අදහස් දක්වම්න් කියා සිටියේ "නාට්‍යය මඟින් හොඳ කර්තව්‍යක් උදෙසා මුදල් ඉපැයූවද අධික ලිංගිකත්වය ඉස්මතු වූ මෙම නාටකය ස්ත්‍රීවාදී ව්‍යාපාරයන්හි ධනාත්මක දායකත්වය සහ කාන්තාවන් පහත හෙලීම යන කාරණා දෙකටම ප්‍රතිවිරෝධී ලෙස ක්‍රියාත්මක වූ බවය."[38] මොවුන්ගේ වැඩසටහනින් වැලන්ටයින් දිනය වෙනු‍වෙන් දෙනු ලැබූ පණිවිඩය වූයේ:

"පුරුෂයනි: ගැහැණුන්ව ඇවිදීමට කැටුව යන්න. දොරවල් විවෘත කර දෙන්න. මල් අරන් දෙන්න. කාන්තාවනි: පිරිමින්ට ඔබ කැටුව යාමට ඉඩදෙන්න. ඔබ ඔහුට කැමති නම් ඔබද ඔහුව ඇවිදීමට කැටුව යන්න. ස්වාධීන කාන්තාවන්ගේ සංසදයෙහි දර්ශනය සරසවිය තුල පතුරුවා නැවතත් පෞරුෂත්වය සහ පෞද්ගලික වගකීම් යලිත් සිසුන් අතර ස්ථාපනය කරන්න" යන්නය.[38]

ද ගාඩියන් සඟරාවේ පලවු ලිපියක විවේචකයකු දක්වා තිබූණේ එම වැඩසටහන "හුදෙක් ස්ත්‍රීත්වය පිළිබඳ යල් පැන ගිය මතයන්ගෙන් සමන්විත වූ නිරර්ථක උත්සහයක්" පමණක් බවය.[40]

ආයුධ දැරීමේ හා ළග තබා ගැනීමේ අයිතිය[සංස්කරණය]

IWF මහජනතාවගේ ආයුධ දැරීමේ හා ළග තබා ගැනිමේ අයිතියට පක්ෂව කතා කරනු ලබයි. සංසදයේ පාරිවේණික අධ්‍යයනයන් පිළිබඳ ගවුල් සිල්බන් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයෙකු වන ඇලිසන් කාසික් "ටවුන්හෝල්.කොම්" යන වෙබ් අඩවියට ලිපියක් ලියමින් පවසා සිටියේ පුද්ගලයින්ට අවි ආයුධ දැරීමට හ‍ා ළඟ තබා ගැනීමට අයිතියක් ඇති බවට එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවන වරටත් සංශෝධනයක් කිරීමට හේතු වූ, අන්ටෝනීයන් ස්කැලියාගේ, කොළොම්බියා දිස්ත්‍රික්කයට එරෙහිව හෙලර් යන නඩුවෙහි විනිශ්චය ප්‍රශංසාවට ලක් කරමිනි. කාසික්, විස්තර කළ ආකාරයට, ඇය මෙම නඩුව පිළිබඳව උනන්දු වන්නේ හුදෙක් විනිශ්චකරු විසින් " ඇමෙරිකානු ජනතාව විසින් පිස්තෝලය වඩාත්ම ඵලදායි ආත්ම ආරක්ෂාව ගෙනදෙන ආයුධයක් ලෙස" පෙන්වා දුන් බැවින්ය.වොෂිංටනයේ සියළුම පුරවැසියන් ඔවුන්ට හිමි වු මේ නව නිදහස අනිවාර්යෙයන්ම භුක්ති විදිය යුතුය.විශේෂයෙන්ම කාන්තාවන්ට තුවක්කුව පරම ආරක්ෂාව ගෙන දෙන්නකි."[41] 2012 ජනවාරියේදී, IWF හි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ඇනා රිටිගර්ස්, අනවසර පිස්තෝල අවසරපත් දරන්නන්හට අන්තර් රාජ්‍යය පරස්පරතාවයක් ලැබෙන ෆෙඩරල් ව්‍යවස්ථාවන්ට රුකුලක් වන ලෙස තරයේ ප්‍රකාශ කර සිටියේ මෙම ගැටළුව විශේෂයෙන් වැදගත්වන්නේ කාන්තාවන්ට බවය.

බොහොමයක් සිද්ධීන්වල කාන්තාවන්ට තමාට පහරදීමට පැමිණෙන පුද්ගලයින්ට එදිරිවීමට හෝ පලවා හැරිම‍ට කායික ශක්තියක් නොතිබිණ. ගමනාගමනයේදී විශේෂයෙන් සංචාරක කාන්තාන් සතු , තම වටපිටාව හා අපරාධ රටා පිළබඳ ඇති අවම දැනුම හේතුවෙන්, කාන්තාවන් දුර්වල කරන අස්පර්ශණීය සාධකවල ප්‍රබලතාවය ද වැඩි වේ. කාන්තාවන්ට තම ආත්ම ආරක්ෂාව සලසා ගතහැකි හොඳම ආක‍ාරය ද උදුරාගත් පසු, ඔවුන් වඩ වඩාත් අපරාධකරුවන් වෙත ඉලක්ක ගත වේ.[42]

ජාත්‍යන්තර වැඩසටහන්[සංස්කරණය]

2006 දී කොණ්ඩලීසා රයිස් තම " වුවන් ඔෆ් වැලර් " ත්‍යාගය ලබා ගැනීමෙන් අනතුරුව IWF ප්‍රේක්ෂකයින් අමතමින්

ආරම්භයේ පටන්ම, IWF මගින් විවිධ සම්මේලන, මණ්ඩල හා අනෙකුත් වැඩසටහන්වලට අනුග්‍රහය දක්වමින්, තම අන්තර්ජාතික ප්‍රේක්ෂකයින් වෙත පණිවිඩයක් ලබාදීමට උත්සාහ දැරීය. එය මූලික වශයෙන්ම ඉරාකය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල්වල ක්‍රියාකාරකම් හා උත්සව පවත්වමින්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කාන්තා දායකත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගෙන තිබිණ.[43]

2004 ඔක්තෝබර් මාසයේදී, ස්ත්‍රීවාදී බහුතර සංවිධානය එක්සත් ජනපද රාජ්‍ය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් ඉරාකයේ කාන්තාවන්ට "නායකත්ව පුහුණුව, ප්‍රජාතන්ත්‍රවාදී ඉගැන්වීම, සන්ධාන ගොඩනැංවීමට සහායදීම " ආදිය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට එරෙහි වූ අතර, ඔවුන් පවස‍ා සිටියේ IWF යනු එක්සත් ජනපද ‍ ෆෙඩරල ආණ්ඩුවට සම්බන්ධව, දේශපාලනික වංචාවන් කරමින් පවත්නා ඉතා කුඩා කණ්ඩායමක් පමණක් බවය"[44] එමෙන්ම IWF මගින් ඉරාකයේ විවිධ කර්තව්‍යයන් සිදු කරන්නේ ඇමෙරිකානු මුස්ලිම් සම්මේලනයත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ සංවිධානයත් සමඟ එක්ව "නව-කන්ස්වෙට්ව්" සංවිධානයක් උදෙසා යන්නය.

ආධාර ලැබීමේ ප්‍රභවයන්[සංස්කරණය]

IWF පවත්වා ගෙන යනු ලබන්නේ අනිකුත් ධානපති සංවිධ‍ාන වලින් ලැබෙන ආධාරමතය. මොවුන් විශාලවශයෙන් [කන්සවටිව්] ව්‍යාපාරය මගින් ලැබෙන අධාර මත යැපෙන බැවින් "සංනිවේදන විනිවිදභාවයේ නුහුරු අත" ලෙසද හදුන්වනු ලබයි.[45] මුදල් ලැබීමේ ප්‍රභවයන්ට "රිචඩ් මෙලන් ස්කයිෆේගේ, ස්කයිෆේ සංවිධාන 4ක්ද ඇතුළත් වේ. පහළින් දැක්වෙනුයේ සියළුම ආධාර ලැබෙන ප්‍රභවයන් සහ ප්‍රමාණයන්ය.

සමාගම පරිත්‍යාග මුළු(ඇ.ඩො.)
සාරා ස්කයිෆේ පදනම* 10 1,675,000
බ්‍රැන්ඩි අධ්‍යාපන පදනම 6 1,604,000
රැන්ඩොල්ෆ් පදනම 14 1,559,000
ජෝන් එම්. ඔලීන් පදනම 11 776,000
ලින්ඩේ සහ හැරී බ්‍රැඩ්ලේ පදනම 15 490,000
කාසල් රොක් පදනම 5 300,000
කාතේජ් පදනම* 3 300,000
ජැකලින් හියුම් පදනම 6 265,000
විලියම් එච්. ඩෝනර් පදනම 5 200,000
ස්කයිෆේ පවුල් පදනම* 1 100,000
ජේඑම් පදනම 5 95,000
ක්ලව්ඩි ආර්. ලැම්බේ ත්‍යාගශීලී පදනම 4 70,000
ශෙල්බි කියුලොම් ඩේවිස් පදනම 6 61,000
ගිල්ඩර් පදනම 1 50,000
ඉයර්හාර්ට් පදනම 2 35,000
රුත් සහ ලොවෙට් පීටර්ස් පදනම 1 25,000
රෝ පදනම 5 22,500
හිකරි පදනම 4 17,500
විලියම් ඊ. සයිමන් පදනම 2 6,000
මුළු 106 7,651,000

* ස්කයිෆේ පදනම්

මණ්ඩල සාමාජිකයින්[සංස්කරණය]

IWF සභාපතිනි හෙදර් හිගින්ස් ,"රියල් ටයිම් විත් බිල් මේහර්" වැඩසටහනට පෙනී සිටිමින්

.

මණ්ඩලය සමන්විත වන්නේ, අයෝජන අරමුදලේ විධායක නිලධාරියක වන හෙදර් හිගින්ස් සහ මේරී ආනෝල්ඩ්,කැරොල් ටී. ක්‍රෝෆෝල්ඩ්, ජෙනීෆර් ඇශ්වර්ත් ඩින්,රැන්ඩි පැරිස් කෙන්ඩ්‍රික්,ලෑරි කුඩ්ලෝ යන අයගෙන්ය. මෙම කාර්‍යය මණ්ඩලය විශ්‍රාමලත් අධ්‍යක්ෂකයින්ගේද ප්‍රශංසාවට ලක් විය. මොවුන් අතර එක්සත් ජනපදයේ දෙවන කාන්තාව වන ලින් වී. චෙනී, නව කන්ස්වෙටිව් රචකයෙකු වන මිඩ්ජ් ඩෙක්ටර්,කිම්බර්ලි ඕ. ඩෙනිස්,මර්කටස් මධ්‍යස්ථානයේ වෙන්ඩි ලී ග්‍රැම්, එලිසබෙත් ලූරී, වොෂින්ටන්හි "නැෂනල් රීවිව්" කතුවරියක වන කේට් ඕ. බ්‍රයන්,සහ ලුවිස් වී. ඔලිවර් ද විය .[3]

මේවාද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 "Independent Women's Forum." GivingExpress Program. GuideStar. [1]
  2. "Staff List." Independent Women's Forum. IWF.org, http://www.iwf.org/about/staff_list.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-04-01 
  3. 3.0 3.1 "Board of Directors." Independent Women's Forum. IWF.org
  4. "The Voices of the Independent Women's Forum." Independent Women's Forum. IWF.org. [2] සංරක්ෂණය කළ පිටපත 2007-10-08 at the Wayback Machine
  5. "IRS Form 990: Independent Women's Forum." Hosted by the Foundation Center. 26 July 2005. [3] සංරක්ෂණය කළ පිටපත 2008-06-26 at the Wayback Machine
  6. 6.0 6.1 Righting Feminism: Conservative Women and American Politics by Ronnee Schreiber, Oxford University Press
  7. See also:
    • Washington Post - "The idea for the IWF was to provide a conservative alternative to feminist tenets."
    • The Conservative Voice "However, our visitor from another planet would be surprised to discover there are many groups out there that represent conservative women who believe in equality but shun socialism and big government. One of those organizations is the Independent Women's Forum."
    • Sex Roles: A Journal of Research, Oct, 2002 by Ronnee Schreiber "In this article I examine two national conservative women's organizations--the Concerned Women for America (CWA) and the Independent Women's Forum (IWF)--to show how conservative women leaders link gender identity and policy preferences. I describe these organizations below. Like feminists, these women, through their organizations, not only act collectively as women, but also bring a "woman's perspective" to policy issues. Although some scholars have not denied the impact of right-wing movements on feminist goals and activities (Conover & Gray, 1983; Klatch, 1987; Marshall, 1995), others have characterized conservative women as victims of false consciousness, pawns of conservative men or right-wing funders (Dworkin, 1983; Hammer, 2002), or women's auxillar[ies] of the conservative elite" (Kaminer, 1996), thus diminishing the attention and serious consideration appropriate to such a political force."
    • RECIPIENT PROFILE - Media Transparency සංරක්ෂණය කළ පිටපත 2009-02-15 at the Wayback Machine
    • Source Watch
  8. Holley, Joe (February 21, 2007). "Rosalie Silberman; Created Independent Women's Forum". Washington Post. සම්ප්‍රවේශය February 4, 2013.
  9. This Is What a Feminist Looks Like? සංරක්ෂණය කළ පිටපත 2011-09-27 at the Wayback Machine, Allison Kasic, Independent Women's Forum, 7 April 2005
  10. Hoff Sommers, Christina, Who Stole Feminism? How Women Have Betrayed Women (Touchstone/Simon & Schuster, 1995), p. 22
  11. "An Interview with Christina Hoff Sommers, Allison Kasic." Independent Women's Forum. 9 February 2007. [4] සංරක්ෂණය කළ පිටපත 2011-09-27 at the Wayback Machine
  12. Pozner, Jennifer. "Female Anti-Feminism for Fame and Profit." Excerpted from Uncovering the Right on Campus. Center for Campus Organizing. 1997. [5] සංරක්ෂණය කළ පිටපත 2007-07-13 at the Wayback Machine
  13. "GOP ad asks women: 'Is Obama the boyfriend you need to dump?'". Christian Science Monitor. September 6, 2012.
  14. 14.0 14.1 "Independent Women; Independent Women's Forum Members speak out on their views of feminism vs. the traditional". 60 Minutes. August 11, 1996.
  15. McVeigh, Karen (January 10, 2012). "Does the GOP have a problem with women?". The Guardian.
  16. Ronnee Schreiber, 'Pro-Women, Pro-Palin, Antifeminist: Conservative Women and Conservative Movement Politics', in Crisis of Conservatism? The Republican Party, the Conservative Movement, & American Politics After Bush, Gillian Peele, Joel D. Aberbach (eds.), Oxford: Oxford University Press, 2011, pp. 134-135
  17. Lukas, Carrie (April 15, 2007). "Women's own choices may be behind wage gap". Dallas Morning News.
  18. Chavez, Linda (April 6, 1999). "How to spend Equal Pay Day". Jewish World Review.
  19. Stossel, John (December 5, 2006). "Women's Progress: Damsels in Distress?". Capitalism Magazine.
  20. "Sarah Palin: New Face Of Feminism?". All Things Considered. NPR. September 7, 2008.
  21. Schreiber, Ronnee (2008). Righting Feminism: Conservative Women and American Politics. Oxford University Press. ISBN 9780195331813.
  22. "Dangerous Gun Myths". New York Times. February 2, 2013. සම්ප්‍රවේශය February 4, 2013.
  23. Rachel Maddow Show. MSNBC (Microsoft and NBC Universal). සම්ප්‍රවේශය 2009-09-17.
  24. Kurokawa, Nicole (August 20, 2009). "IWF in the News: Battling Cancer Under Obamacare". Independent Women's Forum. 2009-09-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-09-17.
  25. "A False Appeal to Women's Fears". FactCheck.org. September 4, 2009. සම්ප්‍රවේශය February 4, 2013.
  26. සැකිල්ල:UnitedStatesCode
  27. "Transcript: Interview With Scott Palmer, Christine Stolba." Sunday Morning. CNN. 30 June 2002. [6]
  28. Benson, Dave. "Taking a Hit." Fort Wayne News Sentinel. 2007, http://fwnextweb1.fortwayne.com/ns/projects/title9/title910.php, ප්‍රතිෂ්ඨාපනය 2014-04-01 
  29. "Gender Benders." American Spectator. 1 April 1999. Hosted by the Center for Individual Rights. [7] සංරක්ෂණය කළ පිටපත 2012-10-31 at the Wayback Machine
  30. Schaeffer, Sabrina. "Title IX and the Trouble With Quotas." The Huffington Post. 18 January 2012. [8]
  31. Lips, Dan. "Outdated Federal 'Gender Equity' Program Illustrates Need for More School Choice." School Reform News. Heartland Institute. 1 June 2007. [9] සංරක්ෂණය කළ පිටපත 2007-09-29 at the Wayback Machine
  32. "NOW Opposes Single-Sex Public Education as 'Separate and Unequal.'" National Organization for Women. NOW.org. 24 October 2006. [10] සංරක්ෂණය කළ පිටපත 2006-11-20 at the Wayback Machine
  33. Lukas, C (2006-04-27). "One in Four? Rape myths do injustice, too". Independent Women's Forum. සම්ප්‍රවේශය 2009-05-16.
  34. Gaynor, Michael. "Duke case: Fair, smart and right from the start independent women." Renew America. 16 March 2007. [11] සංරක්ෂණය කළ පිටපත 2007-12-22 at the Wayback Machine
  35. Fletcher, Michael A. "Campus Romance, Unrequited." Washington Post. 26 July 2001. [12] සංරක්ෂණය කළ පිටපත 2013-01-20 at the Wayback Machine
  36. Young, Cathy. "Ad Anger." Reason. 31 May 2001. [13]
  37. "Mrs. Cheney Honors IWF Essay Contest Winners." Independent Women's Forum. IWF.org. 23 May 2006. [14] සංරක්ෂණය කළ පිටපත 2007-09-26 at the Wayback Machine
  38. 38.0 38.1 38.2 "She Thinks Campus Corner: Take Back the Date." Independent Women's Forum. IWF.org. [15] සංරක්ෂණය කළ පිටපත 2008-05-17 at the Wayback Machine
  39. Harris, Lynn. "Broadsheet: Take Back the Date." Salon.com. 7 February 2007. [16]
  40. Valenti, Jessica. "Chastity is Chic." The Guardian. 28 July 2006
  41. Kasic, Allison. "DC Gun Ban Lift Empowers Women." Townhall.com. 7 July 2008. [17] සංරක්ෂණය කළ පිටපත 2016-03-06 at the Wayback Machine
  42. Rittgers, Anna. "Pistol Packin' Mamas." Washington Times. 3 January 2012. [18]
  43. Lukas, Carrie and Lida Noory. "Afghan Optimism." National Review Online. 9 February 2006. [19]
  44. "State Department Funds Anti-Women's Rights Group To Train Iraqi Women." Feminist Daily News Wire. Feminist Majority Foundation. 5 October 2004. [20] සංරක්ෂණය කළ පිටපත 2005-02-06 at the Wayback Machine
  45. Recipient Grants: Independent Women's Forum සංරක්ෂණය කළ පිටපත 2008-06-20 at the Wayback Machine, Media Transparency, accessed 19 May 2008

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Spindel, Barbara (2003). "කන්සවෙටිව් වාදය 'යෝග්‍ය මධ්‍යයක්' ලෙසට: ස්වාධීන කාන්තාවන්ගේ සංසදය, දේශපාලනය, සහ සංනිවෙදනය". 21 (4). Duke University Press: 99–125. {{cite journal}}: Cite journal requires |journal= (help); Unknown parameter |සඟරාව= ignored (help)

බාහිර සබැඳි[සංස්කරණය]