ශ්‍රී ලංකා යෝනකයන්ගේ භාෂාව

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකාවේ යෝනකවරුන්ගේ භාෂාව වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ වෙසෙන යෝනකවරු (මරක්කලවරු ) භාවිතා කරනු ලබන්නේ දෙමළ සහ අරාබි භාෂාවල සම්මිශ්‍රණයකින් සැදි භාෂාවක් වන අතර එයට නිශ්චිත නිල නාමයක් නොපවතින මුත් දෙමළ යනුවෙන් භාවිතයේ පවතී. ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශ වල වෙසෙන මුස්ලිම්වරු භාෂා කිහිපයක් භාවිතා කිරීමට සමත්කම් දක්වන අතර සිංහල භාෂාව ඊට බෙහෙවින් බලපෑමක් සිදුකර ඇත. අතීතයේදී අර්වි භාෂාව වැඩිමනක් මරක්කල්වරුන් විසින් භාවිතා වූ නමුත් වර්තමානයේදී භාවිතයෙන් ඉවත් වූ බවක් පෙනෙන මුත් ආගමික ග්‍රන්ථකරණයේදී යොදා ගනී. වර්තමානයේ ඉහත් කී ආගමික ග්‍රන්ථ දෙමළ භාෂාවෙන් සකස් වුවද නිල වශයෙන් යෝනකවරු ආගමික කටයුතු වලදී තවමත් අර්වි භාෂාව යොදා ගන්නේ අරාබි මූල නව්‍යකරණයට ලක්කිරීමෙනි. යෝනකවරු විසින් නූතනයේදී භාවිත වන භාෂාව බොහෝ දෙමළ කථා කරන්නන් හට පැහදිළිභාවයක් නොමති වීමට හේතුව එය යොදා ගන්නා අරාබිකරණය වූ දෙමළ වචන හා වාක්‍යමාය කොටස් දෙමළ භාෂාව තුළ හඳුනාගත නොහැකි බැවිනි. එවනි වචන කිහිපයක් පහත දැක්වේ.

යෝනක භාවිතය-සමාන අරාබි වචනය-සමාන දමිළ භාවිතය - තේරුම

උම්මා - උම් - අම්මා - අම්මා

වපා - අබ්බා - අප්පා - තාත්තා

තන්ගච්චි - තන්ගාඉ -නංගී

නානා/කාකා - අන්නා-අය්යා

ඩතා - අක්කා - අක්කා

උම්-උම්මා -උම්(තේරුම-අම්මා) -පාටී -ආච්චී(අම්මගේ අම්මා)

වප්-උම්මා - උම්(තේරුම-අම්මා) - පටී - ආච්චී (පියාගේ අම්මා)

ජසකලාහ් - ජසකලාහ්/ශුක්‍රාන්-නන්ඩ්‍රි -ස්තුතියි

මව්තු - මවුත්- සාවු -මරණය

හයතු - හයත් - වල්කයි-ජීවිතය

කුසුනි - සමායල් අරයි -කුස්සිය/මුලුතැන්ගෙය

වෙල්ලුනා - කාලායි -උදෑසන

රාව් - පින්නෙලාම් -සවස


සුභ පැතීම හා ආශිර්වාද හුවමාරු කරගන්නේ ද දෙමළ භාෂාව වෙනුවට අරාබි භාෂාවයි. උදාහරණ වශයෙන් ,අස්සලාම් අලික්කුම්; වනක්කම් වෙනුවටද, ජසකල්ලහ්; නන්ඩ්‍රි වෙනුවටද භාවිතා වේ. කොළඹ සහ මහනුවර ප්‍රදේශ වල වාසය කරන යෝනකවරු වැඩි අපහසුතාවයකින් තොරව දෙමළ භාවිතා කරන මුත් වැඩිමනක් අරාබි සහ සිංහල වචන එදිනෙදා කතාබහෙදී යොදා ගනී.

අරාබි භාෂාවට අමතරව පෘතුගීසි, ඕලන්ද (ලන්දේසි ) සහ ඉංග්‍රීසි යන භාෂාවලින්ද සාරවත්ව ඇති මෙම භාෂාව තුළ නිශ්චිත ආරම්භයක් (මූලයක්) නොමති වචනද පවතී.