ශ්‍රී පාලි මණ්ඩපය

විකිපීඩියා වෙතින්
කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය
ශ්‍රී පාලි මණ්ඩපය - ලයාන් නිවස
ශ්‍රී පාලි මණ්ඩපයේ ලයාන් නිවස
වර්ගයඋපාධි, පශ්චාත් උපාධි අධ්‍යාපනය
පිහිටුවන ලද්දේ1996
මණ්ඩපාධිපතිමහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි
පිහිටීමහොරණ, ශ්‍රී ලංකාව
ප්‍රකාශනජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සමාජ විද්‍යාත්මක ප්‍රවේශය - වෙළුම 01
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : න්‍යායික සංකල්ප සහ පර්යේෂණ ක්‍රමවේද - වෙළුම 02
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සංඥාර්ථවේදී ප්‍රවේශය - වෙළුම 03
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සංඥාර්ථවේදී ප්‍රවේශය - වෙළුම 04
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : මාධ්‍ය සංස්කෘතිය - වෙළුම 05
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : මාධ්‍ය සංස්කෘතිය - වෙළුම 06
The International Journal of Communicology (IJC) - Vol. 01
The International Journal of Communicology (IJC) - Vol. 02
වෙබ් අඩවියspc.cmb.ac.lk

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය (ඉංග්‍රීසි: Sri Palee Campus) පිහිටා ඇත්තේ හොරණ, වෑවල ප්‍රදේශයේය. 1996 වර්ෂයේ දී මෙම මණ්ඩපය පිහිටුවන ලදි. මෙම මණ්ඩපය මඟින් ජනමාධ්‍ය සහ ප්‍රසංග කලා අධ්‍යයනයට අදාළව උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා මෙහෙයවනු ලබයි.

ඉතිහාසය[සංස්කරණය]

කොළඹ විශ්වවිද්‍යාලයීය බටහිර මණ්ඩපය ලෙස ශ්‍රී පාලි මණ්ඩපය මුල්වරට පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 1996 වර්ෂයේ ජූනි 20 වන දින නිකුත් කරන ලද අංක 928/1 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟිනි. පසුව 1998 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වන දින සිට ක්‍රියාත්මක පරිදි 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය ප්‍රකාරව ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් අනුව එහි නාමය කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය ලෙස සංශෝධනය කරන ලදි.

ශ්‍රී පාලි මණ්ඩපය පිහිටුවීමේ පුරෝගාමියා වන්නේ ප්‍රකට දේශපාලනඥයෙකු වූ ගරු විල්මට් ඒ. පෙරේරාය.මෙය ශ්‍රී පාලි විද්‍යාලයේ කොටසක් වී පැවතුනේය.පසුව එම පාසල රජයට පවරා ගැනිමෙන් පසුව එහි ඉහල කොටස ශ්‍රී පාලි මණ්ඩපය ලෙස නම් කරන ලදි.

අධ්‍යයන කටයුතු[සංස්කරණය]

ශ්‍රී පාලි මණ්ඩපය ජනමාධ්‍ය සහ ප්‍රසංග කලා ලෙස අධ්‍යයනාංශ දෙකකින් සමන්විත වේ.[1] මණ්ඩපයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය දෙපාර්තමේන්තු හතරක් යටතේ සේවයේ නිරත වේ.

  1. ජනමාධ්‍ය දෙපාර්තමේන්තුව
  2. ප්‍රසංග කලා දෙපාර්තමේන්තුව
  3. පරිගණක අධ්‍යයන දෙපාර්තමේන්තුව
  4. භාෂා අධ්‍යයන දෙපාර්තමේන්තුව

උපාධි අපේක්ෂක පාඨමාලා[සංස්කරණය]

  • ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය
  • ප්‍රසංග කලා පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය

පශ්චාත් උපාධි පාඨමාලා[සංස්කරණය]

  • ජනමාධ්‍ය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (එක් වසරක)
  • ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාව (දෙවසරක)
  • ජනමාධ්‍ය පර්යේෂණ පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාව (දෙවසරක)

පර්යේෂණ සහ ප්‍රකාශන[සංස්කරණය]

ශ්‍රී පාලි මණ්ඩපයේ මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය (CMR) මඟින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව පර්යේෂණ සිදු කිරීම හා ප්‍රකාශන නිකුත් කිරීම සිදුකරනු ලබයි.[2] මෙහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් මහතාය.

ගොනුව:Cmr.jpg
මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය

නිකුත් කරන ලද ප්‍රකාශන[සංස්කරණය]

Mediology - Media Study and Media Criticism : Sociological Approach V01
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සමාජ විද්‍යාත්මක ප්‍රවේශය
වෙළුම 01
Mediology - Media Study and Media Criticism : Sociological Approach V02
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : න්‍යායික සංකල්ප සහ පර්යේෂණ ක්‍රමවේද
වෙළුම 02
Mediology - Media Study and Media Criticism : Sociological Approach V03
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සංඥාර්ථවේදී ප්‍රවේශය
වෙළුම 03
Mediology - Media Study and Media Criticism : Sociological Approach V04
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : සංඥාර්ථවේදී ප්‍රවේශය
වෙළුම 04
Mediology - Media Study and Media Criticism : Media Culture
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : මාධ්‍ය සංස්කෘතිය
වෙළුම 05
Mediology - Media Study and Media Criticism : Media Culture
ජනමාධ්‍යවේදය - ජනමාධ්‍ය අධ්‍යයනය සහ විචාරය : මාධ්‍ය සංස්කෘතිය
වෙළුම 06
The International Journal of Communicology (IJC), Volume 01
The International Journal of Communicology (IJC)
Volume 01
The International Journal of Communicology (IJC), Volume 02
The International Journal of Communicology (IJC)
Volume 02

පින්තූර ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Sri Palee Campus". Ministry of Higher Education and Highways. Ministry of Higher Education and Highways. සම්ප්‍රවේශය 17 August 2016.
  2. Center for Media Research (CMR)

බාහිර සබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_පාලි_මණ්ඩපය&oldid=587378" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි