විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 2

විකිපීඩියා වෙතින්

තඹරු විජේසේකර 2[සංස්කරණය]

Voice your opinion on this candidate (talk page)

Scheduled to end 02:06, 23 පෙබරවාරි 2011 (UTC); Final ([0]/[4]/[3]); Closed as unsuccessful by -- බිඟුවා සාකච්ඡාව 07:23, 2 මාර්තු 2011 (යූටීසී) [reply]

Nomination[සංස්කරණය]

තඹරු විජේසේකර (talk  contribs) – 10 ජූලි 2010 දින 20:45පැයෙහිදී එනම් මීට මාස 6 සහ දින 29 කට පෙර ‘තඹරු විජේසේකර‘ යන සත්‍ය නාමයෙන් ලියාපදිංචිව ඊ-තැපැල් ලිපිනය ද ලබාදෙමින් මනා සත්‍යාපනයක් සහිතව අනන්‍යතාව තහවුරු කෙරෙමින් බෞඬ, ශ්‍රී ලාංකිකව වියුණු සටහනක් ද පවත්වගෙන යමින් සිංහල විකිපීඩියාව තුළ ඉතා සක්‍රීයව මේ වන විට සංස්කරණ 2,400ක් සිදුකරමින් අදිසි වන්ධ්‍යලයන්ට විරුඬව කටයුතු කරමින් විකිපීඩියාව සහ මාධ්‍යවිකියේ පඬති සැකසුම හා පරිපාලක පළපුරුද්ද ලබමින් (මෙමඟිනි ~ පරිපාලක සත්‍යාපනය) මෙතෙක් ආ ගමනේ කිසිදු අන්පරිශීලක විශ්වාසය කඩ නොකරන පරිද්දෙන් වූ කිසිදු අයුතු කටයුතු කෙරෙමින්, විකිපීඩියාව ඇතුළු අන් නිදහස් මෘදුකාංග සිංහලට පරිවර්තනයට සහාය වෙමින් සිංහල විකිපීඩියාවේ ලෝගෝව ස‍්වදේශිකරණයට එකල සිටි එකම පරිපාලකවරයා වූ Lee දිරිගන්වමින් හා අයුතු ලිපි මැකුමට පරිපාලකවරුනට සහාය වෙමින් ද මෙතෙක් කාලයක් අමිල මෙහෙයක් කළ මා පරිපාලක තනතුරට පත්කර තව තවත් සේවාවන් විකිපීඩියාවට සිදුකිරීමට සහාය ඉල්වමි. -- තඹරු විජේසේකර සාකච්ඡාව 06:48, 8 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

Candidate, please indicate acceptance of the nomination here:

Questions for the candidate[සංස්කරණය]

Dear candidate, thank you for offering to serve Wikipedia as an administrator. Please answer these questions to provide guidance for participants:

1. What administrative work do you intend to take part in?
  • අතුරුමුහුණත් ගොනු යාවත්කාලීන කිරීම හා තත්‍ව පරීක්‍ෂාව
  • හිමිකම් උල්ලංඝණය කිරීම් ග්‍රහණය කොට අවස්ථානුකූල ක්‍රියාමාර්ග ගැනීම
  • නවමු පරිශීලකයන් මෙතුළ රඳවාලීම සඳහා අවැසි උපකාර හා උපදෙස් ලබාදීම
  • සමස්ත ප්‍රජාවේ තීරණය මත පැනනැඟි ගැටළු නිරාකරණය හා තීරණ ක්‍රියාවට නැංවීම
  • අනිසි වන්‍ධ්‍යලයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ආරක්‍ෂණ හා වාරණ විචල්‍යනය
  • ඉංග්‍රීසි විකිපීඩියාව සමඟ සිංහල විකිපීඩියාව සමමුහුර්තකරණය
2. What are your best contributions to Wikipedia, and why?
  • ලිපි සංස්කරණය (නව ලිපි ලිවීම, පවතින ලිපිවල අඩුපාඩු සැකසීම, නිදොස් කිරීම හා අවැසි සැකිලි භාවිතා කිරීම)
  • කොටස් ලෙස පවතින ලිපි ඒකබඬකරණය හා ඒම ඒකාබඬිත අනුකොටස් මැකුමට පරිපාලකයනට දැනුම්දීම.
  • පිළිගැනීමේ කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඒ සබැඳි සාකච්ඡා, යෝජනා ආදියට සහභාගී වෙමින් හා නවමු පරිශීලකයන් පිළිගැනීම මෙන් ම ඔවුන්ගේ පැණ නිරාකරණය
  • සිංහල විකිපීඩියාවේ ලෝගෝව ස‍්වදේශීයකරණයට යෝජනා කිරීම හා දිරිදීම.
  • ආයාතිත ඉංග්‍රීසි පිටු, සැකිලි ආදිය පරිවර්තනයෙහිලා සහායවීම.
3. Have you been in any conflicts over editing in the past or have other users caused you stress? How have you dealt with it and how will you deal with it in the future?
  • මාගේ පළමු පරිපාලක නාමයෝජනාවේදී එතෙක් මා තුළවූ හැකියාවන් අන් පරිශීලකයන් හඳුනානොගැනීම නිසා ගැටළුවක් ඇතිවිණ. එනමුත් සමස්ත ප්‍රජාවේ ම තීරණය අවසන් තීරණය ලෙස භාරගතිමි. නමුදු අනාගතයේ එවන් විශ්වාසභංගත්‍වයකට ඉඩනොතබමි. සැමගේ තීරණයන්ට හා අදහස්වලට ගරුකරමින් මාගේ විශ්වාසය නොබිඳෙන්නට අවැසි පරිද්දෙන් කටයුතු කරමි.

General comments[සංස්කරණය]


Please keep discussion constructive and civil. If you are unfamiliar with the nominee, please thoroughly review their contributions before commenting.

Discussion[සංස්කරණය]

Non of these Edit counters are not working. Can you fix that?
Yep. But it seems you didn't seen this.
Yep means that you can fix it. Then why doen't you do that? --මීමා (talk) 11:27, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Why don't YOU do that? --තඹරු විජේසේකර සාකච්ඡාව 11:30, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
you are the one who told it can fix but not me. so what is this behavior. you are not ready for an admin. may be you are good in technical. but not in human handling. I'm afraid. I have gone through your contibution & it was good. But you need to be practice, about HR things. --මීමා (talk) 11:36, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Do you really belive there are so many vandals in si.wiki & need to be protect pages & block users?
Not 'so many. But according to day-to-day activities....?
This is not a good answer for my question. anyway then need admintools if other admins are inactive. But it seems not like that. I'm thinking they can handle it. --මීමා (talk) 11:27, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Why don't I support them? --තඹරු විජේසේකර සාකච්ඡාව 11:30, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
1. ඔබ සදහන් කර ඇති "මාධ්‍යවිකියේ පරිපාලක පළපුරුද්ද" ගැන මට ප්‍රශ්නයක් තියෙනවා.මට පෙනෙන ලෙස ඔබ හට ඇත්තේ දින 4 ක පලපුරුද්දක් පමනි(තඹරු විජේසේකර ‎(නිලබලධාරියා, පරිපාලකවරයා) (6 පෙබරවාරි 2011 දින 12:06 වේලාවේදී තනන ලදි)). කරුනාකර දැනුවත් කරන්න. නැත්නම්, ඔබට චන්දෙ දාන්ඩ ( හෝ නොදාන්ඩ ) ඉන්න පරිශීලකයන් ඔබ ගැන වැරදි වැටහීමක් , හෝ ඔබ සදහන් කර ඇති තොරතුරු වලින් නොමග යැමක් වෙන්ඩ පුලුවන් නෙ. (දින 4 ක පලපුරුද්ද "පලපුරුද්දක්" විදිහට මම සලකන්නේ නැ. )
අහෝ! නැත. එම විකිය වනාහි ඊටත් වඩා දින ගණනක සිට පැවැත එන්නකි. එහි වූ තේමාව(theme) මරු කිරීමේදී කොටින් මැ කියතොත් LocalSettings.phpය සංස්කරණය කිරීමේදී භාවිතා කළ සංස්කාරකයේ(text editor) වැරැද්දක් කරණකොට නැවත ඇරඹුමේ සිට ස්ථාපනය කිරීමට සිදුවිණි. ඒ කරණ කොට නව ගිණුම් සාදන්නට ලියාපදිංචිත පරිශීලකයන්ට සිදුවීමෙන් ඔබ කී සේ දින ගණන ද බාලවී ඇත. එපමණක් ද නොව පෙර ස්ථාපිත අවස්ථාවේ මෑත වෙනස්වීම් බැලුමට යම් අයෙකු වාසනාවන්ත වී නම් (අනංගයා දකින්නට ඇත) හේ මාගේ පලපුරුද්ද ගැන හොඳින් වටහාගනු නොඅනුමාන යැ.
කොපමන දින ගනනක් ද ? ("එම විකිය වනාහි ඊටත් වඩා දින ගණනක සිට පැවැත එන්නකි.")සමන් (talk) 11:10, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
මට මතක නෑ. සමහරවිට සතියකුත් දින ගණනක් විතර වෙනඩැති. ඒ දිනවල මා ඉතා කාර්යබාහුල්‍යයකින් පෙලින. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:20, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
This is not a good answer from an admin. --මීමා (talk) 11:42, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
If you become an admin in this stage you may misuse admin tools & do same to this wiki as well. so pls be aware of his activities. --මීමා (talk) 11:47, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
2. To පරිශීලක:Lee---Could you please acknowledge the candidate's claim "සිංහල විකිපීඩියාවේ ලෝගෝව ස‍්වදේශිකරණයට එකල සිටි එකම පරිපාලකවරයා වූ Lee දිරිගන්වමින් හා අයුතු ලිපි මැකුමට පරිපාලකවරුනට සහාය වෙමින් ද මෙතෙක් කාලයක් අමිල මෙහෙයක් කළ මා.. ".
Regarding the logo update work, තඹරු created a new logo with the localized text. That's what prompted us to aggressively follow up on the logo update. But I don't think I was the only admin on this project then. --Lee (talk) 04:27, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Thanks Lee. --සමන් (talk) 04:57, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

What do you going to do with images (which are missing copyright info) in si wiki? (I'm waiting...)

Hey! pls go to the History of this page and see the differences between මීමා's and බිඟුවා's. The මීමා was asked this question as සමන්!!.
Anyway, I'll check all images and get a decision. (to delete or add missed copyright info)
You got so angry when a user make a mistake. so i'm afried about you. not a good sign of an admin. anyway how you make the decision? --මීමා (talk) 11:31, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Oh! I don't. That's why I said that it on your talk page. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:33, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


  • Additional optional question from පරිශීලක:ශ්වෙත
  • සිංහල විකිපීඩියාව නියම සිංහල විකිපීඩියාවක් කිරීමට ඔබ පහත දේ සිදුකර තිබේද?
  • නාම අවකාශයන්හීදි හැකිතරම් සිංහල පද භාවිතා කිරීම. නිදසුන් වශයෙන් category නොව ප්‍රවර්ගය. ඔබ පරිශීලක සාකච්ඡාව වෙනුවට භාවිතා කරන්නේ User talk නේද?
එය කිසිසේත් සිදුවිය නොහේ. User Talk යන නාමාවකාශය “පරිශීලක සාකච්ඡාව“ ලෙස පරිවර්තිත හෙයින් කිසිවෙකුට User talk ලෙස භාවිතා කළ නොහැක.--තඹරු විජේසේකර සාකච්ඡාව 10:03, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Still We can use as User talk:තඹරු_විජේසේකර මීමා (talk) 11:01, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
කෙසේවෙතත් ඉංග්‍රීසි වුව සිංහල වුව එක ම ප්‍රතිඵලයෙක් සිඬවේ. එසේ ම මා නාමාවකාශ පරිවර්තනයට මීට පෙර සහාය වී ඇත.
  • ඉංග්‍රීසි සැකිලි සිංහලට පරිවර්තනය කිරීම. ඔබ විසින් සම්පූර්ණයෙන් පරිවර්තනය කල සැකිලි තිබේ නම් ඒවා මොනවාද? සැකිලි පර්වර්තනය කල විට ඒවාට අදාල සැකිලි ලේඛයන්ද පරිවර්තනය කර තිබේද? සැකිලි ලේඛ සිංහලෙන් නොමැති කලෙක සිංහලයන්ට මෙම සැකිලි භාවිතා කල නොහැකි බව ඔබ පිලිගන්නවාද?
මා කළ සියළු සංස්කරණයන් මෙමඟින් බැලිය හැක. සිංහලෙන් නොමැති කලෙක සිංහලයන්ට මෙම සැකිලි භාවිතා කල නොහැකි බව මා පිළි නොගනිමි. අන්තර්ජාලයට පිවිසෙන සෑම පුද්ගලයෙකු ම (ලොව පුරා ම) යන්තමින් හෝ ඉංග්‍රීසි බස දත යුත්තේ ය. කොටින් මැ කියතොත් තවමත් URLවත් කිසිදු බසකට පරිවර්තනය වී නැත.--තඹරු විජේසේකර සාකච්ඡාව 10:03, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  • ඉංග්‍රීසි ලිපි පරිවර්තනය කිරීම. ඔබ විසින් සම්පූර්ණයෙන් පරිවර්තනය කල ලිපි තිබේ නම් ඒවා මොනවාද?
මාගෙන් සිංහල විකිපීඩියාවට කළ ප්‍රථම දායකත්‍වය ද පරිවර්තනයකි. (සෝඩියම්) ඉදින් ඒ හැරුණු කළ මා පරිවර්තනය විය යුතු ලිපිවලට හැකි පමණින් දායක වී ඇත.--තඹරු විජේසේකර සාකච්ඡාව 10:03, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  • Fair Use හෙවත් සාධාරණ භාවිතය පිළිබඳ ඔබගේ අදහස් මොනවාද? එක්සත් ජනපදයේ හිමිකම් පණත උපුටා දක්වන වරපතක් සිංහලට පරිවර්තනය කරන්නේ කෙසේද? සිංහල විකිපීඩියාව පාලනය වන්නේ එක්සත් ජනපද හිමිකම් නීතිය අනුවද නැතිනම් ශ්‍රී ලංකාවේ හිමිකම් නීතිය අනුවද? එක්සත් ජනපද හිමිකම් නීතිය අනුව සාධාරණ භාවිතය ලෙස නම් කල රූපයක් සිංහල විකිපීඩියාව තුල හිමිකම් කඩ නොවන ලෙස භාවිතා කල හැකිද?
මේකට උත්තර දෙන එක අත්හැරලා නේද? ලිස්සල ගියාද? --- ශ්වෙත (talk) 13:34, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
මෙය පරිපාලක ඡන්‍දයක් හා නොසබැඳුන ද පිළිතුරු දෙමි. මා ප්‍රජාවගේ තීරණය අවසන් තීරණය බව සලකා ක්‍රියා කරමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 10:03, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  • Additional optional question from පරිශීලක:ශ්වෙත
  • ඔබද සාමාජිකත්වය දරණ සිංහල විකිපීඩියා පිළිගැනීමේ කමිටුව මගින් මා නව පරිශීලකයෙකු ලෙස පිළිගත් අවස්ථාවෙහිදී පරිශීලනය කරන්නැයි මා හට නිර්දේශ කල ලිපි දිගහැරිය කල තිබුනේ ඉංග්‍රීසි වදන් හා වාක්‍යයන්ය. සිංහල විකිපීඩියා පරිශීලකයෙකුට එවැනි ලිපි වලින් ලැබෙන ප්‍රයෝජනය කුමක්දැයි ඔබ හට පහදා දිය හැකිද?
පරිශීලකයන් සීමිත සංඛ්‍යාවක් ඇති සිංහල විකිපීඩියාවේ අභිවෘඬිය තකා මෙම පරිශීලක පිළිගැනුම ඇරැඹිණි. ඉදින් ඊට ඉංග්‍රීසි විකිපීඩියාවේ වූ වැදගත් ලිපි අයාත කොට භාවිතයට ගැණිනි. ඒවා පරිවර්තනය කිරීමට ද සිදුවන්නේ පිළිගැනීම් කමිටුවේ සිටිනා පරිශීලක පිරිසටයි. සැබැවින් ඒ ‘පිරිස‘ වනාහි ඉතා ස‍්වල්පයෙකි. එහෙයින් එය ඉතා අපහසු කාර්යයකි. කාලයාගේ ඇවෑමෙන් ඒ සියල්ල සැකැසීමට අපට හැකිවනු ඇත. මන්‍දයත්, විකිය එක් රැයකින් ගොඩනැගීමට නොහැකි බැවිනි. එසේ ම ඔබට (සැමට) ද මේ පරිවර්තන කාර්යයෙහිලා අපට දායකත්‍වය දිය හැක.--තඹරු විජේසේකර සාකච්ඡාව 10:03, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  • සිංහල විකිපීඩියාවේ මුල් පිටුව සැමදා එකම ලෙසින් පෙනෙමින් පුස්කන කල්හී ප්‍රවර්ග එකතු කිරීමෙන් හා ඉංග්‍රීසි විකිපීඩියාවෙන් සැකිලි ආයාත කිරීමෙන් පමණක් සිංහල විකිපීඩියාවේ ප්‍රවර්ධනයක් සිදු කල හැකි යැයි ඔබ සිතනවාද? ඔබගේ විකල්ප වැඩ පිළිවෙල කුමක්ද? --- ශ්වෙත (talk) 15:41, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
අහෝ නැත. එය යාවත්කාලීන විය යුතුය (කළ යුතුය). මා ද එකල පුවතකින් බිඳක්, තෝරාගත් ලිපිය (මෙය විකිපීඩියා:තෝරාගත් හොඳ ම ලිපි , ආරාධනයක් කරණ කොට] මවිසින් තැනුවකි), රසබර හරබර ලිපි , තෝරාගත් සේයාරුව සඳහා දායකත්‍වයන් දක්වමින් බිඟුවා සමග එක්ව archive ක්‍රියාවලියකට ද මඟ පෑදීමු. ඉදිරියට ද මෙය ක්‍රියාත්මක කරගෙන යා හැකි ය.--තඹරු විජේසේකර සාකච්ඡාව 10:03, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  • Additional optional question from පරිශීලක:ශ්වෙත
  • සිංහල විකිපීඩියාවේ පරිහීලකයන් දස දෙනෙකුට වැඩි ප්‍රමාණයක් sock puppet වරුන් බව හෙලි කිරීමට සමත් වූ පරිශීලක: මීමා විසින් එසේ සිදු කලේ සිංහල විකිපීඩියාවේ සාමාජිකත්වය ලැබ මසක් වැනි කෙටි කලක් ඇතුලත බව යන්නෙන්ම ගම්‍ය වන්නේ මෙම පරිශීලක:මීමා නමැත්තා ඉතාමත් පළපුරුදු පරිහීලකයෙකුගේ sock puppet වරයෙකු බවට බිළිඳකුට හෝ අවබෝධවී තිබියදී ඔබ හට එය අවබෝධ නොවුයේ කුමන හේතුවක් නිසා දැයි පහදා දිය හැකිද? මෙම පරිශීලක: මීමා පිළිබඳව checkuser වෙත ඔබ විසින් පැමිණිලි නොකලේ මන්ද? -- ශ්වෙත (talk) 16:51, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔහුගේ එම සිංහල විකිපීඩියාවේ පරිශීලකයන් දස දෙනෙකුට වැඩි ප්‍රමාණයක් sock puppet වරුන් බව හෙලි කිරීමට සමත්වීම අගය කරමි. ඇතැම්විට ඔබ කී පරිදි හේ ඉතාමත් පළපුරුදු පරිශීලකයෙකු විය හැකියි. එසේ ම මෙතෙක් මා හට එම පරිශීලකයාගෙන් කිසිදු කරදරයක් සිදුව නොමැත. එසේ ම ඔහු ආ කාලයේ මට හැකි පමණින් උදව් කළෙමි. (සාකච්ඡාව බලන්න) කෙසේවතුදු අයුතුව හැසිරෙන කිසිදු පරිශීලකයෙකු sockpuppetවරයකු යැයි මා එකවර අනුමාන නොකරමි. එවන් තීරණයක් ගැනීමට ක්‍රමානුකූල නිරීක්‍ෂණය (පරිශීලක අධ්‍යයනය), ගැටළු ඇත්නම් හඳුනාගැනීම හා අනතුරුව සැක කිරීමත් පසුව සූක‍්ෂමව ක්‍රියා කිරීමත් කළ යුතු ය. පරිශීලකයන් මඳ සිංහල විකියේ මෙවන් හදිසි තීරණයකට කිසිවිටකත් මා යොමු නොවෙමි. එවන් අයෙකු වුව යහඅතට හරවා ගැනීම මාගේ (අප සැමගේ) පරම යුතුකමයි.--තඹරු විජේසේකර සාකච්ඡාව 10:03, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඔබ විසින් sock puppet වරු යනු කවුරුන්දැයි නොදන්නා බවක් පෙනේ. පරිපාලකවරයෙකු වීමට යත් දරන ඔබ විසින් දකිනා පරිදී sock puppet වරයෙකු යනු කවර ලෙසකින් හැසිරෙන අයෙක්ද? -- ශ්වෙත (talk) 13:29, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
හුදෙක් sockpuppetවරුන් වනාහි විකියේ තමාගේ ස‍්වරූපය දක්වා විනාශ කිරීමට නොහැකි හෙයින් තම ගිණුමෙන් හොඳ පෙන්වා අන්වර්ථ නාමයන්ගෙන් මෙහිවිත් වන්ධ්‍යලයන් කරන්නෝ වෙති. එසේ ම කිසිවිටෙත් එම අනු-ගිණුම් විකියේ අභිවෘඬිය උදෙසා නොඑළැඹෙන්නාහ. ඉදින් එවන් දෑ මානුෂ දුර්‍වලත්‍වයන් ඉස්මතුවන අවස්ථා වෙති.--තඹරු විජේසේකර සාකච්ඡාව 12:31, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  • Additional opinion from IP
මේ සියල්ල කියවාගෙන යද්දී මට සිතෙන්නේ මෙසේ යැ.
ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනූ
කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනූ
බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනූ
තමුන්ගේ තරම දැනගෙන කල් හරිනූ
You are a very talented young person, continue your good work in wiki as a USER for the moment.
All in good time තඹරු... All in good time! —Preceding unsigned comment added by 202.129.235.2 (talk) 23:57, 10 පෙබරවාරි 2011
Yes. I also think තඹරු is a good person. But he/she shouldn't here as a USER. As a talented person, he/she must be an admin here. I saw his/her great service in last days and I don't think he shouldn't wait ever. Don't say him "තමුන්ගේ තරම දැනගෙන කල් හරිනූ". Because he/she knows about him/her. That is what he/she requesting fot adminship. Encourage this user! He/She will do his/her Best.—Preceding unsigned comment added by 192.248.92.4 (talk) 2011-02-11T12:15:25

Thank you.

තඹරු, මම සිංහල විකියේ වැඩ පටන් අරන් තව මාසයක්වත් නෑ. එත් මම දැක්ක විදිහට ඔයා මේ වෙනකොට සිංහල දේවල් ගොඩක් හදන්න මාර සේවයක් කරලා තියනවා. ඒක ඉතා අගය කලයුතු දෙයක්. මම හිතන්නේ ඔයා වගේ අය හතර පස් දෙනෙක් හිටියොත් අනාගතයට ඉතාම වටිනා සිංහල දේවල් ගොඩක් අන්තර්ජාලයෙන් ගන්න පුළුවන් වෙයි. මම දැක්ක විදිහට ඔයාට ටිකක් තරහ යන කෙනෙක් වගේ, ඒ වගේ ම ඔයා සමහර වෙලාවට අනික් අයට සවන් දෙන්න කැමති නැති පාටකුත් මට පේනවා. ඒ ගුණාංග තව ටිකක් වැඩි දියුණු කරගත්තොත් ඔයාට ඉතා ම උසස් තත්ත්වයකට යන්න පුළුවන්. එහෙම උනා නම් ඔයා ඇඩ්මින් වෙන්න ඉල්ලන්න කලින් අනික් අය ඔයාව යෝජනා කරන තත්වෙට පත්වෙනවා. අපි මේ විදිහටම වැඩ ටික කරගන යමු. තව ටික කාලයක් ඉඳල අර මම කිව්වා ගුණාංග ටිකක් දියුණු කරගන පස්සේ දවසක ඇඩ්මින් වෙන්න ඉල්ලන්න. නැත්තම් ඔයාගේ ටිකක් තරහ යන ගතිය හින්ද පරිශීලකයෝ අධෛර්යමත් වෙන්න පුළුවන්. පොදුවේ ගත්තම අපි හිතේ සතුට පමණක් වෙනුවෙන් මෙතන කරන සේවයට ඒක හින්ද හානියක් වෙන්න පුළුවන්. අවසානයේ ඒක බලපාන්නේ සිංහල විකියටනෙ. ඒ හින්ද මම අදට ඔයාට විරුද්දව ජන්දය දෙනවා. ඒ උනාට අනාගතයේ දවසක ඔයා ඇඩ්මින් වෙනවා දකින්න මම කැමතියි. --උපුල් (talk) 04:30, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

Have you been in any conflicts over editing in the past or have other users caused you stress? How have you dealt with it and how will you deal with it in the future? Eg.Your conflict with පරිශීලක:චතුනි අලහප්පෙරුම
සංස්කරණයන් අරභයා කිසියම් ගැටුම්කාරී තත්වයන්ට පූර්වයෙහි ඔබ එළඹී හෝ අනෙකුන් විසින් ඔබ කිසියම් පීඩාකාරී තත්ත්වයකට පත්කොට හෝ තිබේද? මෙම තත්ත්වයන් ඔබ විසින් කුමන අයුරකින් හසුරුවාගෙන ක්‍රියා කලේද හා එවැනි තත්ත්වයන් පැමිණි කලෙක අනාගතයේදී ඔබ ක්‍රියාකිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද? නිදසුන: පරිශීලක:චතුනි අලහප්පෙරුම හා ඔබ අතර පැවැති ආරාවුල ---- ශ්වෙත (talk) 13:45, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

සංස්කරණයන් අරභයා කිසියම් ගැටුම්කාරී තත්වයන්ට පූර්වයෙහි මා එළැඹී නැත. නමුදු ඔබ සඳහන් කළ පරිදි පරිශීලක:චතුනි අලහප්පෙරුම සමඟ එක්තරා පරිශීලකයෙකු පිළිගැනීම සම්බන්‍ධව විවාදයක් ඇතිවිණි. නමුත් මා එය කිසිවටෙකත් ආරවුලකැයි නොසලකමි. මන්දයත් එය වනාහි පරිශීලක කණ්ඩායමක් (පසුගිය දිනවල sockpuppets ලෙස හඳුනාගත්) විසින් නැඟී එන්නන් බිඳැලීමේ අරමුණින් සිදුකළ දැයකි. හුදෙක් sockpuppetවරුන් වනාහි විකියේ තමාගේ ස‍්වරූපය දක්වා විනාශ කිරීමට නොහැකි හෙයින් තම ගිණුමෙන් හොඳ පෙන්වා අන්වර්ථ නාමයන්ගෙන් මෙහිවිත් වන්ධ්‍යලයන් කරන්නෝ වෙති. එසේ ම කිසිවිටෙත් එම අනු-ගිණුම් විකියේ අභිවෘඬිය උදෙසා නොඑළැඹෙන්නාහ. ඉදින් එවන් දෑ මානුෂ දුර්‍වලත්‍වයන් ඉස්මතුවන අවස්ථා හෙයින් සානුකම්පිතව එවන් පරිභවයන් බැහැරලමි. දැනට විකිපීඩියාවේ සිටින ක්‍රියාකාරී පරිශීලකයන් එවන් පහත් අදහස් නැති බැවින් සාමකාමීත්‍වයක් ස්ථාපිතවැ තිබෙන හෙයින් මා ඉහත පැණයකදී ඔබට කී පරිද්දෙන්, ඉදිරියේ එවන් තත්‍ව හඳුනාගැනුමට මා හට අවකාශ ඇත.--තඹරු විජේසේකර සාකච්ඡාව 12:31, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

What are your best contributions to Wikipedia, and why?
සිංහල (හෝ සමස්ත) විකිපීඩියාවට ඔබ විසින් සිදුකෙරුණු විශිෂ්ඨතම දායාදයන් මෙනෙවාද හා ඔබ එලෙසින් ඒවා දක්වන්නේ කුමන කරුනු හේතු පාදක කරගෙනද? --- ශ්වෙත (talk) 13:51, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ඔබ විසින් නාමයෝජනා ඉදිරිපත් කරමින් දක්වා ඇත්තේ ඔබ විසින් අමිල සේවාවක් සිංහල විකිපීඩියාවට කර ඇති බවකි. අමිල යනු මිල කල නොහැකි යන්නයි. ඔබගේ සේවාව මිල කල නොහැකිද නැතිනම් අගය කල නොයුතුද යන්න තීරණය කල යුත්තේ අනෙකුන් විසින් මිස ඔබ විසින් නොවන බව තරම් වත් බුද්ධියක් ඔබ සතුව නොමැති බව ඔබ විසින් පිළිගන්නේද? මෙම ශුද්ධවූ තනතුරට ඔබ තවමත් මනසින් ලාබාල බව ඔබ විසින් පිළිගැනුමට සූදානම්ද? --- ශ්වෙත (talk) 13:59, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ඉහත පැණ ද්විත්‍වය ම එකක් සේ සලකා පිළිතුරු දෙමි. ඉහතදී ඔබ “මා විසින් සිදුකෙරුණු විශිෂ්ඨතම දායාදයන් මොනවාදැ“යි අසා පසුව මාගේ දායකත්‍වයන් “අගය කල නොයුතුද යන්න තීරණය කල යුත්තේ අනෙකුන් විසින් මිස ඔබ විසින් නොවන බව“ දක්වා සිටී. ප්‍රජාවගේ අදහස් ශීර්ෂීයව ගරුකරනා මා හට ඔබේ අදහස අනුව මීට පිළිතුරු දිය නොහේ.--තඹරු විජේසේකර සාකච්ඡාව 12:31, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඉහත පැණ දෙක එකක් නොව දෙකකි. පළමු පැණයෙන් විමසන්නේ ඔබගේ දායකත්වයන් අතරින් විශිෂ්ඨතමය ලෙස ඔබ සිතන්නේ කුමක්ද යන්නයි. ඔබ විසින් එම විශිෂ්ටතම දායකත්වය නම් කිරීමෙන් ගම්‍ය වන්නේ ඔබ විසින් ඉතාමත් පරිශ්‍රමයක් දරා ඉතාමත් සූක්ෂමව වැරැදි අඩුවෙන් සැදූ ලිපිය එය බවයි. ඉන්පසු එම ලිපිය පිළිබඳ ප්‍රශ්න ඇසීමට බලාපොරොත්තු වෙමි. එබැවින් කරුණාකර එයට පිළිතුරු දීමෙන් ඔබගේ සහයෝගය දක්වා මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනුමට උදවු වන මෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඉල්ලා සිටිමි.
දෙවන පැණය ඔබ විසින්ම ඔබව (එනම් විකිපීඩියාවට ඔබගේ මුළු සහයෝගය) අමිල ලෙසින් අගයා ගැනීම පිළිබඳවයි. එය සාමාන්‍යයෙන් සිදු නොවෙයි. කෙනෙකුගේ සේවය අගයන්නේ අනුන් මිස තමුන් නොවේ. එබ එසේ තමන් ගේ සේවය අමිල ලෙස හැඳින්වූයේ ඇයිද යන්න පහදා දෙන්න. එසේ හේතු දක්වා සහයෝගය දැක්වීමෙන් ඔබගේ සිතීමේ හා ඇගයීමේ රටාව අවබෝධ කරගැනුමට බලාපොරොත්තු වෙමි. එබැවින් කරුණාකර පිලිතුරු දක්වා සහයෝගය දක්වන්න. --- ශ්වෙත (talk) 14:12, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
මා විසින් විකිපීඩියා‍වට කළ දායකත්‍වයන් අතරින් කිසිවක් විශිෂ්ටත ම යැයි නොසලකමි. ප්‍රජා සත්කාරයන් සියල්ල ම වනාහි නිතැතින් ම විශිෂ්ටත ම හා අමිල වෙති. ඉදින් ඕනෑම පරිශීලකයකු විසින් සිදුකරනා සියළු ම සංස්කරණයන් (සුළු සංස්කරණයන් වුව) විශිෂ්ටයැයි මා සලකමි. විකිපීඩියාවට මාගේ මුළු සහයෝගය අමිල ලෙසින් අගයා ගැනීම වනාහි ස්වයං පරිපාලක ඡන්දයක් හමුවේ කිරීමට සිදුවන්නකි. යථොක්තානුකූලව ඕනෑම සංස්කරණයක් අමිල මැ වන්නේ ය. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:38, 14 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ඔබ විසින් සිදු කල සම්පූර්ණ පරිවර්තනයක් ලෙසින් සෝඩියම් ලිපිය ඉහතදී ඔබ විසින් දක්වා ඇත. මෙම ලිපිය තුලදී ඔබගේ පුද්ගලික ව්‍යාපාරයක් වන Thambaru Wijesekara Creations සඳහා විකිපීඩියාව තුල වෙළෙඳ ප්‍රචාරයක් ලබාගැනුමට ඔබ මෙලෙසින් ක්‍රියා කර ඇත. මෙය පහදා දෙන්න. (මම පොඩි කාලයේ හින්දා දැන ගෙන හිටියේ නැහැ යන පහදා දීම් දෙන්න එපා) -- ශ්වෙත (talk) 14:29, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ඉබ්බන්ගෙන් පිහාටු ඉල්වා නැතැයි නොකියා දෙනුයි අණ කරන්නාක් පරිද්දෙන් මෙම පැණය දකිමි. ප්‍රජාසේවයට මා පෙළැඹුනේ ද ඇරැඹුණේ ද මේ සිංහල විකිපීඩියාව හරහා ය. එතෙක් ස‍්වතන්ත්‍ර කාර්යයන් හිමිකම් බලපත්‍රානුකූලව කළ යුතුයැයි සිතූ මා මෙසේ කරන්නට විණි. එනමුත් බිඟුවාගේ පැහැදිලි කිරීම්වලට ස්තූති වන්නට මා මෙම ප්‍රජාසත්කාරයන්ට සමානුපාතී වීමි. මෙය බලනු මැනැවි. එසේ ම Thambaru Wijesekara Creations වනාහි කිසිසේත් ම වානිජ ව්‍යාපාරයක් නොවේ. මාගේ තාක්‍ෂණික දැනුම මෙහෙයවා මා කළ මෘදුකාංග (අධ්‍යාපනික හා මෙහෙයුම් උපාංග) නොමිලේ වානිජ කටයුතු සඳහා භාවිතා කළ නොහැකි පරිද්දෙන් Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License යටකේ ලබාදින්මි. එය කිසිදු වෙළඳ අරමුණක් නොමැති වැඩසටහනකි. එයට ඔබ “වෙළෙඳ ප්‍රචාරයක් ලබාගැනුමට“ යැයි පරිභව කිරීම ගැන බලවත් කනගාටුවට පත්වෙමි. එසේ ම එම ආරම්භක ලිපියෙන් පසු (විකිය පිළිබඳ දැනුවත් වූයේ ද මේ කාලයේය.) කිසිදු විටෙක මෙවැන්නක් නොකෙළමි. එම අඩවි ලිපිනය මාගේ පරිශීලක පිටුවේ වුව සඳහන් වනුයේ හුදෙක් අන් පරිශීලකයන්ට මාගේ ඥාණය දැනගැනුමට මඟක් වශයෙනි.--තඹරු විජේසේකර සාකච්ඡාව 12:31, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාවේ ලෝගෝව ස‍්වදේශිකරණයට ලක්වූ අවස්ථාවෙහිදී ඔබ විසින් ‍යෝජනා කල රූපය භාවිතා නොකිරීම පිළිබඳ අසතුට ප්‍රකාශ කලේ ඇයි? --- ශ්වෙත (talk) 15:17, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

එය වනාහි අසතුට ප්‍රකාශ කිරීමක් නොවේ. මා එසේ පැණනැගූයේ හුදෙක් මාගේ නිර්මාණකරණයේ අඩුපාඩු ඇත්නම් ඒවා නිරාකරණය කරගැනුම සඳහා ය.--තඹරු විජේසේකර සාකච්ඡාව 05:38, 14 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මොකක්ද මේ? තඹරු විජේසේකර ‎(නිලබලධාරියා, පරිපාලකවරයා) (6 පෙබරවාරි 2011 දින 12:06 වේලාවේදී තනන ලදි මේක සටහන් වෙලා තිබුනා පරිශීලක:සමන් අහල තිබුන ඉහත පැනයකග මොකක්ද මේකේ තේරුම? ඔබ දැනටමත් පරිපාලකවරයෙක්ද? --- ශ්වෙත (talk) 15:34, 12 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

මා පරිපාලකයකු වන්නේ මෙහි පමණි. අනෙක දැනටමත් පරිපාලකයකු නම්, මා මෙම නාමයෝජනා ඉදිරිපත් කරනුයේ කුමට? --තඹරු විජේසේකර සාකච්ඡාව 05:38, 14 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
Support[සංස්කරණය]


Oppose[සංස්කරණය]
  1. I'm not happy with his HR things. --මීමා (talk) 11:39, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  2. I let තඹරු to improve some attitudes --උපුල් (talk) 04:30, 11 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  3. Oppose
  • පදනම් විරහිත සොක්පපට් චෝදනා එල්ල කිරීම​. මෙම කටයුත්තට අදාළව පරිශීලකයන් විසින් කරනු ලබන විමසීම් ඔබ සලකන්නේ වදයක් ලෙස ද​?
  • හුදෙක් විනෝදය තකා ස්ථාපනය කරන ලද උක්ත මාධ්‍ය විකිය මෙහි දී සුදුසුකමක් වශයෙන් භාවිතා කිරීම ගැන කණගාටු වෙමි. එය සුදුසු කමක් යයි ඔබ සිතනවා නම් ඉන් පැහැදිලි වන්නෙ විකිපීඩියාව ගැන නිවැරදි අවබෝධයක් ඔබ සතු නො වන බව ය​. මෙම කරුණ ඉදිරිපත් කිරීමේ දී පරිශීලකයන් නො මඟ යවන සුළු ලෙස ඔබ හැසිරී ඇත​.

ආත්ම විශ්වාසය හොඳයි. ඒත් ස්වයං අධිතක්සේරුව විනාශකාරීයි​. මොකක් ද මේ හදිස්සි ය​. පළපුරුද්ද කියන්නෙ එක පාර පහළ වෙන දෙයක් නෙමෙයි. මීට වඩා නිවුණු ආකල්ප ඇති කර ගන්නවනම් අගෙයි. වේගය මරු කැඳවයි! නංගයා මතන්න 19:30, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

  1. Oppose
  • පරිශීලකයන් නොමගයවන තොරතුරු ඉදිරිපත් කිරීම. (පරිපාලක අත්දැකීම් සහ පලපුරුද්ද ගැන බොරු කීම )
  • වැරැද්දක් පිලිගැනීමට තරම් නිහතමානී නොවිම (පරිපාලක අත්දැකීම් ගැන බොරුව අහු උනාම දන්නෙ නැ වගේ හැසිරීම("මට මතක නෑ. සමහරවිට සතියකුත් දින ගණනක් විතර වෙනඩැති"---වගේ වගකීමක් නැති ආඩපාලි කතා ).
  • සංවාදයකදී, අනෙකාගේ මතයට හෝ අදහස් දැක්වීමට කරන සංවරයක් නැති ප්‍රතිඋත්තර ( Why don't YOU do that? - @ මීමා in the discussion)----සමන් (talk) 07:56, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


Neutral[සංස්කරණය]
  1. මධ්‍යස්ථ - ම්.. ලොකුම ලොකු සංවාදයක් තියෙන්නේ. මම දැක්ක විදියට තඹරු ඔයා ඉන්නේ හොඳ පාරක. ඉක්මනට ඉගෙන ගන්නවා. පරිශීලක පිටුවම බලන්න, ඒකත් ලස්සනට හදාගෙන ඉන්නේ. මට මතකයි ඔයා විකියට ආපු දවස්වලත් බැහැලා වැඩ කලා. විකියට එන සමහරු නිකන් සෝඩා බෝතලේ කැඩුවා වගේ එක සතියයි නැත්නම් මාසයයි. එච්චරමයි. නමුත් ඔයා දිගටම වැඩ කරගෙන ගියා. ඒක නියම විකිපීඩියානුවෙක්ගේ ලක්ෂණයක්. ඒක අගය කරනවා. පිළිගැනීමේ කමිටුවෙත් බැහැලා වැඩ කළා. ඒකත් මම අගය කරනවා. ඉංග්‍රීසි විකියෙන් සැකිලි ගේන්නත් උනන්දු වුනා. ෆෙලිඩේගේ කැලි ලිපි ඒකාබද්ධ කරලා මකන්න යෝජනා කිරීමත් ඔබේ එක් අගය කල යුතු දායකත්වයක්. ඒවගේම RC එකේ නිතරම හිටියා.වැන්ඩල් කරපු ඒවා අහෝසි කරමින් ගොඩ දාපු අවස්ථාත් මම දැක්ක. කොටින්ම කියනවානම් තඹරු ඔයා මේකේ ඉන්න ඉතාම වැදගත් සක්‍රිය පරිශීලකයෙක්. ඔබේ දායකත්වය ඉතාම අගය කල යුතු එකක්. මා ඉහතින් ඉස්මතු කල කරුණු බලන්න. ඒ කිසිවකට පරිපාලක බලතල ඕනෙ නැ. ඕනැම විකියක පරිපාලක වෙන්නේ නැතුව ගොඩාක් වැඩ කරන්න පුලුවන්. අනික පරිපාලක කියන්නේ තවත් tools ටිකක් එකතු වෙන එක විතරයි. වෙන කිසිම සමාජ තත්වයක් එක් වෙන්නේ නැ. ඔයා ඒක දන්නවා ඇතිනේ. ඔයා ඉන්නේ ඉගෙන ගනිමින් යන පාරක. හදිස්සි වෙන්න ඕනැ නැ. තව ටිකක් ඉගෙන ගන්න. ප්‍රජාව අහල තියෙන ප්‍රශ්ණ/උත්තර දිහා බලපුවාහම එයාලට තාම ඔයා ගැන විශ්වාසයක් ගොඩ නැගිලා නැ වගේ පේන්නේ. ඔයා ගැන විහ්වාසයක් ගොඩ නැගුනාම ප්‍රජාවම ඔයාගෙන් ඉල්ලයි. විකියේ තියෙන විශේෂ තැන් ගැන, තාක්ෂණික දේවල් ගැන තවත් ඉගෙන ගන්න. js, css ගැන ඉගෙන ගන්න. පරිපාලක යනු ප්‍රජාවේ සේවකයා මිස ප්‍රජාවේ පාලකයා නොවන බව සිතේ තබාගන්න. විකියේ අනිත් අයට දැනෙන්න අරින්න ඔයා ඒකට සුදුසුයි කියන එක. තහවුරු වෙන විදියට වැඩ කරන්න. සංවාදවලදීත් ක්‍රියාකරනකොටත් මැදුම් පිළිවෙතින් වැඩ කරන්න. මට පේන විදියට කට්ටිය හිතන්නේ ඔයා තාක්ෂණික වශයෙන් එල. නමුත් පුද්ගලියින් එක්ක වැඩ කරන එක තව ඉගෙන ගන්න වෙනවා වගේ කියලා. මමත් ඒක ටිකක් අනුමත කරනවා තඹරු. මේ වතාවේ මට උදව් කරන්න අමාරුයි වගේ. ඊළඟ පාර වෙනකොට ඔයා සුදුසුකම් සපුරලා තිබ්බොත් අනිවා සප් එක දෙනවා. ඔයා යමක් කරන්න ලැස්තියි කියන එක මම් දන්නවා. ඒකට මේක අවැසිම නැ වගේ කියලා හිතෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට ජය! -- බිඟුවා සාකච්ඡාව 07:08, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  2. මධ්‍යස්ථ - පරිශීලක:තඹරු විජේසේකර දක්‍ෂයෙක්. ‍‍‍හොඳ හුඟක් තියනවා, නරක ටිකක් තියනවා. දැනට පරිපාලකභාවය නැතුවත් හොඳින් කටයුතුකරනවා. මම ‍ෙපෟද්ගලිකව ඔයා බැඳි අකුරු අනවශ්‍ය විදියට පැරණි ක්‍රමයට යොදනවට මම හුඟක් අකමැතියි. ඒත් චන්දෙ නොදෙන්නෙ ඒක නිසා නෙමෙයි. පරිපාලකභාවය ලැබුනත් නොලැබුනත් දිගටම ඔබව සිංහල විකියට අවශ්‍යයි. Singhalawap (talk) 08:40, 17 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  3. මධ්‍යස්ථ - මම බිඟුවා කිව්ව ගොඩක් දේවල් එක්ක එකඟ වෙනවා. අලුත් දේවල් ඉක්මනට ඉගෙන ගන්න එක, අලුත් දේවල් අත්හදා බලන එක මම ඔයාගේ හොඳ ලක්ෂණ විදියට දකිනවා. ටෙක්නිකල් සයිඩ් එක ගැන ඔයාට හොඳ දැනුමක් තියෙනවා කියල පේනවා. පුද්ගලයන් එක්ක වැඩ කරන විදිය ගැන නම් එච්චර අත්දැකීමක් නැති බව පේනවා. හැබැයි මේ උඩින් තියෙන සංවාදයේ මුලදී ප්‍රශ්න වලට උත්තර දීලා තියෙන විදියයි පසුව උත්තර දීලා තියෙන විදියයි සන් සංදනය කරලා බැලුවම පේනවා ඒ ගැන යමක් ඉගෙනගෙන තියෙන බව. අහන සමහර ප්‍රශ්න මෝඩයි වගේ හිතෙන්න පුළුවන්, නැත්තන් " ඇයි දැක්කේ නැද්ද මං ඒ වැරැද්ද නිවැරදි කරන්න ඉගෙනගත්තා " කියල හිතෙන්න පුළුවන් ඒ වුනාට ඒවාට මැදහත් විදියට උත්තර දෙන එක හොඳ සිරිතක්. අන්න ඒවගේ සිරිත් තමා ඇඩ්මින් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. නැත්තන් එක ප්‍රශ්නයක් විසදන්න ගියාම තව ප්‍රශ්න වැලක් ඇතිවෙනවා. මෙතෙක් කල් කරලා තියෙන සේවය අගය කරනවා. ඇත්තටම මම ඔයාව දකින්නේ ආධුනික ඇඩ්මින් කෙනෙක් විදියට නැත්තන් an admin in the making විදියට , මොකද ඇඩ්මින් කෙනෙක් ගේ ගොඩක් හොඳ ලක්ෂණ ඔයාට තියෙනවා. හැබැයි මේ හොඳම වෙලාව නෙමේ. තව ටිකක් ඉගෙනගන්න, විශේෂයෙන්ම මිනිස්සුත් එක්ක වැඩ කරන විදිය ගැන. විකියේ ඉදිරි වැඩ වලටත්, අධ්‍යාපන වැඩ වලටත් මුළු හදවතින්ම සුභපතනවා. -Shane44 (talk) 09:46, 21 පෙබරවාරි 2011 (යූටීසී)[reply]