රොනාල්ඩ් ෆෙඩ්කිව්

විකිපීඩියා වෙතින්
රොනාල්ඩ් ෆෙඩ්කිව්
උපතපෙබරවාරි 27, 1968 (1968-02-27) (වයස 56)
බුෆලෝ නිව්යෝර්ක්
නිවහනසනිවේල් කැලිෆෝර්නියා
U.S.
ජාතිකත්වයඇමෙරිකානු
උගත් ශාස්ත්‍රාලයUCLA, (Ph.D., 1996)
SUNY-Buffalo, (M.A., 1991)
SUNY-Buffalo, (B.S., 1990)
ප්‍රසිද්ධව ඇත්තේPhysically based simulation techniques
සම්මාන80 වන විද්‍යායතන සම්මානය,
විද්‍යාව සදහා ජාතික සම්මානය.
Scientific career
ක්ෂේත්‍රයපරිගණක ග්‍රාෆික, පරිගණක භෞතික විද්‍යාව
ආයතනස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (2000-)
ආචාර්ය උපදේශකStanley Osher

රොනාල්ඩ් පෝල් "රොන්" ෆෙඩ්කිව් (/iconˈfɛdk/; උපත -1968 පෙබරවාරි 27) පුර්ණකාලින මහාචාර්යවරයෙක් ලෙස ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ (Stanford University) පරිගණක විද්‍යා (Computer science) දෙපාර්තමේන්තුවේ කටයුතු කරන අතර පරිගණක ග්‍රාපික (Computer graphics) ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පර්යේෂකයෙක් ලෙස භෞතික වශයෙන් පදනම් වූ ස්වභාවික සංසිද්ධි සමාකරණය සහ සම කුලක (Level set) සම්බන්ධිත මාතෘකා පිළිබද අවධානය යොමුකරන්නෙක්ද වෙයි. ඔහුගේ තාක්ෂිණ්‍යය චලනය වන පින්තුර (චිත්‍රපට විශේෂයක්) (Motion picture ) සදහා යොදාගෙන තිබේ. ඔහු අසුව වන විද්‍යායතන තිලිණය (80th Academy Awards), විද්‍යාව සදහා වන ජාතික විද්‍යායතනය (National Academy of Sciences) මගින් සම්භාවනාව ලබාගෙන ඇත.

ඔහු වර්ෂයේ හොදම චිත්‍රපටි සදහා දෙනු ලබන ඔස්කාර් සම්මානය (Oscar award) ලැබුවේ වර්ධක තාක්ෂණික ක්‍රම සදහාය.එම ක්‍රම තාක්ෂණික වශයෙන් චිත්‍රපට සදහා නවීන යොදාගැනීම් හැකිකලේය. ඒ අතර 21 වන ශත වර්ෂයේ චිත්‍රපට සදහා යොදාගත් දෘශ්‍ය ක්‍රම වැදගත් වේ. ඒ අතර ස්ටාර් වොර්ස් (Star Wars), හැරී පෝටර් (Harry Potter) , ටර්මිනේටර් (Terminator), සහ පයිරෙට්ස් ඔෆ් ද කැරිබියන් (Pirates of the Caribbean) ෆ්රැන්චිසස් (Franchise) වැදගත් වේ. චිත්‍රපට සදහා ඉතා විශේෂිත දියුණු ක්‍රම භාවිත කල හැකි ආකෘතියක් (Platform) ෆෙඩ්කිව් විසින් නිර්මාණය කරන ලදී. එය ප්‍රථමයෙන් භාවිත කරන ලද්දේ T-X චරිතය නිරුපණය වන ටර්මිනේටර 3: රයිස් ඔෆ් මැෂින්ස් (Rise of the Machines) චිත්‍රපටිය සදහාය. ඔහු ඔස්කාර් සම්මානය දිනුවා වුවද ඔහු එම තාක්ෂණය භාවිත කරන දෘශ්‍ය කාර්යය (Visual effects) නිර්මාණය කලේ නැත. ඒ වෙනුවට, ඔහු පද්ධතියක් නිර්මාණය කළේය. එම පද්ධතියේ අරමුණ වුයේ අනෙකුත් සම්මාන දිනා ඇති තාක්ෂණවේදීන් හා ඉංජිනේරුවන්ට (Engineer) ලෝකයේ මිල අධිකම හා ඉහලම ආදායම් (Revenue) වාර්තා දිනා ඇති චිත්‍රපට සදහා දෘශ්‍ය ක්‍රම නිර්මාණය කිරීම සදහාය.

එමෙන්ම ඔහු පිවොට්[1] සමාගමේ සම කොටස් කරුවෙක් ද වේ. මෙම පිවොට් නමෙහි දිග තේරුම වන්නේ සියලු තාක්ෂණය හරහා පෞද්ගලික අභිවෘද්ධිය යන්නයි. මෙම සමාගමේ ප්‍රකාශිත ඉලක්කය වන්නේ සියලු තාක්ෂණය (Surveillance technology) භාවිත කරමින් මිනිසුන්ට ඔවුන්ගේ පෞද්ගලික ඉලක්ක වන චිත්‍රපටියක් වඩා හොදට නැරබිමට, වඩා හොදට රස වීදීමට ඉඩ ලබා දීම වැනි අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සදහා තාක්ෂණය දියුණු කිරීමය.[2]

පෙර ජීවිතය හා පවුල් ජීවිතය[සංස්කරණය]

නිව්යෝර්ක්හි බුෆලෝ නගරයේ උපත ලද ෆෙඩ්කිව් තම ප්‍රථම උපාධිය /B.S. (B.S.) 1990 වසරේ සහ 1991 වසරේදී උසස් උපාධිය / M.A. (M.A.) නිව්යෝර්ක්හි රාජ්‍ය විශ්වවිද්‍යාලය වන බුෆලෝ විශ්වවිද්‍යාලයෙන් (Buffalo, The State University of New York) ලබාගත් අතර උසස් උපාධිය ගණිත අංශයෙන් (Mathematics) සම්පූර්ණ කරන ලදී.[3] පසුව, ඔහු තම ආචාර්ය උපාධිය /Ph.D. (Ph.D.) සදහා භාවිත ගණිත (Applied mathematics) අංශය තෝරාගත් අතර එය කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයෙන් (UCLA ) 1996 වර්ෂයේදී සම්පූර්ණ කිරීමට සමත් වුයේය. [4] ඔහුගේ උපාධි ප්‍රබන්ධන (Dissertation ) සදහා මුලසුන දරන ලද්දේ ස්ටැන්ලි ඔසර් (Stanley Osher) විසිනි.[3] ඔහු ඔහුගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයෙන් ගණිත අංශයෙන් හා කැලිෆෝර්නියාවේ තාක්ෂණික ආයතනයෙන් (Caltech) ආකාශ යාත්‍රා විද්‍යාව අංශයෙනුත් (Aeronautics ) ඉගෙනගනිමින් අවසන් කළේය. මේ සියල්ල අවසානයේ ඔහු ස්ටැන්ෆර්ඩ් පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවට බැදුනේය.[4] ෆෙඩ්කිව්ට දූවරු දෙදෙනෙක් සිටි. පළමුවැන්නා බ්‍රිටනිය. ඇය 2000 වර්ෂයේ උපත ලද අතර දෙවැන්නා බ්‍රියානා 2003 වර්ෂයේ උපත ලබන ලදී.[4]

චර්යාව[සංස්කරණය]

ෆෙඩ්කිව් ගේ තාක්ෂණයෙන් පයි රේට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපටය දෘශ්‍ය කාර්යය සදහා සම්මාන දිනාගත්තේය

ෆෙඩ්කිව් පුර්ණකාලින මහාචාර්යවරයෙක් ලෙස පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු කරයි. එමෙන්ම ඔහු පරිගණක භෞතික විද්‍යා සගරාවේ (Journal of Computational Physics) සහ පරිගණක විද්‍යා සගරාවේ යන ජර්නලයේ කතෘ මණ්ඩලයේ සේවය කරයි. ඔහු විසින් ප්‍රකාශයට පත් කල ග්‍රන්ථ වලින් ලෙවල් සෙට් මෙතඩ් සහ ඩයිනමික් ඉම්ප්ලිසිට් සර්ෆෙසස් යන ග්‍රන්ථ (Springer 2002, ISBN 0-387-95482-1) ප්‍රකාශයට පත් කලේ ස්ටැන්ලි ඔසර් (Stanley Osher) සමගය.

2000 වර්ෂයේ සිට, ෆෙඩ්කිව් කාර්මික ආලෝක සහ ඇස්බැන්දුම් (Industrial Light and Magic) සම්බන්ද නම් ලැයිස්තුව තිරයට පෙළගැස් වීමේ (Motion picture credits) උපදේශකයෙකු ලෙස ටර්මිනේටර් 3: රයිස් ඔෆ් ද මැෂින්ස්, ස්ටාර් වොර්ස් එපිසෝඩ් III: රිවේන්ජ් ඔෆ් ද සිත් (Revenge of the Sith) සහ පොසෙයිඩොන් (Poseidon) යන චිත්‍රපට වල කටයුතු කොට ඇත.[5] මීට අමතරව, පයිරෙට්ස් ඔෆ් ද කැරිබියන් කොටස් තුනෙහිම හා හැරී පොටර් චිත්‍රපටයේ සමහර කොටස් සදහා ඔහුගේ දායකත්වය ලබා දී ඇත. ෆෙඩ්කිව්ගේ මෙම ක්‍රම පයිරේට් චිත්‍රපටයේ මුහුද සහ හැරී පොටර් ඇන්ඩ් ද ගොබ්ලේට් ඔෆ් ෆයර් චිත්‍රපටයේ මකරාගේ රක්තවර්ණ හුස්ම රෙන්ඩර් කිරීම සාර්ථකව සිදු කොට ඇත.[6] එමෙන්ම එම ක්‍රම මගින් ඉවන් අල්මයිටි (Evan Almighty) චිත්‍රපටයේ වේගයෙන් ගලන ගං වතුර දර්ශනයක්ද එය පළමුවෙන් ම ටර්මිනේටර් 3 චිත්‍රපටයේ T-X චරිතය සදහා ද භාවිත කොට ඇත.[7] ෆෙඩ්කිව්ගේ මෙම ක්‍රම භාවිත කිරීමේ හොදම අවස්ථාව ලෙස ඔහු දකින්නේ පොසිඩොන් චිත්‍රපටයේ නැව ගිලෙන අවස්ථාවයි.[8] පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්: ඩේඩ් මෑන්ස් චෙස්ට් යන ච්ත්‍රපටිය දෘශ්‍ය කාර්යය සදහා ඔස්කාර් සම්මානය (Academy Scientific and Technical Award) 79th ඔස්කාර් සම්මාන උළෙලේදී (79th Academy Awards ) 2007 පෙබරවාරි 25 දින දිනාගත් අතර පොසිඩොන් ච්ත්‍රපටියද එම වර්ෂයේම එම කාණ්ඩයට නම් කරන ලදී.[9] ෆෙඩ්කිව් ගේ මැත් යන්ත්‍රය ක්‍රියාත්මක වන වැඩ සටහන් අතර ටෙන්ටැක්ල් (Tentacle) නමැති වැඩ සටහන් නිර්මාතෘ ඩේවි ජෝන්ස්(Davy Jones) ගේ ඩේඩ් මෑන්ස් චෙස්ට් සම්මාන දිනාගැනීමට සමත් විය.[5]

විද්‍යානුකුල සහ ශිල්පීය සහ තාක්ෂණික සම්මාන (Academy Scientific and Technical Award) සමුළුව බෙවර්ලි විල්සයර් හෝටලයේදී (Beverly Hills,_California) 2008 පෙබරවාරි 9 පැවැත්විය. එම හෝටලය පිහිටා තියෙන්නේ බෙවර්ලි හිල්ස්, කැලිෆොර්නියා හිය. මෙම සම්මාන උළෙලේදී ෆෙඩ්කිව් 80 වන විද්‍යායතන සම්මාන ලැබුවේ තාක්ෂණික ජයග්‍රහණ (Academy Award for Technical Achievement) සදහාය. එම ජයග්‍රහණ අතර කාර්මික ආලෝකකරණ සහ ඇස්බැන්දුම් තරල සමාකරණ පද්දතිය නිර්මාණය ඉතා වැදගත් විය.[10][11] නික් රස්මුසෙන් සහ ෆ්‍රෑන්ක් ලොසාසෝ පැටර්සන් සමග සම්මාන බෙදාගත්තේය. ඔහු භෞතික විද්‍යාව පදනම් කරගත් අභාසන සිදු කොට එමගින් චිත්‍රපට සදහා වඩා හොද ජල කාර්යයන් (effects) යොදා ගැනීම හැකි කොට තිබේ. පෙර නිරුපණය වෙනස් මට්ටම් සහිත සාර්ථක ලක්ෂණයන්ගෙන් සමන්විත විය. ඔවුන් නිතරම මතුපිට නිරූපණය ඉතා හොදින් නිම කලත් සමහර කොටස් කාර්යක්ෂමත්වයෙන් ඉතා අඩු විය. ජල රළ කැඩීම වැනි කොටස් ඒ අතර වේ. ෆෙඩ්කිව්ගේ කණ්ඩායමේ නවීන “ප්‍රයෝගික ලෙවල් සෙට් ක්‍රමවේදය” මගින් සුමට මතුපිට සහ ජල රළ කැඩීම් රෙන්ඩර් කිරීම කිරීමට හැකි කොට ඇත.[8] ෆෙඩ්කිව් ඉන්ඩස්ට්‍රියල් ලයිට් ඇන්ඩ් මැජික් (Industrial Light and Magic), පික්සර් ඇනිමේසන් ස්ටුඩියොස් (Pixar), ඉන්ටෙල් කොර්පරේසන් (Intel ), හොන්ඩා සහ සෝනි පික්චර්ස් ඉමේජ්වර්ක්ස් (Sony Pictures Imageworks) යන ආයතන වල වැඩ කොට ඇත.[5] වරක් ෆෙඩ්කිව්ට සම්මාන ප්‍රදානය කිරීම ජෙසිකා ඇල්බා (Jessica Alba) විසින් සිදු කරන බව දැන ඔහු ඇසෝසියේටඩ් මුද්‍රකයට (Associated Press) ප්‍රකාශ කර සිටියේ: "ඔවුන් මට තත්පර 60 ක් දෙන බව කිවා. ඒ නිසා මම අවසාන තත්පර 10ගතකලේ මම ලෝකයේ ඉන්න ලස්සනම ස්ත්‍රියට අඩි 10 දුරින් සිටිනවායි යන්න අවබෝධ කරගනිමිනි . . . ඒ වගේම නිවාහරන සැලසුමක් එම වෙලාවේ තිබුනේ නැත."[11]

ෆෙඩ්කිව් සහ ඔහුගේ සගයන් භෞතික විද්‍යාව පදනම් කරගත් නිරූපකර්ණය කේත පුස්තකාලයක් නිර්මාණය කළේය.(PhysBAM http://physbam.stanford.edu) එය චිත්‍රපටි සදහා වඩා හොද සුවිශේෂි කාර්යයන් නිර්මාණය කිරීම සදහා පහසුකම් සපයයි. නිදසුන් ලෙස ජලය, දුම, ගින්දර, රෙදි, දෘඩ වස්තු, විරුප්‍ය වස්තු, ගත හැක. ෆෙඩ්කිව්ගෙන් නිතරම තිර නාම සදහා උපදෙස් ලබාගැනීමට කාර්යය ඉංජිනේරුවන්, තාක්‍ෂණිකයන්, සහ චිත්‍රපට කාරක මණ්ඩලය වැනි අය ඉදිරිපත් විය. විවිධ අරමුණු සදහා යොදාගත හැකි නව සංඛ්‍යාත්මක ඇල්ගොරිතම (Algorithm) නිර්මාණය කිරීම ඔහුගේ පර්යේෂණ වල අරමුණ විය. සංඛ්‍යාත්මක තරල ගති විද්‍යාව (Computational fluid dynamics) සහ මෘදු වස්තු ගති විද්‍යාව (Soft body dynamics), පරිගණක ග්‍රාපික, පරිගණක දෘෂ්ටිය (Computer graphics) සහ සංඛ්‍යාත්මක ජෛව යාන්ත්‍රික (Biomechanics) යනාදිය ඒ සදහා සම්බන්ධ කරගන්නා ලදී. ඒ වගේම මෙම පද්ධතිය චලිත ග්‍රහණය (Motion capture) සිට රෙන්ඩර කිරීම (Rendering) සදහා යෙදුම් රැසකම යොදාගත හැක. නමුත් ඔහු ප්‍රධාන වශයෙන් අවධාරණය කලේ භෞතික විද්‍යාව පදනම් කරගත් අභාසන (Simulation ) යයි.[8]

ඔහුගේ කාර්යයන් විස්තර කොට ඇත්තේ මෙසේය:

කෙටිකාලීන රැල්ලක හෝ රෙදි කඩක් භෞතික ක්‍රියාවලියකින් මගින් පාලනය වන නිසා ඒවායේ සෑම මට්ටමකම සුචලනය නිර්දේශ කිරීම දීර්ඝ විස්තර සහිත කාර්යයකි. මෙම සංසිද්ධි ස්වභාවිකව පෙනීමට සැලැස්වීම ඉතා අමාරුය. එසේ වුවද භෞතික විද්‍යාව පදනම් කරගත් අභාසන, විශේෂ කාර්යය ප්‍රයතනයේදි තරමක් ජනප්‍රියත්වයට පත්විය. එම උපකරණම සංඛ්‍යාත්මක තරල ගති විද්‍යාවට සහ පුළුල් තිරයක නැවක් ගිලෙන දර්ශනයක් සදහාද ප්‍රයෝජනවත් වේ.[5]

සම්මාන[සංස්කරණය]

  • විද්‍යාඥ හා ඉංජිනේරු සදහා වන ජනාධිපති පෙර වෘත්තිය සම්මානය
  • විද්‍යාව සදහා ජාතික ඔස්කාර් සම්මානය (Academy of Sciences): පර්යේෂණ සදහා මුල් පිරිම් වෙනුවෙන් වන සම්මානය
  • SIGGRAPH: සුවිශේෂී නව පර්යේෂක සම්මානය(2005)

කෘතීන්[සංස්කරණය]

  • S. ඔසර් සහ R.ෆෙඩ්කිව් ගේ , "Level Set Methods and Dynamic Implicit Surfaces" යන කෘතිය, ස්ප්රින්ගර්--වර්ලැග්, නිව්යෝර්ක් (2002).

මේවා ද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. "Founding". pivotmylife.com. සම්ප්‍රවේශය 2011-04-10.
  2. "Mission Statement". pivotmylife.com. සම්ප්‍රවේශය 2011-04-10.
  3. 3.0 3.1 "Fedkiw, R., "A Survey of Chemically Reacting, Compressible Flow", Ph.D. Thesis, UCLA Mathematics Department, June 1996". Stanford.edu. 1997. සම්ප්‍රවේශය 2008-10-17.
  4. 4.0 4.1 4.2 "Ron Fedkiw". Stanford.edu. සම්ප්‍රවේශය 2008-10-17.
  5. 5.0 5.1 5.2 5.3 Levy, Dawn (2007-02-19). "Computer scientist reveals the math and science behind blockbuster movies". Stanford University. සම්ප්‍රවේශය 2008-02-13.
  6. "Ron Fedkiw to be awarded an Oscar for his SFX work". FILMdetail. 2008-01-31. සම්ප්‍රවේශය 2008-02-13.
  7. සැකිල්ල:Cite pressrelease
  8. 8.0 8.1 8.2 Dada, Kamil (2008-01-22). "CS prof wins film award". Stanford Daily. February 9, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-02-13. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. "Academy of Motion Picture Arts and Sciences:2006 (79th) VISUAL EFFECTS". Academy of Motion Picture Arts and Sciences. සම්ප්‍රවේශය 2008-02-13.
  10. "Awards for Ronald Fedkiw". IMDb.com, Inc. සම්ප්‍රවේශය 2008-02-13.
  11. 11.0 11.1 Pearson, Ryan (2008-02-11). "Alba dazzles nerds at tech Oscars". USA Today. සම්ප්‍රවේශය 2008-02-13.

භාහිර බැදුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රොනාල්ඩ්_ෆෙඩ්කිව්&oldid=341861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි