මහේල ජයවර්දන

විකිපීඩියා වෙතින්
මහේල ජයවර්දන
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමදෙනගමගේ ප්‍රබොත් මහේල ද සිල්වා ජයවර්දන
අපනාමයමයියා
පිතිකරන විලාසයදකුණත් පිතිකරු
පන්දුයැවීම් විලාසයදකුණත් මද වේග
භූමිකාවපිතිකරු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1995 සිට මේ දක්වාසිංහල ක්‍රීඩා සමාජය
2007 සිට මේ දක්වාවයඹ ඉලවන්ස්
2008ඩර්බිශයර් ක්‍රිකට් ක්‍රීඩා සමාජය
2008–2011කිංග්ස් ඉලවන් පන්ජාබ්
2011කෝචි ටස්කර්ස් කේරල
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරඟ එක්දින ජාත්‍යයන්තර තරඟ පළමු පෙළ ක්‍රිකට් තරඟ ඒ ලැයිස්තුවේ ක්‍රිකට් තරඟ
තරග 126 356 210 441
රැස් කල ලකුණු 9,999 10,059 15,816 12,262
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 51.01 33.53 50.53 33.41
100ඒවා/50ඒවා 29/40 15/62 46/68 16/76
වැඩිම ලකුණු 374 144 374 163*
යැවුනු පන්දු 553 582 2,965 1,269
කඩුළු 6 7 52 23
පන්දු යැවීමේ සාමාන්‍යය 49.50 79.71 31.07 49.60
ඉනිමකදී කඩුළු පහක් 0 0 1 0
තරගයකදී කඩුළු 10 ක් 0 තොරතුරු ලැබී නැත 0 තොරතුරු ලැබී නැත
හොඳම පන්දු යැවීම 2/32 2/56 5/72 3/25
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 176/– 170/– 271/– 225/–
මූලාශ්‍රය: CricketArchive, 2011 දෙසැම්බර් 17

දෙනගමගේ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්දන (උපත: 1977 මැයි මස 27 වැනිදා) සාමාන්‍යය ව්‍යවහරයේ මහේල ජයවර්දන යනුවෙන් හඳුන්වයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායකයෙකි. ඔහු ටෙස්ට් තරඟ සාමාන්‍ය 50 ට වැඩි සහ එක්දින තරඟ සාමාන්‍ය 30 ට වැඩි සුපිරි පිතිකරුවෙකි. ඔහුගේ අඩු එක්දින තරඟ සාමාන්‍ය නොසලකා හැරියහොත් ඔහු කුමාර සන්ගක්කාර සමග වර්තමානයේ ශ්‍රි ලංකාවෙන් බිහිවූ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා වේ. 2006 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්වුන්සිලය මගින් වසරේ හොඳම නායකයා ලෙස ඔහුව නම් කරන ලදී. එමෙන්ම 2007 දී වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්වුන්සිලය මගින් වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ඔහුව නම් කරන ලදී. ඔහු යාර 30 රේඛාව තුල සිටින හොඳ පන්දු රකින්නෙක් බව 2005 දී ක්‍රික්ඉන්ෆෝ(Cricinfo) වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වේ. එහි සඳහන් වන පරිදි 1999 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව එක්දින තරඟ වලදී වැඩිම දුවද්දී දවා ගැනීම් ලබාගත් පන්දු රකින්නා වේ. c. Jayawardene b. Muralitharan යන්න ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුලභම පන්දු යවන්නෙක් සහ පන්දු රකින්නෙක් අතර ඇති සම්බන්ධතාවය බව වර්තාවලින් සනාත වේ.

2009 මාර්තු මස සිට අප්‍රේල් මස දක්වා පාකිස්තානය සමග පැවැත්වුණු ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයවර්දන විසින් මෙහෙයවන ලදී. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතී ටෙස්ට් තරඟාවලිය නිම වීමෙන් පසුව මෙම තරඟාවලිය පවත්වන ලදී. තරඟාවලියේ පළමුවන තරඟය ජය පරාජයකින් තොරව අවසාන විය. ජයවර්දන එහිදී ද්විත්ව ශතකයක් වාර්තා කලද දෙවන ටෙස්ට් තරඟයෙන් පසුව ඔහු සිටියේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමටය. දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන විට තිලාන් සමරවීරගේ ද්විත්ව ශතකය හා තිලකරත්න දිල්ෂාන්ගේ ශතකයත් සමග ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ස්ථානයක සිටියේය. තරඟයේ තෙවැනි දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැගෙන ගඩාෆි ක්‍රීඩාංගනයට ගමන කරමින් තිබූ බස් රථයට වෙස් මුහුණු දමාගත් තුවක්කුකරුවන් 12 දෙනෙකු විසින් වෙඩිතබන ලදී. එයින් ජයවර්දන ඇතුළු තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හය දෙනෙකුට තුවාල විය. බස් රථය ආරක්ෂා කල පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු එයින් මියගියහ.ඔහු ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කෝචි ටස්කර්ස් කේරල කණ්ඩායමේ නායකත්වය දරයි.

ක්‍රිකට් ජීවිතය[සංස්කරණය]

ආරම්භය සහ අන්තර් සමාජ ක්‍රිකට් ජීවිතය[සංස්කරණය]

ජයවර්දන අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ ජනප්‍රිය බෞද්ධ පාසලක්‌ වන කොලඹ නාලන්ද විද්‍යාලයේය. ඔහු එහිදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඉගෙනගත්තේය. ඔහු ඔහුගේ දක්ෂතා ටිකෙන් ටිකේ වර්ධනය කරමින් පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත්විය. 1994 වසරේදී ඔහු දෙවැනි හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගන්නා ලදී.

ඔහු සිංහල ක්‍රීඩා සමාජයට 1995 සිට ක්‍රීඩා කරන ලදී. 2008 ඉංග්‍රීසි ක්‍රිකට් වාරයේ අග භාගයේදී ඩර්බිශයර් කණ්ඩායමට විදේශ ක්‍රීඩකයෙක් ලෙසට ගිවිසුම් අත්සන් කලේය. කෙසේ නමුත් ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තර්නගවලියට වැඩි ආසාවක් දක්වූ නිසා ඩර්බිශයර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් වැලකුනේය.

ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය[සංස්කරණය]

මහේල ජයවර්දන ශ්‍රී ලංකාවේ 69 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකය වේ. ජයවර්දනගේ පළමුවැනි ටෙස්ට් තරඟය වුයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති වාර්තාගත ටෙස්ට් තරඟයේදීය.එහිදී ඔහු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 66 ක් රැස් කරගන්නා ලදී. ඔහු එම තරඟයේදී ක්‍රීඩා පිටියට පැමිණියේ ඊට පෙර ටෙස්ට් තරඟයකදී කණ්ඩායමක් රැස් කරගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාවත් ඉක්මවා ගිය පසුවය. ඉන්පසුව ඔහු නවසීලන්තයට හා ඉන්දියාවට එරෙහිව පිළිවෙලින් ලකුණු 167 ක් සහ ලකුණු 242 ක් රැස් කරගන්න ලදී.

ජයවර්දන තම පළමු ජාත්‍යන්තර එක්දින තරඟය ලෙස 1998 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා කරන ලදී. ජයවර්දනගේ ජයග්‍රාහී ලකුණත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කරන ලදී. ඉන්පසුවැ පැවති තරඟයෙන් ඔහු ලකුණු 77 ක් රැස් කරගන්න ලදී. ඔහුගේ පළමුවැනි එක්දින ශතකය වාර්තා කිරීමට ගතවූයේ තරඟ 11 ක් පමණි. ඒ එංගලන්තයට එරෙහිව ඇඩලෙඩ් හී පැවති වී.බී කුසලාන ක්‍රිකට් තරඟාවලියේදීය. එම තරඟයේදී ශ්‍රී ලංකාව ලකුණු 124 ට කදුළු 4 ක්‌ දැවී ඉතා අසීරු තත්වයක සිටින විට මහේල ජයවර්දන පිටියට පිවිසුණේය. එහිදී ඔහු ලකුණු 120 ක්‌ රැස් කර තරඟය ජයග්‍රහණය කර ගෙනයන ලදී. එම තරඟයේදී ඕස්ට්‍රේලියානු තරඟ විනිසුරු වරයෙකු වන රොස් එමර්සන් මුත්තයියා මුරලිදරන් පන්දුව දම ගසන බවට තීරණය කරන ලදී. එම නිසා එවකට කණ්ඩායමේ නායකයාව සිටි අර්ජුන රණතුංග තම කණ්ඩායමත් සමග පිටියෙන් ඉවත් විය.

2006 දී මාවන් අතපත්තුගේ ඉවත් වීමත් සමඟ ජයවර්දන එංගලන්ත තරඟ සංචාරය මෙහෙයවන ලදී. එහිදී ටෙස්ට් තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර එක්දින තරඟාවලිය ශ්‍රී ලංකාව 5 - 0 ක්‌ ලෙස ජයගන්නා ලදී.

2006 දී දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරඟාවලියේදී කුමාර සංගක්කාර සමඟ ලකුණු 624 ක වාර්තාගත සම්බන්දතාවයක් පිහිටුවන ලදී. මෙය ටෙස්ට් ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් රැස්කරගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එය ඉන්පෙර නවසීලන්තයේ මාර්ටින් ක්රෝව් සහ ඇන්ඩ්රූ ජෝන්ස් අතර ලකුණු 467 ක සම්බන්ධතාවය බිඳ දමන ලදී. ඔහු එහිදී පන්දු 572 කදී හතරේ පහර 43 ක්‌ හා හයේ පහර 1 ක්‌ සමගින් ලකුණු 374 ක්‌ රැස් කරගන්න ලදී. එය ලොව ක්‍රීඩකයෙකු විසින් රැස් කල හතරවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර දකුණත් පිතිකරුවෙකු ලෙස රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. ජයවර්දන ශ්‍රී ලංකාවේ නායකයෙකු ලෙස ත්‍රිත්ව ශතකයක් රැස් කල එකම පිතිකරුවා වේ. ඒවාගේම ඔහු ලකුණු 350 ට වැඩියෙන රැස් කල ලෝක වාර්තාවක් බිඳ හෙලීමට නොහැකි වූ පළමු ක්‍රීඩකයා වේ.

2007 දී විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කරගන්නා ලදී. 2007 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඔහු එක්‌ ශතකයක් සහ අර්ධ ශතක 4 ක්‌ රැස් කරගන්නා ලදී. ඔහු එම තරඟාවලියේදී දෙවැනි වැඩිම ලකුණු ලාභියා වේ. ඔහු නවසීලන්තයට එරෙහිව රැස් කල ශතකය ශ්‍රී ලංකාව අවසාන පුර්ව තරඟයට සුදුසුකම් ලැබීමට බෙහෙවින් ඉවහල් විය. ශ්‍රී ලංකාව එහිදී අවසාන මහා තරඟයේදී ඕස්ට්‍රේලියාවට පරාජය වී අනුශුරයන් බවට පත්විය.

ඔහු ලොව සියලුම ටෙස්ට් රටවල්වලට එරෙහිව ශතක රැස් කරගෙන ඇත. ඔහු මෙම ඉලක්කය සපුරා ගත්තේ 2009 පෙබරවාරි මස 21 ක්‌ වන දිනදී පාකිස්ථානයට එරෙහිව තම පළමු ශතකය වාර්තා කරගනිමිනි.

ඔහු තමාගේ පිතිකරණය පිලිබඳ වැඩි අවධානයක් යෙදවීම සඳහා හා ක්‍රිකට් පාලක කමිටුවේ දේශපාලන ඇඟිලි ගැසීම් නිසා නායකත්වයෙන් ඉවත් වෙන ලදී.

කෙසේනමුත් 2010 ඉන්දියානු ප්‍රිම්යර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී නැවත ඔහුගේ සුපුරුදු පිතිකරණ රටාවට පැමිණීමට හැකිවිය.

[1]

සබැඳුම්[සංස්කරණය]

  1. [1]

පසන් සෙනෙවිරත්න 14:06, 21 දෙසැම්බර් 2011 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=මහේල_ජයවර්දන&oldid=234539" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි