බුදුසමය හා පරිසරය

විකිපීඩියා වෙතින්

අරපිරිමැස්ම පිළිබඳව රාචනා[සංස්කරණය]

බෞද්ධ ඉගැන්වීම[සංස්කරණය]

පරිසර දුෂණය යනුවෙන් හදුන්වන්නේ නුසුදුසු මට්ටමකට නැංවෙනතෙක් වාතයට,ජලයට හෝ පසට ද්‍රව්‍ය හා ශක්තිය ඵක් කිරීමය. මේ අනුව පරිසරයට අනවශ්‍ය ද්‍රව්‍ය හෝ වායුව හෝ රසායන ඵක් කිරීමෙන් පරිසරය දුෂණය වීම සිදුවේ. වත්මනයේ පරිසර දුෂණය පිළිබඳ මුළු ලෝකයම අවධානයට යොමු කර ඇත. පරිසර දුෂණය සම්බන්ධ බෞද්ධ ඉගැන්වීම් යටතේ පරිසරය කොටස් දෙකකට බෙදා දක්වයි.

  • අභ්‍යන්තර පරිසරය
  • බාහිර පරිසරය

පහස්සරම්දං භික්ඛ්වේ චිත්තං කාචකෝ ආගන්තුතේහි උපක්ඛතිලෙසෙහි උපක්ඛ්ලිට්ඨං:



මිනිසා උපතින්ම පිරිසිදු බව බුදුසමය උගන්වයි. පරිබාහිරව මිනිස් සන්තානය තුළට ඇතුළු වන හා ඇතුළු කරනු ලබන ලෝභ,දෝෂ,මෝහ,ඊර්ෂ්‍යා යනාදි කෙලෙස් දුවිලි අපිරිසිදු වෙයි."තථගතයන් වහන්සේගේ මුලික ඉගැන්වීම් වන්නේ මේ කෙලෙස් දුවිලි පිස දමා ප්‍රභාස්වරවු ආලෝකමත් වු මානසික පරිසරයක් ඇති කර ලීමයි" (ධර්මපාලහිම් බොම්රියේ"බුදුසමය හා පරිසරය".60 පිට)

මානසික පරිසරය ප්‍රභාස්වර කරගැනීමට බුදුන්වහන්සේ ඉදිරිපත් කර ඇත්තේ ත්‍රිශික්ෂාව,හා ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයයි. "මධ්‍යම ප්‍රතිපදාවේ ශිල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂා තුළින් පරිශුද්ධත්වයටපත් පූර්ණ මිනිසෙක් බිහි කිරීමේ මාර්ගය හෙළි පෙහෙලි කර පෙන්වයි" (ධර්මපාලහිමි බොමිරියේ " බුදුසමය හි පරිසරය " 62 පිට) අර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් බුදුන්වහන්සේ පුද්ගලයා නිවැරදි දැක්මක් ඇති කරගෙන විමුක්තිය ලබාගන්නා අයුරු පැහැද්ලි කරයි. පුද්ගලයාගේ උපතේදි ප්‍රභාස්වරව පැවති පසුව පිටතින් පැමිණි කෙලෙස් දුවිලි වලින් දුෂිත වු සිත නැවත පිරිසිදු කරගනිමින් යහපත් මානසික පරිසරයක් ගොඩනගාගන්නා අයුරු මුළු ත්‍රිපිටකයේම විද්‍යමාන වේ.

බුදුසමය බාහිර පරිසර දුෂණය ප්‍රභේද කිහිපයක් යටතේ විග්‍රහ කරයි.


  • වායු දුෂණය
  • ජලය දුෂණය
  • ගොඩබිම දුෂණය
  • ශබිද දුෂණය
  • සංස්කෘතික හා සමාජ දුෂණය

බුදුසමයට අනුව වායු දුෂණය වන ආකාර කිහිපයකි.

  • මිනිසාගේ වචනයේන් පිටවන නරක වායුව
  • ගින්නෙන් හා දුමෙන්
  • විෂ වායුව

බොරැකීම. කේලාමිකීම. පරුෂ වචනකීම වැනි අසංවර වචන භාවිතයෙන් මිනිස් සිත පමණක් නොව අවට වාතයද දුෂණය වන බව බුදුසමය පෙන්වා දෙයි." පිරිසිදු වචනයෙන් වායුව පිරිසිදුවේ. ජලය පිරිසිදුවේ.පරිසරය පිරිසිදුවේ" (ධර්මපාල හිමි බෝම්රියේ " බුදුසමය හා පරිසරය" 66 පිට) වාතය දුෂණය විම මිනිසාට පමණක් නොව සමස්ථ ජිව පද්ධතියටම බලපායි.

ජාතක පොතෙහි ඵන " සකුණ ජාතකය"."භුරිදත්ත ජාතක කථාව"." ඛදිරංගාර ජාතක කථාව තුළින් ගින්නෙන් දුමෙන් වායු දුෂණය වන අයුරු පැහැදිලි කරයි.

වායු දුෂණයේ ප්‍රතිඵල වශයෙන්හරිතාගාර ආචරණය නිර්මාණය ව්ම ගෝලීය උෂ්ණත්වය වැඩිව්ම ඕසෝන් ස්ථරය විනාශවීම අම්ල වැසි නිර්මාණය වැනි අහිතකර ප්‍රතිඵල ඇතිවී ඇත.

මේ තත්වය බුදුන්වහන්සේ මැනවින් අවබෝධ කරගත් හෙයින් වාතය අපිරිසිදු වන අන්දමේ සියලු අයහපත් ක්‍රියාවන් නොකළ යුතු බවත් මිනිසා සත්ත්ව හා ගස් වැල්සුරක්‍ෂිත වන අන්දමින් ක්‍රියා කළ යුතු බවත් පෙන්වා දී ඇත.

බුදුසමය ගංගා ඇළ දොළ ළිං තටාක මුහුදු සාගර ආදියේ ජලය අපිරිසිදු නොකර පරිහරණය කළ යුතු බව පෙන්වා දෙයි. ජලයට කෙළ ගැසීම මළ මුත්‍ර පහ කිරීම කුණු රොඩුඅදීයජලයට නොදැමිය යුතුය යන විනය නීති රීති මගින් ජලය දුෂණය නොකිරීමට දැඩිසේ භික්ෂුන්ට අවවාද දී ඇත. බුදුසමය පිවිතුරු ජලයෙහි වටිනාකමි පැහැදිලි කරයි.

සෙයියාථාපි භික්ඛවේ අප්පමත්තානං ඉමස්මිං ජමිබුදීපේ ආරාමකාරාමණෙය්‍යං

වායු ජල දුෂණය මෙන්ම ගොඩබිම හා ශබ්ද දුෂණය පිළිබඳ කරුණු දක්වන බුදුසමය සැම විටම නිහඩ නිසල පරිසරයක් අගය කරනු ලබයි.

බෞද්ධ පරිසර සංරක්‍ෂණ විධි[සංස්කරණය]

බුදුසමය පරිසර සංරක්‍ෂණය කරුණු හතරක් යටතේ සාකච්ඡා කරයි.

  • මානව ගැටලු නිසා ඇතිවන පාරීසරික ගැටලු විසදීමට රාජ්‍ය මැදිහත්විම
  • සමිපත් සුරක්‍ෂත වන කරුණු ඇතුලත් වීම.
  • පරිසරයට බිය මුසු ආකල්ප නොදැරිම හා පරිසරය හා මිනිසා අතර ඇතිවන සබඳතාව අවබෝධ කර ගැනීම.
  • පරිසරය මානව අවශ්‍යතා අනුව සකස්කර ගැනීම.

ලෝකයේ ආරම්භක අවධියේ සිටම පරිසරය අර්බුද වලට මිනිසාට මුහුණ පෑමට සිදු වු බව අග්ගඤ්ඤ සුත්‍රාගත සිද්ධි මාලාවෙන් පැහැදිලි වෙයි.

ඵකම දිය කඳෙක්ව මහා ගනඳුරකින් බැසී තිබුණ සක්වල යළි ක්‍රමයෙන් හට න්නටපටන්ගැනේ. අභස්සර ලොවෙන් පැමිණි සත්වයෝ රස පොළව ඇඟිල්ලෙන් ගෙන දිව ගා බැලීය. ඵය ප්‍රිය වීමෙන්තෘෂ්ණාව ඇති විය. රස පොළව අතුරුදහන් වීමෙන් අනතුරුව බිමි හතු වර්ගයක්ද,ඉන්පසුව බද්‍රලතා වැල් වර්ගයක්ද පහළ විය. සිරුර පැහැයෙන් වෙනස් විමක් ඵ් අනුව මානයද අති මානයද වැඩෙයි. පසුව ස්ත්‍රි පුරුෂවශයෙන් බෙදීගිය මිනිස්සු ගෙවල් තනා ගෙන ජිවත් වන්නට වුහ. හැල් ආහාරයට ගැනීමට පුරුදු වීමත් ඵක් කමිමැලි මිනිසෙක් හැල් ඵකවරම ගෙනවිත් ගොඩ ගසා ගෙන අහාරයට ගැනීමට පුරුදු වීමත් ඵය අන් අය අනුකරණය කිරීමත් යන යනාදි හේතු නිසා ධන්‍ය හිඟවන්නට විය. ඵයින් විවිධ අර්බුධ පැන නැගුණි. ඉන් පසුව මිනිස්සු ඵක් වී යුක්තිය ඉටු කිරීම සඳහා සුදුසු පුද්ගලයෙකු ජන සමිමතයෙන්පත් කර ගත්තහ. හෙතම මහා සමිමත නමි විය.

අග්ගඤ්ඤ සුත්‍රය තුළින් පාරිසරීක ගැටලු විසඳා ගැනීමට රාජ්‍ය මැදිහත් වීම කෙබඳුද යන්න පැහැදිලිකරයි.සමාජය තුළ පැන නැගෙන විවිධ ගැටලු විසඳා ගැනීමට රාජ්‍ය මැදිහත් විම බුදුසමය අගය කරයි. රාජ්‍ය තුළ සිටින සියලුම ජීවින්ගේ හා වෘක්ෂලතා වල ආරක්ෂාව සැලසීම රජුගේ පරම යුතුකමක් ලෙස චක්කවත්ති සිහනාද සුත්‍රය තුළ දස සක්විතිවත්හි පෙන්වා දෙයි. ඵසේම කුටදත්ත සුත්‍රයේ රාජ්‍ය කටයුතු සැළසුමි කිරීමේදි ශාක පද්ධතිය හා සත්ව පද්ධතිය ආරක්ෂා වන ආකාරයට කළ යුතු බව පෙන්වා දෙයි.

යස්ස රුක්ඛස්ස ජායාස- න්සීදෙය්‍ය සයෙය්‍යවා න තස්ස සාඛං -භඤෙජය්‍ය මිත්ත දුඛිනො හි පාපකෝ

සෙවන දුන් ගසක අත්තක් සිඳ දැමිම මිත්‍ර දෝහි ක්‍රියාවක් වශයෙන් බුදුසමය පෙන්වා දෙයි.පාචිත්තාය පාලියේනිරෝගිව සිටියදී නිල් තණ කොළ මත්තෙහි මළ මුත්‍ර බැහැර කිරීම වරදක් වශයෙන් පෙන්වා දෙයි.


මානව සංවර්ධනය සඳහා පාරිසරික අවශ්‍යතා වැදගත් වෙයි. ඵහිදී මානව සංවර්ධනය පරිසරයට යෝග්‍ය ආකාරයෙන් සකස් විම දියුණු විමට හේතු වන බව මංගල සුත්‍රය තුළින් පෙන්නුමි කරයි.පරිසරය කෙරෙහි සහසික නොවි ප්‍රයෝජන ගත යුතු යැයි අවධාරණය කරන බුදුසමය ඵය දුෂණය කිරීමෙන් වැළකිය යුතු බව දක්වයි.


බුදුසමය ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අදහස් ඉදිරිපත් කරයි.පංචශිල ප්‍රතිපත්තිවල පළමු සික්‍ෂා පදයෙන් අවධාරණය කරනු ලබන්නේ ප්‍රාණඝාතයෙන් වැලකිමය. මෙහි කරුණු කිපයක් අන්තර්ගතය.

  • සියලුම ජිවින් විනාශ කිරීමෙන් වැලකීම
  • ජිවින් විනාශ කිරීමට හේතුවන අවි අයුධ බැහැර කිරීම
  • සියලු සත්වයන් කෙරෙහි හිතානු කමිපිත වීම
  • සියලුම සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්ත වීම

සමිබේ සත්තා භවන්තු සුඛි සත්තා යන විශ්ව මෛත්‍රී සංකල්පය යටතේ සියලුම ජිවින්ගේ පැවැත්ම අවධාරණය කෙරේ

පින්තුර ගැලරිය[සංස්කරණය]

ජල දුෂණය[සංස්කරණය]


වායු දුෂණය[සංස්කරණය]

ශබ්ද දූෂණය[සංස්කරණය]

ගොඩබිම දුෂණ‍ය[සංස්කරණය]

වැඩිදුර කියැවුම්[සංස්කරණය]

මිහිතල‍යේ උණුසුම

"https://si.wikipedia.org/w/index.php?title=බුදුසමය_හා_පරිසරය&oldid=568549" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි