පිළිවෛරස මෘදුකාංග

විකිපීඩියා වෙතින්

වෛරසයක් යනු කුමක් ද ?[සංස්කරණය]

පරිගණක වෛරසයක් යනු ඔබේ අනුදැනුමකින් හා අවසරයකින් තොරව පැතිරී යන අනර්ථකාරි ක්‍රියාවන් සිදුකරන පරිගණක වැඩසටහන් වර්ගයකි. වඩාත් තාක්ෂණික වචන වලින් දක්වන්නේ නම් ස්වයං ක්‍රියාකාරි ගොනු සහ බූට් සෙක්ටර් හරහා එක් තැනක සිට තව තැනකට පැතිරි යන වැඩසටහන් වර්ගයකි. පරිගණක පද්ධතියම විනාශ කර දැමිමටද පිළිවන.ප්‍රති-වෛරස් මෘදුකාංග යනු වෛරස් හදුනාගන්නා ඒවා ඉවත් කිරිම සදහා භාවිතා කරන මෘදුකාංග විශේෂයකි. ප්‍රති-වෛරස් මෘදුකාංග නිතරම යාවත්කාලීන කළයුතු අතර , එවිට ඒවාට අළුතින් නිපදවන ඒවාට පවා හදුනාගත හැකිය. ප්‍රති-වෛරස් මෘදුකාංග විශාල ප්‍රමාණයක් තිබෙන අතර, බොහෝවිට ඒක ප්‍රති-වෛරස් මෘදුකාංගයකට සෑම වෛරසයක්ම හදුනාගත නොහැකි වේ.එමනිසා වෛරස් වලින් තොර පද්ධතියක් අවශ්‍යයම නම් ඒක වෛරස් මෘදුකාංගයකට වඩා භාවිතා කිරිමට සිදුවේ. එමනිසා එකකට වඩා වැඩි ප්‍රති-වෛරස් මෘදුකාංග භාවිතය යෝග්‍යය වුවද ඒවා එකිනෙකට ගැළපෙන බව තරවුරු කරගත යුතුය. හේතුව වන්නේ බොහෝ ප්‍රති-වෛරස් මෘදුකාංග එකක් අනෙක හා පටලවාගෙන පරිගණකයේ ක්‍රියාකාරිත්වය අවුල් වියහැකි නිසාය.ඊලග වැදගත් කරුණ වන්නේ ඒවා නිසි පරිදි යාවත්කාලීන කිරිමයි.එසේ නැතහොත් නව වෛරස් හදුනාගත නොහැකි වේ.

ප්‍රති-වෛරස් මෘදුකාංග සදහා උදාහරණ

  • කැස්පර්ස්කී - Kaspersky
  • නෝටන් - Norton
  • මැකාෆි - Macaffe
  • ඒ.වි.ජි. AVG

අද අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගත හැකි ප්‍රති-වෛරස් මෘදුකාංග ද තිබේ. උදාහරණ Avast , Avira AVG වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පිළිවෛරස_මෘදුකාංග&oldid=468998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි