ප්ලාස්ටික් නිර්මාණය

විකිපීඩියා වෙතින්

ප්ලාස්ටික් ඉංජිනේරු විද්‍යාවේ දී සැකසුම, සැලැස්ම හෝ මෝස්තරය, සංවර්ධනය සහ නිෂ්පාදනය යන කරුණුවලින් යුක්තය ප්ලාස්ටික් නිෂ්පාදනය කරයි. ප්ලාස්ටික් යනු අර්ධ ද්‍රව තත්ත්වයේ පවතින, ඇදෙන සුළු , සුවිකාර්ය බහු අවයවීක ද්‍රව්‍යයක් වන අතර එය ගලායන ස්වභාවයක් පෙන්නුම් කරයි. ප්ලාස්ටික් ද්‍රව්‍යයන්ගේ මෙම ස්වභාවය ඉංජිනේරුවෙකුට අද්විතීය අභියෝගයක් එල්ල කරයි. ප්ලාස්ටික් සතු යාන්ත්‍රික ගුණයන් බොහෝ වන අතර ඒවා මැනිය නොහැකිය. එසේම ඉතා අඩු මිලකට අලෙවි කළ හැකි සහ විශේෂ ලක්ෂණ දක්වන නිෂ්පාදන සඳහා මෝස්තර දැක්වීමට ප්ලාස්ටික් ඉංජිනේරුවකුට සිදුවේ. ප්ලාස්ටික් ඉංජිනේරුවකුට ඉදිරිපත් කළ යුතු තවත් බොහෝ දේ ඇත.

එනම්, බාහිර පරිසරයේ කාලගුණ විපර්යාස හැදෑරීමට හැකි වීම, තාප ගුණයට එනම් උෂ්ණත්වයට උත්ප්‍රේරකයක් වීම, විද්‍යුත් ගුණයන්ට බාධා කිරීමේ හැකියාව සහ රසායනික ආක්‍රමණවලට ප්‍රතිරෝධය දක්වන ගුණය යනාදීය ඒ ගුණාංග වේ.


ප්ලාස්ටික් නිර්මාණයේ දී බොහෝ නිර්මාණ හසුරුවන විට මෙන් ආර්ථික පසුබිම වැදගත් සේ සැලකිය හැකිය. ප්ලාස්ටික සෑදීමට ගන්නා ද්‍රව්‍යයන් අඩු වියදමක් දරා විශාල නිෂ්පාදන, (පාරිභෝගික ද්‍රව්‍යය) සඳහා යොදා ගන්නා අතර ඉතා ඉහළ වියදමක් දරා නිපදවන රෙසින (ඇලෙන සුළු ලාටු) වර්ග ද මේ පරාසයට අයත් වේ. ප්ලාස්ටික් නිෂ්පාදන වියදම විවිධ ආකාරවලින් ගණනය කෙරේ. (මැනේ) ප්ලාස්ටික් නිෂ්පාදන ද්‍රව්‍යය සඳහා යන වියදම වඩාත් නිවැරදිව මැනීමට අපහසුය. සාමාන්‍යයෙන් වියදම මනිනු ලබන්නේ ද්‍රව්‍යය රාත්තලකට යන වියදම ලෙසය. නැතහොත් ද්‍රවාසන්නයේ එක් ඒකක පරිමාවකට යන වියදම ලෙසටය. කෙසේ වෙතත් බොහෝ අවස්ථාවල නිෂ්පාදනයේ විශේෂතාවයන් හමු වූ විට වියදම එහි ඇති විශේෂ ගුණාංග ඒකක අනුව ද මනිනු ලැබේ. තවද නිෂ්පාදන ක්‍රියාවලියේ දී පවත්වා ගතයුතු තත්ත්ව මෙහි දී ඉතා වැදගත් වේ. එනම් සමහර ද්‍රව්‍යයන් ඉතා ඉහළ උෂ්ණත්වවලදී ද්‍රව වීමට ගන්නා කාලය සිසිල් වීමට ගන්නා කාලයට වඩා වැඩිය. ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් නිපදවන විට සිසිල් වීමට ගන්නා කාලය වැඩි වීම අධික වියදමට හේතුවකි.

සමහර ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනයේ දී ප්‍රතිචක්‍රීය ද්‍රව්‍යය භාවිතා කරන අතර ඒවා නිර්මාණයේ දී එහි අඩංගු දේ , සංයුතියේ සහ භෞතික ගුණාංගවල මඳ භාවය නිසා භාවිතා කිරීම සිමා කිරීමට පෙළඹේ. 2003 දී මෝටර් රථ වාහන වෙළෙඳ සැල් සහ විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික උපාංග වෙළඳසැල් ද එකතුව 58% ක් පමණ වු වෙළෙඳපොළ ඉල්ලුමක් ඊට තිබිණි. සකස් කල ප්ලාස්ටික් සඳහා වර්ෂ 2007 දී එක්සත් ජනපදයේ ඇති වු ඉල්ලුම ඩොලර් මිලියන 9.702 පමණ විය.

"https://si.wikipedia.org/w/index.php?title=ප්ලාස්ටික්_නිර්මාණය&oldid=472153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි