පරිශීලක සාකච්ඡාව:සම්පත් සිටිනාමලුව/මගේ දායකත්වය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඔබ උනන්දුවෙන් දායකත්වය දක්වන නිසා ඔබගේ දායකත්ව ලැයිස්තුව පිරික්සුවෙමි. ඔබගේ සමහර ලිපි වල ඇත්තේ අංකුර ලිපියක් බව දැක්වෙන එක් සැකිල්ලක් පමණි. එහි අන්තර්ගතය එකද අකුරක් හෝ නොදුටිමි. මෙවැනි ලිපි ඕනෑම ගණනක් තැනීමට නම් ඕනෑම පරිශීලකයෙකුට අවශ්‍ය වන්නේ මාතෘකා මාලාවක් පමණි. ඔබ භාවිතා කරන පරිශීලක නාමය අයත් සත්‍ය ජිවිතයෙහි පුද්ගලයා ඔබම නම් ඔබ වැදගත් උගත් පුද්ගලයෙකි. එබැවින් මෙවැනි පුස් දේ නොකොට ඔබගේ වෘත්තිය හා ඔබ ලද අධ්‍යාපනය සතු ගරුත්වය රැකෙන අයුරින් කටයුතු කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
අනෙක් අතට ඔබගේ ලිපි මාලාවේ සමහරක් ලිපි ඔබ තැනූ ඒවා නොවේ. ෆෙලිඩේ විසින් මූලික දායත්වය සැපයූ ඒවාය.
ඔබ විසින් මූලිකත්වය ගෙන ඇරඹූ ලිපි (ඔබ තැනූ ලිපි) වෙන අයවළුන් විසින් සංස්කරණය කිරීම ඔබට වැලැක්විය හැකිද? එවිට එම අයට ගරුත්වය බැර කිරීමට ඔබ සූදානම්ද? ඔබ විසින් තැනූ ලිපි කියා ගොන්නක් ප්‍රදර්ශනය කිරීමෙන් ගම්‍ය වන්නේ ඔබගේ එවැනි සූදානමක් නැති බවද? සියල්ලන් ස්වෙච්ඡාවෙන් එක්වී ලිපි ලිවීම යන සංකල්පය මත පිහිටන විකිපීඩියාව තුල මගේ හෝ මවිසින් හෝ වැනි සංකල්ප පැවතිය හැකිද? මෙම ලිපි මාලාවට මා විසින් දායකත්වය සැපයූ ලිපි යැයි කීවා නම් වරදක් නොමැත. එයද ඔබ කරන දෙය ලොවට හඬගා කියා ඔවුන්ගේ අවධානය යොමු කරවා ගැන්මට ඔබට ඇවැසි නම් පමණි.
ලිපියකට මූලික දායකත්වය සපයන හෝ ලිපිය තනන පරිශීලකයෙකු හා ඉනික්බිතිව එය‍ට දායකත්වය සපයන්නන් අතර ලිපිය වෙක දායකත්වය සැපයීම විෂයයෙහි වෙනසක් මම නොදකිමි. --- ශ්වෙත (talk) 14:56, 6 ජූලි 2011 (යූටීසී)[reply]

ඔබගේ සමහර ලිපි වල ඇත්තේ අංකුර ලිපියක් බව දැක්වෙන එක් සැකිල්ලක් පමණි. -- ඇත්තකි.
පරිශිලක නාමය ම‍ගේ සත්‍ය නම ම වේ.
අනෙක් අතට ඔබගේ ලිපි මාලාවේ සමහරක් ලිපි ඔබ තැනූ ඒවා නොවේ. ෆෙලිඩේ විසින් මූලික දායත්වය සැපයූ ඒවාය. -- මා එසේ සඳහනක් කර ඇත් නම් එය වැරැදීමක් විය යුතුය. කරුණාකර ඒ ලිපි මොනවාදැයි කියන්න. මා කළේ මගේ දායකත්වය යන පිටුවේ නව ලෙස සටහන් වී ඇති ඒවා එකතු කිරීමය.
ඔබ විසින් මූලිකත්වය ගෙන ඇරඹූ ලිපි (ඔබ තැනූ ලිපි) වෙන අයවළුන් විසින් සංස්කරණය කිරීම ඔබට වැලැක්විය හැකිද? -- නොහැක. මා තුල එබඳු අදහසක් නැති අතර විකිපීඩියාව ද එබඳු අයිති කර ගැනීමකට සහය නොදක්වන බව මට විශ්වාසයි.
සියල්ලන් ස්වෙච්ඡාවෙන් එක්වී ලිපි ලිවීම යන සංකල්පය මත පිහිටන විකිපීඩියාව තුල මගේ හෝ මවිසින් හෝ වැනි සංකල්ප පැවතිය හැකිද? -- නොහැකි ය. මගේ ලිපි නොව මා හැදූ නව ලිපි ලෙස මා එය නම් කර ඇත්තේ එබැවිනි.
මෙම ලිපි මාලාවට මා විසින් දායකත්වය සැපයූ ලිපි යැයි කීවා නම් වරදක් නොමැත. -- මා විසින් දායකත්වය දුන් ලිපි ගණන මීට වඩා වැඩියි. එහෙත් එම දායකත්වය සුළු බව ද මම පිලිගනිමි. ඊට හේතුව විකිපීඩියාව වෙනුවෙන් මා සතු කාලය සුළු වීමයි. මා බොහෝ විට කරන්නේ අන්තර් ලිපි සබැඳි යෙදීමයි. කිසිඳු ලිපියකට සබැඳියක් නැති ලිපි ගණනාවක් මා එලෙස සබැඳි යොදා සකසා ඇත. මා එසේ කරන්නේ සිංහල විකියේ දියුණුවට එය අත්‍යවශ්‍ය බව සිතීම නිසා ය. මා යොදන සබැඳියකට ලිපියක් නැති නම් කවුරු හෝ (මා කරන්නාක් මෙන් වාක්‍ය දෙක තුනකින් හෝ) ලිපියක් තනනු ඇත.
එයද ඔබ කරන දෙය ලොවට හඬගා කියා ඔවුන්ගේ අවධානය යොමු කරවා ගැන්මට ඔබට ඇවැසි නම් පමණි. -- මට එබඳු අවධානයක් අවශ්‍ය නැත. මා බලාපොරොත්තු වන දෙය ඔබට කෙළින් ම කියන්නම්. මා ලියූ බොහෝ ලිපි භෞතික විද්‍යාව ක්ෂේත්‍රයට අදාල බව ඔබ දකින්නට ඇති. මා ඒ ක්ෂේත්‍රය ගැන ලියන්නට ආසයි. මගේ බලාපොරොත්තුව භෞතික විද්‍යා ක්ෂේත්‍රය ආවරණය වන පරිදි සූචියක් (catalog) බඳු ලිපි සමූහයක් සෑදීමයි. පුමාණාත්මකව ලිපි ගණන වැඩි වූ පසු (මට මෙන්ම) විකියේ සියලු සංස්කාරකවරුනට ඒවාට මස් පුරවන්නට පුළුවනි. මා පළමුවෙන්ම අදහස් කළේ සම්පූර්ණ ලිපි එකින් එක තැනීමටයි. එහෙත් ලිපි තැනීමේදී රතු සබැඳි (‍ලිපියක් තනා නොමැති සබැඳි) නිල් සබැඳි වලට වඩා වැඩි බව පෙනී ගියා. එයින්ම විකිපීඩි‍යාවේ භෞතික විද්‍යාව ‍ක්ෂේත්‍රයේ ඇති අසම්පූර්ණත්වය මට පෙනී ගියා. ඒ නිසයි සූචියක් සාදාගෙන පසුව ලිපි වලට කරුණු පුරවන්නට සිතුවේ.
මා මා හැදූ නව ලිපි ලැයිස්තුව හදා ගත්තේ මා හැදූ නව ලිපි වෙනම බලා ගැනීමට මගේ දායකත්වය පිටුවේ ඉඩක් නැති නිසයි. මා හැදූ නව ලිපි මට බලා ගන්නට අවශ්‍ය වූයේ ආත්ම තෘප්තියටයි. පරිශීලක පිටුවේ සබැඳියක් යෙදුවේ මා හට එම පිටුව පහසුවෙන් සොයා ගැනීමටයි. මගේ පරිශීලක පිටුව බල බලා සිටීමට අනෙකෙකුට වෙලාවක් ලැබෙතැයි හීනෙන්වත් නොසිතුවෙමි. හිතවත් ශ්වෙත ඔබ මෙන් අධි පරාර්ථකාමීව, හරවත්ව මෙය කරගෙන යාමට නොහැකි වීම ගැන කණගාටුයි. මා ඔබට වඩා ආත්මාර්ථකාමී සහ පුස් තැනැත්තෙකු වන බැවින් මට හැකි තරමට පමණක් පරාර්ථකාමීවත්, හරවත්වත් මෙය කරගෙන යාමට ඉඩ දෙන්න --- සම්පත් සිටිනාමලුව (talk) 04:14, 7 ජූලි 2011 (යූටීසී)[reply]
අම්මෝ... කතාවක දිග... -- බිඟුවා සාකච්ඡාව 09:01, 22 ජූලි 2011 (යූටීසී)[reply]

කථාව දුක්මුසුය. හද සසල කළේය .මෙහි යතාර්ථය යනු තමා ප්‍රමුඛයා වීමය . තෙවෙනි ඇසට පෙනෙන්නේ එලෙසය .බැගාපත්වීම සුදුසු නොවේ. විකිපීඩියාව ඔබේය ,එය මගේද වේ , එය අපේය .එය සිංහල විකිපීදියාවය. කිසිවෙකුට එය අයිති නොවේ. පරමාධිපත්‍ය ජනතාව සතුවේ.සියල්ලන්ම එක්කරගෙන එය ගොඩනගමු ! තමා ප්‍රමුඛයා වීම යනු ලෙඩකි.--Rsekanayake (talk) 15:40, 29 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]