පරිශීලක:Anandawardhana

විකිපීඩියා වෙතින්

සැරදේවා!

Hello and welcome! I'm a visual artist, published writer and translator. I've been a wikipedia user for many years. Now trying to give something back expressing my gratitude :)

විකිපීඩියා ආශ්‍රිත තතු[සංස්කරණය]

පාරිභාෂික පද පිළිබඳ ඒකමිතියක් පවත්වාගැනීම[සංස්කරණය]

සිංහල විකිපීඩියාව සඳහා ලිපි ලිවීම, පරිවර්තනය හා පවත්වාගැනීම උදෙසා දැනට මා පුද්ගලික ව උපයෝගී කරගන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාරිභාෂික ශබ්ද මාලා ග්‍රන්ථ යි. එමගින් වර්තමාන විෂය ක්ෂේත්‍රයට හා අධ්‍යාපන පද්ධතියට සාරවත් අන්දමින් සම්බන්ධ වචන මාලාවකින් යුක්ත ව අදාළ ලිපිය පවත්වාගත හැකි වෙතියි අපේක්ෂා කරමි. එමගින් ලිපියේ ගුණාත්මක බව ද සුරැකෙනු ඇති. හැකි සෑම විටක ම අදාළ පාරිභාෂික පදමාලා අනුගමනය කරන මෙන් ලිපි සංස්කරණය කරන විකිපීඩියානුවන්ගෙන් ඉල්ලා සිටිමි. මේ ඇතැම් පදමාලාවල ජාලගත සංස්කරණ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු වෙබ් අඩෙවියෙන් ලබාගත හැකි අතර වඩා නිවැරදි මුද්‍රිත සංස්කරණ, ඉතා සුළු මුදලකට ඕනෑ ම ප්‍රසිද්ධ පොත් හලකින් ලබාගැනීමට පුළුවන.

තව ද පොදුවේ සෙසු ස්ථානයන්හි අක්ෂර වින්‍යාසය පිළිබඳ ගැටලු නිරාකරණය සඳහා හරිස්චන්ද්‍ර විජයතුංගගේ ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂය විමර්ශන ග්‍රන්ථයක් ලෙසින් යොදාගැනීම උචිත ය. සංස්කරණ සඳහා මා පරිශීලනය කළ අදාළ කෝෂ ග්‍රන්ථ හා පදමාලා /කෝෂ ග්‍රන්ථ සහ පාරිභාෂික ශබ්ද මාලා යන උපපිටුවෙහි ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරමි.

si-N This user can read and write at a native level in සිංහල.
Translate this template!
en-4 This user can read and write at a near-native level in English.
fr-1 This user can read and write basic français.
Translate this template!
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Anandawardhana&oldid=59106" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි