දන්ත කුමරු හේමමාලා කුමරිය

විකිපීඩියා වෙතින්
දන්ත කුමරු හේමමාලා කුමරිය
( Princess Hemamali Prince Dantha )
පින්තාරු කිරීම කැලණිය රජ මහා විහාරය.
අදාළ කොටස ශ්‍රී දළදා මාළිගාව
දළදා වහන්සේ
ඉංග්රීසි Princess Hemamali Prince Dantha
අදාළ ස්ථානය Wat Phra Mahathat Nakhon Si Thammarat
Wat Jathing Phra of Sathing Phra district , Songkhla Province
කැලණිය රජ මහා විහාරය
පින්තාරු කිරීම කැලණිය රජ මහා විහාරය.

දන්ත කුමරු හේමමාලා කුමරිය (ඉංග්‍රීසි: Princess Hemamali Prince Dantha )

දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවීම[සංස්කරණය]

දන්ත ධාතුව අයිතිකර ගැනීම සඳහා ගුහාශිව සමග යුද්ධයක් කිරීමට අසල්වැසි රාජ්‍යයක් විසින් ගන්නා ලද අන්තිම උත්සාහය, මෙම පූජනීය ධාතුන් වහන්සේ ඉන්දීය භූමියෙන් පිටතට ගෙන යාමට හේතු විය. මෙම අවස්ථාව වන විට ලංකාවේ බුද්ධාගම ඉතා හොඳින් මුල් බැස ගෙන තිබුනේය. දිවයිනේ රජවරු බුද්ධාගම බිහි වූ ඉන්දියාවේ ප්‍රාන්තයන් සමග සමීප සබඳතා පවත්වාගෙන ගියහ. තමන් යුද්ධයෙන් පරාජය වීමට ආසන්න යැයි බියට පත් කාලිංග පාලකයා ලංකාවේ පැවති තත්වයද සළකා දන්තධාතුව ශ්‍රි ලංකාවේ රජු වෙත යැවීමට තීරණය කළේය. දන්තධාතුව සහ හේමමාලා වන්දනා කරුවන් සේ සැරසි දන්තධාතුව හේමමාලාගේ කේශ කලාපය තුල සඟවා ගෙන ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඉන්දියාවේ ශත වර්ෂ අටක් පමණ කාලයක් තිබුණ දන්තධාතුව, දන්ත සහ හේමමාලාවන් විසින් රැගෙන ඇත. මෙම දෙදෙනා ගුහාශිව රජුගේ පුතා සහ දියණිය බව කියැවේ. දාඨාවංශය, දළදා සිරිත සහ වංශකථාවක් වූ මහාවංශය ආදි ශාස්ත්‍රිය කෘතිවල ඉහත දෙපල දන්ත ධාතුව ලංකාවට රැගෙන ඒමේදි එය රැක ගැනීම සඳහා ඔවුන් මුහුණ පෑ දුෂ්කරතාවයන් සහ ඒවායින් මිදුණු ආකාරය විස්තර කර ඇත. කුමරා සහ කුමරිය සන්‍යාසියන් සේ වෙස් වලා ගෙන මග යන එන්නන් දකිතැයි බියෙන් දන්ත ධාතුව ආරක්ෂාව පිණිස කුමරියගේ කේෂ කලාපය තුල සඟවා ගෙන පැමිණි බව වාර්තා වේ. මෙම සිද්ධිය කොළඹට නොදුරු (කොළඹ සිට සැතපුම් 5 නැගෙනහිර දෙසින් පිහිටි) කැළණි විහාරයේ ඉතා රමනීය බිතුසිතුවමක් ලෙස සෝලියස් මැන්දිස් නම් කලාකරුවා විසින් විසි වැනි සිය වසේදී නිර්මාණය කර ඇත. දන්ත සහ හේමමාලා දෙදෙන ඉන්දියාවේ ගංගා නම් නදි මුව දොර පිහිටි කාර්ය බහුල පැරණි වරායක් වූ තාම්රලිප්තියෙන් නැව් නැගී වර්තමාන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකාපට්ටන (වර්තමාන ඉලංගෙයිතුරෙයි) නම් නැව් තොටට ගොඩ බැස්සාහ. එසේ ලංකාවට එන ගමනේදි දන්ත ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්යයන් කීපයක් පෑ බවත් ඒ දැක සාමාන්‍ය ජනයා සහ දේවි දේවතාවුන් නමස්කාර කළ බවත් වාර්තාවේ. අවසානයේ දන්ත ධාතුව ලංකාවේ අගනුවර වූ අනුරාධපුරයට වැඩම කරවා මහා මේඝ වනයේ මේඝගිරි විහාරයේ තැන්පත් කරන ලද බව සිංහල ග්‍රන්ථයක් වූ දළදා සිරිතෙහි සඳහන් වේ. දන්ත ධාතුව මෙහි ළඟා වන විට ඉන්දියන් පාලක ගුහාශිව ගේ මිතුරා වූ මහාසේන රජු මිය ගොස් තිබුනි. ඔහුගේ පුතා කීර්ති ශ්‍රී මේඝවර්න ඉන් පසු රජු බවට පත් විය. ඔහුද භක්තිමත් බෞද්ධයෙකු විය. එම රජතුමා විසින් දන්ත ධාතුව මහත් බැතියෙන් පිළිගෙන ඉතා ගරුසරු ලෙස තම සිංහාසනයේ වඩා හිඳවූයේය. රජතුමා දන්තධාතුන් වහන්සේ ධම්මචක්කගෙහ නම් මන්දිරයක තැන්පත් කල බව මහාවංශය කියයි. මෙම මන්දිරය දේවානම්පියතිස්ස රජතුමා විසින් 3 වැනි සියවසේ මාළිගා පරිශ්‍රයේම (රාජවත්තු) ඉදි කර තිබුනු එකකි. රජතුමා විශේෂ විහාරයක් ඉදි කොට දන්ත ධාතුන් වහන්සේ එහි තැන්පත් කළහ. මහාපාලි නම් දාන ශාලාවට යාබදව තිබෙන නටබුන් වූ මන්දිරය මෙම විහාරය ලෙසට හඳුනාගෙන තිබේ. සෑම පසළොස්වක පෝය දිනකම විශේෂ ආගමික පූජාවන් මාළිගය තුල පවත්වනු ලැබේ. මෙම දිනපතා, සතිපතා, සහ මාස් පතා කරන උත්සව හැරුණු විට සෑම වසරකම පාහේ ප්‍රධාන උත්සව හතරක් පවත්වනු ලැබේ. ඒවා නම් අලුත් සහල් මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, ඇසල මංගල්‍ය සහ කාර්තික මංගල්‍යය යනුවෙනි. මේවායින් වඩාත් වැදගත් වන්නේ ඇසල මංගල්‍යයයි.[1] 'දාන් කෘයික්ෂැංක්' විසින් ඉදිරිපත් කළ එරවුන්ඩ් ද වර්ල්ඩ් ඉන් 80 ට්‍රෙෂර්ස් හි දැක්වෙන වටිනා සම්පත් 80 අතරට දන්ත ධාතුව ද ඇතුලත් වේ.

References[සංස්කරණය]

  1. https://www.budusarana.lk/budusarana/2019/08/14/tmp.asp?ID=fea03