ජුලියා මාගරට් කැමරන්

විකිපීඩියා වෙතින්

ජුලියා මාග්‍රට් කැමරන් යනු (1815-1879) විශිෂ්ඨ බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පිනියකි. ඇය ප්‍රසිද්ධියට හා කීර්තියට පත්ව තිබුනේ ඇය ලබාගන්නා ලද අති විශිෂ්ඨ ගනයේ ආලේඛ ඡායාරූප ( පුද්ගල දේහ ලක්ෂණ) සදහාය. ඒ බොහොමයක් ඡායාරූප අතීත පුරාවෘතයන් තේමා කරගනිමින් ලබාගන්නා ලද ඒවා වෙයි.

Julia Margaret Cameron, by Henry Herschel Hay Cameron


ජුලියා මාග්‍රට් පාට්ලේ නම් වූ ඇය උපත ලද්දේ ඉන්දියාවේ කල්කටා නගරයේදීය. ඒ ජේම්ස් පාට්ලේ හා එඩ්ලයින් ඩී ඊටෑන් හටයි. කල්යත්ම ජුලියා මාග්‍රට් අධ්‍යපනය ලැබීම සදහා ප්‍රංශය බලා පිටත් විය. නමුත් 1838 දී ඇය නැවත ඉන්දියාවට පැමිණි අතර එහිදී චාර්ල්ස් හේ කැමරන් නම් වූ කල්කටා නීති කොමිෂන් සභාවේ සාමාජිකයකු හා විවාහ විය. ඔහු වෘතියෙන් නීති වේදියකු වූ අතර ජුලියාට වඩා අවුරුදු 20ක් වැඩිමහලු අයෙක් විය.1848 දී චාර්ල්ස් විශ්‍රාම ගන්නා අතර ඔවුන් ලන්ඩන් නුවරට පදිංචිය සදහා පැමිණියේය. 1860දී කැමරන් ඇල්ෆ්‍රඩ් ලෝඩ් ටෙනිසන් නම් වූ කිවිදුන්ගේ වතුයායෙහි සංචාරය කළ අතර ඉතා ඉක්මනින් ඔවුන් එය මිලට ගන්නා ලදී. ඔවුන් විසින් එයට නම් තබන ලද්දේ දිඹුල බංගලාව Dimbola Lodge ලෙසයි.

The Camerons' house, Dimbola Lodge


කැමරන් මහත්මියගේ ඡායාරූප වෘතිමය ජීවිතය අවුරුදු 11ක් පමණ වූ ඉතා කෙටි කාල පරාසයක (1864-1875) විහිදුනු එකකි. ඇය ඡායාරූප ගැනීම ආරම්භ කරනු ලබන්නේ ඇයගේ වයස අවුරුදු 48ත් ඉක්මවූ පසුවය. ඒ 1863 දී ඇයගේ දියණිය විසින් ලබාදෙන ලද ත්‍යාගය වූ කැමරාව නිසාවෙනි. එය ඇගේ ජීවිතය වෙනස් මගකට යොමු කරවන්නට ඇත. එයින් වසරක් යාමටත් පෙර ඇය ලන්ඩනයේ හා ස්කොට්ලන්තයේ ඡායාරූප සංසදයේ සමාජිකත්වය ලබාගන්නා ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ජුලියා_මාගරට්_කැමරන්&oldid=469292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි