ග්‍රේස් හොපර්

විකිපීඩියා වෙතින්
ග්‍රේස් මුරේ හොපර්
රියර් අද්මිරාල් ග්‍රේස් එම්. හොපර්, ඇමරිකානු නාවික හමුදාව
උපතදෙසැම්බර් 9, 1906(1906-12-09)
මරනයJanuary 1, 1992(1992-01-01) (වයස 85)
භූමදාන ස්ථානයආර්ලින්ග්ටන් පොදු සුසාන භූමිය

ග්‍රේස් මුරේ හොපර් ( දෙසැම්බර් 9, 1906 - ජනවාරි 1, 1992 ) යනු ඇමෙරිකානු පරිගණක විද්‍යාඥවරියක් සහ ඇමරිකානු නාවික හමුදාවේ රියර් අද්මිරාල් වරියකි. පරිගණක ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් සිදු කළ ඇය 1944 දී හාර්වර්ඩ් මාර්ක් I පරිගණකයේ වැඩසටහන ලියූ පිරිසට අයිති වෙන අතර, පරිගණක වැඩසටහන් භාෂාවකට පළමු සංග්‍රාහකය නිර්මාණය කළාය. යන්ත්‍රයෙන් ස්වාධීන වූ පරිගණක භාෂා නිර්මාණය ගැන අදහස ජනතාව අතර ප්‍රකට කළ අතර එමගින් පළමු ඉහළ පෙළේ පරිගණක භාෂාවක් වන COBOL නිර්මාණය කිරීමට මග පෙන්වීය. පරිගණක වැඩසටහන් වල වැරදි සෙවීම වෙනුවෙන් "දෝෂහරණය" යන වචනය ප්‍රචලිත කිරීමේ කීර්තිය ඇයට හිමිවේ.

මුල් අවධිය සහ අධ්‍යාපනය[සංස්කරණය]

ඇය හොපර් ග්‍රේස් බ්‍රෙව්ස්ටර් මුරේ ලෙස නිව්යොර්ක් නුවරදී උපත ලැබීය. ඇය තුන්දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලාය. ඇගේ දෙමාපියන් වෝල්ටර් ෆ්ලෙචර් මුරේ සහ මේරි කැම්බල් වෑන් හෝර්න් ලන්දේසි හා ස්කොට්ලන්ත සම්භවයක් ඇත්තවුන්ය. කුඩා අවධියේ සිට කුතුහලයෙන් අනූන වූ ඇය වරක් ඔරලෝසුවේ සීනුව වදිනා ආකරය සෙවීමට ඔරලෝසු හතක් ගැලවා බැලීය. ඇයගේ මව ඇය කරන්නේ කුමක්දැයි අවබෝධ කරගත් පසුව ඇයව එක ඔරලෝසුවකට සීමා කරවීය. ඇගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන ලද්දේ නිව් ජර්සි නුවර හැට්රිජ් පාසලෙන්ය. ඇගේ ලතින් බස දුර්වල නිසා වසර් උසස් පාසලට ඇතුලත් වීමට කර පළමු ඉල්ලීම ප්‍රතික්ෂේප විය. නමුත් ඇයට ඊළග වසරේ එයට ඇතුළත් වීමට හැකිවිය. ඇය 1928දී ප්‍රථම උපාධිය හෞතික විද්‍යාව සහ ගණිතය පිළිබදව එම පාසලෙන් ගනු ලැබීය. 1930 දී ඇය විශාරද උපාධිය යේල් විශ්ව විද්‍යාලයෙන් ගනු ලැබීය. 1934 දී ඇය ගණිතයෙන් ආචාර්ය උපාධියක් එම විශ්ව විද්‍යාලයෙන්ම ගනු ලැබීය. ඇගේ "අනුනනීයතාවයේ නව නිර්නායක" යන නිබන්ධනය ඒ වසරේම ප්‍රකාශයට පත්විය.

1931 දී ඇය වසර් විද්‍යාලයේ ගණිතය ඉගැන්වීම ආරම්භ කළ අතර සහකාර මහාචාර්ය පදවියට 1941දී උසස් කරනු ලැබීය.

වෘත්තීය[සංස්කරණය]

දෙවන ලෝක යුද්ධය[සංස්කරණය]

වර්ෂ 1943 දී, II වන ලෝක යුද්ධයේ දී, හොපර් වස්‍අර් සිට නිවාඩු ගෙන එක්සත් ජනපද නාවික හමුදාව රක්ෂිතය වෙනුවෙන් වේව්ස් හි වැඩ කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. ඇය නාවිකා හමුදාවේ සේවය කිර්‍රිමට ඇති අවම බර සපුරා නොතිබූ හෙයින් විශේෂිත අවසරයක් ගැනීමට සිදුවිය. හොවර්ඩ් ඒ. අයිකන් යටතේ මාර්ක් I පරිගණකයේ සේවය කිරීමට ඇයව යොදවන ලදී. 1949 වෙනතුරු හොපර් , හාර්වර්ඩ් පරිගණක විද්‍යාගාරයේ නාවික හමුදාවට අනුයුක්තව සේවය කළේය. ඇය වසර්හි මහාචාර්ය ධූරයද මේ වෙනුවෙන් ප්‍රතික්ශේප කළ අතර නාවික හමුදාවේ කොන්ත්‍රත්තුවකට යටත්ව හාර්වර්ඩ්හි පරීක්ෂකයෙකු ලෙස සේවය කළාය.

යුනිවැක්[සංස්කරණය]

1949 දී ජ්‍යෙෂ්ඨ ගණිතඥයෙක් ලෙස යුනිවැක් I පරිගණකය නිපදවූ කණ්ඩායමට සේවය කිරීමට එක්විය. ඇය මෙ වෙනුවෙන් සේවය කරන කාලයේදී ප්‍රථම සංග්‍රාහකය නිපදවීය. 1954 දී ඇය එම සමාගමේ පළමු ස්ව්යංක්‍රීය වැඩසටහන් නිර්මාණ අධ්‍යක්ෂ ලෙස උසස් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රේස්_හොපර්&oldid=469978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි