අල් පසීනෝ

විකිපීඩියා වෙතින්
Al Pacino
උපත
ඇල්ෆ්‍රඩො ජේම්ස් පසීනො

අප්‍රේල් 25, 1940 (1940-04-25) (වයස 83)
උගත් ශාස්ත්‍රාලය
රැකියාව
  • නළුවෙකි
  • අධ්‍යක්ෂකවරයෙකි
  • තිරරචකයෙකි
  • නිෂ්පාදකවරයෙකි
සක්‍රීය වසර1967–වර්තමානය දක්වා
සහකරුවා(වන්)
දරුවන්3

ඇල්ෆ්‍රඩො ජේම්ස් පසීනො (උපත April 25, 1940) ඇමෙරිකානු ජාතික නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු වන අතරම ඔහු අධ්‍යක්ෂකවරයෙකි . The Godfather ත්‍රිත්වයේ මයිකල් ක්ලෙනේ ලෙස රඟපෑමෙන් පසුව ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් විය. සොනි වොර්සික් ලෙස Dog Day Afternoon, ටෝනි මොන්ටානා ලෙස “Scarface”, කාර්ලිටො බිරිගනෙට් ලෙස 1993 දී Carlito's Way, ෆ්‍රෑන්ක් සර්පිකො ලෙස “Serpico”, ලියුටිනන්ට් ක්ලොනල් ෆෑන්ක් ස්ලේඩ් ලෙස “Scent of a Woman”, Lt. වින්සෙන්ට් හැන්නා ලෙස “Heat” සහ රෝයි කෝන් ලෙස “Angels in America” යන චිත්‍රපටි වල ඔහු රඟපෑවේය .1992 දි හොඳම නළුවා ලෙස Scent of a Woman චිත්‍රපටයේ රඟපෑමට ඇකඩමි සම්මානය හිමි විය.මීට පෙර ඔහුගේ නම හොඳම නළුවා සම්මානයට හත් වරක් නිර්දේශ වී ඇත.


අල් පසීනෝ උපත ලැබුවේ නිව්යොර්ක්හිදී ඉතාලියානු හා අමෙරිකානු සම්භවයක් සහිත දෙමව්පිය යුවලකටය. අල් පසීනෝගේ වයස අවුරුදු දෙකේ දී ඔහුගේ දෙමව්පියන් වෙන් වුහ. ඉන්පසුව ඔහුගේ මව, ඇයගේ දෙමාපියන් සමඟ වාසයට ගියාය. ඔහුගේ පියා රක්ෂණ සමාගමක අලෙවි නිලධාරියකු ලෙස රැකියාව කළ අතර ඔහුට අයිතිව තිබූ Pacino's Lounge ආපන ශාලාව 1992 දී වසා දැමිණි.ඔහු නිව්යොර්ක් හි Fiorello H. La Guardia High School of Music and the Arts හි ශාඛාවක් වූ High School of Performing Arts පාසලට ඇතුල් විය. එහිදී ඉංග්‍රිසි භාෂාව හැර අනෙක් සියලුම විෂයන් වලින් අසමත් වූ ඔහු පාසලෙන් නෙරපනු ලැබිණි.මෙහිදි තම මව සමඟ ඇතිවූ ආරවූලකදී උරණ වී ඔහු නිවසින් පළා ගියේය. එතැන් පටන් ජීවත් වීම සඳහා විවිධ රැකියා ගණනාවක ඔහු නිරත විය. පණිවිඩකාරයකු ,කොන්දොස්තරවරයකු ,කසල ශෝධකයකු ,ලිපිකරුවකු ලෙස ඔහු සේවය කළේය.

නිව්යොර්ක් රඟහලේ බිම්මහලේ නාට්‍යවල රඟ පෑ ඔහු Herbert Bergh of Studio හා සම්බන්ධ විය. පසු කාලයකදී ඔහු ගේ හොඳම උපදේශකවරයා සහ හොඳම මිතුරා වූ චාර්ලි ලන්ග්ටන් නම් නාට්‍යය ගුරුවරයා මුණගැසීමට ඔහුට හැකිවිය . මේ කාලයේදී රැකියා විරහිතව සිටි ඔහු විටෙක පාරේ නිදා ගැනීමටත් මිතුරන්ගේ නිවස වල නිදා ගැනීමටත් පුරුදු විය.1962 දී අල් පසීනෝගේ මව මිය ගිය අතර 1963 දී ඔහුගේ ජීවිතයේ වැදගත් පුද්ගලයකු වූ ඔහුගේ සීයාද මිය ගියේය.

"https://si.wikipedia.org/w/index.php?title=අල්_පසීනෝ&oldid=586712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි