XIV වන දලයි ලාමා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දලයිලාමාතුමා.jpg


ලොව පවතින බෞද්ධ රටවල් අතරින් මහායාන බුදුසමයේ ආලෝකය ලද රටක් වශයෙන් ටිබෙට් දේශය හැදින්විය හැකිය. ටිබෙටය හෙවත් තිබ්බතයේ රාජ්‍ය නායකයා මෙන් ම ආධ්‍යාත්මික නායකයා වන්නේ ටෙන්සිස් ගියස්ටෝ හෙවත් දලයි ලාමා තුමාය.

උපත[සංස්කරණය]

උන් වහන්සේ ඊසාන දිග ටිබෙටයේ මකසලර් නම් පිටිසරබද කුඩා ගමක 1935 ජූලි 06 වන දා උපත ලැබීය. එතුමා ට කුඩා කල නම් තැබුයේ ලාමෝ දොන් ඩුප් නමිනි. එතුමාගේ දෙමව්පියෝ සුළු ගොවීහු වූහ.

ටිබෙට්.jpg


දරුවන් 16 දෙනෙක් විසූ පවුලක එතුමා සාමාජිකයෙක් වුව ද එයින් ජීවත් වූයේ 06දෙනෙක් පමණි.වයස අවුරුදු 02 වන විට ම ඔහුගේ උපත 13 වන දලයි ලාමා හෙවත් තැබ්ටෙක් ගියස්ටෝගේ පුනරුත්පත්තිය ලෙස සැලකින. දලයි ලාමාවරුන් අවලෝකිතේශ්වර හෙවත් ඩෙන්රෙසිග් නම් බෝධිසත්වවරයකු ලෙස මෙන් ම ටිබෙටය ට මගපෙන්වන සාන්තුවරයා ලෙස ද ප්‍රකටය. එතුමා අවුරුදු 06 ක් වැනි ළදරු අවධියක තම ආශ්‍රමික අධ්‍යාපනය අරඔන ලදී. එහිදී තර්ක ශාස්ත්‍රය, ටිබෙට් කලාව,සංස්කෘත භාෂාව, වෛද්‍ය විද්‍යාව හා බෞද්ධ දර්ශනය යන විෂයන් හදාරණලදි. එතුමා 14 වන දලයි ලාමාවරයාවේ.එතුමා ගෞරව සහිතව ලරම්පා නම් බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය ට සමාන උපාධියකින් ද පිදුම් ලැබීය.


ලාමාට.jpg


දේශපාලන වගකීම[සංස්කරණය]

ටිබෙට් දේශය

1949 දී චීනය විසින් ටිබෙට් රට ආක්‍රමණය කිරීමෙන් පසු 1950 දී ටිබෙට් රට සම්බන්ධයෙන් සම්පූර්ණ දේශපාලන වගකීම එතුමා පිට පැටවිණ. 1959 දී ටිබෙට් ජනතා රැල්ල චීනය විසින් ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීම නිසා ඔහු ට තම රටින් බැහැරවීම ට සිදු විය. 1963 දී දලයි ලාමා තුමා විසින් ටිබෙට් රට සදහා ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලදී.එය ටිබෙටයෙන් බැහැර තිබ්බත තිබ්බත වාසීන් ගේ ප්‍රඥප්තිය ලෙස සැලකේ.

පස් වැදෑරම් වැඩපිළිවෙල[සංස්කරණය]

1987 සැප්තැමබර් 21 වන දින ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය ඇමතූ දලයි ලාමා තුමා සාමය අරඹයා පස් වැදෑරම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේය. දලයි ලාමා තුමා සාමය උදෙසා ම කැපවූ නායකයෙකි. ප්‍රචණ්ඩකාරී ආක්‍රමණ හමුවේ පවා එතුමා දිගට ම අවිහිංසවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එතුමා රටවල් 62 ක සංචාරය කරමින් රාජ්‍ය නායකයන් ආගමික නායකයන් විද්‍යාඥයන් රැසක් ම හමුවී ඇත.


ඇමෙරිකා.jpg
පාප්.jpg
විද්‍යාඥයෙක්.jpg


ග්‍රන්ථ රචනා[සංස්කරණය]

එතුමා ග්‍රන්ථ 72ක ට ආසන්න සංඛ්‍යාවක් රචනා කොට ඇත. දලයි ලාමාතුමා අවධාරණය කරන දෙයක් නම් එකමුතුකම මුලු හදවතින් ම ඇතිවිය යුත්තක් වන අතර එය තුවක්කු කටක් ඇතුලෙන් බිහිවිය නොහැකි බවයි. දලයි ලාමා හැම උදයක ම ටිබෙට් ජාතිකයන් ට පමණක් නොව චින සහෝදර සහෝදරියන් ට ද එක ලෙස ම ආශීර්වාද කරයි. බෞද්ධ භික්‍ෂුවක් වශයෙන් දලයි ලාමා තුමා සියළු ජනතාවගේ සිතීමේ හා කතා කිරීමේ මූලික අයිතිවාසිකම ගැන නිරායාසයෙන් පවසයි. ඒ නිසා ටිබෙට් ජනතාව දලයි ලාමා තුමා ජීවමාන දෙවි කෙනෙකු සලකති.එනිසා එතුමාග් පිංතූරයක් රැගෙනයාම පවා චිනයේ සිර දඩුවම් ලැබිය හැකි වරදකි.

ඇතැම් අවස්ථා වල එතුමා ටිබෙට් වැසියන් ට පවසන්නේ බුදු දහම ඉගැන්වීමේ හැකියාව ඇති චීන ජාතිකයන් යටතේ වුවද බුදු දහම අධ්‍යයනය කරන ලෙසයි. තමන් මුල් බැසගත් ආගමික විශ්වාසය ඇතුලත ම අධ්‍යයනය කරනු මිස බුදු දහම වැළදගන්නැයි විදේශිකයන් ට නොපැවසීම ට තරම් එතුමා සුවිශේෂී නායයෙක් විය.

ජනතාව.jpg

බුදු දහම ගැන උනන්දුවක් නොදක්වන පිරිසක් සිටින ස්ථානයක ට ගිය විට එතුමා ඔවුන් ට ඉදිරිපත් කරන්නේ වෛද්‍යවරයකු මෙන් ඕනෑ ම ආගමිකයකු ට එදිනෙදා ජීවතය ට ප්‍රයෝජනවත් වන සරල පිළිවෙත්ය. එතුමා ඔටුණු පැළදුවේ වයස අවුරුදු 04 ක් තරම් ළදරු වයසේදීය. වයස අවුරුද 07 වන විට දෙවන ලෝක සංග්‍රාමය ට අවශ්‍ය අවි ටබෙට් දේශය හරහා ප්‍රවාහනය කිරීමේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම ට එතුමා රූස්වෙල්ට්ගේ රාජ්‍ය දුතයින් පිළිගැනීමට ද සමත් විය. වයස අවුරදු 15 වන විට මාවෝ සේතුංට එරෙහිව ජනතාව නම්මවා ගැනීම ට සාකච්ඡා කරන තරම ට මේරූ පූර්ණකාලීන දේශපාලන නායකයකු විය. ලාසා අගනුවර සටන් ඇවිල යන විට එතුමාගේ වයස අවුරදු 11ක් පමණ විය.


ලාසා වෙත චීනයේ ප්‍රචණ්ඩත්වය පැතිර යන විට දලයි ලාමා තුමා ට රට හැරදමා පලායාම ට සිදුවන විට එතුමාගේ වයස අවුරුදු 23 ක් පමණි. දලයි ලාමා තුමා 1959 සිට වාසය කරන්නේ උතුරු ඉන්දියානු කදුකරයේ ධරම්සාලා නම් ස්ථානයේය. ඉන් පසු එතුමා ට ඓතිහාසික ටිබෙට් සංස්කෘතිය ටිබෙටයෙන් පරිබාහිරව අලුතින් ම ගොඩනැගීම ට සිදු විය. ආගමක ට වඩා බුදු දහම මනස පිළිබඳ විද්‍යාවක් ලෙස එතුමා පෙන්වා දුන්නේය. එතුමා පවසන්නේ අප ලෝකය දෙස බලන ආකාරය වෙනස් කිරීමෙන් අප ට ලෝකය වෙනස්කළ හැකි බවය.


ලාමාග.jpg
ලා.jpg


එතුමා ඉල්ලා සිටියේ ටිබෙට් දේශයේ ආරක්‍ෂාව හා විදෙස් කටයුතු චීනයෙන් සිදු කෙරෙන අතර අන් සියලු දේ සදහා ටබෙට් ජාතිකයන් ට ස්වෛරීත්වය හිමිවන ස්වං පාලනයකි. 1908 දී ලෝකයේ තිබුනේ ටිබෙට් බෞද්ධ මධ්‍යස්ථාන 02 ක් පමණක් වුව ද මේ වන විට නිව්යෝක් නගරයේ පමණක් 40 ක් පමණ ඇත. ලෝකය වඩාත් යහපත් වීමට සැබෑ ලෙස ම උදවු වන විප්ලවය නම් අප ඇතුලතින් ම ඇතිවන විප්ලවය බව එතුමා ගේ අදහසයි. දලයි ලාමා තුමා පවසන්නේ බුදු දහම දියුණු කරන්න ට හොද ම තැන පවුල බවයි.


ටිබෙට් දේශයේ අසහාය ආගමික නායකයාණන් වූ දලයි ලාමා තුමා මුලු මහත් ලෝකයේ ම සම්භාවනාව ට පාත්‍ර වූආගමික නායකයෙකි. එතුමා සම්මන ගණනාවකින් ද පිදුම් ලැබීය. ලෝකයේ විවිධ විශ්ව විද්‍යාල හා වෙනත් ආයතන වලින් එතුමා ට පිරිනමන ලද සම්මාන හා ත්‍යාග ගණන 99 ඉක්මවා ඇත. ටිබෙටයේ නිදහස සදහා ගෙන යන අවිහිංසාවදී සටන අගයමින් එතුමා වෙත 1989 දී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණි. එතුමා 1959 වර්ෂයේ පිලිපීනයයේ රැමෝන් මැක්සේසේ සම්මානයෙන් ද පිදුම් ලැබීය. එතුමා සාමය වෙනුවෙන් සම්මාන 06 ක් ද මානව හිමිකම් වෙනුවෙන් සම්මාන 05 ක් ද හිමිකරගෙන ඇත.


ටිබෙට් ජාතිකයන් තුළ එතුමා කෙරෙහි දැඩි භක්තියක් ඇත. දලයි ලාමා බීජිං පාලකයන් විසින් සලකන්නේ ටිබෙට් ජාතිකයන් ගේ සතුරකු හා බෙදුම් වාදියකු ලෙසය. එහෙත් එතුමා අදත් ටිබෙටයේ මිලියන 06 ක ට ආසන්න බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික නායනයාණන් මෙන් ම ලෝක ආගමික නායකයෙක් ද වේ. දලයි ලාමා තුමා බුදු දහමේ ජාත්‍යන්තර ව්‍යාප්තිය වුදෙසා ඉටුකර ඇති මෙහෙය අති විශාලය.

මූලාශ්‍රය[සංස්කරණය]

  • නව යුගය,2008 මැයි කලාපය


මේ අඩවිත් බලන්න[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=XIV_වන_දලයි_ලාමා&oldid=282057" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි