විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන/අන්තර්ගතය

විකිපීඩියා වෙතින්

සජීවී උදව් ගන්න: irc • web

5. අන්තර්ගතය
6. අවසන්
ප්‍රකාශන හිමිකම්
සාමාන්‍ය රීතියක් වශයෙන්, වෙනත් වෙබ් අඩවි වලින් පෙළ ගෙන පිටපත-ඇලවුම කරන්න එපා. (සීමිත ව්‍යතිරේකයන් (මෙම ස්ථාවරයෙන් වෙනස් වන අවස්ථා) කිහිපයක් ඇති අතර,[1][2] විධිමත් ලෙසින් උපන්‍යාස ගත කල සහ පැහැදිලි ලෙස ආරෝපිත උද්ධරණයක කොටසක් ලෙසින් වචන කිහිපයක් භාවිතා කිරීමේ වරදක් නොමැත.)

ඔබගේ ලිපි ඉදිරිපත් කිරීම ප්‍රකාශන අයිතිය උල්ලංඝනය නොකල යුතුයි.

එය විධිමත් ලෙසින් ආරෝපණය කොට හා මූලාශ්‍රය පැහැදිලි ලෙසින් දක්වා ඇති උද්ධරණයක් වූ විටෙක හැර අනෙකුත් වෙබ් අඩවි වලින් පෙළ ගෙන පිටපත හා ඇලවුම සිදු නොකරන්න. ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කරන ලිපි මකා දමනු ලැබේ.[1] ඔබ විසින්ම හා ඔබගේම වචන වලින් ලිපිය ලියන්න.[2] ඔබගේ පෙළ සර්ව-සම්පූර්ණ නුවූවාට කම් නැත -- ‍එය පසුව නිවරද කිරීමට අවකාශ ඇත. (එලෙසින්ම, ඔබගේ ලිපිය සඳහා රූපයක් උඩුගතකිරීමට ඔබ සිතන්නේ නම් හා ඔබ එවැන්නක් මින් පෙර සිදු කොට නොමැති නම්, ඔබගේ ලිපිය සඳහා අනෙකුන්ගේ අදහස් ආදාන ලෙසින් ලැබෙන තුරු දින කිහිපයක් කල් මැරීමට ඔබට සිදු විය හැකිය.[3])


ඔබගේ ලිපිය විසින් සංගණ්‍ය බවද තහවුරු කල යුතුයි.

ඔබගේ විෂයය විකිපීඩියාව තුල අන්තර්ගත කිරීමට තරම් සංගණ්‍ය වන්නේ කෙලෙසද යන වග පිළිබඳ මාර්ගෝපදේශන පූර්ව පිටුවකදී ඔබ හට ලබා දී ඇත. පාඨක‍යන් විසින් ඔබගේ ලිපිය කියවා අවසන් වූ විට, ඔවුන් විසින් අදාල විෂයය සංගණ්‍ය වන්නේ ඇයිදැයි වටහා ගනු ඇති බවට වග බලා ගන්න.


ඔබගේ ලිපියේ තානය මධ්‍යස්ථ විය යුතුය.

මධ්‍යස්ථ දෘෂ්ඨිය පවත්වා ගෙන යෑම සඳහා විකිපීඩියාවෙහි ලිපි ඉමහත් ආයාසයක් දරයි, එනම් ඕනෑම විෂයයක් පිලිබඳ "පක්ෂ" හෝ "විපක්ෂ" නොවන මතයක් දරන බවය. විෂය පිළිබඳ නිසියාකාරයෙන් උද්ධරණය කෙරුනු වර්ණනාව හෝ විවේචනය හෝ සර්වප්‍රකාරයෙන් පිළිගැනෙන මුත්, ඔබගේ ලිපිය ඒ පිළිබඳ ප්‍රවේශ විය යුත්තේ මධ්‍යස්ථ තානයකිනි. කරුණු හෝ සංසිද්ධින් පිළිබඳව පමණක් ලියන්න — වෙනෙකෙකු අදහසක් ප්‍රකාශයට පත් කල බවට සංසිද්ධියක් ඇකුලත් කිරීම කම් නැත, එහෙත් ඔබගේ අදහස පිළිබඳ ලිවීමෙන් වලකින්න. සියළු වැදගත් අදහස් සාධාරණ ලෙසත්, සමානුපාතික ලෙසත් සහ පක්ෂග්‍රාහීත්වයෙන් තොරව, සියළු ලිපි තුලින් නිරූපණය විය යුතුය. ඔවුන්ගේ විෂයයට බැට දීම පමණක් සිදු කරන ලිපි මකා දැමීමට ලක් විය හැකි අතර, විෂයයක් වර්ණනා කෙරුමට පමණක් සැදී පැහැදී ඇති ලිපියක් මධ්‍යස්ථ තානය පතන අනෙකුන් අතින් අන්තගාමී සංස්කරණයට ලක් විය හැක.


ඔබගේ ලිපි ඉදිරිපත් කෙරුම අන්තර්ගතය පිළිබඳ අවශ්‍යතා සපුරාලයිද?


සටහන්
  1. 1.0 1.1 ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය නොකොට පෙළ රැගෙන පිටපත-ඇලවුම සිදු කල හැකි වෙබ් අඩවි (සහ අනෙකුත් මූලාශ්‍ර) කිහිපයක් - අදාල පෙළ පොදු වසම තුල ඇති හෝ විකිපීඩියා-අනුසාරී වරපතක් භාවිතා කරන විටෙක (මෙම දෙවැන්න සඳහා, ආරෝපණය සාමාන්‍යයෙන් අවශ්‍ය වේ) -ඇත. ඔබගේ මූලාශ්‍රය ඉහත අවශ්‍යතා සපුරාලමින් සුදුසුකම් ලැබිය හැකි යැයි ඔබ සිතන්නේ නම්, කරුණාකර විකිපීඩියා සාකච්ඡාව:ප්‍රකාශන හිමිකම් ගැටළු වෙතින් තහවුරුකරණය ඉල්ලා සිට, එයින් පිළිතුරක් ලැබෙන තුරු මෙම මායා අඳුන අවසන් කිරීම පමා කරන්න.
  2. 2.0 2.1 පූර්වයෙහි ප්‍රකාශනයට පත් කල කරුණු පිළිබඳ අයිතිය ඔබ සතු නම් හෝ ඒවා නැවත පල කිරීමට අවසර ඔබ සතු නම් හෝ එම අවසරය සත්‍යක්ෂණය (නිවැරැදි බවට ඔප්පු කල) යුතුයි. විකිපීඩියා:ප්‍රකාශන හිමිකමැති කරුණු පරිත්‍යාග කෙරුම බලන්න.
  3. අනුකූල, නිදර්ශනාත්මක රූප මහෝපකාරී බව සැබැව මුත්, රූපය ඔබ අතින්ම නිමැවුනු එකක් නොවේ නම්, ප්‍රකාශන හිමිකම් වාද විෂයන් මර උගුලක් වීමට බොහෝ ඉඩ ඇත. පූර්වයෙහි ප්‍රකාශනයට පත් කෙරුණු කිසියම් විශේෂිත රූපයක් ඔබ සිතෙහි තබා ගෙන සිටී නම්, විකිපීඩියා:මාධ්‍ය ප්‍රකාශන හිමිකම් ගැටළු වෙතින් ඔබ හට ප්‍රශ්නයක් ඇසිය හැක; ඒ අතර සුදුසු පවතින රූපයක් තිබේදැයි විකිපීඩියාව හෝ විකිමාධ්‍ය කොමන්ස් විමසා බැලීමට ඔබට හැක. (ඔබ දේශිය විකිපීඩියා රූප භාවිත කරන ලෙසින්ම කොමන්ස් රූපද භාවිතා කල හැක.)