WT1190F

විකිපීඩියා වෙතින්
WT1190F
සොයාගැනීම
සොයාගත් තැනැත්තේමවුන්ට් ලෙමන් සර්වේ (G96),
මවුන්ට් ලෙමන් සර්වේ (G96),
කැටලීනා ස්කයි සර්වේ (703)
සොයාගත් දිනය2013/02/18
2013/11/29
2015/10/03
නිලනාමයන්
සුළු ග්‍රහ වර්ගයදුරස්තර කෘත්‍රිම චන්ද්‍රිකාව (දෙසැ 2012 ට පෙර සිට නොවැ 2015 දක්වා)
කක්ෂීය ලක්ෂණ[1]
කාලාරම්භය 2015-Oct-03 (JD 2457298.5)
පරිදුරාන්තිකය21,221.83 තිමී (0.055 LD, 3.33 ER)
විදුරාන්තිකය655,370.89 කිමී (1.704 LD, 102.75 ER)
අඩ-මහා අක්ෂය338,296.36 කිමී (0.880 LD, 53.04 ER)
උත්කේන්ද්‍රියතාවය0.9372685
කක්ෂීය කාලාවර්තය22.66 days
මධ්‍යන්‍යය විෂමතාවය6.19095°
ආනතිය3.19670°
ආරෝහණ මංසලෙහි දේශාංශකය311.55613°
පරිතාරාන්තිකයේ වේලාව2015/10/02 14:39:00
පරිතාරාන්තිකයේ විස්තාරය314.04406°
මෙහි චන්ද්‍රිකාවකිපෘථිවිය
භෞතික ගුණාංග
මාන0.7-3.3 මීටර
මධ්‍යන්‍යය ඝණත්වය~0.1 ග්‍රෑ/සෙමී³[2]
දෘශ්‍ය විශාලත්වය~16-23
නිරපේක්ෂ විශාලත්වය (H)31.3

WT1190F (UDA34A3 හෝ UW8551D) යනු ප්‍රථිවියෙන් ‍යවනු ලැබූ කුඩා ප්‍රමාණයේ කෘත්‍රිම චන්ද්‍රිකාවකි. කාලයකට පෙර එය අභ්‍යවකාශයේදී අක්‍රීය වී ඇත. දැන් එම චන්ද්‍රිකාවේ කොටස් අභ්‍යවකාශයේ සුන්බුන් වශයෙන් පවතින අතර නවතම සොයාගැනීම අනුව එය ප්‍රථිවිය දෙසට කඩාවැටෙමින් පවතී. යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනයේ (European Space Agency ) නීර්ණය කිරීම් වලට අනුව 2015 නොවැම්බර් 13 වන දින උදෑසන 11.48 ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු කලාපයට කඩා වැටීමට හැකි බවට නිගමනය කර තිබුණත් එය පෘථිවි වායු ගෝලයට ඇතුළුවීමත් සමග ගිනිගෙන විනාශ වී ගියේය.

මෙම අභ්‍යවකාශ සුනබුන් පළමු වරට නීඊක්ශනය කරනු ලැබුවේ 2013 පෙබරවාරි මස 18 වන දින, නුදුරු අහසේ ඇති අභ්‍යවකාශ වස්තූන් නිරීක්ශනය කිරීම සඳහා වූ කැට්ලිනා ස්කයි සර්වේ (Catalina Sky Survey) නැමැති ව‍යාපෘතියේ නිරීක්ශකයන් මගිනි. ඉන් පසුව එය සොයාගැනීමට නොහැකි වී ඇති අතර, නැවතත් 2013 නොවැම්බර් 29 වන දින එම අභ්‍යවකාශ වස්තුව නිරීක්ශණය කිරීමට හැකිවී ඇත. එදායින් පසුව නැවත එය නිරීක්ශණය කිරීමට හැකිවී තිබෙන්නේ 2015 ඔක්තෝබර් මස 03 වන දින පෙර මෙම වස්තුව නිරීක්ශණය කරන ලද කණ්ඩායමටමයි. සාමාන‍යයෙන් මෙම කණ්ඩායම තමන්ගේ නිරීක්ශණ තොරතුරු ඇමරිකාව මූලික කොටගෙන පිහිටුවා ඇති කුඩා ග්‍රහ වස්තු පිළිබඳව මධ්‍යස්තානය (Minor Planet Center) සමග බෙදාගන්නා අතර, මොවුන් සුපුරුදු ලෙසටම මෙම වස්තුව පිළිබඳව කුඩා ග්‍රහ වස්තු පිළිබඳ මධ්‍යස්තානය වෙත දැනුම් දී ඇත. තවද මෙය පිළිබඳ සමහරක් තොරතුරු කුඩා ග්‍රහ වස්තු පිළිබඳ මධ්‍යස්තානයේ හිමිකරු වන ජාත්‍යන්තර අභයවකාශ විද‍යාඥයින්ගේ සංගමය (International Astronomical Union) විසින් සුරක්ශිතව තබාගෙන ඇති බවට සමහර පාරශවයන් විශ්වාස කරති. එසේම පෙර කරනලද කක්ශීය ගණනය කිරීම් වලට අනුව එය චන්ද්‍රයාට ඇති දුර තරම් වූ දෙගුනයක් දුරකින් නියත ඉලිප්සීය කක්ශයක ගමන් කරන බවයි නිගමනය කර තිබුනේ.

තවද, 2009 මැද භාගයේදී තාවකාලික චන්ද්‍රිකාවක් ලෙස UWAIS නැමැති (පෙර නම) නමකින් ප්‍රථිවිය වටා මෙය කක්ශගත කෙරුණු අතර අපේක්ෂා කරන ලද කාර්යන් මෙම චන්ද්‍රිකාව මගින් ඉටු කිරීමට නොහැකි වීම නිසා යුරෝපීය අභ‍යවකාශ නියෝජිතායතනය මෙම චන්ද්‍රිකාවේ මෙහෙයුම් කටයුතු හමාර කර තිබිණි.

යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය කරන ලද බොහෝ නිරීක්ශන අනුව එය දළ වශයෙන් 2015 නොවැම්බර් මස 13 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.48 (06:20 UTC)ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු දිග කලාපයේ, ගොඩබිමේ සිට කිලෝමීටර 65 ත් 100ත් අතර දුර මුහුදු තීරයවෙත කඩාවැටීමට හැකි බවට නිගමනය කර තිබුණි.

ශ්‍රී ලංකාව රජය විසින් නොවැම්බර් 13 වන දින මෙම වස්තුව පතිත විය හැකියැයි අපේක්ෂා කෙරුණු ගාල්ල, මාතර,සහ හම්බන්තොට මුහුදු කලාපයේ ධීවර කටයුතු කිරීම තහනම් කර තිබුණු අතර එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් සේවා අධිකාරිය පවසන්නේ, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ උපදෙස් පරිදී එදිනට මෙම කලාපයේ ගුවන් යානා පියාසර කටයුතුද අත්හිටුවා තිබුණි.

[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ග්‍රේ, බිල්. "සූඩෝ-MPC ෆෝ UDA34A3 = UW8551D = WT1190F". ප්‍රොජෙක්ට් ප්ලූටෝ. සම්ප්‍රවේශය 23 ඔක්තොම්බර් 2015.
  2. "WT1190F කම්ස් බෑක්: ESA NEOCC වොචිං රෙයාර් රීඑන්ට්‍රි". මයිනර් ප්ලැනට් මේලිං ලිස්ට්. සම්ප්‍රවේශය 24 ඔක්තොම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=WT1190F&oldid=350103" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි