පරිශීලක:පිළිකුත්තුව රජමහා විහාරය

විකිපීඩියා වෙතින්

..... පිළිකුත්තුව ඓතිහාසික ගල්ලෙන් රජමහා විහාරය .....

ඓ​තිහාසික පුදබිමක ඓතිහාසික ලෙන් ලිපි......

අක්කර 250 පමණ භුමියක පැතිරුණු පිළිකුත්තුව ගල්ලෙන් රජමහා විහාරයේ ඓතිහාසිකත්වයට ප්‍රධාන සාක්ෂි නම් ලෙන් තුල කොටා ඇති පූර්ව බ්‍රාහ්මී අක්ෂර ලෙන් ලිපි ගනනාවයි. පිළිකුත්තුව ලෙන් සංකීර්ණය තුලින් මේ වන විට සෙල් ලිපි 4ක් සොයා ගෙන ඇත.

1 වන ලිපිය=

1වන ලිපියෙන් පිළිකුත්තුව ඓතිහාසික පුදබිමේ ආරම්භය කියා පාන්නකි. ක්‍රි.පු 3-1 කාලයේදි මෙම සෙල්ලිපිය  ලියා ඇති බව ප්‍රකට වෙයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරින්ගේ මතය නම් මෙම සෙල්ලිපිය අග සිට මුලටත් මුල සිට අගටත් ලියුවක් බවයි. තවද සෙල් ලිපියේ වාක්‍යන් ලියා ඇති අයුරින් ලංකාවේ වෙනත් සෙල්ලිපි නොමැති බව මහාචාර්යතුමන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. රීතිය කර්මකාරක රීතියයි. පුර්ව බ්‍රාහ්මි ආක්ෂර වලින් ලියු ලෙන් ලිපියකි..... "අනිකටස බතුනො අගිබුතිනො දානෙ අගත අනගත චතුදිස සගස".. (අශ්වාරෝහක ප්‍රධානියාගේ සොහොයුරු අගිබුතිගේ දානයයි වැඩියාවු නොවැඩියාවු සිවුදිග සඟරුවනට )

2වන ලිපිය =

2වන ලෙන් ලිපිය කුඩා ලිපියකි. මෙයද පුර්ව බ්‍රාහ්මි ආක්ෂර වලින් ලියුවකි.ක්‍රි.පු 3-1 කාලයට අයත් ලෙන් ලිපියකි... "මනොරමේ" මනරම් ගුහාව යන අදහසයි

3වන ලිපිය =

3වන ලිපියද ක්‍රි.පු 3-1 කාලයේදි පුර්ව බ්‍රාහ්මී ආක්ෂර වලින් ලියන ලද එකකි.මෙම ලිපිය සහිත ලෙන කැණිම් කරනලද ස්ථානයකි. "දඛිණි ලෙනෙ" දකුණු පැත්තේ ලෙණ යන අදහසයි....

4වන ලිපිය =

4වන ලිපියද ක්‍රි.පු 3-1 කාලයට අයත් පුර්ව බ්‍රාහ්මී ආක්ෂර වලින් ලියු ලෙන් ලිපියකි. "පරුමක පුරණ පුත දතශච බත මිතශච ලෙණෙ" (ප්‍රධාන පුර්ණගේ පුත් වු දත්තගේ සහෝදරයාවු මිත්තගේ ලෙණයි)

මෙම ලිපිවලට අනුව රාජ්‍ය පාලනයට සම්බන්ධ වුවන් එදා පිළිකුත්තුව ග්‍රාමවරයේ සිටින්නට ඇතැයි සිතිය හැකිය. අශ්වාරෝහක ප්‍රධානියා හා ප්‍රධාන පූර්ණ යන මොවුන් ක්‍රි.පු 3-1 කාලවලදි රාජ්‍යතාන්ත්‍රික පුද්ගලයන් ලෙස ක්‍රියා කර ඓතිහාසික පිළිකුත්තුව රජමහා විහාරයේ උන්නතියට ඇප කැප වුවන් බවට සිතිය හැකිය......