OSI ආකෘතිය
විවෘත පද්ධති අන්තර් සබැඳුම් (Open System Interconnection) ලෙස අරුත් ගැන්විය හැකි මෙය අන්තර්ජාතික ප්‍රමිතිකරන ආයතනය(International Orgernization for Standerization(ISO)) විසින් 1984 දී, එක් ජාලක සංරචකයක (Networking component) සිට තවත් සංරචකයකට තොරතුරු හුවමාරු වන ආකාරය දැක්වීමට ඉදිරිපත් කරන ලද ආකෘතියකි. ජාලගත මෘදුකාංගයක තොරතුරක් ඇතුලු කරන අවස්ථාවේ සිට එය විද්‍යුත් සංඥාවක් බවට පරිවර්ථනය වීම දක්වා ක්‍රියාවලිය ස්ථර (Layer) 7ක් මගින් මෙහි විස්ථර කර ඇති නමුත් TCP/IP, IPX වැනි ජාලක ප්‍රොටොකෝල්ස් (Network Protocol) වලට හොඳින් අනුගත නොවීම නිසා දැනට මෙය බහුලව භාවිතා කරනුයේ ඉගැන්වීම් කටයුතු වලට සහ ජාල වල ගැටලු නිරාකරණය කර ගැනීම සඳහාය. මෙලෙස ජාලයක (Network) සිදු වන සංනිවේදන ක්‍රියාවලිය සරල කොටස් 7 කට බෙදා වෙන් කිරීම මගින් ISO ආයතනය බලාපොරොත්තු වූයේ ජාලකරණ ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයන්ට ජාලයේ උපාංග අතර දත්ත හුවමාරු වීම සහ පාලනය වීම පිලිබඳව හොඳ අවබෝධයක් ලබාදීම සහ නව ජාලකරණ තාක්ෂණ සහ සම්මුතීන් ඇති වීමට මග හසර පෑදීමයි.
පටුන |