ලිනක්ස් පර්යන්ත සර්වර් ව්‍යාපෘතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(Ltsp වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත යන්න: සංචලනය, සොයන්න

මෙය කිහිප දෙනෙකුට එකවර තනි පරිගණකයක් භාවිතා කිරිමට පහසුකම ලබාදේ. මෘදුකාංග සියල්ල සර්වර් එක (server)මගින් සපයන අතර දත්ත/තොරතුරු ඇතුළු කිරීම සහ පිටකිරීම (input and output) terminal නොහොත් thin client මගින් සිදු කෙරේ. මෙම thin client පරිගණක අඩු විදුලි පරිභෝජනයක් ඇති එමෙන්ම දෘඩ තැටි (hard disk) සහ වෙනත් චලනයවන උපාංග නොමැති ඒවා වේ. ඒනිසාම එම පරිගණක සාමාන්‍ය වර්ගයේ පරිගණකයකට වඩා අඩු ශබ්දයක් පිටකරයි. විශේෂයෙන්ම සැකසූ thin client පරිගණක වෙනුවට පරණ පරිගණක Ltsp සමග භාවිතා කළහැක. එමනිසා පරණ පරිගණක ඉවත් කිරීමකින් තොරව නව මෘදුකාංග තාක්ෂණය සමග භාවිතා කළ හැක.

Ltsp.png

පටුන

[සංස්කරණය] මේකෙන් මොකක්ද කරන්න පුළුවන්? ඒ වගේම ප්‍රයෝජනය?

  • නවීන පරිගණක තාක්ෂණය අඩු වියදමකින් ලබා ගැනීම.....
  • පරණ පරිගණකවලට නව ජීවයක් දීම....
  • පරිගණකවල ආයු කාලය වැඩිවීම....
  • සියලු මෘදුකාංග නොමිලයේ ලබාගත හැකි වීම....
  • වෛරස් වලින් තොරවූ පරිගණක ජිවිතයක් ලැබීම...
  • අඩු විදුලි පරිභෝජණයකින් ඔබට සහ රටට ඉතිරියක්.....
  • ලෝකයේ අලුත්ම පරිගණක තාක්ෂණය එසැනින් ඔබට....
  • පරිගණක නඩත්තුව අවමවීම.....
  • පරිගණක අපද්‍රව්‍ය ගොඩගැසීම අවම නිසා පරිසර හිතකාමී විසදුමක් ලැබීම....
  • පාසල් පරිගණක අධ්‍යාපනික කටයුතු සඳහා පහසුවෙන් යොදාගත හැක....

[සංස්කරණය] සාම්ප්‍රදායික පරිගණක ජාලයක් සමග මෙය සංසන්දනාත්මකව බැලූ කළ......

සාම්ප්‍රදායික පරිගණක ජාලය නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංග සහිත LTSP ක්‍රමය
සියල්ලම නවීන පරිගණක – වැඩි වියදම පරණ පරිගණක සමග අළුත් පරිගණක එකක් – අඩු වියදම
නිතර නඩත්තුව නඩත්තුව නැතිතරම්!
මෘදුකාංග වියදම අධිකය නවීන මෘදුකාංග සියල්ල නොමිලේ!
විදුලි පරිභෝජනය වැඩියි අවම විදුලි පරිභෝජනය
පරිගණක වෛරස් නිසා දත්ත වල ආරක්ෂාව අවම වීම වෛරස්වලට උපරිම ප්‍රතිරෝධයක් ඇති ලොව එකම ක්‍රමය
පරණවෙන පරිගණක ඉවත්කිරීමට සිදුවීම පරණ පරිගණක වලින් අලුත් පරිගණකවල ක්‍රියාකාරත්වය එලෙසින්ම ලබා ගත හැක
පරිගණකයෙන් පරිගණකයට වෙන වෙනම මෘදුකාංග ස්ථාපනය (Install) කිරීමට සිදුවීම. එක අළුත් පරිගණකයකට පමණක් මෘදුකාංග ස්ථාපනය කිරීම නිසා කාලය සහ මුදල් ඉතිරිවීම

[සංස්කරණය] භාවිතය

බොහෝ රටවල් මෙම LTSP ක්‍රමය තමන්ගේ කාර්යාලීය අවශ්‍යතාවයන් සඳහාද පාසල් තුළ තොරතුරු තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහාද ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස භාවිතා කරයි. උදාහරණ ලෙස පහත සඳහන් අවස්ථාවන් සඳහා යොදාගත හැක.

  1. පාසල්
  2. අන්තර්ජාල කුටි (Cyber Cafe)
  3. පුස්ථකාල
  4. රෝහල්
  5. කාර්යාල
  6. රජයේ දෙපාර්තමේන්තු

[සංස්කරණය] බාහිර ලිපි සහ තොරතුරු

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්
ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්