කතරගම

විකිපීඩියා වෙතින්
(Kataragama වෙතින් යළි-යොමු කරන ලදි)

ආගමික ස්ථාන නිසා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගම්මානයකි. කතරගම, ශ්‍රී ලංකාවෙ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ඓතිහාසික ප්‍රදේශයකි. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ශ්‍රී ලංකවේ වාණිජ නගරය වන කොළඹ සිට කි.මී. 228ක් දුරින් පිහිටා තිබේ.

අතීතය[සංස්කරණය]

පුරාතන යුගයේ කතරගම ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග ප්‍රදේශයේ වනාන්තර වලින් වටවූ කුඩා නගරයක් ව පැවත තිබූ අතර වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයක් බවට පත්වී ඇත. උෟව පළාෙත් ෙමාණරාගල දිස්ත්‍රික්කෙය් පිහිටි ෙඑතිහාසික කතරගම දකුණු පළාෙත් හම්බන්ෙතාට දිස්ත්‍රික්කයට අාසන්නෙය් පිහිටි එකකි. එහි ඉතා පැරණි බෞද්ධ ස්ථූපයක් වන කිරිවෙහෙර ද ස්ථානගතව පවතී. මෙම නගරයට ක්‍රිස්තු පූර්ව සියවස් වලටත් වඩා එහාගිය අතීතයක් ඇත. මෙය රෝහණ රාජධානි සමයේ බොහෝ සිංහල රජවරුන්ගේ රාජ්‍ය වාසස්ථානය වී තිබුණි. 1950 වර්ෂයේ පමණ සිට මෙම නගරය නිරන්තර රාජ්‍ය ආයෝජන හේතුකොටගෙන පොදු ප්‍රවාහනය, වෛද්‍ය පහසුකම් සහ ව්‍යාපාර සංවර්ධනය හා හෝටල් සේවා වල දියුණුවක් අත්කරගෙන තිබේ.මෙහි ප්‍රධාන නිළය දරන්නේ බස්නායක නිළමේ තුමා ය.

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

කතරගම කිරිවෙහෙර

අධ්‍යාපනය[සංස්කරණය]

සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික, ද්විතීක හා තෘතීක අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල් ගණනාවක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.

ජනගහනය[සංස්කරණය]

1800දී පමණ එනම් ජනාවාසය අත්හැර දැමීමෙන් අනතුරුව 1950 තෙක් එහි වාසය කලේ පවුල් සීමිත සංඛාවක් පමණි. නමුත් 1950න් අනතුරුව ජනගහන වර්ධනයක් සිදුවිය. මෙහි ජනගහනයෙන් බහුතරය සිංහල ජාතිකයන් වන අතර සුළුතර ශ්‍රී ලාංකික දෙමළ ජනයා තත් ජනගහනයට ආශ්‍රිතව වාසය කරයි. කතරගම දෙවියන් උදෙසා වාර්ශික උළෙල පවතින ජූලි-අගෝස්තු සමයේ ජනගහනය දස දහස් ගණනකින් පමණ වැඩිවේ. කතරගම ස්ථිර ජනගහනය 20,000කට අධික වේ(2010).

ජනවර්ගය ජනගහනය % ප්‍රතිශතය
සිංහල 19,812 94.64
ශ්‍රී ලාංකික දෙමළ 921 4.40
ඉන්දියානු දෙමළ 56 0.27
ශ්‍රී ලාංකික යෝනක 108 0.51
වෙනත්( බර්ගර් , මැලේ ) 38 0.18
එකතුව 20,935 100

Source: Statistical Information of Kataragama Divisional Secretariat සංරක්ෂණය කළ පිටපත 2011-10-03 at the Wayback Machine

ප්‍රවාහනය[සංස්කරණය]

වර්ථමානයේ කතරගමට සංචාරය කරන බහුතරය භාවිතා කරන්නේ මෝටර් රථයි. නමුත් දියුණු ප්‍රවාහන මාධ්‍ය පවතින වර්තමානයේ පවා භක්තිමත් අනුගාමිකයන් පුරාතන චාරිත්‍ර අනුගමනය කරමින් පාගමනින්ම කතරගමට චාරිකා කරති. 1992 දී කොළඹ සිට මාතර දක්වා වූ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරින. මෙම දුම්රිය මාර්ග දිගුව අදියර තුනකින් සමන්විත වේ. පළමු අදියරෙන් රුපියල් මිලියන 60ක වියදමින් මාතර සිට බෙලිඅත්ත දක්වා කි.මී 27ක මාර්ගය ඉදිකිරීමට නියමිත අතර දැනටමත් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව යටතේ නිල්වලා ගඟට ඉහලින් කරන ඉදිකිරීම් ආරම්භ කර ඇත. මුල් ව්‍යාපෘතිය වසර 6කදී සම්පූර්ණ කිරීමට නියමිත අතර සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රු බිලියන 3ක් වැයවනු ඇති බව ගණන් බලා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කතරගම&oldid=598028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි