රෝග නිර්ණය

විකිපීඩියා වෙතින්
(Diagnosis වෙතින් යළි-යොමු කරන ලදි)

රෝග නිර්ණය කිරීම[සංස්කරණය]

රෝග නිර්ණය කිරීම සඳහා වඩාත් වැදගත් වනුයේ රෝගියා විසින් හෙළිකරනු ලබන විශේෂ රෝග ලක්ෂණයි. (ඇඟ පතෙහි තෙහෙට්ටුව, බර අඩු වීම, විස්තර කළ නොහැකි නීරක්තිය, හේතුවක් නොමැතිව උණ හට ගැනීම සහ වෙනත් රෝග ලක්ෂණ) බොහෝ අවස්ථා වලදී රෝගියෙකු පරීක්ෂා කර බැලීමේදී පිළිකාව පිහිටා ඇති ස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.

රෝග නිර්ණය ක්‍රමවනුයේ;

  • අදාල පටක කොටසක් ලබා ගැනීම (බයොප්සි)
  • එන්ඩොස්කොපි පරීක්ෂාව (ආහාර මාර්ගයෙහි, ස්වසන මාර්ගයෙහි හෝ උගුරෙහි සිදු කරන එන්ඩොස්කොපි පරීක්ෂාවන්)
  • එක්ස් කිරණ , සිටීස්කෑන්, එම්.ආර්.අයි ස්කෑන් සහ අල්ට්‍රාසව්න්ඩ් ස්කෑන් වැනි වෙනත් පරීක්ෂාවන්,
  • න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාවෙහි භාවිතයට ගැනෙන scintigraphy, single photon emission computed tomography සහ positron emission tomography වැනි ක්‍රම.
  • ඇතැම් පිළිකාවන් සඳහා ආවේනික පිළිකා දර්ශකයන් රුධිර පරීක්ෂාවන් මගින් අනාවරණය කරගැනීම මගින් අදාල පිළිකාව ඇති බවට නිෂ්චිතවම නිර්ණය කළ හැකිය.

රෝග නිර්ණය ක්‍රම සඳහා උපකාරී වීමට අමතරව මෙම ක්‍රමයන් මගින් (විශේෂයෙන් සිටීස්කෑන් ක්‍රමය) සැත්කමක් මාර්ගයෙන් අදාල පිළිකාව ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබඳ අවබෝධයක් ලබාදේ.

සාමාන්‍යයෙන් බයොප්සි පරීක්ෂාවක් මගින් අදාල පටක කෙ‍ාටස පරීක්ෂා කර බැලීම මගින් පිළිකාවක් ඇති බවට නිවැරදි නිර්ණයක් ලබාදිය හැකිය. මෙය සිදු කළ නොහැකි අවස්ථාවන්හි දි නිෂ්චිත රෝග නිර්ණයකින් තොරව පිළිකාවක් ඇති බවට ඒ වන විට සාක්ෂි මත පදනම්ව අනුමාන ප්‍රතිකාර ක්‍රම ලබාදේ.

ඇතැම් අවස්ථා වලදී පිළිකා ‍සෛල ව්‍යාප්ත වීමෙන් විශාල වු වසා ගැටිත්තක් ( විශේෂයෙන් මෙය බෙල්ලෙහි ඇතිවේ.) හෝ ගෙඩියක් දක්නට ඇතත් පිළිකා සෛල ඇතිවී ඇති මුල් ස්ථානය ‍ෙසායාගත නොහැක. මෙම තත්ත්වය ‘ප්‍රාථමික සම්භවයක් හදුනාගත නොහැකි පිළිකාවක්’ ලෙස හැදින්වෙන අතර මෙහිදී ද පිළිකාව ඇති වීමට තුඩු දෙන වඩාත්ම සැක සහිත ප්‍රභවය අනුමාන කොට ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=රෝග_නිර්ණය&oldid=470438" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි