CPU - ජව උත්සර්ජනය

විකිපීඩියා වෙතින්

මධ්‍යම සැකසුම් ඒකකයේ (CPU) යම් යම් කොටස්වල ක්‍රියාකාරිත්වයට යම් විද්‍යුත් ශක්තියක් භාවිතා කරයි. මෙම ශක්තිය සී.පී.යූ. තුළ අන්තර්ගත වන උපාංග ක්‍රියාකාරිත්වයට වැයවේ. (උදාහරණ වශයෙන් ට්‍රාන්සිස්ටර හෝ රික්ත නල) එමෙන්ම ඒවායේ ප්‍රතිරෝධය නිසා ජනිතවන තාපය නිසාවෙන් ද යම් ජවයක් උත්සර්ජනය වේ. එමනිසා නිශ්පාදනයේ දී ප්‍රධාන වශයෙන් සළකා බලන සාධකයක් වෙයි.

සී.පී.යූ. එකෙහි සමහර කොටස් ක්‍රියාත්මක කරවීමට ඉතා සුළු ජවයක් වැයවේ. පේස් මේකර්ස් pacemakers සහ ජංගම දුරකතනවල වන සී.පී.යූ. ඉතා සුළු ජවයක් එනම් මයික්‍රෝ වොට් ගණනක් වැය කරයි. අනෙක් අතින් ගත් කළ සාමාන්‍ය මයික්‍රොප්‍රොසෙසර් සී.පී.යූ.වල සැලකිය යුතු තරම් ජවයක් උත්සර්ජනය වේ. මෙම සූක්ෂම ඉලෙක්ට්‍රොනික සී.පී.යූ. වොට් දහයේ ගුණාකාර ගණනක් වැය කරයි. අතීතයේ රික්ත නල වලින් සමන්විත සී.පී.යූ. ඉතා විශාල කිලෝ වොට් ප්‍රමාණයක් (103) පරිභෝජනය කර තිබුණි.

මේස පරිගණක (Desktop computer) තුළ වන සී.පී.යූ. තුළ වන සී.පී.යූ. වෙනුවෙන් සාමාන්‍යයෙන් එහි තුළ වන අනෙක් කොටස්වලට වඩා ජවයක් පරිභෝජනය කරයි. ඒ විශේෂ කාර්යය සදහා වන සී.පී.යූ වලට සම්බන්ධ කරන ලද තම තාක්ෂණික වීඩියෝ කාඩ්පත්වලට අමතරවය. පසුගිය දශකය තුළ සී.පී.යූ. ජව සැපයුම් අඩු වෝල්ටීයතාවයක් භාවිතා කරමින් සැළකිය යුතු ඉහළ විද්‍යුතයක් භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් දක්වා ඇත. ඒ අතර පරිගණකය වැඩක් නොමැතිව තිබෙන විට බල ශක්ති ඉතිරි කිරී‍ෙම් අංග හදුන්වා දී ඇතත් අනෙක් අතින් අද කාලයේ CPU සඳහා භාවිතා වන බල ශක්ති ප්‍රමාණය සැළකිය යුතු තරම්ය. මෙයට විශාල වෙනසකින් යුතු අඩු බල ශක්ති ප්‍රමාණයක් භාවිතා කරන සී.පී.යූ. නිපදවා ඇති අතර ඉන් එක් සී.පී.යූ. එකක් වන Intel XScale . 600MHz ක්‍රියාකාරිත්වයට වොට් භාගයක් පමණකින් වැඩ කර විට x86 පරිගණක ඉන්ටෙල් ප්‍රොසෙසරයක්ම එම ක්‍රියාකාරිත්වයේදී එමෙන් අසූගුණයක ශක්තියක් පරිභෝජනය කරයි.

ප්‍රොසෙසර නිෂ්පාදකයන් සී.පී.යූ. සදහා සාමාන්‍යයෙන් ජව උත්සර්ජන 2ක් ඉදිරිපත් කරයි. එනම් ප්‍රකෘති තාප ශක්තියක් එනම් සාමාන්‍ය කාර්යයක් යටතේ මනිනු ලබයි. අනික උපරිම තාප ශක්තියක් යටතේ මනිනු ලබයි. එය ඉතා අවදානම් සහිත මිණීමකි. උදාහරණ වශයෙන් පෙන්ටියම් 4 2.8GHz ප්‍රොසෙසරයක් සැලකූ කළ සාමාන්‍ය තාප ශක්තිය වනුයේ 68.4 W වන අතර උපරිම තාප ශක්තිය 85 W වේ. පරිගණකය නිකම් තිබෙන විට සාමාන්‍ය තාප ශක්තියට ද අඩුවෙන් ශක්තිය පරිභෝජනය කරයි.

මෙකී ආකාරවලට ඉංජිනේරුමය හේතු

  • • දෙන ලද උපාංගයක් සඳහා එය වැඩි වේගයකින් ක්‍රියා කිරීමට ඉහළ ශක්තියක් අවශ්‍ය වේ. ප්‍රොසෙසරයේ වේගය අඩු කිරීමෙන් බොහෝ විට ශක්තිය ඉතුරු කරයි. වේගය නිරතුරුවම තත්පරයට දෙනු ලබන විධි විධානවලින් හෝ FLOPS ක්‍රියා මගින් මනිනු ලබයි.
  • • නව අංග සදහා සාමාන්‍යයෙන් තවත් ට්‍රාන්සිස්ටර අවශ්‍ය වන අතර ඒ එක එකක් වැඩි වැඩියෙන් ශක්තිය හානි කරයි. භාවිතා නොවන ප්‍රදේශ නිවා දැමීම මගින් ශක්තිය ඉතුරු කර ගත හැක.
  • • ප්‍රොසෙසර දියුණුවත්ම කුඩා ට්‍රාන්සිස්ටර, අඩු වෝල්ටීයතා ව්‍යුහ සහ නිෂ්පාදන අත්දැකීම් මත බලය පරිභෝජනය අවම කර ගත හැක.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/CPU_power_dissipation

"https://si.wikipedia.org/w/index.php?title=CPU_-_ජව_උත්සර්ජනය&oldid=462058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි