2014 චිබොක් පැහැරගැනීම

විකිපීඩියා වෙතින්
2014 චිබොක් පැහැරගැනීම
2014 Chibok kidnapping
පැහැරගැනීමට ලක්වූ ගැහැණු දරුවන්ගේ, වැලපෙන දෙමාපියන්
දිනය15 අප්‍රේල් 2014 (2014-04-15)
පිහිටුමචිබොක්, බොර්නෝ ප්‍රාන්තය, නයිජීරියාව
ඛණ්ඩාංක10°51′57″N 12°50′49″E / 10.865833°N 12.846944°E / 10.865833; 12.846944ඛණ්ඩාංක: 10°51′57″N 12°50′49″E / 10.865833°N 12.846944°E / 10.865833; 12.846944
ප්‍රතිඵලය250 කට වැඩි ගැහැණු දරුවන් පිරිසක්, ඉස්ලාමීය හමුදා අන්තවාදීන් පිරිසක් විසින් පැහැර ගැනීම
අතුරුදන් වූ223
සැකකරුවන්බෝකෝ හරාම්

2014 අප්‍රියෙල් මස 14–15 යන දින අතර රාත්‍රී කාලයේදී, නයිජීරියාවේ බෝර්නෝ ප්‍රාන්තයේ (Borno State) චිබොක් (Chibok) නගරයේ පිහිටි, රජයේ ද්වීතීක පාසලක නේවාසිකව සිටි ශිෂ්‍යාවන් 276 දෙනෙකු, එරට ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගෙන යනු ලැබූ අතර, එම පැහැරගෙන යාමේ සිදුවීම 2014 චිබොක් පැහැරගැනීම ලෙස හැඳින්වෙයි.

පසුබිම[සංස්කරණය]

නයිජීරියාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයක් වන බෝකෝ හරාම් සංවිධානයේ සාමාජිකයින්, 2010 වර්ෂයේ පටන් එරට පාසල් ඉලක්ක කොට ගෙන ප්‍රහාර දියත් කරන අතර, නයිජීරියානු රජය විසින් සාම්ප්‍රදායික මුස්ලිම් අධ්‍යාපන ක්‍රමයට පටහැනිව, බටහිර අධ්‍යාපන ක්‍රමය දිගටම පවත්වා ගෙන යන්නේ නම්, තව දුරටත් මෙවැනි ප්‍රහාර එල්ල කරන බවට එම ත්‍රස්ත සංවිධානයේ ප්‍රකාශකයෙකු විසින් මීට පෙර අනතුරු අඟවා තිබුණි. ගැහැණු දරුවන් ඉගෙන ගැනීම සිදුනොකල යුතු බවත්, ඔවුන් ඉවුම් පිහුම් කරන්නියන් හා ලිංගික වහලියන් ලෙස ජීවත් විය යුතු බවත්, බෝකො හරාම් ත්‍රස්තවාදීන්ගේ නියමය වී තිබුණි.[1]

2014 වසරේ පෙබරවාරියේදී මෙම ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින්, Doron Baga හා Izghe ග්‍රාමයන්හී විසූ ක්‍රිස්තියානි පුද්ගලයින් 100 දෙනෙකු පමණ ඝාතනය කොට තිබූ අතර,[1] එම මසදීම, ගිණිකොණ දිග නයිජීරියාවේ පාසලක සිසුන් 59 දෙනෙකුද ඝාතනය කරන ලදී.[2] එම වසරේම මාර්තුවේදී, Giwa හමුදා බැරැක්කයකට පහර දුන් ඔවුන් එහි රඳවා සිටි සටන්කාමීන් පිරිසක් නිදහස් කර ගන්නා ලදී.[1] ඊට පසු අප්‍රියෙල් මසදී ඔවුහූ, අබූජා හී බෝම්බයක් පුපුරුවා හැර තවත් සිවිල් පුද්ගලයෝ 88 ඝාතනය කොට දමන ලදී.[3] 2014 වර්ෂය තුල මැයි මස වන විට පමණක්, බෝකො හරාම් ත්‍රස්තවාදීන් විසින් මරණ 4,000 ක් පමණ සිදු කර ඇතැයි චෝදනා එල්ල වී තිබෙයි.[1] එක්සත් ජනපද රජයට අනූව, බෝකො හරාම් ත්‍රස්තවාදීන්, අල්-කයිඩා පුහුණුව ලබමින් මෙවැනි සාර්ථක ප්‍රහාර දියත් කරන බව පැවසෙයි.[4]

බෝකො හරාම් ත්‍රස්තවාදීන්ගේ මෙවන් ත්‍රස්ත ක්‍රියාවන් නිසා එරට 10,000 පමණ වූ දරුවන් පිරිසකට, පාසල් වෙත යාමට නොහැකි තත්වයක්ද හටගෙන තුබූ බව සඳහන් වේ.[5]

සිදුවීම[සංස්කරණය]

පාසලට හානි සිදුකර

2014 අප්‍රියෙල් මස 14–15 යන දින අතර රාත්‍රී කාලයේදී, චිබොක් නගරයේ පිහිටි අදාල රජයේ ද්විතීක බාලිකා පාසල වෙත කඩා වැදුණු ත්‍රස්තවාදීන්, පාසලේ සිටි මුරකරුවන්ටද වෙඩි තබා[6] එහි වූ ගැහැණු දරුවන් සමූහයක්, ට්‍රක් රථයක පටවා ගෙන සම්බිසා (Sambisa Forest) වනාන්තරයට පලා ගිය බව සඳහන් වෙයි. පලා යාමට ප්‍රථම චිල්බොක් හී තුබූ නිවාස කීපයකටද ඔවුහූ, ගිනි තබා විනාශ කොට දමා තිබුණි.[3] ප්‍රදේශයේ ආරක්ෂක තත්වය පිරිහී ගොස් තුබූ නිසා, මෙම ප්‍රහාරය එල්ල වීමට සති හතරකට පෙර පාසල වසා දමා තුබූ නමුත්, සිය භෞතික විද්‍යා අවසාන විභාගය සඳහා සූදානම් වීමට පැමිණි ශිෂ්‍යාවන් පාසල තුල රැදී සිටි බව සඳහන්ය.[3][7][8]

මෙම පැහැර ගැනීමට ලක්වූ ශිෂ්‍යාවන් වයස අවුරුදු 16 ත් 18 අතර වයස් වල පසුවූවන් බව පැවසෙයි.[9] සිද්ධිය සිදුවූ විගස පැමිණි මුල් වාර්ථාවන්ට අනූව ශිෂ්‍යාවන් 85 පමණක් පැහැර ගැනීමකට ලක්වූ බව සඳහන් වූවත්, අප්‍රියෙල් 19–20 දින වල හමුදාකාමීන් විසින් නිකුත් කල ප්‍රකාශයක දැක්වුනේ පැහැර ගැනීමට ලක්කල ශිෂ්‍යාවන් 129 දෙනාගෙන් 100කට වඩා වැඩි පිරිසක් නිදහස් කල බවයි. කෙසේ නමුදු එම ප්‍රකාශයද අවලංගු වූවේ, ගැහැණු ළමයි 234 දෙනෙකු අතුරුදන් බවට ඔවුන්ගේ දෙමාපියන් විසින් අප්‍රියෙල් 21 වන දිනදී හෙලිදරවු කිරීමත් සමගයි.[1]

නයිජීරියානු පොලිස් වාර්තාවන්ට අනූව, ප්‍රහාරය අතරතුරදී ශිෂ්‍යාවන් 276 දෙනෙකු පැහැර ගෙන ගොස් තිබූ අතර, ඉන් 53 දෙනෙකු මැයි 2 වනදා වන විට ඔවුන් පැහැරගත් පුද්ගලයන්ගේ ග්‍රහණයෙන් මිදී පලා අවුත් සිටියහ.[10][11]

සිදුවීමෙන් අනතුරුව[සංස්කරණය]

පැහැරගත් සිසුවියන්ට පසුව, සාම්ප්‍රදායානුකූල ලෙස මනාල පාර්ශවය විසින් ගෙවනු ලබන "අඹු දෑවැද්ද" ලෙස නයිජීරියා නයිරා (₦) 2,000 ක මුදලක් (අමෙරිකා ඩොලර් 12.50/ශ්‍රී ලංකා රුපියල් 1650ක් පමණ (2014 මැයි)) සමග, බෝකා් හරාම් සාමාජිකයන් විවාහ කර ගැනීමට බලපෑම් සිදුකල බව පැවසෙයි.[12][13] තවත් වාර්ථාවන්ට අනූව පැහැරගත් සිසුවියන් පිරිසක් දේශසීමා හරහා, අවට චැඩ් සහ කැමරූන්, දේශයන් වෙත රැගෙන ගිය බවට, සම්බිසා වනය ආශ්‍රිතව ජීවත් වන ගම්වැසියන් දුටු බවට සඳහන් වෙයි.[14][13] එම වනය, බෝකෝ හරාම් ත්‍රස්තවාදීන්ගේ සැඟවුම් පලක් බව පැවසෙයි.[13]

පැහැර ගැනීමට ලක්වූ ගැහැණු දරුවන් බේරාදෙන්න යැයි දැක්වෙන දැන්වීමක් සහිත රථයක්

මේ අතර අප්‍රියෙල් 30 හා මැයි 1 වන දිනයන් වල, මෙම පැහැරගැනීම් සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බලකරමින් සමහර නයිජීරියානු නගරයන්හී උද්ඝෝෂණ පැවැත්වුනත්,[8] තම දියණියන්ගෙන් පළිගනු ඇතැයි බියවී සිටින, වින්දිතයන්ගේ දෙමව්පියෝ මේ ගැන ප්‍රසිද්ධයේ කථා කිරීමට මැලිවන බව පැවසෙයි. මැයි 3 සහ 4 වන විට, මෙම ගැහැණු දරුවන් බේරා දෙන ලෙස ඉල්ලමින් ලෝස් ඇන්ජලිස් සහ ලන්ඩන් හීද උද්ඝෝෂණ දියත් වූ අතර, ලොව පුරා ට්විටර් හරහාද මේ සම්බන්ධව අවධානය යොමු විණි.[4]

මැයි 2 වනදා පොලීසිය, පැහැර ගැනීමට ලක්වූ බාලිකාවන්ගේ නිවැරදි ප්‍රමාණය පැහැදිලි නැති බව කියා සිටින ලදී.[11] මැයි 4 වැනිදා, එනම් පැහැර ගැනීම සිදුවී සති 3 කට ආසන්න කාලයක් ගෙවුනු තැන, නයිජීරියාවේ ජනපති ගුඩ්ලක් ජොනතන් මේ සිදුවීම සම්බන්ධව ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කථා කරමින් කියා සිටියේ, පැහැර ගැණුනු ගැහැණු දරුවන් බේරා ගැනීමට ඔහුගේ රජය හැකි සෑම දේම කරන බවයි.[9] ඊට අමතරව ඔහු, වින්දිතයන්ගේ දෙමාපියන්ටද චෝදනා කරමින් කියා සිටියේ, දරුවන් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ඔවුන් විසින් පොලීසියට ලබා දී නැති බවයි.[4]

බෝකෝ හරාම් නායක අබුබකාර් ශෙකාවු විසින් 2014 මැයි 5 වනදා මාධ්‍යයට නිකුත් කල විඩියෝ පටයකින්, මෙම සිදුවීමේ වගකීම භාර ගනු ලැබූ අතර, "දෙවියන් විසින් තමන්ට නියම කල පරිදි, පැහැර ගත් ගැහැණු දරුවන් විකිණීමට කටයුතු කරන බවත්;... උන්වහන්සේගේ (දෙවියන්ගේ) නියමයන් ක්‍රියාවට නංවන බවත්" පැවසෙන අබුබකාර්ගේ දර්ශන පෙළක් එහි ඇතුලත්ව තිබුණි.[9] ගැහැණුන් පාසල් නොයා යුතු බවත්, ඒ වෙනුවට ඔවුන් විවාහ විය යුතු බවත්, එම විඩියෝ පටයේ තව දුරටත් සඳහන් විණි. කෙසේ නමුදු මෙම විඩියෝ පටය, පැහැර ගැනීමට ලක්වූ දරුවන් විකුණා තිබෙන බවට පලවූ වාර්ථා නිකුත්වීමට ප්‍රථමව හෝ පසුව නිර්මාණය කල එකක්දැයි යන්න නිශ්චිතව පැහැදිලි නැත.[9]

ප්‍රතිචාර[සංස්කරණය]

ඇමරිකානු ජනපති ආර්යා, මිෂෙල් ඔබාමා පැහැරගැන්මට ලක්වූ දැරිවියන් නැවත ගෙනඑන ලෙස දැක්වෙන පුවරුවක් අතැතිව

මේ සිදුවීමට ප්‍රතිචාර ලෙස, නයිජීරියාවේ හිටපු එක්සත් ජනපද තානාපති ජෝන් කැම්බෙල් ප්‍රකාශ කලේ, බෝකෝ හරාම් ත්‍රස්තවාදීන්ගේ ශක්තිය බලාසිටිද්දී වැඩිවන බවත්, සිය රටවැසියන්ට ආරක්ෂාව ලබාදීමේ රජයේ හැකියාව බලාසිටිද්දීම අඩුවන බවත්ය.[1] අත්ලාන්තික් කවුන්සිලයේ අධ්‍යක්ෂක ජේ. පීටර් ද ප්‍රකාශ කර සිටියේ "පැහැර ගත් නිවැරදි සංඛාවවත් ලබාගැනීමට නයිජීරියානු රජය අපොහොසත් වීම, තවදුරටත් ඔවුන්ගේ ආණ්ඩු පද්ධතියේ අසමත්කම දැඩිලෙස ප්‍රත්‍යක්ෂ කරන බවයි".[1]

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි-මූන් සහ යුනිසෙෆ් සංවිධානයද මෙම පැහැර ගැනීමේ සිදුවීම හෙලා දකින ලදී.[15]

සිදුවීම සම්බන්ධව කාලානුරූපි තොරතුරු[සංස්කරණය]

දිනය වාර්තාවූ සිදුවීම
*අප්‍රියෙල් 15 250 කට වැඩි ගැහැණු දරුවන් පිරිසක්, බෝකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් පැහැර ගැනීම.
*මැයි 5 බෝකෝ හරාම් නායක අබුබකාර් ශෙකාවු විසින් මෙම සිදුවීමේ වගකීම භාරගනිමින් විඩියෝවක් නිකුත් කිරීම. පැහැර ගත් දැරිවියන් දෙවියන්ගේ කැමැත්ත පරිදි විකුණා දමන බවට එහි සඳහන් වීම.[16]
*මැයි 7 බොකෝහරම් ත්‍රස්තවාදීන් විසින් පැහැර ගත් නයිජීරියානු පාසල් සිසුවියන් මුදා ගැනීම සඳහා, තම රට ආධාර කරන බවට, ඇමරිකාව විසින් ප්‍රකාශ කිරීම.[17]
*මැයි 8 නයිජීරියාවේ පැහැර ගැනීමට ලක්ව සිටින පාසල් සිසුවියන් බේරා ගත යුතු බවට, මලාලා යූසුෆ්සායි කියා සිටීම.[18]
*මැයි 8 නයිජීරියාවේ පැහැර ගැනීමට ලක්ව සිටින පාසල් සිසුවියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් වතිකානය නිවේදනයක් නිකුත් කිරීම.[19]
*මැයි 8 නයිජීරියාවේ පැහැර ගැනීමට ලක්ව සිටින පාසල් සිසුවියන් බේරා ගැනීමට සහය වන බවට, ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය යන රටවල් ප්‍රකාශ කර සිටීම.[20]
*මැයි 8 පැහැර ගැනීමට ලක්වූ පාසල් සිසුවියන් බේරා ගැනීමට තමන් ප්‍රතිඥා දෙන බව, නයිජීරියානු ජනපති ගුඩ්ලක් ජොනතන් කියා සිටීම.[21]
*මැයි 9 බෝකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී කල්ලිය විසින් එරට පාසල් දැරියන් 250 කට වැඩි පිරිසක් පැහැර ගැනීමේ සිද්ධියට විරෝධය පළ කරමින්, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුවට (මැයි 6-10) සහභාගී වීමට පැමිණි පිරිසක් මෙරට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උද්ඝෝෂණයක් පැවැත්වීම.[22] [23][24]
*මැයි 12 පැහැර ගැනීමට ලක්වූ පාසල් සිසුවියන් රට තුළම රඳවාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වීම.[25]
*මැයි 12 පැහැර ගැනීමට ලක්වූ පාසල් සිසුවියන් පිරිසකගේ විඩියෝ දර්ශන පෙලක්, බෝකෝහරාම් ත්‍රස්තවාදීන් විසින් නිකුත් කිරීම. නයිජීරියා රජය විසින් අත්අඩංගුවට ගෙන සිටින සිය අන්තවාදී සගයින් නිදහස් කරන තුරු, මෙම දැරියන්ද තම සංවිධානය යටතේ තව දුරටත් රඳවාගෙන සිටින බවට ඉන් තර්ජනය කිරීම.[26]
*මැයි 13 සිය අත්අඩංගුවේ පසුවන බෝකෝහරාම් සිරකරුවන් නිදහස් කිරීම නයිජීරියා රජය ප්‍රතික්ෂේප කර කිරීම.[27]
*මැයි 17 අප්‍රිකානු රටවල්, නයිජීරියාව පදනම් කර ගත් බෝකෝහරාම් ත්‍රස්ත සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීමට තීරණය කිරීම.[28]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 Oren Dorell (21 අප්‍රියෙල් 2014). "ටෙරරිස්ට් කිඩ්නැප් මොර් දෑන් 200 නයිජීරියන් ගල්ස්". USA Today. සම්ප්‍රවේශය 8 මැයි 2014.
  2. "බෝකෝ හරාම් කිල්ස් 59 චිල්ඩ්‍රන් ඇට් නයිජීරියන් බෝඩිං ස්කූල්". ද ගාර්ඩියන්. 25 පෙබරවාරි 2014. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  3. 3.0 3.1 3.2 Anne Perkins (23 අප්‍රියෙල් 2014). "200 ගල්ස් ආර් මිසිං ඉන් නයිජීරියා – සෝ වයි ඩසන්'ට් එනිබඩි කෙයා?". ද ගාර්ඩියන්. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  4. 4.0 4.1 4.2 අබුබකාර්, Aminu; Josh Levs (5 මැයි 2014). "'අයි විල් සෙල් දෙම්,' බෝකෝ හරාම් ලීඩර් says of kidnapped Nigerian girls". සීඑන්එන්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
  5. McElroy, Damien (6 ජුලි 2013). "එක්ස්ට්‍රීමිස්ට් ඇටෑක් ඉන් නයිජීරියා කිල්ස් 42 ඇට් බෝඩිං ස්කූල්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  6. "88 නයිජීරියන් ස්කූල් ගල්ස් ඇබ්ඩක්ටඩ් බයි ඉස්ලාමික් එක්ස්ට්‍රීමිස්ට්ස් සටිල් මිසිං". ද ගාර්ඩියන්. Associated Press. 19 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  7. "230 ස්කූල්ගල්ස් ස්ටිල් මිසිං ආෆ්ටර් බෝකෝ හරාම් රේඩ්". ටයිම්ස් ලයිව්. 22 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  8. 8.0 8.1 "නයිජීරියා: ඔතෝරිටීස් - 276 කිඩ්නැප්ඩ් ගල්ස් ස්ටිල් මිසිං ඉන් නයිජීරියා". VOA via All Africa. 2 මැයි 2014. සම්ප්‍රවේශය 7 මැයි 2014.
  9. 9.0 9.1 9.2 9.3 "බෝකෝ හරාම් ඇඩිමිට්ස් ඇබ්ඩක්ටිං නයිජීරියා ගල්ස් ෆ්‍රොම් චිබොක්". BBC. 5 මැයි 2014. සම්ප්‍රවේශය 7 මැයි 2014.
  10. "චිබොක් ඇබ්ඩක්ෂන්ස් ඉන් නයිජීරියා: 'මෝර් දෑන් 230 සීස්ඩ්'". බීබීසී නිව්ස්. 21 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 6 මැයි 2014.
  11. 11.0 11.1 "නයිජීරියන් පොලිස් බිගිං ඩොකියුමන්ටේෂන් ඔෆ් කිඩ්නැප්ඩ් ගල්ස්". ප්‍රමියම් ටයිම්ස්. All Africa. 2 මැයි 2014. සම්ප්‍රවේශය 8 මැයි 2014.
  12. "'බෝකෝ හරාම් කිඩ්නැප්ඩ් ද 230 ස්කූල් ගල්ස් ඈස් වයිව්ස් ෆෝර් ඉට්ස් ඉන්සර්ජන්ට්ස්'". ද රේන්බෝ. අප්‍රියෙල් 29, 2014. සම්ප්‍රවේශය 2014-05-07.
  13. 13.0 13.1 13.2 ලෝරා හීටන් (30 අප්‍රියෙල් 2014). "නයිජීරියා: කිඩ්නැප්ඩ් ස්කූල්ගල්ස් 'සෝල්ඩ් ඈස් වයිව්ස් ටු ඉස්ලාමිස්ට් ෆයිටර්ස්'". ද ඩේලි ටෙලිග්‍රාෆ්. සම්ප්‍රවේශය 7 මැයි 2014.
  14. Turaki A. Hassan; Ibrahim Kabiru Sule; Ronald Mutum (2014-04-29). "'ඇබ්ඩක්ටඩ් ගල්ස් මූව්ඩ් අබ්‍රෝඩ්'". ඩේලි ට්‍රස්ට්. සම්ප්‍රවේශය 2014-05-07.
  15. "යූඑන් කෝල්ස් ෆෝර් ඉමීඩියට් රිලීස් ඔෆ් ඇබ්ඩක්ටඩ් ස්කූල් ගල්ස් ඉන් නෝර්ත්-ඊස්ටර්න් නයිජීරියා" (Press release). UN නිව්ස් සෙන්ටර්. සම්ප්‍රවේශය 8 මැයි 2014.
  16. "බෝකෝ හරාම් ලීඩර් අබුබකාර් ශෙකාවු රිලීසස් විඩියෝ ඔන් කිඩ්නැපිං ඔෆ් චිබොක් ගර්ල්ස්". 6 මැයි 2014. 2014-05-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-09.
  17. "ඇමරිකාව සිසුවියන් මුදා ගැනීමට සැරසේ". 7 මැයි 2014.
  18. "නයිජීරියාවේ පැහැර ගැනීමට ලක්වූ පාසල් සිසුවියන් මුදා ගත යුතුයි. - මලාලා". 8 මැයි 2014.
  19. "වතිකාන් කෝල්ස් ෆොර් රිලීස් ඔෆ් කිඩ්නැප්ඩ් නයිජීරියන් ගර්ල්ස්". 8 මැයි 2014.
  20. "නයිජීරියා කිඩ්නැපිං: යූඑස්, යූකේ, ෆ්‍රාන්ස්, ජොයින් ෆොර්සස් ටු රෙස්කියු ගර්ල්ස් කිඩ්නැප්ඩ් බයි බෝකෝහරාම්". 9 මැයි 2014.
  21. "නයිජීරියා'ස් ප්‍රසිඩන්ට් ප්ලෙජ් ටු ෆ්‍රී කිඩ්නැප්ඩ් ගර්ල්ස්". 9 මැයි 2014. 2014-05-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-09.
  22. "ලංක‍ාවේදී නයිජීරියානුවන් විරෝධයේ....!". 9 මැයි 2014.
  23. "ලෝක තරුණ සමුළුවට පැමිණි පිරිසක් කොළඹ දී උද්ඝෝෂණයක". 9 මැයි 2014.
  24. "ලෝක තරුණ සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්". 9 මැයි 2014. 2014-05-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-09.
  25. "පැහැරගත් නයිජීරියානු පාසල් සිසුවියන් ගැන තොරතුරු රැසක් හෙළිවේ". 12 මැයි 2014.
  26. "නයිජීරියා කිඩ්නැප්ඩ් ගර්ල්ස් ෂොවුන් ඉන් බෝකෝ හරාම් විඩියෝ'". 12 මැයි 2014.
  27. "ඉස්ලාමීය අන්තවාදීන් මුදා හැරීම නයිජීරියාව ප‍්‍රතික්ෂේප කරයි". 13 මැයි 2014.
  28. "අෆ්‍රිකන් කන්ට්‍රීස් ඩික්ලෙයාර් වෝර් ඔන් බෝකෝහරාම්". 17 මැයි 2014.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=2014_චිබොක්_පැහැරගැනීම&oldid=596600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි