2014 ක්‍රිමියානු අර්බුදය

විකිපීඩියා වෙතින්
2014 ක්‍රිමියානු අර්බුදය
2014 යුක්‍රේනියානු විප්ලවයේ විපාකය හි කොටසකි
සමස්ත යුක්‍රේනය තුල ක්‍රිමියාවේ පිහිටුම
   යුක්‍රේනයේ ඉතිරිය
දිනය23 පෙබරවාරි 2014–වර්තමානය
(10 years, 1 week and 3 days)
ස්ථානයක්‍රිමියාව, යුක්‍රේනය


2014 ක්‍රිමියානු අර්බුදය යනු, යුක්‍රේනයේ, ක්‍රිමියා ප්‍රදේශයේ සිදුවෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකි.

යුක්‍රේනියානු අගනගරය වන කියව්හිදී ජනතා විප්ලවයක් හේතුවෙන් සිදුවූ 2014 යුක්‍රේනියානු විප්ලවය තුලදී , ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ රජය බලයෙන් පහකෙරීමෙන් අනතුරුව මෙය ඇරඹිණි.

පුළුල් ස්වයං-පාලනයක් හෝ සමහරවිට ක්‍රිමියාව සඳහා නිදහස ට අමතරව රුසියාව සමග කිට්ටු සම්බන්ධතා පවත්වා ගත යුතු බව පවසමින්, කියව් සිද්ධීන්ට විරුද්ධත්වය පල කල සමහරක් වාර්ගික රුසියානු කණ්ඩායම් විසින් විරෝධතා පවත්වනලදි. [1] ප්‍රමුඛතම වශයෙන් ක්‍රිමියානු ටාටර්වරුන් සහ වාර්ගික යුක්‍රේනියානුවන් වෙතින් සමන්විතවූ අනෙකුත් කණ්ඩායම් විසින් විප්ලවයට සහය දීමේ උද්ඝෝෂණ පැවැත්විණි.[2]


ආශ්‍රිත[සංස්කරණය]