2009 උතුරු කොරියානු නෂ්ටික පරීක්ෂණ

විකිපීඩියා වෙතින්

උතුරු කොරියානු නෂ්ටික පරීක්ෂණ කොරියාවේ ජනරජ සමුහ ආණ්ඩුව[1] විසින් වර්ෂ 2009 වූ මැයී මස 25 වෙනි දින අත්හදා බලන ලදී.එය නෂ්ටික උපකරණ භාවිතා කරමින් භූගතව සිදුකරන ලද පිපිරිමකි.පළමු පරීක්ෂණය අසාර්ථක වූ අතර එය 2006 ඔක්තෝබර් වල සිදු කෙරින.ඉන්පසු තවදුරටත් නෂ්ටික පරීක්ෂණ , Pyongyang ප්‍රාන්තයේ සිදුකරන ලද මිසයීල අත්හදා බැලීම් මේ අතර ප්‍රකට වේ.විද්‍යා පත්‍රීකාවක මෙහි ප්‍රබලත්වය 2.35 කිලෝටෝන් ලෙස සටහන් වීය.

මෙම පරීක්ෂණය ජගත් ප්‍රජාව විසින් විවේචනය කල අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1874 වෙනි සම්මුතිය [2] ඉදිරිපත් කරමින් මෙය නුසුදුසු නෂ්ටික පරීක්ෂණයක් බවත් මෙයට විරුද්ධව කොරීයාවට සම්භාධක පැනවීය යුතු බවත් දන්වා සිටින ලදී.

කොරීයානුවන් දැඩ් ලෙස විශ්වාස කලේ නෂ්ටික පරීක්ෂණය සිදුකරනුයේ රට අර්බුදයක පෑන නැගුණු විට උදව් ලබා ගැනීමට බවය.මෙය සංවීධානය කරණු ලෑබුවේ 2008 ග්‍රීෂ්ම කාලයේදී Kim Jong-Il [3] ට හැදුන හදිසි අඝාත තත්වයෙන් පසුවය. සියලු කටයුතු ඔහුගේ 3 වෙනි පුතා විසින් සංවිධානය කෙරීන .ඔහු Kim Jong-un [4]වූ අතර ,පියාගේ මරණයෙන් පසු ඔහු රටේ බලය අල්ලාගන්නා ගැනීන.

වටපිටාව[සංස්කරණය]

උතුරු කොරියානුවන් 2 වෙනි නෂ්ටික පරීක්ෂණයට පෙර සිදුකල රොකට්ටුව මුදාහැරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජනාධ්පති ප්‍රකාශනය[5]මගින් ඔවුන් දැඩ් ලෙස විවේචනය ලක්කෙරින.එහෙත් 2009 අප්‍රේල් 5 වෙනි දින උතුරු කොරීයානුවන් ඔවුන්ගේ යුද ශක්තිය Kwangmyŏngsŏng-2[6] සැටලයීට කක්ෂ ගත කිරීමෙන් ලොවට ප්‍රකට කරන ලදී.මෙය බොහෝ ජාතීන් හෙලාදකින්නට යෙදුනි. මෙය අන්තර් මහත්දීවීපික බ්ලස්ටික මිසයීල [7]අත්හදාබැලීමක් ලෙස ඉතිහාසයට එක්වින.

මෙම අත්හදාබැලීමේන් අනතුරුව උතුරු කොරියාව ගැන කරුණු කිහිපයක් ලෝකයා ඉදිරීයේ විද්‍යමාන වීය.එනම් ඔවුන්ට නෂ්ටික යුද ශිර්ෂ[8] ඇති බවත් ඒවා මධ්‍ය ප්‍රාන්තික මිසයීල බවත්ය. වර්ෂ 2009 වූ ජුනි වලදී ඇමෙරිකානු රාජ්‍ය විශ්ලේෂකයන්ට අනුව, මෙම අත්හදාබැලීම සිදුකෙරුනේ Kim Jong-il [9]ගේ ජීවිතකාලය තුල උතුරු කොරියාවට නෂ්ටික ශක්තීය ඇති බවට පෙන්වීමටය.

උතුරු කොරියානු ප්‍රකාශනය[සංස්කරණය]

පිපිරීමට පැයකට ප්‍රටමව Pyongyang [10](කොරියානු අගනුවර), Washington, D.C. සහ Beijing වලට දෑනුවත් කිරීමට කටයුතු යෙදීන.එය ඇත්තටම සිදුවුයේ සදුදා දිනකකොරියානු සම්මත වෙලාවේ[11](KST) 10 පමණය .එමනිසා ඇමෙරිකානු ආරක්ෂක මණ්ඩලය[12] වහාම ෂඩ් පාර්ශ්වික සාකච්චා [13]කැදවින.

මෙහිදී කොරීයානු මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාශය[14] කරන ලද නිවේදනයේන් කොටසක් පහත දැක්වේ.

කොරියානු ප්‍රජාතන්තවාදී සමුහ ආණ්ඩුව සාර්ථක ලෙස භූගත නෂ්ටික පරීක්ෂණ කිහිපයක් මැයී මස 25 වෙනි දින අත්හදා බැලුන.විද්‍යාඥයින්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ දැනුවත් කිරීම මත පුර්ණ ආත්මාරක්ෂක විධිවිදාන යටතේ සිදුවිය .මෙමගීන් උතුරු කොරියානුවන්ගේ විද්‍යාත්මක සහ තාක්ෂණික ප්‍රශ්න විසදා ගැනීමට හා නෂ්ටික අවි ශක්තිය දීයුණු කරගැනීමට සිදූ කරනලද්දකි.

භූකම්පන පිළිබද ක්‍රියාකාරකම්[සංස්කරණය]

මෙය උදේ 9.50 ට(KST)සිදුවූ බව ජපානය සහ දකුණු කොරියාව වාර්තා කෙරින.ඇමෙරිකානු භූවිද්‍යාත්මක ප‍රික්ෂණ ආයතනය[15] වාර්තා කරන ලද්දේ භූකම්පනයේ විශාලත්වය 4.7 ක් බව වාර්තා කලේය. උතුරු කොරියාවේ මධ්‍යයේ සිට වයඹ දෙස Kimchaek[16] වලට,කිලෝමීටර 70 ක් (සැතපුම් 43 ක්)බවත්,Pyongyang සිට ඊසාන දිශාවට කිලෝමීටර 375 ක් (සැතපුම් 233 ක්) භූකම්පනය දැනුණු බවත්ය.ජපාන කාලගුණ විද්යා කාර්යාන්ශයට[17] අනුව භුකම්පනයේ විශාලත්වය 5.3 ක් බව දෑක්වීන. දකුණු කොරීයානු භූවිද්‍යාත්මක සහ කනිජ සම්පත් ආයතනයට[18] අනුව (Korea Institute of Geoscience & Mineral Resources) මෙය 2006 නෂ්ටික පරීක්ෂණය අත්හදාබැලූ ප්‍රදේශයේම අත්හදාබැලූ බවත් එයට වඩා විශාල ගුණයකින් ප්‍රබල බවත් දෑක්වේ.

රුසියානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය[19](Defence Ministry) වාර්තා අනුව උතුරු කොරීයානුවන් සිදුකරණු ලෑබුවේ නෂ්ටික පිපිරීමක් පිළිබද දත්ත අධ්‍යනයක් බවත්,නෂ්ටික පිපිරීම පිළිබදව රුසියාවට තොරතුරු ලෑබී ඇති බවත්ය. මෙම භූකම්පනය උතුරු කොරියාවට මායීම් වූ චීනයේ ගම්මානයක් වූ Yanbian[20] ප්‍රදේශයට පවා දැනී ඇත.එම අවස්ටාවෙදී එහි පාසල් සිසුන් එම ස්ටාන වලින් ඉවත් කෙරීන.

පරීක්ෂණය පිළිබද විශ්ලේෂණය[සංස්කරණය]

පිපිරීමේ වපසරීය

විශ්ලේෂකයන් පොදුවේ පිළිගනු ලෑබුවේ අත්හදා බැලීම සාර්ට්ක බවත් එහි වපසරීය පිළිබද හරියටම ප්‍රකාශ කල නොහැකි බවත්ය.

ඇමෙරිකානු බුද්ධි අංශය තක්සේරු කරන පරීදී උතුරු කොරීයානුවන් කිලෝටොන් [21]කිහිපයක නෂ්ටික පරීක්ෂණයක් සිදුකල බව කියාඇත.CTBTOPC[22] (Comprehensive Test Ban Treaty Organization Preparatory Commission) අනුව මෙය යම්තාක් දුරකට 2006 පරීක්ෂණයට වඩා කිලෝටොන් පාවිච්චි කර තිබුණී බව විශ්වාස කරයී.එසේම භූකම්පන මාපක ස්ටාන 23 ක දත්ත වලට අනුව පිපිරීමේ විශාලත්වය 4.52 ක් බව පෙන්නුම් කෙරින. ඒ අනුව මෙම අත්හදාබැලීම සදහා කිලෝටොන් 2.4 පාවිච්චි කර ඇතිබව පෙන්. මෙය 2006 සමග සසදන විට එහි විශාලත්වය 4.1 බවත් 0.8 කිලෝටොන් පාවිච්චිකර තිබුණි බවත් ප්‍රකාශ වේ.

හැම්බ්ග් විශ්වවිද්‍යාලයේ[23](University of Hamburg) විශ්ලේෂක Martin Kalinowski මහතා ඇස්තමේන්තු කරන පරීදී පිපිරීමේ ප්‍රබලත්වය 3 සිට 8 දක්වා ව්‍යාප්තව ඇතිබව පැහදිලි කරයී. මෙය 2006 පරීක්ෂණයට සාපේක්ෂව ඉතා සාර්ථක වූ බවක් ඔහු කියයී.

රුසියාව ප්‍රකාශයට පත්කරන පරීදී පිපිරීමේ ප්‍රබලත්වය 10 සිට 20 දක්වා කිලෝටොන් පාවිච්චි කර තිබු බවත් මෙය ආසන්න වශයෙන් ඇමෙරිකාව නිපදවූ පැට්මැන්[24](Fatman) සහ ත්‍රීනීටි[25](Tirinity) බෝම්බ දෙකට සමාන බවත් ප්‍රකාශ කරන ලදී.උතුරු කොරීයානු ආරක්ෂක ඇමති Lee Sang-Hee[26] ප්‍රකාශයට පත් කරන ලද්දේ තව දත්ත අවශ්‍ය බවත් ප්‍රබලත්වය 1 සිට 20 දැක්වා කිලෝටොන් පාවිච්චි කර තිබු බවත්ය.

කෙසේවුවත්,2013 සිදුකරන ලද නෂ්ටික පරීක්ෂණ කිහිපයකින්, the Federal Institute for Geosciences and Natural Resources[27] හා ජර්මණියේ [28]භූවිද්‍යා පරීක්ෂණ ආයතනය තක්සේරු කරන පරිදී, ප්‍රබලත්වය අවම 5 කිලෝටොන් සිට උපරීම 12 කිලෝටොන් ද, 2006 පරීක්ෂණය[29] අවම 700 ටොන් සිට උපරීම 2 කිලෝටොන් ද පාවිච්චිකර තිබුණි.

විකිරණමය බව සහතික කිරීමේ අඩුපාඩු[සංස්කරණය]

2009 ජුනි වල,CTBTO [30]ආයතනය නිවේදනය කලේ මැයී මස 25 දින සිදුකල පරීක්ෂණය සම්බන්දව කිසිම විකිරණ කාන්දුවක් සොයා නොගත් බවක්ය.CTBTO ආයතනය මෙම පරීක්ෂණය සිදු කල කාලයතුල ලෝක ව්‍යාප්ත විකිරණ මද්‍යස්ටාන 40ක් පවත්වාගෙන යන ලදී.ඊට අමතරව ජපාන මුහුදට [31]ඉහලින් ගිය ගුවන්යානා වලින් නිරීක්ෂණය කර ඇමෙරිකාව නිවේදනය කලේ ඔවුන්ටද විකිරණ කාන්දුවක් සොයාගත නොහැකිවූ බවත්ය.දකුණු කොරීයාවටද විකිරණ කාන්දුවක් සොයාගත නොහැකිවූ බව නිවේදනය කරන ලදී.විකිරණ කාන්දුවක් නෑත්තේහි යන්නෙහි තේරුම මෙම පරීක්ෂණය නෂ්ටික පරීක්ෂණයක් නොවන බවට ප්‍රකාශ කලනොහැක.මෙය මෙසේ සිදුවීමට සාධාරණ හේතු තිබුණි.ඉතාගැබුරු ස්ටානායක සුදුසු පාෂණ වලින් ආවරණය කොට පරීක්ෂණ සිදුකල විට මෙය නෂ්ටික අත්හදාබැලීමක් බව ප්‍රකාශ කිරීම දුෂ්කරය.

මිසයීල පරීක්ෂණ[සංස්කරණය]

එම දවස තුලම උතුරු කොරීයානුවන් කෙටි දුර මිසයීල අත්හදාබැලීම් කිහිපයක් සිදුකෙරින.මුලින් වාර්තා වුයේ මිසයීල 3ක් බවත් පසුව එය 2ක් බවට දකුණු කොරීයානු ආරක්ෂක ඇමති 2009 මැයී මස 27 වෙනි දින නිවැරදි කෙරින.පළමු මිසියීලයේ දුර 130 කිලෝමීටර බවත් දකුණු කොරීයානු ප්‍රවෘත්ති කාර්යාංශයේ යුදමය නිලදාරීන් ප්‍රකාශ කරනලදී.තවද මුදාහැරීම ඇමෙරිකානු හා ජපාන ඔත්තු බැලීමේ යානාවලට අසුනොවන පරිදි සිදුකර ඇතිබව ඔවුන් ප්‍රකාශ කලහ.

2009 මැයී මස 26 දින දකුණු කොරීයානු Yonhap[32] ආයතනය වාර්තාකරන පරිදී උතුරු කොරීයානුවන් මිසයීල 3ක් හෝ ඊට වඩා දියත් කලබවත් ඒවා නෑගෙනහිර වෙරළ තීරයේ කදවුරක සිට දියත් කෙරුනු බවත්, මෙය එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් උතුරු කොරීයානුවන් සිදුකල නෂ්ටික අත්හදාබැලීම්ට විශ්ලේෂණය ආරම්භ කරන විට සිදුවූ බවත්ය.

2009 මැයී මස 27 දින,ඔවුන් අඩුමතරමේ මිසයීල 5ක් වත් අත්හදාබලා ඇති බවත් උතුරු කොරියාවේ බටහිර වෙරළ තීරය තවදුරටත් නාවික කටයුතුවලට වගකීමක් ආරක්ෂාවක් නොමැති බවත් යුධ නියෝජිතයින් ප්‍රකාශයට පත්කරන ලදී. 2009 මැයී මස 28 දින, උතුරු කොරියාවේ නෑගෙනහිර වෙරළ තීරයේ සිට තවත් කෙටි දුර මිසයීල යොදා අත්හදාබැලීම් සිදුකරන ලදී.

2009 මැයී මස 29 දින,එක්සත් ජාතීන්ගේ නිලදාරීන් ප්‍රකාශ කරනලද්දේ ඔවුන්ගේ චන්ද්‍රිකා ජායාරූපවලින් හෙළිදරව් වෙනපරිදි කොරියානු ස්ටාන 2ක ,විශාල පරාසයේ බ්ලස්ටික මිසයීල අත්හදාබැලීමකට සුදානම් වෙන බවකි.මෙය 2009 ජුනි 1 දින ඇමෙරිකානු ආරක්ෂක ලෙක්ම් Robert M. Gates [33]ප්‍රවෘත්ති සාකච්චාවකදී සනාත කල අතර,උතුරු කොරීයානුවන් කිරීමට යන දෙය හරියටම පැහැදිලී නැතිබවත් ප්‍රකාශ කලේය.

2009 ජුනි 2 වෙනි දින,Yonhap ආයතනය වාර්තාකරන පරිදී, උතුරු කොරියාව මැදි දුර මිසයීල කිහිපයක් අත්හදාබැලීමට සැරසේන බවත්, ඒවා Anbyon region, Gangwon Province සහ Pyongyan වලට ඊසාන දෙසින් ,යනලෙස තැන් තුනක සිට මුදාහැරීමට සැරසේන බවත්,උතුරු කොරියාව අන්තර් මහත්දිව්පික බ්ලස්ටික මිසයීල අත්හදාබැලීමට සැරසේන බවත් 2009 ජුනි 1 දින ඇමෙරිකානු ආරක්ෂක ලෙක්ම් Robert M. Gates හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක නියෝජිතයින් ප්‍රකාශ කල ප්‍රකාශනය නිවරදි බවත් ප්‍රකාශ කරන ලදී.

ජාත්‍යන්තර ප්‍රතිචාර[සංස්කරණය]

උතුරු කොරීයානු ප්‍රවෘත්ති කාර්යාංශයKCNA[34] නිවේදනය කරනු ලැබුවේ පරීක්ෂනය සාර්ටක වූ බවත් මෙය අත්හදා බැලුවේ තම රටේ ආරක්ෂාව සැම අතින්ම ශක්තිමත් බව පිළිබධව අදහසක් ලබාගැනිමට බවත්ය.

දකුණු කොරීයානු ප්‍රවෘත්ති කාර්යාංශය නිවේදනය කරනු ලැබුවේ මෙය සැමරීමට Pyongyang වල මහජන රැලි සංවිධානය කර ඇති බවත්ය.

සය පාර්ශ්වික සමුළුව

1. South Korea:ජනාධිපති Lee Myung-bak[35] හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැදවූ අතර උතුරු කොරීයාවට පිටපිට අනතුරුඅගවූ අතර මෙම සිදුවීම ගැන ප්‍රකාශයක් නිකුත් කරන ලෙස දෑනුම් දෙන ලදී.

2. People's Republic of China:චීන රජය දෑඩි ලෙස මෙම පරීක්ෂණයට විරෝධය පැ අතර වහාම සය පාර්ශ්වික සාකච්චා වලට පැමිණෙන ලෙස උතුරු කොරීයාවෙන් ඉල්ලා සිටිනලදී.

3. Japan:පරීක්ෂණය පිළිගත නොහැකි බවත් මෙය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නීති බිද හෙලීමක් බවත්,මොවූනට සම්බාධක පැනවීය යුතු බවත්ය.

4. Russia:රුසියානු වීදේශ සම්බන්ධතා ඇමති[36] ප්‍රකාශ කලේ,මෙය ආසියාවේ, ඊසාන දිග ආසියා ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව හා ස්ටායීතාවය අනතුරේ දෑමීමක් බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නීති බිද හෙලීමක් බවත්ය.

5. United States:ධවල මණ්ධීරය[37] ප්‍රකාශ කලේ,කොරියාව කෙලින්ම සිදුකලේ ජාත්‍යන්තර ප්‍රජාව අනතුරේ දමන මෝඩ ක්‍රියාවක් බවත් මේ සම්බන්ධයෙන් උතුරු කොරීයාව ජාත්‍යන්තර ප්‍රජාවට වගකිවයුතු බවත්ය. ජනපති ඔබාමා නිලවශයෙන් ප්‍රකාශ කරන ලද්දේ උතුරු කොරීයාව කෙලින්ම ලෝක සාමයේ හා ස්ටායීතාවයේ මිනීවල හැරීමට පටන්ගත් බවත්ය.

වීපාක[සංස්කරණය]

පරීක්ෂණ තොරතුරු පලවුන ගමන්ම ,දකුණු කොරීයානු කොටස් වෙළද පොලට එය කෙලින්ම දෑනෙන්නට වීය.

මැයී මස 28 දින, උතුරු කොරියාවට සාම සාකච්ඡා වලට එන ලෙස දකුණු කොරියාවට තර්ජනය කරන ලදී.මෙය කොරීයානු අර්ධදීව්පය යුධ සංග්‍රාමයකට නැවත නැබුරු වීමක් ලෙස ඉතිහාස ගතවීය. මේඅනුව දකුණු කොරීයානු හා ඇමෙරිකානු සෝදිසි මෙහෙයුම් වාරගණන වැඩි කෙරින. උතුරු කොරියාව ,දකුණු කොරීයානු හා ඇමෙරිකානු නාවික නැව් වලට තම වෙරළ තීරයට නොපැම්නෙන ලෙස තර්ජනය කෙරින.ඔවුන් තමන්ගේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කර ඇතිබව ප්‍රකාශ කලහ.

2009 මැයී මස 30 දින,එකසත් රාජ්‍ධානියේ ආරක්ෂක ඇමති[38] සනාත කලේ VC10[39] ගුවන්යානා ජපානයේ ඔකිනාවාවල[40] Kadena Air Base[41] ගුවන් කදවුරට පිටත් කර යැවූ බවත් ජපානයේ පරීක්ෂණ වලට සම්පුර්ණ සහය දක්වන බවත් ප්‍රකාශ කරන ලදී.

2009 ජුනි 02 දින ජපානය, චන්ද්‍රිකා මිසයීල,කලින් දෑනුම් දීමේ පද්ධතියට සහය දක්වන අතර එහි කොටස් කරුවෙක්ද වෙයී.

උතුරු කොරීයානු නෂ්ටික පරීක්ෂණයට පසු ඇමෙරිකාව තම යුදමය උපකරණ දකුණු කොරීයාවට ඉතා අඩුමුදලට ලබාදී ඇත.ඒ යුධ උපකරණ අතර GBU-28[42] බංකර පුපුරුවන බෝම්බ, SM-2 Standard[43] මිසයීල, F-16[44] ගුවන් යානා වැදගත් තැනක් ගනුලබයී.එපමණක් නොව ඇමෙරිකාව දකුණු කොරීයාවට යුද ශක්තිය වර්ධනය කරගැනීමට පුර්ණ අනුග්‍රහය ලබාදෙනු ලබයී.


එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1874 වෙනි සම්මුතිය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1874 වෙනි සම්මුතියට[45] අනුව,ඒකමතිකව තීරණය කරණ ලද්දේ ,උතුරු කොරීයාවට ප්‍රතිචාර දෑක්වීමක් වශයෙන් ආර්ථික සම්බාධක පැනවීය යුතු බවය,උතුරු කොරීයාවට යවන සියලු බඩු භාහිරාධිය පරීක්ශා කලයුතු බවත්,ඒවා න්ෂ්ටික කටයුතු සදහා යොදා ගත හැකිනම් විනශ කල යුතු බවත්ය .