2008 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලේ කාන්තා බයිසිකල් ධාවන තරගය

විකිපීඩියා වෙතින්
ගොනුව:NicoleCooke.jpg

කාන්තා මාර්ග ධාවනය 2008 චීන බීජිං ග්‍රීෂ්ම ඔලිම්පික් උලෙළේ එක් පා පැදි තරගයකි.රටවල් 33ක කාන්තාවන් 66 දෙනෙකුගේ නියෝජනයෙන් එය 2008 අගෝස්තු 10 වන දින පැවැත්වුණි.එය කාන්තා ඔලිම්පික් මාර්ග ධාවන තරගයක හත්වන සහභාගීත්වය වූ අතර පෙර තරග 7ටම වඩා දිගු කාලයක් එය පැවැත්වුණි.ධාවන තරගය නාගරික ධවන පථයක පැවතුනු අතර (බීජින් නගරයේ එක් තාවකලික ස්ථනයකා එහි මුලු දිග කි.මි 102.6 ක් විය. කි.මි 23.8 ක් දිගැති අදෙවන වටයද අඇතුලුව කාන්තා ධවන තරගයේ මුලු දිග කි.මි 126.4 ක් වුවද එය පිරිමි ධාවන තරගයෙ මුලු දුරින් අඩකටත් වඩා අඩුය. ධාවන තරගය අතරමග ඇති වු ධාරනිපත වර්ෂාව තරගකරුවන්ට මහත් බාධවක් වු අතර පස්දෙනෙකුගෙන් සමන්විත වු කන්ඩායමක් අවසාන මොහොත දක්වා තියුණු තරගයක නියැලුනු අතර අවසානයේ නිකොලේ කුකි තරගය ජය ගැනීමට සමත් විය. මෙහිදි කුකි විසින් මහා බ්‍රිතාන්‍ය විසින් එම උලෙලේ දි දින ගනු ලැබු පලමු පදක්කම දිනා ගත් අතර එය මහා බ්‍රිතාන්‍ය විසින් ඔලිම්පික් උලෙලක දිනගනු ලැබු 200 වන රන් පදක්කම ලෙසට වර්තා පොතට එක් විය.ස්වීඩනය නියෝජන කල එම්ම ජොහන්සන් තරගයෙ දෙවන ස්ථානය දින ගනිමින් රිදි පදක්කමද, ඉතාලිය නියෝජනය කල ටඉටියන ගුඩෙර්zඔ තෙවන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කමද දින ගන්නා ලදී. 2008 ඔලිම්පික් තරගාවලියේ පලමු මත්ද්‍රව්‍ය පරීක්ෂාවීදී ධන වූ පලමු ක්‍රීඩිකාව මෙහිදි වාර්තා වූ අතර ඇය ස්පඤ්ඤය නියෝජනය කල මරිනා ඉසබෙල් මොරිනො විය. ඇයට මෙම තරගයට සහභාගී වී කාල පරීක්ෂාවට සහභාගි වීමට තිබුනද තරගාවලියට පෙර ජූලි 31 වන දින ඇය බීජින් හැර ගියාය. ඇය ඉ.පි.ඔ පරික්ෂාවට ධන වූ බැව් අගෝස්තු 11 වන දින අනාවරනය විය. 2004 වර්ෂයට වඩා එක් තරග කරුවකු අඩුවෙන් තරග කරුවන් 66 ඩෙනෙකුගෙන් තරගය ක්‍රියාත්මක වීමට එය තුඩු දුනි.

සුදුසුකම්[සංස්කරණය]

ඔලිම්පික් කන්තා මාර්ග ධාවන තරග ඉතිහාසයේ හත්වන තරගය 2008 ග්‍රීෂ්ම ඔලිම්පික් උලෙලේදී පැවතුනි.2008 ජුනි 1 දින ඉදිරිපත්කරන ලද යු.සී.අයි ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව පලමු ස්ථාන 16 තුල සිටි රටවල්වලින් තරග කරුවන් තුන් දෙනෙකු බැගින් ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශ මත තරගවලියට සුදුසුකම් ලැබු අතර 17 සිට 24 දක්වා ශ්‍රේණි ගත කීරීම්වල සිටි රටවල් වලින් උපරිම තරගකරුවන් දෙදෙනෙකු තරගයට ඉදිරිපත් කල හැකිව තිබුනි. 2008 මැයි 31 වන දින වනවිට පලමු 100 දෙනා අතර සිටි තරගකරුවන්ටද ස්ථාන 17 සිට 24 දක්වා වු රටවල් ප්‍රතිවර්ත කොට අවස්ථාව ලබා දුනි.මොවුන් යු.සි.අයි ලෝක සවාරියේ වර්ගීකරනයට යටත්ව සුදුසුකම් ලැබූ පිරිස් වූහ. මීට අමතරව තවත් අවස්ථා 3ක් බී ලෝක ශූරතා තරගවලිය සදහා ලබ දුන් අතර මොවුන් යූ.සී.අයි වර්ගිකරනයෙන් සුදුසුකම් ලැබූ අය නොවිය යුතුව තිබුණි. ගූ සුන් ගෙඋන්, හෑ ඔක් ජෙඔන්,සහ තත්සනි විචන මේ අයුරින් සුදුසුකම් ලැබූහ. නමුත් තම ජාතික කවුන්සලයෙන් මේ සදහ තෝරා ගනු ලැබුවේ මින් පලමු වැන්නා පමණි. තරගය සදහා උපරිම සහභාගීත්වය තරග කරුවන් 67 දෙනෙකුට සීම වී තිබූ අතර ජුනි 5 වන ද වන විට තරග කරුවන් 66 දෙනෙකු සුදුසුකම් ලබා තිබුනේ මේ අයුරිනි.චීන සහ ඕස්ට්‍රේලියා ජාතික ඔලිම්පික් කමිටු සදහා තරගකරුවන් 3 දෙනෙකු බැගින් අවස්ථාව ලබ දී තිබුනද ඒ සදහා ඔවුන් සහභාගි කරවුයේ තරගකරුවන් දෙදෙනෙකු බැගින් පමණි. මෙය විවෘත අවස්ථා 3ක් උදා කල අතර ඒව පිලිවේලින් ලෝක සවාරි වර්ගී කරනය අනුව නවසීලන්තය හා දකුනු අප්‍රිකාව සදහා බෙදී ගිය අතර සෘජු අරාධනයක් මගින් මුරුසි දිවයින වෙත පිරිනමන ලදී. මත්ද්‍රව්‍ය පරීක්ෂාවෙන් අසමත් වූ ස්පාඤ්ඤ ජාතික මරියා ඉසබෙල් මොරොනා හරුනුකොට ඉතිරි තරග කරුවන් 66 දෙනාම තරගයට සහභාගී විය.

දැක්ම[සංස්කරණය]

2004 ග්‍රීෂ්ම ඔලිම්පික් උලෙලේ දෙවන ස්ථානය ලැබූ ජර්මානු ජාතික ජුඩ්ත් අර්න්ඩ්ට් ශක්තිමත් තරගකරුවෙක් වූ අතර 2008 මොන්ට්‍රියල් කන්තා ධාවන තරගයේ පලමු වැනියාද විය. මාස ගණනවක් මුලුල්ලේ ඇය ප්‍රදර්ශනය කල දක්ෂතාවය මෙම තරගය තුලදි මනාව ප්‍රදර්ශනය විය. අනෙක් තරගකරුවන් අතර යූ.සි.අයි. ශූර නෙදර්ලන්ත ජාතික මැරියන් වොස්, තම කණ්ඩායම පිළිබදව විශාල බලපොරොත්තුවක් 2004 සපේක්ශව ඇති බව පැවසූ බ්‍රිතන්‍ය ජාතික නිචොලෙ කොකී මෙන්ම ඉතාලි ජාතික නෙඔමි කන්ටලෙ ද විය.ශක්තිමත් කණ්ඩායමක් වූ ඕස්ට්‍රලියානු ජාතික කණ්ඩායමෙහි එකිනෙකා වෙනුවෙන් වැඩ කල හැකි සාරා කැරිගන්(ආරක්ෂණ ශූරී), ඔයෙනූන් වූඩ්(2008 ඕස්ට්‍රලියානු ධවන තරගයෙ ජයක්ග්‍රාහිකා) සහ කැතරින් බේට්ස් ද විය. තරගයේ අවසාන අදියර අධික කදු පල්ලම් වලින් යුක්ත වූ නිසා කදු නැගීමේ දක්ෂයින්ට(කුකී, වොස් සහ සුසන්ග් ලිජුන්ග්සොග් ද ඇතුලත්ව ) තරගයේ වැඩි ඉඩක් හිමි විය. පීඩනයක් එල්ල කල හැකි තරගකරුවකු ලෙසට වැඩි අවධානයක් දිනා නොගත්ත ද 1984 හිදී පලමු සහභාගීත්වයත්, 1996 දි ජයග්‍රහනයත් ලබා ගනිමින් සිය 7 වන ඔලිම්පික් තරගවලි සහභාගීත්වය දැක්වූ තරගකරුවකු වූයේ 49 හැවිරිදි ප්‍රංශ ජතික ජෙනී ලොන්ගොය.

බොහෝ තරගකරුවෝ තරගාවලිය තුල මුහුණ පෑමට සිදුවන රළු තත්ව සදහ සිය පුහුණු කාලය තුල සූදානම් වූහ. මෙයට හොදම උදාහරනය වන්නේ එල් සැල්වදෝරය නියොජනය කල මැරියන් වොස් ය. එසේම බීජිං නගරයේ පාරිසරික දුෂණය ද ගැටලු මතු කරනු ඇතැයි බොහෝ තරග කරුවන් අපේක්ෂා කළද පිරිමි මාර්ග ධාවන තරගයේ අවසාන ප්‍රතිඵලයට ඉන් බාධාවක් ඇති නොවුනි. අගෝස්තු 10 වන දින බීජිං නගරයේ පරිසරික දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරක්ෂණ මට්ටමට ඉක්මවා තිබුන නමුත් කාන්තා තරගාවලිය අතර තුල ඇද හැලුනු වර්ෂාව මීදුම් මට්ටම අවම කරන ලදී.


පෙර දින පවත්වන ලද පිරිමි ධවන තරගයෙදී ආර්ද්‍රතාව මෙන්ම උෂ්ණත්වයද තරගකරුවන් වෙත දැඩි බලපෑම් එල්ල කරන ලදී. අපේක්ෂා කල උෂ්ණත්වයට මුහුණ දීම සදහා කාන්තා තරග කරුවන් යට කමිසය නොඇද තරගයට ඉදිරිපත් විය. මෙය වැරදි නිගමනයක් වූ අතර මහා ප්‍රාකරය අසල ප්‍රදේශයේ උෂ්ණත්වය පෙර දින උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 26 ට වඩා අඩු අගයක් වූ සෙල්සියස් අංශක 19 ක් විය. අකුණු කුණාටු අනවරත වර්ෂා සහ තද සුළං රැගෙන ආ අතර මේ හේතුවෙන් සත්‍ය තත්වය බලාපොරොත්තු වූ තත්වයට වඩ හාත්පසින්ම වෙනස් විය. තරගාවලිය නිමා නොකළ කැතරින් බේට්ස් වැනි සමහර තරග කරුවන් තරගවලියට පෙර අයිස් ඇසුරුම් සහිත ශීත බැනියම් වලින් සූදනම් වී පැමිණ තිබුණි.


අනුක්‍රමය[සංස්කරණය]

The Yonghe Temple

ධාවන තරගය නගරික ධවන පථයක පැවතුනු අතර (බීජින් නගරයේ එක් තාවකලික ස්ථනයකා එහි මුලු දිග කි.මි 102.6 ක් විය. කි.මි 23.8 ක් දිගැති අදෙවන වටයද අඇතුලුව කාන්තා ධවන තරගයේ මුලු දිග කි.මි 126.4 කි. පෙර ඔලිම්පික් තරග මෙන් මෙහි අරම්භක හා අවසාන ස්ථාන එකිනෙක සමපාත නොවුනි. තරගාවලියේ පලමු අර්ධය මධ්යපයම බීජිං හී දී පැවති අතර තරගයේ බෑවුම් කොටස සාපේක්ෂව සමතලා විය. කි.මි. 78.8 කට පමණ පසුව තරගකරුවන් මහා ප්රාමකරයේ ප්රයසිද්ධම කොටස වෙත පැමිනුණ අතර එය සහ ජුයොන්ග් අතර කි.මි 23.8 ක වලලු 2ක් එහිදී අරම්භ විය.මෙහිදී බෑවුම ක්රරමිකව වර්ධනය වූ අතර බඩලින් විවරයේ සිට මීටර 338.2ක ආරෝහනයක්ද ගමන් මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට උසම ස්ථනයට කි.මි 12.4ක් ද වූ අතර අධික බෑවුම් ද විය. එතැන් සිට තරග කරුවන් ජුයොන් විවරය දක්ව වූ අනියම් සමතලා මාර්ගයක ගමන් ගන්නා ලදී. තරග අවසානය වඩාත් ත්රී්ව්ර කිරීම උදෙසා අවසාන මි.350 ක ප්රයමාණය සාපෙක්ෂව බෑවුම් අධික කන්දක් තරණය කිරීමට දෙන ලදී. කාන්තා ධවන තරගයේ මුලු දිග කි.මි 126.4 ක් වුවද එය පිරිමි ධාවන තරගයෙ මුලු දුරින් අඩකටත් වඩා අඩුය.


තරගයේ ආරම්භක ස්ථනය යොන්ග්ඩින්මන් විවරය වූ අතර බීජිං පුරණ නගර ශලවේ සිහිවටනයක් වූ එය උතුරු බීජිං හි කොන්වෙන් දිස්ත්‍රික්කයේ කොටසක්ද විය. මර්ගය කොන්වෙන්, ෂුවන්හු, ඩොන්චෙන්,ෂිචෙන්, චයොන්,හඉඩියන්,චන්පින් හා යන්ජින් යන දිස්ත්‍රික්ක අට පුරා විහිදී පැවතුනි. බීජිං නගරයේ සිට ගම්බදට වන්නට වැටී තිබුනු මාර්ගයේ මාර්ග සලකුනු ලෙසට අහස් පන්සල, ජනතාවගේ පූජනීය වල, තියනමන් චතුරස්‍රය, චීන මහ ප්‍රකරයද දැක්විය හැක. කුරුළු කූඩුව සහ වතුර කැටය ලෙස හැදින්වුනු 2008 චීන ඔලිම්පිම් උළෙල සදහ තැනූ වස්තුවිද්‍යාත්මක නිර්මණ වන චීන ජාතික ක්‍රීඩංගනය සහ බීජිං ජල මධ්‍යස්ථනයද මෙම ගමන් මගෙහි විය. චන්පින් දිස්ත්‍රික්කයෙ ජුයොන් විවරයෙන් මෙම මාර්ගය අවසන් විය. මෙම මාර්ගය දෙපස වූ දසුන් බ්‍රිතාන්‍ය ජාතික පුවත්පතක් වූ ද ගර්ඩියන් විසින් ඉමහත් අලංකාර බවට වර්ණනා කර තිබුනි.


ඔලිම්පික් සංවිධායකයින් විසින් වැදගත් කොට සලකනු ලැබූ ආරක්ෂක හේතූන් මත ප්‍රේක්ෂකයන්හට මාර්ගය දෙපස රැදී තරගය නැරඹීමේ අවස්ථාව අහිමි කරන ලදී. සමහර ප්‍රසිද්ධ පාපැදි ධවකයින් මෙම තීරණයට විරෝධය දැක්වූ අතර ඔවුන් අතර යූ.සී.අයි. සභාපති පැට් මැක්කුඉඩ් මෙන්ම පිරිමි ධාවන තරගයට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ජාතික තරග කරුවන් වූ ස්ටුවර්ට් ඔ ග්‍රේඩි හා කඩෙල් එවන්ස් ද විය. මොවුන්ගේ අදහස වූයේ ප්‍රේක්ෂකයින් නොමැති වීම තරග පරිසරය වෙනස් කලහැකි බවත් සහායකයින්ගේ උදව් සැලකිල්ලට ගැනීමට අසමත් විය හැකි බවත්ය. පිවිසුම් පරීක්ෂණ සදහා ආරක්ෂණ උපක්‍රම අවම කරන ලෙසට ඕස්ට්‍රේලියානු ජාතික සංගමය ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම සැලකිල්ලට නොගන්නා ලදී.

තරගය[සංස්කරණය]

චීනයේ සම්මත වේලාවෙන් ප.ව 2.00 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුනු අතර ප.ව 5.30 දක්වා තරගය පැවත්වීමට නියමිතව තිබුනි. කාලගුණය අයෝග්යු අන්දමින් සීතල වූ අතර තරගය ආරම්භ කරන මොහොත වනවිට අහස වලකුලින් බරව පැවති අතර මාර්ග වියලිව පැවතුනි. තරගයේ තත්වය අභියෝගයට ලක් කරමින් වලකුළු සහිත අහස අනවරත වර්ෂවක්ද ජනිත කරන ලදී.


තරගකරුවන්ගේ වටිනා කාලය අපතේ යවන සිදුවීම් කීපයක්ම තරගවලිය තුලදී සිදු විය. දකුණු කොරියානු ජාතික ගු සුන් හෙඋන් පාලනය නොමැතිව යාමෙන් සිය පා පැදියෙන් බිම පතිත වූ අතර ඇය සමග තරගකරුවන් විශාල සංඛ්‍යවක් බිම පතිත විය. ඇය මහා මාර්ගයේ වූ කොන්ක්‍රිට් කාණුවක් තුලට අවසානයේදී ඇද වැටිණ. දුර්වල මාර්ග සලකුණු හේතුවෙන් රුසියනු ජාතික නටලිය බොයර්ස්කයාහට නැවතී මාර්ගය සෙවීමට සිදුවිය. ඒ වන විට ඇය බොඩලින් විවරයේ සිට තත්පර 59 ක් තරගාවලියේ ඉදිරියෙන් සිට තිබුනි.


බොයර්ස්කය පසුපස පැමිණි එක්සත්ජනපදය නියෝජනය කල ක්රිවස්ටීන් තෝර්බන් අවසාන කි.මි 27.8 දී පරතරය තත්පර 34ක් දක්වා අඩු කරගත් අතර අවසානයට කි.මි 22 තිබියදී මහා බ්රිරතන්ය නියෝජනය කල එමා පූලේ සහ ඉතාලිය නියෝජනය කල ටිටිආනා ගුඩෙර්සො ද ඇය හා එක් වූවාය. කෙසේ නමුත් නියත දුරක් තබා ගනිමින් ජර්මානු කණ්ඩායම ද ඔවුන් පසුපස විය. අග්ර.ස්ථානයට කි.මි 13 ක් තිබියදී ගුඩර්සෝ ද ප්රකහාරයට ලක් වුණි. නමුත් ඇය ඉක්මනින්ම ඕස්ට්රේ්ලියාව නියෝජනය කල ක්රිිස්ටියන් සොඉඩෙර්, ස්වීඩනය නියෝජනය කල එමා ජොහන්සන්, මහා බ්රියතාන්යට නියෝජනය කල නිකොලේ කුකී, සහ ඩෙන්මාර්කය නියෝජනය කල ලින්ඩ විලන්සොන් සමග එකතු වූයේ තරගාවලි අවසානයට කි.මි 7ක් තිබියදී තරගයේ විශාලම කණ්ඩායමේ පාදභාගයට සම්බන්ධ වෙමිනි. තරගාවලියේ වැඩි අවධානයක් දිනාගත් නෙදර්ලන්තය නියෝජනය කල මර්රීගනෙ වොස් සේම ජුඩිත් ආර්න්ඩ්ට් ද මෙම කණ්ඩායමේ නොසිටියහ.

රන් පදක්කමට පැහැදිලි උරුමයක් තිබියදී කූකී අවසාන වටයේදී පලමු 5 දෙනා අතර නොසිටි අතර ඇය අනෙක් තරග කරුවන් සමග මි.200 පමණ පිටුපසින් සිටිනු දැකගත හැකි විය. කෙසේ වුවද අවසානයේදි ජොහන්සොන් දෙවන ස්ථානය දිනා ගත් අතර ගුඩෙර්zඕ ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. පළමු තරගකරුගෙන් තත්පර 21 කට පසුව වොස් තරග අවසානය සනිටුහන් කරන ලදී.


පසුව අනාවරණය වූ පරිදි කොකී විසින් හිතාමතාම පසුපසින් පැමින ඇත්තේ ඇයගේ පාපැදියේ භාවිතා කල සැහැල්ලු ටයරය වර්ෂා අවස්ථාවන්හීදී නොසුදුසු වූ බැවිනි. බ්‍රිතන්‍ය ජාතික කණ්ඩායමේ කලමණාකරු වූ ජුලියන් වින් මහතා පැවසුවේ ඇය ඉදිරියට කිසිවකු පැමිනෙතැයි ඔවුන් බයෙන් පසුවූ අතර එම නිසා ධාවන පථයේ වමින් දිගටම පැමිනෙන ලෙසට ඇයට පැවසූ බවත්ය. ඇයගේ තරග ජයග්‍රහණය ප්‍රත්ත්‍යක්ෂ කරුණක් වූ බව හෙතෙම වැඩි දුරටත් පැවසීය. කුකීගේ ජයග්‍රහණය පරීක්ෂාකාරී සැලසුමක අවසාන ප්‍රථිඵලය වූ අතර තරගාවලියට පෙර සිටම ඔවුන් මෙම සැලසුම් සකස් කර තිබුණි.


මාත්‍රණ සිද්ධිය[සංස්කරණය]

ධාවන තරගයට පසු දිනයේදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ප්රඇකාශකයකු නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් 2008 ඔලිම්පික් උලෙළේ පලමු වරදකරු වූයේ ස්පාඤ්ඤ ජාතික ක්රීනඩිකාවක වූ ඉසබෙල් මොරීනො බවයි. ඇය බීජිං නගරයට පැමිණි දිනයේම යූරීන් සාම්පල ලබා දුන් නමුත් නැවත එදිනම මැඩ්රිඉඩ් නගරය බලා පියසර කරන ලද්දේ දැඩි බියට පත්ව වන අතර නවත තරගාවලියට සහභාගි වීමට නොපැමිණියාය. එරිතොප්රොසයේටීන් වලට ලබා දුන් යූරීන් සාම්පල පරීක්ෂාව ධන විය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඇයගේ තරගසහභාගීත්වය අත්හිටවූ අතර පසුව අන්තර්ජාතික පාපැදිකරුවන්ගේ සංගමයට ද මෙම පරීක්ෂා ප්රකථිපල දන්වන ලදී. කෙසේ වුවද මොරෙනොගේ පෞද්ගලික වෙබ් අඩවියේ සදහන් වූයේ මේ පිලිබදව නිදහසට කරුණු දැක්වීමට ඇය සූදානම් නොමැති බවයි.


අවසාන වර්ගීකරනය[සංස්කරණය]

එස්.ටී සලකුණ භාවිතා කර ඇත්තේ තරගරුවා තරගය ඇයට පෙර කණ්ඩායම සමගම අවසන් කල බව දැක්වීමට වන අතර එහිදී ගෞරවය සමානව ලැබෙනු ඇත.

ස්ථානය තරගකරුවා අවසන් කල වේලාව
1 නිකොලේ කුකී(මහා බ්රිමතාන්යා ) 3:32:24
2 එමා ජොහැන්සන්(ස්වීඩනය )
s.t.
3 ටිටියනා ගුඩර්සො(ඉතාලිය )
s.t.
4 ක්රියස්ටීන් සොඉඩර්(ඕස්ට්රේරලියාව ) 3:32:28
5 ලින්ඩා විලම්සන් (ඩෙන්මාර්කය ) 3:32:32
6 මැරියන් වොස්(නෙදර්ලන්තය ) 3:32:45
7 ප්රියස්කා ඩොප්මන් (ස්විට්සර්ලන්තය )
s.t.
8 පෝලිනා බ්රි්සෙස්නා (පෝලන්තය )
s.t.
9 එඩිටා පුකින්ස්කෙක් (ලිතුවේනියාව )
s.t.
10 සුල්ෆියා සැබිරෝවා (කසකස්ථානය )
s.t.
11 ජොලන්ට පොලිටිවිකියුට්(කසකස්ථානය )
s.t.
12 යුලිය මටිසෝවා (රුසියාව )
s.t.
13 ක්රියස්ටින් ෆෙරියර් බුරියු (ප්රං)ශය )
s.t.
14 මැරලින් සැල්විටෙට් (ප්රංයශය )
s.t.
15 නියෝමි කැන්ටිලේ (ඉතාලිය )
s.t.
16 ගයෝ මින් (චීනය ) 3:32:52
17 ලේයි හොබ්සොන් (කැනඩාව )
s.t.
18 නිකොලේ බ්රොන්ඩිල් (ස්විට්සර්ලන්තය )
s.t.
19 ඇනා සැන්චිස් (ස්පාඤ්ඤය )
s.t.
20 රික්සි වොරියක් (ජර්මනිය )
s.t.
21 සුසෑන් ලිජන්ස්කොග් (ස්විට්සර්ලන්තය )
s.t.
22 යෙව්ජිනියා විසොඋට්ස්කා (යුක්රේනනය ) 3:32:55
23 එමා පොලේ (මහා බ්රි(තාන්ය් )
s.t.
24 ජෙනී ලොන්ගො (ප්රං(ශය ) 3:32:57
25 ක්රි ස්ටින් ආම්ස්ට්රොවන්ග් (ඇ.එ.ජ ) 3:33:07
26 අනීටා වැලන් ද ව්රආයිස් (නෝර්වේ ) 3:33:17
27 මොඩස්ට විසනියස් කේට් (ලිතුවේනියාව )
s.t.
28 ජොආනා කියස්නොවිස්කි (නවසීලන්තය )
s.t.
29 ඔයනූන් වුඩ් (ඕස්ට්රේ්ලියාව )
s.t.
30 ග්රේනටෙ ට්රිසයර් (එස්තෝනියාව )
s.t.
31 මිහෝ ඔකී (ජපානය )
s.t.

ස්ථානය තරගකරුවා අවසන් කල වේලාව
32 ටටියන ස්ටජ්කිනා (යුක්රේයනය )
s.t.
33 ඇම්බෙර් නීමන් (ඇ.එ.ජ )
s.t.
34 මරිස්සා වේන් ද මර්ව් (ද.අප්රි කාව )
s.t.
35 ශැරොන් ලෝව්ස් (මහා බ්රි.තාන්යත )
s.t.
36 මිර්ජම් මෙල්චෙර්ස් (නෙදර්ලන්තය )
s.t.
37 එරින් විලොක් (කැනඩාව ) 3:33:23
38 සාරා කැරිගන් (ඕස්ට්රේ ලියාව ) 3:33:25
39 හැන්කා කුප්ෆනගල් ( ජර්මනිය )
s.t.
40 නතාලියා බොයර්ස්කයා (රුසියාව ) 3:33:45
41 ජුඩිත් ආනර්ඩ් (ජර්මනිය ) 3:33:51
42 ස්කානා කැස්චිශිනා ( යුක්රේයනය ) 3:34:13
43 ඇලෙක්සැන්ඩ්රාශ බර්චින්කොවා (රුසියාව ) 3:36:32
44 ලිසලොට් ඩෙක්රොික්ස් ( බෙල්ජියම ) 3:36:35
45 ඇලෙක්සැන්ඩ්රාො ජොසපිනා ගැස්සි (මෙක්සිකෝව )
s.t.
46 මොනිකා ස්චැචල් (ඕස්ට්රේගලියාව ) 3:36:37
47 චැන්ටන් බෙල්ච්මන් (නෙදර්ලන්තය ) 3:37:02
48 මෙන් ලැන්ග් (චීනය ) 3:37:42
49 සිග්රිැඩ් තෙරේසා කෝනියො (ස්ලොවේනියාව ) 3:39:29
50 ඇලෙක්ස්සැන්ඩ්රා් වෘබ්ලෙස්කි (කැනඩාව ) 3:39:36
51 ක්ලෙමිල්ඩ ෆර්නැන්ඩස් ( බ්ර්සීලය ) 3:41:01
52 ක්රිමස්ටීන් තෝබන් (ඇ.එ.ජ ) 3:41:08
53 කැතරින් චෙට්ලි (නවසීලන්තය )
s.t.
54 ඩැනියෙල් ගාර්සියා (වෙනිසියුලාව ) 3:43:25
55 මාර්ත විල්ජොසාන (ස්පාඤ්ඤය )
s.t.
56 සාරා මස්ටොනන්(ස්වීඩනය )
s.t.
57 ඇන්ගී ගොන්සාලෙස් (වෙනිසියුලාව )
s.t.
58 ගූ සන් ජියුන් (කොරියාව ) 3:45:59
59 චෙරිස් ටේලර් (ද.අප්රිාකාව ) 3:48:33
60 යුමාරි ගොන්සාලෙස්( කියුබාව ) 3:51:39
61 චැන්පෙන් නොන්ටසින් (තායිලන්තය ) 3:51:51
62 ඔරිලි හොල්බ්වැචස් (මොරිටානියාව ) 3:52:11


තරගය අවසාන නොකල තරග කරුවන්[සංස්කරණය]


බොහෝ තරගකරුවන් එක් දින තරගවලදී තරගය අවසාන කිරීම අපෙක්ෂා නොකරන අතර තම කණ්ඩායමට (මෙහිදී රටට ) කදු පල්ලම් වැනි දුෂ්කර අවස්ථාවන්හීදී සහාය දැක්වීමට පමණක් සහභාගී වේ. මෙයට අමතරව කිසියම් තරගකරුවකු මගහරුණ්හොත් නැවතීමට සන් කරන අතර මෙහිදී එම අවස්ථාව උදා නොවිනි.

තරගය අවසන් නොකල තරගකරුවන් හතර දෙනා[සංස්කරණය]

සොන්ග් හී ජුන් (කොරියාව ) වෙරා කර්ර රා (ඉතාලියා) කැත්රිරනෙ බේට්ස් (ඕස්ට්රේ්ලියාව ) ජෙනිෆර් හොල්ෆ් (ස්විට්සර්ලන්තය )