2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය

විකිපීඩියා වෙතින්
(2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බය වෙතින් යළි-යොමු කරන ලදි)
2008 කොටුව දුම්රිය නැවතුම්පළ බෝම්බ ප්‍රහාරය
2008 Fort Railway Station Bombing
බෝම්බය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ඩී. එස්. සේනානායක විදුහලේ සිසුන් වෙනුවෙන් ඉදිකරන ලද ස්මාරකය
ස්ථානයකොටුව දුම්රිය නැවතුම්පළ, කොළඹ, ශ්‍රී ලංකාව
දිනය2008 පෙබරවාරි 3 (UTC+5:30)
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර[1]
මරණ12[2]
තුවාලකරුවන්92[2]
සැකකෙරෙන අපරාධකරුවාදෙමළ ඊළාම් විමුක්ති කොටි

2008 කොටුව දුම්රිය නැවතුම්පළ බෝම්බ ප්‍රහාරය යනු එම වසරේ පෙබරවාරි 3 වන දින ශ්‍රී ලංකාවේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ, මගී දුම්රියක් අසල පුපුරුවා හරිනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 12 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර,[2] තවත් 100 කට වැඩි පිරිසකට තුවාල සිදු විය.[3] මිය ගිය අය අතර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ බේස්බෝල් කණ්ඩායමේ සිසුන් 8 දෙනෙකු සහ ඔවුන් භාරව සිටි ගුරුවරයෙකුද විය.

මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන දෙමළ කොටි ත්‍රස්ථ සාමාජිකාවක විසින් සිදුකරන ලද්දක් බවට, ශ්‍රී ලංකා රජය තහවුරු කර ගන්නා ලදී.[4] වේදිකා අංක 3 අංගණයේ නවත්වන ලද, දුම්රියෙන් බට අවස්ථාවේදීම බෝම්බකාරිය විසින් සිය බෝම්බය පුපුරුවා හැර ගෙන තිබිණි.[5]

මේවාද බලන්න[සංස්කරණය]

References[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]