1982 බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා ගැසල් හෙලිකොප්ටරය වෙත අනවේක්ෂි වෙඩිතැබීමේ සිද්ධිය

විකිපීඩියා වෙතින්
ගැසල් XX377 විනාශවීම
ෆෝක්ලන්ත යුද්ධය හි කොටසකි
A small camouflaged helicopter hovers, just off the ground, over a field.
බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා ගැසෙල් හෙල්කොප්ටරයක්, 1983 ගණන් වලදී
දිනය6 ජූනි1982
පිහිටුම
ප්‍රතිඵලය බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සතරදෙනෙක් මිය ගියහ,
එක් බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා හෙලිකොප්ටරයක් විනාශ විය


ෆෝක්ලන්ත අර්බුද සමයේදි, 1982 ක් වූ ජුනි මස හය වන දින බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් කාණ්ඩ අoක 42 "ඩිස්ට්රොයෙර්" වර්ගයේ HMS කාඩිෆ් යුද නෞකාව විසින් බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවට අයත් කාණ්ඩ අoක "xx377" දරණ ගැසල් හෙලිකොප්ටර් යානය අත් වැරදීමකින් අවාසනාවන්ත ලෙස වෙඩි තබා බිම හෙලන ලද්දේ යානයේ සිටි ගුවන් නියමුවා ඇතුලු සිව් දෙනෙක් මරු මුවට පත් කරමිනි. කාඩිෆ් නෞකාව නිරීක්ශණ මෙහෙයුමක යෙදී සිටියදී මෙම ගුවන් යානය ෆෝක්ලන්ත දිවයින් අත්පත් කරගැනීමේ මෙහෙයුමෙහි නිරතව සිටි ආර්ජන්ටිනා හමුදාවට ගුවන් සැපයුම් ලබා දෙන C-130 හර්ක්යුලිස් වර්ගයේ සතුරු ගුවන් යානය කැ'යි වරදවා හදුනා ගැනීම මෙම සිද්ධියට හේතු වී තිබේ. ප්‍රථමයෙන් මෙය සතුරු ප්‍රහාරයක් යැයි හැදින් වුවද පසුව සිදු කල පරීක්ෂණ වලින් හෙලි වූයේ ගුවන් යානය කඩා වැටීමට හේතු වූයේ කාඩිෆ් මිසයිල් ප්‍රහාර බවයි.

ගොඩබිම් ප්‍රහාරක බල ඇණි සදහා අවශ්‍ය ආධාරක බලය ලබා දෙනු පිණිස HMS කාඩිෆ් නව්කාව ජුනි 5 වන දින රාත්‍රියේ ෆෝක්ලන්ත දූපත් වලට නැගෙනහිර දෙසින් නැන්ගුරම් ලා තිබිනි.එදින අළුයම සුපුරුදු පරිදි ගැසල් හෙලිකොප්ටරය නැගෙනහිර ෆෝක්ලන්ත දූපත් වල පිහිටුවා තිබූ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සoඥා මද්යස්ථානය වෙත පුද්ගල හා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදී සිටි අතර අළුයම 2.00 වන විට ගුවන් යානාව කාඩිෆ් නව්කා රේඩාර් තිරයේ දිස් වුවද ගුවන් යානය ඇදී ආ වේගය සහ විලාශය කරණ කොට ගෙන එය සතුරු ගුවන් යනයක් යැයි අනුඅනුමාන කෙරිනි. එසැනින් ගුවන් යානා නාශක මිසයිල දෙකක් ඉලක්කය කරා නික්මිනි.උදැසන වන විට ගැසල් ගුවන් යානාවේ සුන්බුන් සහ මළසිරුරු සොයා ගැනුනු අතර එය සතුරු ප්‍රහාරයක් මගින් විනාශ වී ඇති බැව් අනුමාන කරන ලදි.එනමුත් පසුව සිදු කරන ලද සුන්බුන් පරීක්ෂාවෙදී ප්‍රහාරය සම්බන්දයෙන් කාඩිෆ් නව්කාව වෙත සැකය එල්ල වුවද,මේ සිද්දිය සිදුවී සිව් වසරක් ගතවනතුරුත් මෙ සම්බන්දයෙන් විදිමත් පරීක්ෂාවක් සිදු නොවූ බව වාර්තා වේ.

මේ සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට නැගෙන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් මහ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යන්ශය පවසා සිටියේ ස්වකීය පාර්ශවයන් තවදුරටත් පීඩාවට පත් කිරීම තමන්ගෙ අරමුණ නොවන නමුදු මෙම සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ කටයුතු අත්හල නොමැති බවයි.

පසුබිම[සංස්කරණය]

1982 ක් වූ අප්‍රේල් මස 2 වන දින අර්බුදයට ලක්ව තිබූ මහ බ්‍රිතාන්‍ය සතුව පැවති ෆෝක්ලන්ත දූපත් ආශ්‍රිත මුහුදු කලාපය අසල්වාසි ආර්ජන්ටිනාව විසින් ආක්‍රමණය කරන ලදි. ප්‍රතිචාර වශයෙන් සැතපුම් 8000ක් ඈතින් පිහිටා තිබුනු මහ බ්‍රිතාන්‍යයේ සිට සෙබළු 28,000 ක ගෙන් සමන්විත නාවුක බලඇණියක් වහා පිටත් කර එවන ලදි. ජුනි මස වන විට ආර්ජන්ටිනා හමුදා පරාජය බාරගනිමින් යටත් වීමත් සමග සටන් මැඩපැවත් වුනු අතර දෙමසක් ඇතුලත ගොඩමිබ, මුහුදේ සහ ගුවනේ සිදු වූ සටන් වලින් දෙපාර්ශවයේම ජීවිත හානි 900ක් පමන සිදුවී ඇත.මැයි මස ආරම්භ වීමත් සමග නැගෙනහිර ෆෝක්ලන්ත දූපත් වල දකුනු දෙසට වන්නට පිහිටා ඇති සැන් කාලොස් ප්‍රදේශයට ගොඩ බට බ්‍රිතාන්‍ය හමුදා කන්ඩායම් ගොඩබිම් මාර්ග ඔස්සේ අගනගරය වන 'ස්ටැන්ලි' බලා ගමන් ඇරඹීය. මෙලෙස ගොඩබිම් මාර්ග ඔස්සේ ගමන් කරන හමුදා අනුඛන්ඩ වලට දිගින් දිගටම සැන් කලොස් වල සිට ආහාර සහ යුද උපකරණ සැපයුම් ගුවන් මගින් ලබාදීම සිදු විය.තවද ස්ටැන්ලි නගරය අත්පත් කරගෙන තිබූ ආර්ජන්ටිනා හමුදාවන්ට අරජන්ටිනාවේ සිට නොකඩවා යුද්ධය පැවති සමය පුරාවට C-130 හර්ක්‍යුලිස් යානා මගින් ගුවන් සැපයුම් ලබා දීම සිදු විය.මෙම සැපයුම් නවතාලීම න්වුක හමුදාවන්ට බාරදීමට තීරණය කෙරුනු අතර මෙම සැපයුම් නවතාලීමට විවිධාකාර ක්‍රියාමාර්ග ගනු ලැබීය.

සිදුවීම[සංස්කරණය]

A large cannon on the front of a warship surrounded by empty shells, waves are breaking over the ship.
වෙඩි බලය සැපයීමෙන් පසු කාඩිෆ් හි 4.5 අඟල් gun උන්ඩ වැටී තිබූ අයුරු 5 ජුනි

මේ අතරතුරේදී 656 භටකන්ඩායමේ ගුවන් නියමු ස්ටාෆ් සාජන්ට් ක්‍රිස්ටෝපර් ග්‍රිෆින් හා ලාන්ස් කෝප්‍රල් සයිමන් කොක්ටන් වෙත් ඒ වන විට නිසි ලෙස ක්‍රියාත්මක නොවෙමින් පැවති 'ප්ලසන්ට් පීක්' ගුවන් විදුලි මධ්‍යස්ථානය වෙත ආහාර සහ සෙබළු රැගෙන පියාසර කරන ලෙස අණ ලැබී තිබුනි.මෙම ගුවන් විදුලි මධ්‍යස්ථානය ඊට පෙර දින එහි පිහිටුවනු ලැබූයේ ඩාවින් වල පිහිටා තිබෙන 5 වන බ්‍රිගේඩයේ මූලස්තානය සහ පැරශූට් රෙජිමේන්තුවේ 2 වන බලසේනාව අතර සන්නිවේදන කටයුතු සදහාය. පැහැදිලි අහස, සෞම්‍ය සඳ එලිය සහ සුලගේ වේගය(පැ.කිමී) යන සියල්ල රාත්‍රී පියාසැරිය සඳහා විශිෂ්ඨ වූ පරිසරයක් නිර්මාණය කර තිබින. ගූස්ග්‍රීන් ප්‍රදෙශයෙන් කාන්ඩ අන්ක 'xx337' දරණ ගැසල් යානයෙන් නික්මුනු ගුවන් කණ්ඩායම ඩාවින් මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ආහාර සහ උපකරණද ලබා ගන්න ලදි. තවද 205 සඥා භට කණ්ඩායමේ අණදෙන නිළධාරී මේජර් මයිකල් ෆෝජ් සහ ඔහුගේ තාක්ෂණික සහයක ස්ටාෆ් සාර්ජන් ජෝන් බේකර්ද ගමන සඳහා එක් වීය. ග්‍රිෆින් අත්දැකීම් බහුළ ගුවන් නියමුවෙක් වූ අතර ඩාර්වින් සිට ගුවන් විදුලි මධ්‍යස්ථානය වෙත විනාඩි 10 ක පියාසැරියක් ප්‍රමාණවත් වේ.

A sailor in a blue shirt sits at a console, it has a large circular screen and switches.
කාඩිෆ් හි භූමි නිරීක්ශක රේඩාර් තිරය

අළුයම 2.00 ට පමන කාඩිෆ් හි මෙහෙයුම් කුටියේ රේඩාර් තිරය මත නාවුකසැතපුම් 25ක් ඈතින් වන්නට XX377 වර්ගයේ අහස්යානයක් දිස්විය.ගුවන් යානයේද ' '(හතුරු හො මිතුරු පාර්ශව ) හඳුනා ගැනීමේ පදධතිය ක්‍රියා විරහිත කර දම තිබිනි. එනිසාම කිසිදු ලෙසකින් පණිවිඩ හුවමාරුවක් සිදු නොවූ බැවින් කාඩිෆ් නැවියන් විසින් මෙය හතුරු ගුවන් යානයක් යැයි අනුමාන කර ඇත.ගනණය කරන ලද වේගයන්ට අනුව මෙය අවි හා ආහර සැපයුමේ නිරතවන හර්ක්‍යුලිස් යානයක් හෝ FMA-IA 58 පුකාරා ගොඩබිම් ප්‍රහාරක ගුවන් යානයක් යැයි අනුමාන කෙරිනි.එ සමගම ක්‍රියාත්ම වුනු කාඩිෆ් ඈ සතු අති ප්‍රබල ගුවන් යාන නාශක ඩාට් මිසයිල ද්විත්වයක් මුදා හළේය. ඒ සමගම 5 වන හමුදා බ්‍රිගේඩය ගැසල් යානව සමග තිබූ රේඩියෝ සම්බන්දතාව ඇණ හිටි අතර යානාව පුපුරා යන හඞ හා ගිනිගෙන දැවී වැටෙන අයුරු ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සිටි සෙබළුන් නිරීක්ශනය කර ඇත.

මෙම ප්‍රහාරයත් සමගම ප්‍රදේශය තුල තවදුරටත් ආර්ජන්ටියානු ක්‍රියාකාරීත්වය පවතින බවට සැක පහල වුනු අතර ඒ නිසාම නේපාල සෙබළුන්ගෙන සමන්විත ගර්ක බළකායේ සහය ලබා ගැනීමට තීරණය කරන ලදි. තවද උදෑසන ක්‍රියාත්මක කරන ලද සුන්බුන් සහ මළ සිරුරු පරීක්ෂා වෙන් පසු එහි වගකීම කාඩිෆ් නව්කාව වෙත බැර වුනු අතර තවදුරටත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වැළකීම සඳහා රියර් අද්මිරාල් සැන්ඩි වුඩ්වඩ් විසින් වහම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර ෆෝක්ලන්ත සීමාවේ සිට කි.මි. 200 ක සීමවෙ සහ අඩි6000ට පහල ගුවන් සීමාවේ ගමන් කරන හදුනා නොගත්(සතුරු පාර්ශවය යැයි නිශ්චිත කර නොගත්) ගුවන් යානා වලට බලපැවත් වෙන පරිදි ගුවන් යානා නාශක අවි පාලක නියෝගයක් නිකුත් කරන ලදි.

විමර්ශන කටයුතු[සංස්කරණය]

A large white missile sits on its launcher at the front of a warship.
HMS කාඩිෆ්හිසී ඩාට් මිසයිල දිස් වූ අයුරු, 1982

ප්‍රථමයෙන් මළසිරුරු ජේෂ්ඨ වෛද්‍ය නිළධාරී රිකී ජොලී විසින් පරීක්ෂාවට බඳුන් කෙරුනු අතර යානයේ සුන්බුන්ද වැඩිදුර පරීක්ෂාවට ලක්විය. එහෙත් යානය නිශ්චිත වශයෙනම කාඩිෆ් මිසයිල වලට ගොදුරු වූ බව තහවුරු කරගත හැකි නොවූයෙන් මේ සඳහා විශේෂ පරීක්ෂක කමිටුවක් පත් කිරීම අත්හිටවනු ලැබූ අතර 'ගැසල්' යානය ක්‍රියාන්විතයේදි අනතුරට පත් වූ බැව් වාර්තා කරන ලදි.මෙය ස්වකීය පාර්ශවයන් විසින් කරනු ලැබූ වෙඩි තැබීමක් නිසා සිදුවූ බව දැන ගැන්ම අනතුරට පත් වූවන්ගේ ඥාතීන්ගේ දුකට හේතුවන බැවින් එය හෙලීකිරීම සිදු නොකර සිටි බැව් පෙනේ. පසුකාලීනව ගුවන් යානවේ සුන්බුන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ෆාන්බරෝ වල පිහිටි රාජකීය ගුවන් යානා ආයතනය වෙත යවන ලදි.බ්‍රිතාන්‍ය ඩාට් මිසයිලකොපුවක් සුන්බුන් වලට යාර ගනනක් ඈතින් මුහුදු පතුලේ තිබී හමුවුනිද සුන්බුන් වල තිබී හමුවූ මිසයිල කොටස් බ්‍රිතාන්‍ය ඩාට් මිසයිලයක කොටස්ය යන්න විද්‍යාත්මක පරීක්ෂණ මගින් බැහැර කර තිබේ.ලාන්ස් කෝප්‍රල් කොක්ටන් ගේ මෘතදේහය එක්සත් රාජධානියට ගෙන ඒමෙන් පසුව 1982 දෙසැම්බරයේදී මෙම සිද්ධිය සම්බන්දයෙන් සදම්ටන් හිදී තවත් පරීක්ෂණයක් පවත්වන ලදි. මෙය ෆාන්බාරෝ පරීස්ක්ෂ්ණ තොරතුරු මත පදනම්ව සිදුකරන ලද අතර එම කාරණා අනුව පරීක්ෂකයන්ගේ මතය වූයේ සුන්බුන් වලින් සොයා ගත් යානය විනාශකලායැයි කියන මිසයිල එවකට සතුරන් සන්තකයේ පැවති ඒවා බවයි.

1985 නොවැම්බරය වන විට පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වූ අතර පරීක්ෂණ කමිටුවේ අවසන් නිගමනය වූයේ සුන්බුන් අතර තිබී සොයගත් මිසයිල කැබලි වල අයිතිය තහවුරු කිරීමට සාක්ෂි නොමැති බවයි. 1986 ජූලි මාසයේදි බ්‍රිතාන්‍යයේ සන්නද්ධ බළකාය සඳහා වන අමාත්‍ය0ශ ප්‍රධානී ජෝන් ස්ටැන්ලි මේ සම්බන්දයෙන් තමා පාර්ලිමේන්තුවේදී කල පිළිතුරු සැපයීම හෙළි කරන ලදි. අවසානයේදී 1986 ඔක්තෝම්බර් මස කොක්ටන්ගේ මව් පාර්ශවයේ සහ යුධ විරෝධී දේශපාලකයකු වන ටෑම් ඩැල්යල් ගේ බළකිරීම් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට නිළ කමිටුවක් පත් කරන ලදි.

An empty missile launcher on the front of a warship, it has scorch marks on it. In the background there are empty shell casings.
කාඩිෆ් හි මිසයිල ලෝන්ජරය, සිදුවීම සිද්ධවූ දින අළුයම දිස් වූ අයුරු

තීරණයක් ලබා දීමට කමිටුවට මාසයක කාලයක් ගත විය.ඉතිහාසාඥයකු වන හ්‍යුග් බයිකෙනෝ පැහදිලි කරන පරිදි මෙය ස්වකීය පාර්ශ්වය විසින් කල ප්‍රහාරයක් බව පිළිගැනීමටත් සිව් වසරක් ගතවුනි. ඔහුට අනුව මෙය ආරක්ෂක අමාත්‍යන්ශයේ දුර්වල තාවය නිසා හෝ සිතාමතාම සිද්ධිය යටපත් කිරීමට ගත් උත්සහයක් නිසා සිදුවී ඇත. කමිටුව මගින් සොයා ගත් කරුනු හෙලිදරව් වීම ආරක්ෂක කටයුතු වලට ඍජුවම බලපෑම් ඇති කලහැකි මුත් "නිදහස් තොරතුරු පනත" යටතේ මහජනතාවට හෙලි කරනලදි.පරීෂක කමිටුවේ නිරීක්ශනයන්ට අනුව සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියන්ට අනුකූලව හෙලිකොප්ටර මෙහෙයුම සිදු කරන ලදේ තම බ්‍රිගේඩයට අයත් ප්‍රදේශයන් තුල වන බැවින් සහ බ්‍රිගේඩයේ කටයුතු සඳහා බැවින් ඒ සම්බන්ධයෙන් 5 වන බ්‍රිගේඩය වෙනත් කිසිම ආරක්ෂක අන්ශයකට දැනුම් දිය යුතු නොවන බවයි. ගැසල් යානයේ IFF රේඩාර් යන්ත්‍රයක් සවි කර තිබුනද එය ක්‍රියා විරහිත කර දමා තිබුනි.එය ක්‍රියාවේ යෙදුනා නම් ගැසල් යානය කාඩිෆ් ප්‍රහාරයන්ට ගොදුරු නොවීමට ඉඩ තිබුනේද යන සැකය මෙහිදී මතුවන බව පරීක්ෂක කමිටුවේ මතය වේ.එ වන විටද සියලුම ගැසල් යානා වලට පාහේ රේඩාර් යන්ත්‍ර සවි කර තිබුනද ඒවා ක්‍රියා විරහිත කර තබන්නට අණ දී තිබුනේ එ මගින් රැපියර් ගුවන් යානා නාශක මිසයිලපද්ධතියට බාධා සිදුවන බැවිනි. මුහුදේ සිට ගුවන් ඉලක්ක ගැනීම සම්බන්දයෙන් රාජකීය නාවුක හමුදාවට අති හැකියාව කේන්ද්‍ර කර ගනිමින් ගෙතුනු දුර්මත ඔවුන් ගෙන් එල්ල විය හැකි ප්‍රහාර යුධ හමුදාව විසින් නොසලකා හැරීමට හෙතු වීය. පරීක්ෂ්ණය අවසන් කරමින් කමිටුව ප්‍රකාශ කර සිටියේ මෙය සන්නිවේදන්යේ දුර්වලතා හේතුකරගනිමින් ඇති වූ අවාසනාවන්ත සිදුවීමක් බවයි. තවද කිසිදු පාර්ශවයක් මත හෝ තනි පුද්ගලයෙක් මත වරද පැටවිය නොහැකි බවද ප්‍රකාශ වීය.


බලපෑම

A cross amongst rocks painted white and a mountain in the background
සිහිවටන රණවිරුස්මාරකය

මෙම සිදුවීමත් සමගම මිසයිල පද්ධති නාශක ගුවන් යානා ප්‍රමුඛ ගුවන් යානා පෙරටු කොටගත් යුද්ධයක් ඇදී ගියේය. තවද පරීක්ෂක කමිටුව මගින් දන්වා සිටි අයුරින් (වෙනත් හමුදාවන්ගෙ මිසයිල බළය අවතක්සේරු නොකර ) කලාපීය නාවික යුධ බළය සහ නාවික වෙඩි බළය නැන්වීමටත් වෙනත් හමුදාවන්ගෙ ක්‍රියාකරීත්වය ගැන සැලකිල්ලෙන් පසු වීමටත් තීරණය විනි.1980 දශකය පුරාවට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඕමානය සහ ස්කොට්ලන්තය වැනි රටවල් සමග ඒකාබද්ධ යුධ පුහුණු සැසි පැවත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.සියලුම යුධ හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා ගුවන් යානවලට 'IFF' රේඩාර් පද්ධති සවි කරන ලදි. තවද IFF රේඩාර් පද්ධතිය ආශිතව පැවති ගැටලු සියල්ල සාර්තකව නිමා විය.තවද වෙඩි බලය ලබා දීමට සිටින නැවියන්ගේ කාර්‍යභාරය ගුවන් හමුදාව සමග එක්ව කරන සටනකදී, ඉන් පසුව අවශ්‍ය අර්ථ දැක්වීමක් ලබා දීම දක්වා උසස් කිරීමට පරීක්ෂක කමිටුවේ අනුමැතිය සහ නිර්දේශනය ලබා ගන්නා ලදි.