1920 ගිම්හාන ඔලිම්පික්

විකිපීඩියා වෙතින්
Games of the VII Olympiad
සත්කාරක නගරයඇන්ට්වර්ප්, බෙල්ජියම
සහභාගී වන ජාතීන්29
සහභාගී වන ක්‍රීඩකයන්2,626
(2,561 men, 65 women)
ඉසව්156 in 22 sports
සමාරම්භක උත්සවයAugust 14
අවසන් දින උත්සවයසැප්තැම්බර් 12
නිල වශයෙන් විවෘත කරන ලද්දේපළමුවන ඇල්බර්ට් රජු
ක්‍රීඩක දිවුරුමවික්ටර් බොයින්
ක්‍රීඩාංගනයඔලිම්පික් ක්‍රීඩාංගනය

1920 ගිම්හාන ඔලිම්පික් (නිල වශයෙන් Games of the VII Olympiad ලෙස හඳුන්වනු ලබන) යනු 1920 දි බෙල්ජියමේ ඇන්ට්වර්ප් හිදී පැවති 7වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. 1912 දී IOC හි 13 වන සැසිවාරයේ දී, 1920 ඔලිම්පික් තරගාවලිය බෙල්ජියමේ පැවැත්වීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එවකට බෙල්ජියම් ඔලිම්පික් කමිටුවේ සහ බෙල්ජියම් රාජකීය පාපන්දු සංගමයේ ප්‍රධානියා වූ එදුවාර්ඩ් ඩි ලෙව්ලියෙ විසිනි. තරග පැවැත්වීමට අපේක්ෂිත නගරයක් එවකට යෝජනා නොවිණි.

පළමුවන ලෝක යුද්ධය නිසා ජර්මන් අධිරාජ්‍යයේ අගනගරය වූ බර්ලින් හි පැවැත්වීමට නියමිතව තිබූ 1916 ඔලිම්පික් තරගාවලිය අවලංගු වූ අතර යුද්ධයෙන් සිදු වූ හානි සහ 1919 පැරිස් සාම සමුළුව නිසා, 1920 ඔලිම්පික් තරගාවලියට ද අයහපත් බලපෑම් ඇති විය. නව රාජ්‍යයන් බිහිවීම මෙන්ම යුද්ධයෙන් පරාජයට පත් වූ ජාතීන්ට පැනවූ සම්බාධක සහ යුද්ධය ආරම්භ කිරීම පිළිබඳව ඔවුන්ට එල්ල වූ චෝදනා ද මෙයට හේතු විය. හංගේරියාව, ජර්මනිය, ඔස්ට්‍රියාව, බල්ගේරියාව සහ ඔටෝමන් අධිරාජ්‍යය යන රටවලට තරගාවලියට සහභාගී වීම තහනම් කරන ලදී. 1925 දක්වා ජර්මනියට එරෙහි තහනම ක්‍රියාත්මක විය. එම කාලයේ දී ඔවුහු Deutsche Kampfsiele නම් තරග මාලාවක් සංවිධානය කළහ. එය ආරම්භ වූයේ 1922 දී පැවති ශිත ඍතු තරගාවලියකිනි.

රුවල් ඔරු තරග බෙල්ජියමේ ඔල්ටෙන්ඩ් හිදී සහ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හිදී පැවැත්වුණි.

"https://si.wikipedia.org/w/index.php?title=1920_ගිම්හාන_ඔලිම්පික්&oldid=373918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි