සරසවිය සම්මාන

විකිපීඩියා වෙතින්
(‘සරසවි’ සම්මාන උළෙල වෙතින් යළි-යොමු කරන ලදි)
සරසවි සම්මාන උළෙල
33 වරක්
සම්මාන ලබාදෙන්නේසිනමාවේ අභිවෘද්ධිය සඳහා
ප්‍රථම සම්මාන උළෙල1964
අවසාන සම්මාන උළෙල2016 දෙසැම්බර් 05
අන්තර්ජාල ලිපිනයhttp://www.sarasaviya.lk

සරසවිය සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ සිනමාව උදෙසා සතිපතා පුවත්පතක් වන සරසවිය පුවත්පත මඟින් පිරිණමන සම්මානයකි. සිනමාවේ අභිවෘද්ධිය සඳ්හා මෙම ක්‍රියාව 1964 සිට ආරම්භ කළේය.[1][2] සරසවිය ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි.

ඉතිහාසය[සංස්කරණය]

The Sarasaviya film awards ceremony began in 1964 at a time when the local cinema was trying to shed its South Indian orientation and establish an indigenous identity. There was no need to go to India to make films any more and the era of Indian artistes too had ended. ප්‍රථම සරසවිය සිනමා උළෙල පැවැත්වූයේ 1964 මැයි 9 දින කොළඹ අශෝක සිනමා ශාලාවදීයි. අවුරුදු 17කට පසුව ශ්‍රී ලංකා සිනමාවහි තිරයට පොඩි පුතා, රේඛාව, සන්දේශය, රන්මුතුදූව, කුරුළුබැද්ද, සිකුරුතරුව සහ ගම්පෙරළිය වැනි නිර්මාණාත්මක සිනමාපට ලංකවේ රිදී තිරයට එනු ලැබුවා. මන්ද ඉන් පෙර තිබූ බොහෝමයක් චිත්‍රපට ඉන්දියානු නිෂ්පාදන බැවිනි.

කෙටියෙන්ම කිව හොත් 1960 අවුරුද්ද සිංහල සිනමා රන් රේඛාවේ ආරම්භයයි. ප්‍රථම සරසවිය සිනමා සම්මාන උළෙලට ඇතුළු වූ සිනමාපට 1963ම ඒවා නොවීය 1960 සිට 1963 දක්වා තීර ගතවූ සිනමාපටයන් මේ සඳහ තෝරා ගනු ලැබීය. හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචකයනය, හොඳම නළුවා සහ නිළිය එ දවසෙහි තෝරනු ලැබුවා. ගම්පෙරළිය හොඳම සිනමාපටය ලෙසට එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ සම්මාන ලැබූවා. එම චිත්‍රපටියටම සර්.ලෙස්ටර් ජෙම්ස් පීරිස් හොඳම අධ්‍යක්ෂණට සහ රෙජී සිරිවර්ධන හොඳම තිර රචනයට සම්මාන ලැබුවා. ඩී.ආර්. නානායක්කාර හොඳම නළුවා ලෙස සිකුරු තරුවෙහි දක්ෂතාවයට සම්මාන ලැබූවා, ඒ 1964 සම්මානීය අනෙක් සිනමාපටයයි. පුන්‍යා හීන්දෙණිය හොඳම නිළිය සම්මානය ලබා ගනු ලැබූයේද ගම්පෙරළිය සිනමාපටයෙන්මය. මුල්ම සරසවි සම්මාන උළෙල පැවැතියේ කොළඹ අශෝකා සිනමා හලදීයි. ‘සිළුමිණ’ පුවත්පතේ උප කතුවරයකු වූ විමලසිරි පෙරේරා මහතා විසින් 1964 දී ප්‍රථම සරසවි සම්මාන උළෙල පවත්වන ලදී. සරසවිය සම්මාන උළෙලට ජනප්‍රිය හින්දි නිළි මීනා කුමාරි සහභාගී විය.

සම්මානය නිර්මාණය[සංස්කරණය]

සම්මානය නිර්මාණය කරන ලද්දේ ප්‍රවීණ මූර්ති කලා ශිල්පී තිස්ස රණසිංහයන් විසිනි. ‘සරස්වතී’ අභිනන්දන ගීතය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කවීන්ද්‍රයාණෝ රචනා කළහ.

දෙනු ලබන තිළිණ[සංස්කරණය]

මෙහි ආරම්භය 1964 දී වුවත් අතීතයේ ක්‍රමය වෙනස් කරමින් 2004 දී ස්ම්මාන 33 ක් පිරිනැමීය. එහි හඳුන්වා දෙනු ලැබූ විශිෂ්ට සම්මාන 12ක් සහිතය.

විශිෂ්ට සම්මාන[සංස්කරණය]

ජනප්‍රිය ප්‍රදානය ඡන්දය පදනම[සංස්කරණය]

ශිල්පීය සම්මාන[සංස්කරණය]

යාවජීව කර්තව්‍යය සඳහා තිළිණය[සංස්කරණය]

විශිෂ්ට සම්මාන[සංස්කරණය]

කුසලතා සම්මාන[සංස්කරණය]

  • කුසලතා සම්මාන හයකි (සම්මානයෙන් පිදුම් ලබයි, ත්‍යාග මුදල් නොමැත)

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සරසවිය_සම්මාන&oldid=593658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි