‍‍සේවක විනය

විකිපීඩියා වෙතින්

සේවක විනය යනු[සංස්කරණය]

සරලව ගත්විට විනය යනු යහපත් හැසිරිමයි. නැතහොත් ශික්ෂණයි. සේවක විනය යනු "ව්‍යාපාර සංවිධානයක් විධිමත්ව නිත්‍යානූකූලව පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ සම්මත අපේක්ෂිත හැසිරිම්ය." සංවිධානයක අරමුණූ හා පරමාර්ථ ඉටු කරගැනිමට පිහිටුවා ගත් රැකියා කාර්යඵල ප්‍රමිති, ක්‍රියාපටිපාටි, නීතීරීතී ,යනාදියට අනුකූලව සේවකයින්ගේ වැඩ හා චර්යාව පාලනය කිරිම විනය පරිපාලනය වේ. ඕනෑම ආයතනයක මනා ක්‍රියාකාරිත්වය සඳහා සේවක විනය පවත්වාගෙන යාම අත්‍යවශ්‍යය .රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයක අරමුණු සාර්ථකව ඉටූ කිරිම සඳහා එම ආයතනයේ නීතී මාලවකට අනුකූලව ක්‍රියා කළ යුතුය. මෙම ක්‍රියාකාරිත්වය යහපත් විනය පද්ධතියක් තුලින් ඇතිවන අතර ආයතනයේ නිෂ්පාදනය හෝ සේවාව මනා ලෙස හා කාර්යක්ෂම ව පවත්වා ගෙන යාමට විනය පිටුවහලක් වේ.ඕනෑම සේවකයකු සේවා කොන්ත්‍රාත්තුවක් යටතේ ආයතනයට බැඳුණූ පළමු දිනයේ සිට එම ආයතනයේ බලාපොරොත්තු වන විනය මට්ටමට අනුව ක්‍රියාකිරිමට යටත් වේ.

සේවක විනයේ අරමුණු[සංස්කරණය]

  • ආයතනය විසින් පනවන ලද නීතිරීතී පිලිගැනීම.
  • ප්‍රකාශිත කොන්දේසි හා හැඟවෙන කොන්දේසි පිලිගැනීම.
  • තමාගේ වැඩ පරිසරය තුළ එහි එදිනෙදා කටයුතු වලට බාධාවක් නොවන අයුරින් නීතීගරුකව හැසිරිම.
  • වැඩ පරිසරයෙන් පිටතදි ආයතනයට ආයතනයේ කීර්තීනාමයට අගෞරවයක් නොවන අයුරින් හැසිරිම .

විනය වර්ග[සංස්කරණය]

ප්‍රධාන 02 කට බෙදිය හැකිය.

ගොනුව:Employee discpline.JPG

1)වලක්වාලීමේ විනය

විනය නීතීරීති උල්ලංඝනය නැතහොත් විනය කඩකිරීමක් ඇතිවීමට පෙර සේවකයින්ගේ වැඩ හා චර්යාව පාලනය කිරිමට පියවර ගැනිම" වලක්වාලීමේ විනය" ලෙස අදහස් කෙරේ.සංවිධානයක අරමූණු ඉටුකිරීමට ඇති කරන ලද ප්‍රමිති සහ නීතීරීතී පිළිබඳ අවබෝධයක් ලබාදීම මගින් ඒවා අනුගමනය කිරිමට සේවාදායකයන් විනය මගින් සිඳුවේ. වලක්වාලීමේ විනය සම්බන්ධයෙන් සුඳුසු වාතාවරණයක් ඇතිකිරිමේ වගකීම කළමනාකාරිත්වය වෙත පැවරේ. මෙවැන්නකදි ,

  • සෑම සේවකයෙකුටම ආයතනයේ නීතීරීතී සහ ප්‍රමීතින් සම්බන්ධව දැනුවත් කිරිම .
  • සෑම නීතීයකම සහ රීතීයකම අරමූණු සේවකයන්ට පැහැදිලි කල යුතුය.
  • සේවක සහභාගීත්වය තුලින් නීතීරීතී පැනවීම හා සංශෝධනය.
  • නීතීරීතී විධානයක ස්වරූපයට වඩා ඉල්ලීම් ස්වරුපයෙන් ඉදිරිපත් කිරීම.උදා(ආරක්ෂක හිස් වැසුම් පළඳිනු)වශයෙන් නොව(පළමුව ඇරක්ෂාව)වශයෙන් දැක්වීම.
  • ස්වයං විනයක් පවත්වා ගැනීමට දිරි දිම.

2)නිරවද්‍ය විනය

විනයනීතිරීතිඋල්ලංඝනය විම් නැතහොත් කඩවිම් වලින් පසුව සේවකයින්ගේ වැඩ හා චර්යාව පාලනය කිරිම නිරවද්‍ය විනය ලෙස හැදින්විය හැක .විනයකඩ වූ අවස්ථාවන්හිදි ඒවා මතු සිඳුවීම වැලක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම නිරවද්‍ය විනයයි .ප්‍රමිති නීතිරීති වලට අනූකූලවන ලෙස සේවකයින්ගේ අනාගත වැඩහා චර්යාව සැකසිම පිණිස අනාගත උල්ලංඝනයන් අධෛර්මත්කිරීම නිරවද්‍ය විනයෙන් අපේක්ෂා කෙරේ.නීතිරීති උල්ලංඝදීනයේදි ඒවා නැවත ඇතිවීම වැලක්වීම පිණිස දඩූවම් දීමට අවශ්‍ය වේ. නීතීරීති උල්ලංඝනය වරදකි. ඒ සඳහා දඩූවම් දිය යුතුය .ඒවා විනයානුකූල ක්‍රියමාර්ග නමින් හඳුන්වයි. විනයානුකූල ක්‍රියමාර්ගයක අරමුණු 03 කි.

  • වරදකළ සේවාදායකයා වරදින් මුදවා යහපතෙහි යෙදවිම.
  • අන් සේවාදායකයන්ට අනතුරු ඇඟවීමෙන් සමාන වැරදි ඇතිවීම වැලක්විම.
  • එලදායී නීතීරීතී ප්‍රමිති සහප්‍රතිපත්ති පවත්වාගෙන යාම.

නිරවද්‍ය විනයේදී "රත්වූ උඳූන් රිතිය" යන මුලධර්මය යොදා ගනි. මෙම රිතියෙන් අදහස් වනුයේ යම් පුද්ගලයකු රත් වූ උඳූනක් ඇල්ලිමෙන් ඇති වන්නාවූ ප්‍රථිපල හා සමාන ප්‍රථිපල විනය නීතීකඩ කිරිමෙන් ද ඇතිවන බවයි. මෙමගින් ලක්ෂණ 4 ක් විදහා දක්වයි

  • අනතුරු ඇඟවීම

රත් වූ උඳූනින් පුද්ගලයින් පරිස්සම් විය යුතුයඑයට අත තැබුවොත් පිළිස්සේ එමෙන්ම විනය නීතීකඩකළහොත් දඩුවම් විදිමට සිඳුවන බව සේවකයින්ට අනතුරු ඇඟවීම.

  • ක්ෂණික ප්‍රතිචාරය

රත් වූ උඳූනට අත තැබුසැනින් පිළිස්සේ එමෙන්ම යම් විනය නීතීකඩකළහොත් එම සැනින් දඩුවම් ලබාදිය යුතුයඑසේ නොමැතිව කාලයක් ගත වීමෙන් වරදට දඩුවම් ලබා ුන් විට එම වරද පවා සේවකයාට අමතක විය හැකිය.

  • අනුරූපි බව

පුද්ගලයා උඳූන මත අතතැබු ප්‍රමාණය අනූව පිළිස්සේ.එක් ඇඟිල්ලක් තැබුවොත් එම ඇඟිල්ලද අත තැබුවොත් මුලු අතමද පිලිස්සේ .ඵලෙස වරදේ ප්‍රමාණය අනුව දඩුවම ලබා දිය යුතුය වැරද්දේ සුලු හෝ බරපතල කම අනුව දඩුවම ලබා දිය යුතුය

  • අපක්ෂපාතිත්වය.

උඳුන මත කුමන තරාතිරමක කෙනෙකු අත තිබුවද පිලිස්සේ. බාල මහලු වශයෙන් කවරෙකු අත තැබුවද පිලිස්සේ. ඒ ආකාරයට වැරද්ද කවර තරාතිරමක අයෙකු කලද දඩුවම ලබා දිය යුතුය. නිරවද්‍ය විනයේ ස්වරූප 02කි.

  1. ධනාත්මක ප්‍රවේශය/යහවාදි පාලන ක්‍රමය

මෙම ප්‍රවේශයේ දි වරදින් මූදවාගැනීම නිරවද්‍ය කරවීම සහ යථාතත්වයට පත්කිරිම සිදුකරයි. මෙහිදි සේවකයා ප්‍රතික්ෂේප නොකර වරද ප්‍රතික්ෂේපකරයි.මේ සඳහා

  • සැන්ඩ්විච් ආකෘතිය
  • වර්ධිත විනය යොදා ගනි

වර්ධිත විනය පළමූවරටවිනය කඩකිරිම සඳහා දෙනුලබන දඬුවමට වඩා බරපතලකම අනූව වැඩි දඬුවමක් යළිත් වරක් කරනු ලබන විනය කඩකිරිමකදි ලබාදීම පළමූවරට විනය වරදක් වු විට සේවකයාට නිරවද්‍ය ක්‍රියාමාර්ගයක් ගැනිමපිණිස අවස්ථාව ලබාදීම වර්ධිත විනයේ අරමුණයි සැන්ඩ්විච් ආකෘතිය මෙම ආකෘතිය වර්දර් සහ ඩේවිස් ඉදිරිපත් කරන ලදි. මෙයටඅනූවසේවකයා ගේ විනය විරෝධි අසතුටුදායක චර්යාව හෝ පුරුද්ද හෝ ක්‍රියාව සේවකයාට පිලිගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරිම සඳහා.වර්ණනා දෙකක්.අතරට මැදි කොට ඉදිරිපත් කෙරේ.

  1. ඍණාත්මක ප්‍රවේශය/ අයහවාදි පාලන ක්‍රමය

වරද කල සේවකයාට පෞද්ගලික වෛරය ක්‍රෝධය පළිගැනීම හිංසා කිරීම ප්‍රතික්ෂේපකිරීම සහ අනර්ථ කිරීම යනිදි තත්වයන් මත පියවර ගැනිම මින් අදහස් වේ.මෙහිදි සේවකයන් වැරදි නොකළ යුතුය .යන්නපිළිගැනේ මෙම ප්‍රවේශයෙන් අයෝග්‍ය අතුරු ප්‍රතිපල රාශියක් ඇතිවේ. ගැටුම් උදාසිනකම් නොපැමිණිම් සිදුවිය හැක .

විෂමාචාර සහ දඩුවම්[සංස්කරණය]

විෂමාචාරයක් යනු ප්‍රකාශයට පත් කර ඇති හෝ නොමැති සේවා කොන්දේසියකට හෝ නොමැති සේවා කොන්දේසියකටහෝ නියමයකට පටහැනි හා ආයතනයේ මනා පැවත්මට අහිතකර ලෙස බලපානු ලබන ඕනෑමක් ක්‍රියාවක් හෝ හැසිරිමකි. විෂමාචාර මුලිකව වර්ග 02කට බෙදිය හැකිය. සුලූ විෂමාචාර බරපතල විෂමාචාර

සුලූ විෂමාචාර[සංස්කරණය]

ආයතනයේ කාර්යක්ෂමතාවයට හා සඵලත්වයට දැඩි බලපෑමක් එල්ල නොවන විනය වැරද්දකි.මෙවැනි වැරදිවලට ලබාදෙන දඩුවම සාපේක්ෂව බරපතල නොවේ.

  • ප්‍රමාද වී රැකියාවට පැමිණිම
  • ප්‍රමාණය ඉක්මවා නිවාඩූ ගැනිම
  • රැකියාවෙහි යෙදිසිටියදි නිල ඇදූම්/ ආරක්ෂිත උපකරණ පරිහරණය නොකිරිම
  • දුම්බීම සහ බුලත් කෑම
  • නොදන්වා සේවයට නොපැමිණිම
  • රැකියාව අතරතුර නිදාගැනිම
  • ව්‍යාජ අසනීප ගති පෙන්වීම
  • රාජකාරිවලදි නොසැලකිල්ල

බරපතල විෂමාචාර[සංස්කරණය]

ආයතනයේ කාර්යක්ෂමතාවයට හා සඵලත්වයට දැඩි අවාසිදායක බලපෑමක් කරන වැරද්දකි මෙහිදි සේවකයා ආයතනයෙන් ඉවත් කිරිම වැනි බරපතල දඩුවම් හිමිවේ.උදා

  • අල්ලස් දුෂණ වංචාකිරිම
  • ආයතනයේ දේපල සොරකම් කිරීමසොරකම ට සම්බන්ධ විමසොරකමදැනගෙන නිශ්ශබ්දව සිටීම
  • ප්‍රධානින්ට විරුද්ධව අසත්‍ය චෝදනා නැගීම
  • කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරිම
  • ආයතන භුමිය තුළ කැරලිකාර ලෙස හැසිරිම
  • ආයතන භුමිය තුළ අන්තරාදායක ආයූධ ළඟ තබාගැනිම/ ශාරිරික හානි සිදුකිරිම
  • ප්‍රධානින්ගේ නිත්‍යානුකූල නියෝගවලට හෝ උපදේශපිළිනොගැනීම/පැහැර හැරීම/ප්‍රතික්ෂේප කිරීම

විෂමාචාරයේදි දඩුවම් නියම කිරිම[සංස්කරණය]

දඩුවම් නියම කිරිමේදි වැරද්දේ බරපතලකම සොයාබලා දඩුවම් ලබා දිය යුතුය

  • වාචිකව අවවාද කිරීම
  • ලිඛිතව අවවාද කිරීම
  • දඩ ගැසිම හෝ අලාභ අයකරගැනිම
  • තාවකාලිකව සේවය අත්හිටුවීම
  • වැටූප් වර්ධක නතර කීරිම අඩුකීරිමහෝ ප්‍රමාද කිරිම
  • ජේෂ්ඨත්වයෙන්පහත දැමීම
  • සේවා ස්ථානය මාරු කිරිම
  • උසස්වීම් ප්‍රමාද කීරිම
  • සේවය අත්හිටූවීම

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය

මානව සම්පත් කළමනාකරණය

මුලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=‍‍සේවක_විනය&oldid=502451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි