‍දේශගුණික විපර්යාස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

Climate.jpg

වර්තමාන ‍ලෝකයේ වඩාත් අවධානයට ලක්වු ප්‍රධානතම පාරිසරික ගැටළුවක් ලෙස දේශගුණ වෙනස්විම හැඳින්විය හැකිය.මුළු මහත් ලෝකය දවමින් ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාස ආපසු නොහැරවිය හැකි මෙන්ම වැළැක්විය : නොහැකි පාරිසරික ගැටළුවක් බවට පත්වී හමාරය."මිහිතලයේ හෙට දවස තීරණය වනුයේ අද දවසේ මිනිසාගේ ක්‍රියාකාරකමි මතය."

Climate4.jpg

මෙලෙස වර්තමානයේ උද්ගතවී ඇතිදේශගුණික විපර්යාසවලට හේතු,දේශගුණ විපර්යාසයේ බරපතලකම,දේශගුණික විපර්යාස නිසා පරිසරයට,ජීවින්ට,පරිසර පද්ධතිවලට වන බලපෑම මෙහිදි පැහැදිලි කෙරේ.

දේශගුණ වෙනස්විම යනු කුමක්ද[සංස්කරණය]

Clio1.jpg

දේශගුණ වෙනස්විම යන්න සරලව අර්ථ දැක්වුවහොත් වායු ගෝලයේ දිගුකාලීනව පවත්නා තත්වයේ වෙනස්වීමක් ලෙස හැඳින්විය හැකිය. පැහැදිලිව ගතහොත්,කාලගුණය යනු කෙටි කාලසීමාවක් තුළ කිසියම් ස්ථානයක වායු ගෝලයේ පවත්නා සාධකවල තත්වයයි.ඊට උෂ්ණත්වය,ආර්ද්‍රතාව,වර්ෂණය,වායු පීඩනය,සුළං හා වළාකුළු ආවරණය වැනි සාධක අයත් වේ.දේශගුණය යනු කිසියම් ප්‍රදේශයක දිගු කාලයක් මුලුල්ලේ පවත්නා වායු ගෝලීය තත්වයයි. මෙහිදී සලකා බලන කාලසීමව මාසයක සිට වසර 30 දක්වා සාමන්‍යයෙන් ගැනේ.

එමෙන්ම දේශගුණය යනු කෙටි කාලීන කාලගුණය පිළිබඳ දිගු කාලීන සංඛ්‍යා ලේඛනාත්මකව ඉදිරිපත් කිරීමකි. ඵ් අනුව කාලගුණික වෙනස්වීම හා දේශගුණික වෙනස්විම ඵකක් නොව දෙකකි. ඵක්සත් ජාතීන්ගේ සම්මුතියේ අර්ථ දැක්වීම.

"ඍජු හෝ වක්‍රව සිදුවන මානව ක්‍රියාකරකම් මඟින් වායු ගෝලයේ සංයුතියේ ඇති කරන වෙනස්කම් හේතුවෙන් දේශගුණයේ ඇතිවන විපර්යාස දේශගුණ වෙනස්වීම් නම්වේ."

දේශගුණ වෙනස්වීමට හේතු[සංස්කරණය]

සුර්යය විකිරණය වෙනස්වීම දේශගුණ විපර්යාස කෙරෙහි බලපාන ඵක් ස්වභාවික හේතුවකි. වර්තමානය වනවිට දේශගුණ වාර්තා අනුව හෙළිවී ඇති කරුණක් වන්නේ පෘථිවියේ වළාකුළු ආවරණය වෙනස්වීම්වලට ලක්වී ඇති බවය.ඵමෙන්ම ඕසෝන් ස්ථරය වියැකීම නිසා පාරජම්බූල කිරණ වැඩි වශයෙන් පෘථිවියට ළඟාවෙමින් පවති.ඵමෙන්ම පෘථිවිය පිහිටා ඇති කක්ෂීය මාර්ගය විචලනය වීමද දේශගුණය වෙනස්වීම කෙරේ බලපාන ස්වභාවික හේතුවකි.ගිනි කඳු විදාරණයද දේශගුණික වෙනස්වීම් කෙරෙහි බලපාන ස්වභාවික සාධකයකි.

Climate 8.jpg

දේශගුණ වෙනස්වීම් කෙරෙහි ස්වභාවික ක්‍රියාකාරකම්වලට වඩා මානව ක්‍රියාකාරකම්වල වැඩි බලපෑමක් ඇත. මිහිකත උණුසුම්වීමේ ක්‍රියාවලියත් සමඟ අත්වැල් බැඳගත් අහිතකර බලපෑමක් ලෙස ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික විපර්යාස දැක්විය හැක. කාර්මික විප්ලවයෙන් පසු වැඩිවු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වයු ලගා්කයේ හරිතාගාර වායු ප්‍රමාණය වැඩිවී ඇත.


  1. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 25%
  2. 1990 දශකයේ ක්ලෝරා ෆ්ලෝරා කාබන් ප්‍රමණය 4%-10%ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වී

ඇත.

ඵමෙන්ම කාර්මීකරණයට පෙර ඍණ මිලියන අඩංගු නයිට්‍රජන් ඹක්සයිඩ් කොටස් ප්‍රමාණය 027වු අතර ඵය 1998 වනවිට 0314 දක්වා වැඩිවී ඇත. වායු ගෝලයේ මීතේන් 15% කින්ද , නයිට්‍රස් ඹක්සයිඩ් 17% කින්ද ඉහළ ගොස් ඇත. මෙසේ හරිතාගාර වායු ඉහළයාම දේශගුණික වෙනස්වීම් කෙරෙහි බලපාන අතර හරිතාගාර වායු නිකුතුව කෙරේ මිනිස් ක්‍රියාකාරකම් බලපායි.

විවිධ ක්ෂේත්‍ර හරහා හරිතාගාර වායු නිකුත් කරන අතර ඵයින් වැඩි වශයෙන් බලශක්තිය නිපදවීම හරහා වැඩි උෂ්ණත්වයක් සපයයි. දේශගුණ විපර්යාසවලට හේතුවන හරිතාගාර වාය වැඩි වශයෙන්ම සංවර්ධිත රටවල් නිකුත් කරයි. කාබන් ඩයොක්සයිඩ් හරිතාගාර ආචරණයට ප්‍රබලව බලපාන වායුව වන අතර ඵය වැඩි වශයෙන් නිකුත් කරන රට ඇමරිකාව,චීනය,රුසියාව,යුරෝපය වැනි කාර්මික රටවල් වේ.ඛනිජ ඉන්ධන දහනය,වනාන්තර හෙළි කිරීම්,ශිතකරණ,ස්ප්‍රේ යන්ත්‍ර භාවිතය,පොහොර භාවිතය වැනි නොයෙකුත් මානව ක්‍රියාවන් නිසා හරිතාගාර වායු වැඩිවී ඇති අතර ඵය දේශගුණික වෙනස්වීම් කෙරෙහි මුලිකව බලපායි.

දේශගුණය වෙනස්වීමේ බරපතලකම[සංස්කරණය]

Climate 6.jpg


දේශගුණය වෙනස්වීමේ බරපතල බව වටහා ගැනීමේදී මෑතකාලීනව සිදු කරනු ලැබු පර්යේෂණ රුසකින් ඵළිදරව් වී ඇති කරුණු අනුව ඵය වඩාත් බරපතල බව පෙනී යයි. ලෝකයේ මේ දක්වා වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වයකින් යුක්ත වර්ෂය වන්නේ පිළිවෙලින් 2005,1998,2002 වර්ෂයන්ය. පසුගිය ශතවර්ෂය තුළ පෘථිවි මට්ටමේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.6 කින් ඉහළ ගොස් ඇත. වර්තමානය වනවිට 1880-2000 දක්වා කාල වකවානුව වනවිට ගෝලීය උෂ්ණත්වය සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවති. පසුගිය වසරවල් තුළ යුරෝපයේ රටවල කැනඩාව,ඕස්ට්‍රෙලියාව,ඇන්ටාක්ටිකාව,ආසියාව,අප්‍රිකාව ආදී රටවල උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩිවී ඇත. නිදසුන

  1. 1993 දී ගිණිකොණ දිග යුරෝපයේ අධිකතම උෂ්ණත්වය වාර්තාවීම.(ග්‍රීසියේ ඇතෑනස් සෙල්සියස් අංශක 39)
  2. 1993 ජුලි ආර්ජන්ටිනාව සෙල්සියස් අංශක 39
  3. 1991 ඹක්තෝම්බර්-1992 අප්‍රියෙල් මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40

අනාගතයේ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම පිළිබඳ කර ඇති පර්යේෂණ අනුව 2100 වනවිට ලෝකයේ සාමන්‍ය උෂ්නත්වය සෙල්සියස් අංශක 1.4-5.8 අතර ප්‍රමාණයකින් වැඩිවේ.

Climate 3.jpg

සාමානය උෂ්ණත්වයට වඩා සෙල්සයස් අංශක 2කින් උෂ්ණත්වය ඉහළයාම බරපතල ගැටළු නිර්මාණයට හේතුවනු ඇත. මේ බව Avoding dangarons climate changes වාර්තාව දක්වා ඇත.ඵවැනි උෂ්ණත්වය ඉහළ යාමකින් හිම දියවීම නිසා වසර 10ක කාලයක් තුල ලෝකයේ මුහුදු මට්ටම 7m පමණ වැඩිවේ. පරිගණක ආකෘති ඇසුරෙන් ඹක්ස්ෆර්ඩ් සරසවිය කළ පර්යේෂණයකින් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-11ත් අතර ප්‍රමාණයකින් වැඩිවන බව පෙන්වා දෙයි.

ලෝකයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළයාම් මෙන්ම සමහර ප්‍රදේශවල අඩු උෂ්ණත්වයක් වාර්තාවීම්ද දක්නට ඇත. 1992දී ඇලස්කාවේ අඩුම උෂ්ණත්වය හා 1992දී ගිම්හානයේදී දකුණු කැනඩාවේ වසර 100කට පසු අඩුම උෂ්ණත්වයද,1991-1992 වර්ෂවල මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ කටුකතම ශීත ඍතුව වාර්තාද වී ඇත.මෙලෙස අධික උෂ්ණත්වය,අඩු උෂ්ණත්වය,අධික වැසි,කුණාටු,සුළි සූළං ලෝකය පුරා දේශගුණ වෙනස්වීමේ බරපතල තත්වය ලොවට කියාපායි.

දේශගුණය වෙනස්වීමේ පාරිසරික බලපෑම්[සංස්කරණය]

Climate 5.jpg

දේශගුණ වෙනස්වීමේ බලපෑමක් ලෙස ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යයි. තවත් ප්‍රදේශවල වර්ෂාපතනය ඉහළ යයි. ක්ෂණික ඟංවතුර,කුණාටු,සුළි සුළං වැනි දරුණු තත්ව ඇතිවේ. දේශගුණය වෙනස්වීම නිසා පරිසරයට,කෘෂිකර්මයට,සෞඛ්‍යයට,සමාජයට,ආර්ථික ක්ෂේත්‍රවලට බලපෑම් ඇති වී ඇත.තෙත් බිම්,වනාන්තර ඇතුළත් විවිධ පරිසර පද්ධතිවලට,වන ජීවීන්ට,ආක්‍රමණික ජීවී විශේෂවලට දේශගුණ වෙනස්වීම මඟින් ඇති කරන බලපෑම් බෝහෝය. ලෝකය තුළ උෂ්ණත්වයඉහළ යාමත් සමඟ ලෝකයේ මිනිසුන්ට මෙන්ම ජීවීන්ටද උෂ්ණත්වය දරාගත නොහැකි අවස්ථා ඉස්මතුවීම නිසා ඹවුන් මියයන අවස්ථා පවතී. ධ්‍රැවාසන්න ග්ලැසියර දියවෙමින් පවතින අතර උත්තර ධ්‍රැවයේ හිම තට්ටුව 10%-15%ත් අතර ප්‍රමාණයකින් දියවී තිබෙන බව සොයාගෙන ඇත.මෙම ග්ලැසියර දියවීම නිසා පසුගිය ශතවර්ෂය තුළ සාගර ජල මට්ටම 1mm -2mm අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ඵමෙන්ම 1961-2003 දක්වා කාලය තුළ වර්ෂයකට 1.8mm බැගින් මුහුදු මට්ටම ඉහළ ගොස් ඇත. Geography Research letters සඟරාවේ පළවු වාර්තාවක් අනුව 1875-2004ත් අතර කාලයේදි ලෝක‍යේ මුහුදු මට්ටම 19.5 පමන ඉහළ ගොස් ඇත. අනාගත පුරෝකතන අනුව ක්‍රි:ව: 2030-සාගර ජලය 18 දක්වා ඉහළ නඟිනු ඇත. ක්‍රි:ව: 2070-සාගර ජලය 21-71දක්වා ඉහළ නඟිනු ඇත. ක්‍රි:ව: 2100-සාගර ජලය 1 දක්වා ඉහළ නඟිනු ඇත. සාගර ජල මට්ටම ඉහළයාම නිසා වෙරළාශ්‍රිත කලාප ජලයෙන් යටවීමේ තර්ජනයට මුහණ පා ඇත.

Climate 7.jpg

නිදසුන්: ඉතාලියේ වැනීසය/ බ්‍රිතාන්‍ය දකුණු ප්‍රදේශය/ ඵක්සත් ජනපදයේ ගල්ෆ් වෙරළබඩ ප්‍රදේශය/ ලංකාවේ නිරිත දිග වෙරළ කලාපය/ඉරානයේ උතුරු ප්‍රදේශය වැනි වෙරළ කලාපවල මිලියන නගර ඇති අතර ඵ්වා යටවීමේ තර්ජනයට හා ඛාදනයට ලක්වී ඇත. තවද මාලදිවයින/සුමාත්‍රා/ජාවා දුපත් සාගරයට යටවීමේ අවධානම පවතී.මෙලෙස මුහුදු ජලය ඉහළයාම නසා‍ බොහෝ භූගෝලීය ප්‍රදේශ යටවීමේ අවධානමට ලක්වී ඇති අතර කෘෂිකාර්මික බිම් යටවිම,ශාක,සත්ව ප්‍රජාව වඳවීයාම සිදුවේ.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

අන්තර්ජාලය[සංස්කරණය]

  • Vidusara (2009/04/29)
  • Vidusara (2006/03/08)
  • Vidusara (2005/02/06)

මේවාත් බලන්න[සංස්කරණය]

  1. හරිතාගාර ආචරණය (Greenhouse Effect)
  2. ආක්ටික් කලාප‍යේ උණූසුම
  3. පෘථිවිය උණුසුම් වීම
"http://si.wikipedia.org/w/index.php?title=‍දේශගුණික_විපර්යාස&oldid=308933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි