‍තුලනාත්මක මනෝ විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බළලෙකුගේ මොළය

මනෝවිද්‍යාඥයෝ සහ විද්‍යාඥයෝ සෑම විටම තුලනාත්මක මනෝවිද්‍යාව හා එකඟ නොවෙති. මෙය පුළුල්ව ගත් කළ ‍මිනිසා හැර අන් සත්වයින්ගේ හැසිරීම් සහ මනස ගැන කරන අධ්‍යයනයකි. තවද අවධාරණය කළ යුත්තේ සත්ව විශේෂ අතර සංසන්දනයක් තිබිය යුතු බවය. (මිනිසා සහ සත්වයින් අතර සංසන්දනය ඇතුළුව) නමුත් ඇතැම් පර්යේෂණකයින්ගේ මතය වනුයේ මෙලෙස සංසන්දනයට වඩා තනි සත්ව විශේෂයක් ගැන සවිස්තරාත්මක අධ්‍යයනය වඩා යෝග්‍ය බවයි. ඩොනල්ඩ් ඩෙස්බරි විවිධ මනෝවිද්‍යාඥයින් සහ ඔවුන්ගේ අර්ථ දැක්වීම් පුළුල් ලෙස අධ්‍යයනය කිරීමෙන් පසු තුලනාත්මක මනෝවිද්‍යාවේ පරමාර්ථය ලෙස ඉතා කිට්ටු සහ මූලික හේතු කාරකයන් ගැන ඒකාග්‍රතාවය යොමු කිරීම ලෙස හැඳින්විය. මෙය එම විෂය ක්ෂේත්‍රය ගැන පහදා දීමට අසමත් වුවද ගැළපෙන අර්ථ දැක්වීමක් තවමත් හඳුනාගෙන නොමැත. වඩා යෝග්‍ය අර්ථ කථනයක් ගැන විම‍සීමේ දී තුලනාත්මක මනෝවිද්‍යාව යනු හැසිරීමේ පරිණාමය සහ වර්ධනය ගැන අධ්‍යයනය ලෙස හැඳින්විය හැක.

තුලනාත්මක ප්‍රවේශය අනුව කිසියම් හැසිරීමක් විවිධ ආකාර 4ක් මගින් අධ්‍යයනය කළ හැක. (Niko Tinbergen ට අනුව)

  • කිසියම් හැසිරීමක් සත්වයින් තුළ කොතරම් දක්නට ලැබේද?
  • එම හැසිරීම ජීවිත කාලය තුළ ප්‍රජනන ක්‍රියාවලිය සාර්ථක වීමට බලපා ඇත් ද? (එනම් එම හැසිරීම පෙන්වන සතුන් හැසිරීම නොපෙන්වන සතුන්ට වඩා වැඩි පැටවුන් ප්‍රමාණයක් බිහි කරයි ද?)

මෙම ප්‍රධාන සිද්ධාන්ත දෙක මගින් එම හැසිරීම මූලික හේතු කාරකය පහදා ගත හැක.

  • එම හැසිරීමට බල පෑ යාන්ත්‍රණය කුමක්ද? (එනම් කුමන කායික විද්‍යාත්මක, චර්යාත්මක සහ පාරිසරික සාධක මෙම හැසිරීම උත්පාදනයට අවම ලෙස බලපා ඇත් ද යන්නයි.
  • පුද්ගලයෙකුගේ (චර්යා) එම හැසිරීම් වර්ධනය කොපමණ වේද? (එනම් අදාල හැසිරීම දැක්වීමට කුමන් ඉගෙනීමක්, සමාජ අත්දැකීම් සහ පරිණතභාවයක් පුද්ගලයෙකු විසින් ලබා ගත යුතු ද යන්නයි)

මෙම ප්‍රශ්න දෙක මඟින් අදාල චර්යාවක් සඳහා ආසන්න හේතු කාරක වන සාධක ගැන අව‍බෝධයක් ගත හැක.

ඉතිහාසය[සංස්කරණය]

චාල්ස් ඩාවින් තුලනාත්මක මනෝ විද්‍යාවේ මූලික පුරුකක් වෙයි. ඔහුගෙන් ලද දායකත්වයක් නිසා මනෝවිද්‍යාව පූර්ව සහ පශ්චාත් ඩාවින් ලෙස හැඳින්විය යුතු බවට ද අදහස් විණි. ඩාවින්ගේ සිද්ධාන්ත මත උසස් මානසිකත්වය, ආචාර ධර්මයන්, අධ්‍යාත්මයන් වැනි මිනිසාගේ පැවැත්මට බලපාන සාධක ද පරිණාමයේ මූලධර්මවලට අනුකූල බවට උපකල්පන බිහි විණි. ඩාවින්වාදයට එරෙහිව නැගී බලගතු ප්‍රතිමතයක් වන්නේ ජෝර්ජ් රෝමාන්ස්ගේ anecdotal movment මතය වෙයි. ඔහු විසින් සත්වයින්ට අසංවර්ධිත මිනිස් මොළයක් ඇති බව ඔප්පු කර ඇත.

19 වන සියවසේ දී අගභාගයේ දී විවිධ විද්‍යාඥයින් විසින් මෙයට බලපෑම් කරන ලදී. පළමු ජීව විද්‍යාත්මක පර්යේෂකයා ලෙස හඳුන්වන ඩග්ලස් ඇලෙක්සැන්ඩර් කුරුල්ලන් ආශ්‍රීතව කෞශල්‍යය , ධාරණය සහ ශ්‍රවණය හා දෘශ්‍ය වර්ධනයට අදාල පර්යේෂණ කරන ලදී. ජැක්ස් ලියොබ් විසින් හැසිරීම වාස්තවිකව හැදෑරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. සර් ජෝන් ලුබොක් සංකීර්ණ සහ ප්‍රහේළිකා උපයෝගී කර ගනිමින් ඉගෙනීම අධ්‍යයන සඳහා ගෞරවය ලබයි. ලුවිස් හෙන්රි මෝර්ගන් අප ලෝකයේ ජීවත්වන ආකාරය විග්‍රහ කළ ප්‍රථම මානව ධර්ම විද්‍යාඥයා වෙයි.

තුලනාත්මක මනෝවිද්‍යාවේ ඉතිහාසය පුරාවටම විවිධ සත්ව විශේෂ ඇසුරින් අධ්‍යයනය කරමින් ඒවා ඔවුන්ගේ මනෝ විද්‍යාත්මක හා පාරිසරික පසුබිම අනුව පහදා දීම මගින් මෙම ක්ෂේත්‍රයේ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරයි. චර්යාත්ම පාරිසරික විද්‍යාවේ 1970 දී එහි මූලික දැනුම මත සැබෑ තුලනාත්මක මනෝ විද්‍යාවක් බිහි විය. තුලනාත්මක මනෝ විද්‍යාව සමාජයන් තුළ සහ අධ්‍යයන සඟරාවන් තුළ සුරක්ෂිතව යොදවා ගැනීම නිසා එම පදය ව්‍යවහාරයෙන් නැතිවී යාමට ඉඩක් නොමැති තරම්ය.

විවිධ සත්ව විශේෂවල බුද්ධියේ ඇති වෙනසට හේතුව තුලනාත්මක මනෝ විද්‍යාඥයින්ගේ දිගු කල් පවතින ප්‍රශ්නයකි. මෙය එතරම් හොඳ ප්‍රශ්නයක් ලෙස නොසැළකීමට ප්‍රයත්න දැරුව ද එය එතරම් පහසු නැත. විශේෂයෙන්ම තුලනාත්මක මනෝ විද්‍යාවේ මුල් කාලවලදී විවිධ සත්ව විශේෂ විවිධ කාර්යයන් ඉගෙන ගන්නා අයුරු අධ්‍යයනය කර ඇත. ආපසු හැරී බලන කල මෙම අධ්‍යයනයන් තුළ විවිධ කාර්යයන්වල ඇගයුමේ වෙනස සහ තෝරා ගත් සත්ව විශේෂය නිසා එතරම් සංකීර්ණ ලෙස ගිණිය නොහැක. නමුත් නූතන තුලනාත්මක අධ්‍යයනයන් වඩාත් සාර්ථක වී ඇත. එනම් චර්යා ධර්ම සහ චර්යා පාරිසරික විද්‍යාව , සන්සන්දන විද්‍යාව මත පදනම්ව සත්ව විශේෂ තෝරා ගැනීම සහ පර්යේෂණ සඳහා යොදා ගන්නා කාර්යයන් නිර්ණය කිරීමත් නිසාය.


ආශ්‍රිත[සංස්කරණය]