ෆෙහෙන්දූ (බා අතොළුව)

විකිපීඩියා වෙතින්
ෆෙහෙන්දූ
දූපත ගැන සාරාංශය
අයිතිව ඇත්තේබා අතොළුව
ජනගහණය2486
දිග2160මී
පළල220මී
මාලේ සිට දුර96.88කිමී

ෆෙහෙන්දූ (දිවෙලි: ފެހެންދޫ) යනු, "බා" ලෙසින් කේතාක්ෂරයෙන් දැක්වෙන, දකුණු මාල්හොස්මදුලු අතොළුවේ ජනාවාසී දූපත් අතුරින් එකකි.

හෝර්ස්බර්ග් අතොළුව (ගොයිෆුල්හාෆෙහෙන්දූ)[සංස්කරණය]

ෆුල්හාදූ සහ ගොයිදූ සමගින් වන වෙනමම කුඩා අතොළුවක මෙම දූපත පිහිටා ඇත. ගොයිදූ අතොළුව (ගොයිදු හෝ ගොයිෆුල්හාෆෙහෙන්දූ ලෙසින්ද හැඳින්වේ), නාවුක සිතියම්හී දැක්වෙන්නේ හෝර්ස්බර්ග් අතොළුව ලෙසිනි, දකුණු මාල්හොස්මදුලු වෙතින් වෙන්වී ඇත්තේ සැතපුම් 6 පළල ඕඩයකිනි. මෙම අතොළුව ඕවලාකාර හැඩයක් ගන්නා කුඩා එකක් වන අතර, එහි වැඩිම දිග සැතපුම් 10 කි. ඇතුළු කලපුව බඹ 17 සිට 20 දක්වා පමණ ගැඹුරුය; එහි පතුල වැලි සහිත වන අතර මඩ හා මැටි මිශ්‍රිත වෙයි. මාලදිවයිනේ කුඩා අතොළු බොහෝමයක කලපු මෙන් නොව මෙම කලපුවේ මධ්‍යය කොරල් පරයන් විරහිත වෙයි.

නාවුක සිතියම්හී, මෙම අතොළුව නම් කර ඇත්තේ, පෙරදිග ඉන්දියා සමාමේ ජලමිනුම් විද්‍යාඥ සහ දීර්ඝ අභිධාන ඩිරෙක්ෂන්ස් ෆො සේලිං ටු ඇන්ඩ් ෆ්‍රොම් ද ඊස්ට් ඉන්ඩීස්, චයිනා, නිව් හොලන්ඩ්, කේප් ඔෆ් ගුඩ් හෝප්, ඇන්ඩ් ඉන්ටර්ජැසන්ට් පෝර්ට්ස්, කම්පයිල්ඩ් චීෆ්ලි ෆ්‍රොම් ඔරිජිනල් ජර්නල්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් මේඩ් ඩියුරින් 21 ඉයර්ස් එක්ස්පීරියන්ස් ඉන් නැවිගේටිං දෝස් සීස් හි කතෘ ජේම්ස් හෝර්ස්බර්ග් සිහිවීමටය.

ආශ්‍රිත[සංස්කරණය]

  • Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
  • Xavier Romero-Frias. The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom. Barcelona 1999.

මෙයද බලන්න[සංස්කරණය]

ඛණ්ඩාංක: 04°50′00″N 72°58′24″E / 4.83333°N 72.97333°E / 4.83333; 72.97333


"https://si.wikipedia.org/w/index.php?title=ෆෙහෙන්දූ_(බා_අතොළුව)&oldid=251363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි