හේමරත්න ලියනආරච්චි

විකිපීඩියා වෙතින්

හේමරත්න ලියනආරච්චි (1938 ජුනි 12 - 2011 ඔක්තෝබර්) ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, පරිවර්තකයෙකි, විචාරකයෙකි. ඔහු පාදඩයකුගෙන් (1965), අන්තිම දා (1967), හා මම රාත්‍රිය වෙමි යන නවකතා තුනෙහිත්, මතක සටහන් (1964), හා සපුමල්ගේ ලෝකය (1991) යන කෙටිකතා සංග්‍රහ දෙකෙහිත් කතුවරයා ය. මීට අමතරව ඔහු ‍ෂේක්ස්පිය‍ර්ගේ සමකාලීන ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයෙකු වූ ක්‍රිස්ටෝෆර් මාර්ලෝගේ Dr. Faustus නමැති කෘතිය සිංහල නාට්‍ය අනුමණ්ඩලයේ ආරාධනයක් පරිදි "ෆෝස්ටස්" නමින් සිංහලට පෙරළන ලදුව 1999දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පළ කෙරිණ.

ගුරුවරයෙකු වශයෙන් හා පේරාදෙණිය ගුරු විදුහලෙහි ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය පිළිබඳ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ හේමරත්න ලියනආරච්චි මහතා විශ්‍රාම යන විට පේරාදෙණිය ගුරු විද්‍යාලයේ අධිපතිව සිටියේ ය.

බටහිර සාහිත්‍යයේ විචාරයේ ඉතිහාසය නමින් සිළුමිණ පුවත්පතට ඔහු ලියූ ලිපි පෙළ පාඨක-විචාරක දෙපක්ෂයේ ම ඇගැයීමට පාත්‍ර විය. 2011 ඔක්තෝබර් මස අභාවප්‍රාප්ත වන විට හෙතෙම එම ලිපි පෙළ පොතක් වශයෙන් මුද්‍රණය කිරීමට සූදානම් වෙමින් සිටියේ ය. ඊට අමතර ව ගමේ උදවිය නමැති කෙටිකතා සංග්‍රහයක් ද ග්‍රීක පුරාණෝක්ති පිළිබඳ විශ්ව කෝෂයක පරිවර්තනයක් ද පළ කිරීමට නියමිත ව පැවතිණ.[1] [2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. හේමරත්න ලියනආරච්චි අභාවප්‍රාප්ත වෙයි [1]
  2. තවත් සොඳුරු නිර්මාණකරුවකුගේ සමුගැනීම [2] සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
"https://si.wikipedia.org/w/index.php?title=හේමරත්න_ලියනආරච්චි&oldid=593965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි