හේන් ගොවිතැන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පැරණි හෙල ගොවියා[සංස්කරණය]

ඉපැරණි ශිෂ්ටාචාර විමසීමෙදි ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ කෘෂිකර්මාන්තයයි. හේන් ගොවිතැන මූලිකම අංශයයි. මිනිසා දියුණු තාක්ෂණික ලොවකට පියමං කර සිටින මේ මොහොත වන විට පවා ගැමි ආර්ථිකයේ හේන් ගොවිතැනට ප්‍රධාන තැනක් හිමි වේ. ස්වයංපෝෂිත අර්ථක්‍රමය වෙනස් වීමත් සමගම පැරණි හේන් ගොවිතැනේ තිබු ඇතැම් අංග ක්‍ෂය වී යාමක් දැකිය හැකිය. එම නිසා අතීතයේ මේ හා බැදුනු අංගෝපාංග විමසීම වටී.

ශ්‍රී ලංකාවේ පැරණි සිංහල ජනාවාස වැව් හෝ ජලාශ ආශ්‍රිතව ස්ථානගත විය. ගොවිතැන් කටයුතු සඳහා වැසි වැටෙන කාලය අනුව යල හා මහ යනුවෙන් ප්‍රධාන කන්න දෙකකි. ඔවුන් ඉදිරි කන්න සඳහා ලැබෙන වැසි ප්‍රමාණය දැන ගත්තේ පාරිසරික වෙනස්කම් අනුවයි. සුළං වේගය, හමන දිශාව, වළාකුලළු වල වර්ණය, විදුලි කෙටීම, වාතයේ තෙත්බව, ශාකයන්හි පත්‍ර වර්ධනය, පොතුවල ඝනකම, ඒවායේ මල් පිපෙන ගෙඩි හටගන්නා කාලය හා ප්‍රමාණය අනුවයි.

  • පලු හා වීර ගස්වල යහමින් මල් හා ගෙඩි හට ගැනිම අඩු වර්ෂාපතනයක ලක්ෂණය.
  • අවිච්චියා, කුඹුරු හා දියකඩිති අසල හඬ තලයි නම් එයද නියඟයක ලක්ෂණයකි.
  • ගෙවත්තක තල මලක් පිපිම ආපදාවක පෙර නිමිතිය.
  • දිවුල්, කටු කෑලිය, එරමිණිය, දඹ හා මොර අධික ලෙස ඵල ගැනිම දුර්වල මෝසම් වැස්සක ලක්ෂණය.
  • උකුස්සා, වැහිලිහිණියා හඬ නඟමින් අහසේ පියාසර කිරිම වැසි ලැබෙන ලකුණකි.
  • වියළි ඉරිතලා ගිය වැව් පොළොව මත කක්කුට්ටන් වලවල් හෑරිම වැසි ලැබෙන ලකුණකි.
  • කුහුඹින් ගුල් වලින් එලියට පොකුරු වශයෙන් පැමිණ සිටීම වැසි ලැබීමේ ලක්ෂණයකි.

ගොවියන් මෙවැනි පාරිසරික වෙනස්කම් වලින් ලබා ගන්නා වැසි ලකුණු මත තම වගාව කුමක්දැයි තීරණය කරයි. වී වගාවට ප්‍රමාණවත් වැසි නොලැබේ නම් එහි වී වෙනුවට අඩු වර්ෂාපතනයට ඔරොත්තු දෙන වෙනත් බෝග මුං, කවුපි, බඩඉරිගු වැනි බෝග වගා කරයි. මෙවැනි මිශ්‍රබෝග වගාවකට යොමු වන්නේ යම් කිසි උවදුරකින් බෝගයකට හානි වුවහොත් වෙනත් බෝග හේනේ ඉතුරුවන නිසාය.

හේන යනු[සංස්කරණය]

වී ගොවිතැන හැරුනු විට උස්බිමෙහි කරනු ලබන සියලු වගාවන් හේන් ගොවිතැන යන නාමයෙන් ආවරණය විය.එබැවින් එයට ගොඩ ගොවිතැන යයි නමක් ද විය.

පැහැදිලි ඒකීය හේන් ගොවිතැනක් හදුනා ගත හැක්කේ වියළි කළාපයේය.තෙත් කලාපයේ තිබුනු හේන් වල විවිධත්වය වැඩි නිසා ඒකීය රටාවක් එහි හදුනා ගත නොහැක. එමේන්ම වියළි කලාපිය හේන අනීවාර්යෙන්ම බහු බෝග වු අතර තෙත් කළාපිය හේන ඒක බෝග හෝ බෝග දෙක තුනකට සීමා විය. වර්ෂා කාලය හා ඉන් අනතුරුව එන වියළි කාලය ඇති නිසා බහු බෝග හේන වැව් බැදි රාජ්ය යට ගැළපුනි. ඉංග්රිඅසින් විසින් වියළි කලාපය ලෙස හදුනා ගත් වැව් බැදි රට 19 වැනි සියවස ට පෙර වියළි කලාපයක් ද නොවිය.


හේන් ක්‍රියාවලිය[සංස්කරණය]

හේන් බිම ඇත්තේ ගම තුලය. ගම ඇත්තේ දිය බෙත්ම නොහොත් ජලය දෙපසට බෙදි යන පොලෙන් රැලි සීමා කර ගනිමිනි. දිය බෙත්මෙන් දෙපස එකම ගමක් පැවතීම මෙරට ජනාවාස ගොඩනැංවිමේ සම්ප්රීදාය නොවීය. ගම තුළ ඇති වනාන්තරය එළි කර ගොවිතැනට යොදා ගත් බිම ‘’ලදු කැළෑව ‘’ නම් ‍වෙයි. වරක් හේනක් කොටා අස්වැන්න ලබා ගෙන එය පුරන් වීම සදහා අත්හැර දැමු පසු නැවත කෙටිමට නිර්දේශ කරන්නේ හය අවුරුද්දකට පසුවය. ලදු කැළෑව වැවෙන්නේ මෙම කාළය තුලදීය. හය අවුරුද්දක් නිර්දේශ කලද අවුරුදු 3-4 ට නැවතත් පළමු තිබු සාරය පොළොවට ලැබේ. මෙසේ පුරන්වීමට හැරීමේ හේතුව නම් අක්කරයක හේනක් තුල බෝග 08ක් වගා කළොත් අවස්ථා 08 ක දි ලැබෙන අස්වැන්න අක්කර අටක අස්වැන්නට සමානය. මෙහි දි පොළවේ සම්පුර්ණ සාරය බහු-බෝග හේන විසින් උරා ගනු ලැබේ. එබැවින් නැවතත් ඊට සාරවත් බව ඇති කර ගැනීම සදහා විරාම කාළයක් මෙසේ අවශ්ය ය. මෙසේ සෑම ගමකම ඇති ලදු කැළෑ ප්රිමාණය අවුරුද්දකට වගා වන බිම් ප්රයමාණය මෙන් 5-6 ගුණයක් විශාලය. මෙම විශාල බිම් ප්රුමාණය ගමේ පොදු තණ බිම විය. තණකොල හැරුණු විට නොයෙක් ආකාරයේ පැළෑටි හා පදුරු වර්ග ද ඒ තුල තිබුණි. ගැමියන් ට අවශ්යද බෙහෙත් සදහා අමුද්රනව්ය ද මෙම ලඳු කැළෑව තුලින් ලබා ගත හැකි විය. ඖෂධ සදහා මහ වනාන්තරයට යාමට අවශ්යඅ වුනේ අඩුවෙනි. මෙසේ ස්වභාවික සරුවීම සිදුවුයේ සුර්යාලෝකය හා වර්ෂාව ලැබීමෙන් හා ශාඛයන්හි දිරා ගිය කොටස් පොළවට එකතු වීමෙනි. මෙවිට බෝවන ක්ෂුද්රස ජීවින් විසින් ද පස තුලට වාතය ගෙන යාමෙන් හා යටි පස උඩට මතු කිරිමෙන් ද අප්රාමාණ ‍සේවයක් කළේය. තෙත් කලාපයෙහි පස සරුවිම වේගවත් වුවත් වැසි කාල හා වියළි කාල මාරුවෙන් මාරුවට ඒමක් වැව් බැදි රටේ මෙන් මෙහි නැති නිසා හේන් වලින් ලැබෙන අස්වැන්නේ අඩුවක් පවති. ධාන්ය එළවළු හා පළතුරු පැසීමට වියළ බව අවශ්යාය. එබදු වියළි කාළයක් මෙම වැහි කළාපය තුල නොවීම අස්වැන්න අඩුවීමට හේතු වේ. වර්ෂාව අවශ්ය් වන්නේ ශාඛයේ වැඩීමටය. ඵල හට ගැනිමට වර්ෂාව රහිත උණුසුම් කාළය අවශ්යත ය. හේන ලංකාවට ආවේණික වීමට හේතුව නම් මෝසම් සුළං දෙකකින් වර්ෂාව ලබන ලොව එකම රට ලංකාව වීමය. දකුනු හා අග්නිදිග ආසියාව මෝසම් රටවල් වන්නේ ඒවාට බලපාන නිරිත දිග මෝසම් නොහොත් ‘’යල් වැස්ස ‘’මගිනි. නමුත් ලංකාවේ හේන් ගොවිතැන යනු මුළික වශයෙන් ම වප් මාසයේ සිට බක් මාසය දක්වා (ඔක්තෝම්බර්-අප්රේ ල් ) ක්රිවයාත්මක වන ගොඩ ගොවිතැන් ක්රිමයයි. මීට පාදක වන්නේ ආසියාවේ සෙසු රට වලට බල නොපාන ඊසාන දිග මෝසම නොහොත් මහ වැස්සයි.


හේන් වර්ග[සංස්කරණය]

භුමීය යොදා ගැනීමේ රටාවන්ට අනුව හේන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට අයත් වේ.
01. මුල්කැටා හේන
02. ඉරවලි හේන
මුල් කැටා හේන යනු එක් කේන්ද්‍රයක සිට පිටට විහිදි යන වෘත්තයක කොටසක් 1 රුපය අනුව කොටස් වලට බෙදා ගැනීමෙන් සැදුනු හේන් යායකි. ඉරවලි හේන යනු චතුරශ්‍රාකාර භුමිභාගයක් කුඩා චතුරශ්‍රාකාර බිම්වලට බෙදි යන ආකාරයේ හේන් යායකි

හේනක ව්‍යුහය[සංස්කරණය]

ස්වභාවික පරිසරය ඇසුරින් සියලු අවශ්‍යතා සපුරාගත් අතීත මිනිසා තම අවශ්‍යතාවලට ප්‍රමාණවත් ලෙස පමණක් අවට පරිසරය යොදා ගත්තහ. පැරණි වැව්ගම්මානවල ජීවත් වූවන් තම වගාවන් සඳහා මහ කැලෑ එළි කර විනාශ නොකළහ. තම අවශ්‍යතා සපුරා ගැනිමට වනයට ඇතුල්වීමට පෙර වනාන්තරය දෙවියන් ලෙස සලකා, ගසක කොළ අත්තක් කඩා එල්ලීම සාම්ප්‍රධායික සිරිතකි.මහ වනයට ඇතුල් වී සම්පූර්ණ වනයම එළි නොකර වනය කොටස්වලට බෙදා ගත්තහ.

  • පිල්ලෑව
  • අත්තඬු හේන
  • මූකලාන යනුවෙනි.

හේන් ගොවියා මුලින්ම පිවිසෙන්නේ පිල්ලෑව නම් වන ප්‍රදේශයටයි.අත්දඬු හේන යනු මිනිස් අතක් තරමට ගස් වැවුනු හේනයි. මූකලාන මහවනයයි. හේන් ගොවියා තම හේනේ එදිනදා ප්‍රයෝජනයට අවශ්‍යවන එළවළු,ධාන්‍ය,පලතුරු වගා කරයි.කුරක්කන්,මෙනේරි,තල,මුං,කවුපි ආදි ධාන්‍ය ද කැකිරි, පුහුල්, කරිවිල,මෑ,වට්ටක්කා වැනි එළවලළු ද කොමඬු,පැපොල්,දොඩම්,පේර,අන්නාසි වැනි පලතුරු ද ඒ අතරවේ. ගමේ සියලු වගාවන්ට පොහොර වනුයේ දිරාපත් වන කොළ රොඩු සත්ව අපද්‍රව්‍ය ආදියයි. ඒනිසා හේන් වගාවේදි කෘමි උවදුරු අවම විය.

බොහෝ හේන්වල දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයක් වන්නේ කුරුල්ලන් සඳහා වෙන් වු "කුරුලු පාලුව" නම් වන කොටසයි.කුරුල්ලන් සඳහා මෙය වෙන් කර තිබිණ.ඔවුන් හේන්වල කෘමීන් අහුලා කෑම නිසා ගොවීන්ට කුරුල්ලන්ගෙන් ප්‍රයෝජනලබා ගත හැකි විය. කෘමිනාශක භාවිතා නොකරන නිසා හේනෙන් ලබා ගන්නා ආහාර වර්ග ඉතා පිරිසිදු ඒවාය.කන්න ආරම්භයේ සිට අස්වනු නෙලා ගන්නා තෙක් ආගම හා සම්බන්ධ වු වත්පිලිවෙත් සිරිත්විරිත් ඉටු කරයි. අලුත්අස්වැන්නෙන් බුදුන්ට දෙවියන්ට බාරහාර ඔප්පු කරයි. පැරණි වැව් ගම්මාන වල සෑම කටයුත්තකදීම සාමුහික ශ්‍රමය යොදාගනී.


හේනේ ඇති පැල හේන් ගොවිතැනේදි අනිවාර්ය අංගයකි.රාත්‍රි කාලයේ හේනට එන වන සතුන් පලවාහැරීමට ගැමියන්ට සිදු වේ. ශක්තිමත් උස් ගසක මුදුනේ පැල තනා ගනි.පැල් රැකීම ලෙහෙසි පහසු කාර්යක් නම් නොව්.

පසු අස්වනු තාක්ෂණය[සංස්කරණය]

හේනෙන් නෙලා ගන්නා ධාන්‍ය වර්ග සෑහෙන කාලයක් තබා ගනී.නිවෙස් අසල තනා ගත් අටුව හෝ වී බිස්ස මේ සඳහා යොදා ගත්තහ.ලී,මැටි,පිදුරු වැනි සරල ද්‍රව්‍ය වලින් මෙය තනා ගනියි. වී බිස්ස යනු මීටර් 2-3ක් උස ගෙතුල තබා තිබු ,වේවැල් වලින් තනන ලද උපකරණයකි. වී අටුව යනු ගෙමිදුලේ පොළොවට මීටරයක් පමණ ඉහලින් තැනු වී බුසල් 50-60ක් අතර ප්‍රමාණයක් ගබඩා කළ හැකි ස්ථානයකි.


650pixel


අද[සංස්කරණය]

බ්‍රිතාන්‍ය යුගයට පෙර හේන යනු හුදේකලා හේනක් නොව කුඹුරු යාය මෙන්ම පැවති හේන් යායක් පව පැරැන්නන් කළ විස්තර අනුව පෙනේ. ගම් සභාව මගින් මෙම හේන් යාය ක්‍රමය පරිපාලනය කරන ලදි. 1832 දි ගම්සභා තහනම් කිරිම හා පොදු ඉඩම් පරිහරණ කිරීම ද ඒ සමග ම තහනම් වී ඉඩම් ඔප්පු ක්‍රමය ඇති විම නිසා හේන අභාවයට ගියේය. ඉන්පසු තැනින් තැන පුද්ගල මුළික හේන් ඇති වුයේ ඒ ඒ අය බලපත්‍ර ලබා හෝ තම ඔප්පු සහිත ඉඩම් වල හේන් වගා කරන්නට වු නිසාය. ලඳු කැළෑව නැමැති රටාව අතුරුදහන් විය. ක්‍රමයෙන් අභාවයට යමින් පවතින සාම්ප්‍රධායික ජීවනමාර්ග කාලානුරුපිව වෙනස් වී ඇත. නාගරීකරණය නිසා ගම නගරය ඇසුරින් වෙනස්වීම් වලට ලක්වනු දැකිය හැකිය. හේන් වගා කිරිමට තරුණ පිරිස් මැලි වේ. එම නිසා දැව කැපිම වැනි දේවලින් පරිසර පද්ධතිය විනාශ වේ. හේන් ගොවිතැන විරැකියාවට මනා පිළියමකි. නමුත් හේන් ගොවියාට සමාජයේ අඩු සැලකිල්ලක් දක්වයි. මේ නිසා අද වන විට ගමෙන් නගරයට ඇදෙන ශ්‍රමිකයන් පිරිස වැඩිවෙමින් පවතී.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=හේන්_ගොවිතැන&oldid=137695" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි