හෙළයේ සටන් රහස අංගංපොර

විකිපීඩියා වෙතින්
හෙළයේ සටන් රහස අංගංපොර
පිටකවරය
කර්තෘඅජන්ත මහන්තආරච්චි
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
ප්‍රකාශකයාSerenity Publishing House
ප්‍රකාශිත දිනය
2013 09 07
මාධ්‍ය වර්ගයමුද්‍රිත
අයිඑස්බීඑන්9789550722068

හෙළයේ සටන් රහස අංගංපොර යනු අජන්ත මහන්තආරච්චි විසින් රචිත ලංකාවේ සිංහලයන්ගේ ඉපැරණි සටන් කලාව වන අංගම් ශාස්ත්‍රය හෙවත් අංගම්පොර සම්බන්ධව ලියැවුණ ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. 2013 09 07 වන දින එලිදක්වන්නට යෙදුණි[1].

මෙම ග්‍රන්ථය රචනා කිරීම පිළිබඳව කතුවරාගේ අදහස් මෙසේ ය. “සිංහලයේ අංගං සටන් ශිල්පයට මා අතිශයින්ම භක්තිමතෙකි. එය මට ප්‍රාණ සමානය. මම අංගං සටනට හා සිංහලයේ ඉතිහාසයට දැඩිව ආදරය කරන්නෙක්මි. ඒ පිළිබඳව කකියන ලේ කැක්කුමක් ඇත්තෙක්මි. ඒ නිසාම මේ උත්තරීතර කලාවට ගරහන්නන්, කෙලෙසන්නන් නිරායාසයෙන්ම මාගේ සතුරන් බවට මා පත්කර ගනිමි. එනිසාම මේ ‘හෙළයේ සටන් රහස අංගම්පොර‘ කෘතියද එයට හිමි සැබෑ අයිතිය වෙනුවෙන් නැගූ හඩක් ලෙසට හඳුන්වන්නට හැකි ය. අපට අහිමිව යන අපේ උරුමය සුරකිනුවස් ශිල්පය ප්‍රායෝගිකව හැදෑරීමෙන් නොනැවතී ඒ පිළිබඳව ගවේෂණයේ යෙදෙන්නටත් ඒ දැනුම ලේඛනගත කරන්නටත් අවැසි වූ විට ඒවා සිතුවම් කරන්නටත් මා පෙළඹිණ. හෙළයේ සටන් රහස අංගංපොර නම් වූ මෙම කෘතිය එලෙස සිදුකළ ගවේෂණයේ ප්‍රතිඵලයයි.“[2]

මෙම ග්‍රන්ථය අවසන් වන්නේද අපූරු මෙරට හෙළ ශාස්ත්‍රයන් හා හෙළ භාෂාව සම්බන්ධයෙන් මහඟු පිටුවහලක් හෙබවූ අරීසෙන් අහුබුදු මහතා විසින් රචිත පසුවදනෙනි.


“පැතිර යන තෙදට දිනපති සකල රූ වැනි
පවර විස්නු සුරිඳුනි සිරි අත දෙමිනි
මෙවර අජන්තට බලවී ඇවිසෙමිනි
ඇමර ජය යසස දුන යෙහෙ දිව බෙලෙනි“[3]

බාහිර සබැඳුම්[සංස්කරණය]