හිම කැට වැස්ස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
විශ්කම්භය සෙම් 6  (අඟල් 2.4 ) ක් පමන වු විශාල හිම කැටයක්
Part of the Nature series on
කාලගුණය
 
Calendar seasons
වසන්තය · ග්‍රීෂ්ම සෘතුව

සරත් කාලය · ශීත සෘතුව

වියළි ඍතුව · වස්සානය

Storms

Thunderstorm · Supercell
Downburst · Lightning
Tornado · Waterspout
Tropical cyclone (Hurricane)
Extratropical cyclone
Winter storm · Blizzard · Ice storm
Dust storm · Firestorm  · Cloud

Precipitation

Drizzle · Rain  · Snow · Graupel
Freezing rain · Ice pellets · Hail

Topics

Meteorology · Climate
Weather forecasting
Heat wave · Air pollution

Weather portal

හිම කැට වැස්ස යනු ඝන හිම කැට පතනය වීමකි. එය හිමවැස්සෙන් වෙනස් වේ. නමුත් දෙකෙහිම බොහෝ සමාකූලතා ඇත.[1] මේ වැසි ගෝලාකාර හෝ අසමාකාර අයිස් කුට්ටි වලින් යුක්ත වන අතර ඒවා හිම කැට නමින් හැදින්වේ. ස්මානයෙන් හිම වැස්ස පතනය වන්නේ ශීත කාලගුණයේදී නමුත් හිම කැට වැස්ස ශීත උෂ්ණත්ව වලදී වර්ධනය බොහෝ සේ අඩුවේ.[2] හිමකැට තුල වැඩි වශයෙන් අයිස් ජලය අඩන්ගු වන අතර විශ්කම්භය මි.මි 5 (අඟල් 0.2) සිට සෙ.ම් 15  (අඟල් 6 ) ක් පමණ දක්වා පැතිරේ. හිමකැට වල METAR අගය මි.මි 5ක්(අඟල් 0.2) හෝ කුඩා හිම කැට සහ graupel කේතක GS අගයට වඩා වැඩි ග්‍රේන් අගයකි. අකුණු කුණාටු ඇතිවන විට හිමකැට වැසි හටගැනීමේ වැඩි හැකියාවක් පවතින අතර, මවු කුණාටු වල සිට සැතපුම් 2 ක්(කි.මි 3.7) පමණ දුරකදී පවා ඇති විය හැකිය. හිම කුණාටු නිර්මාණය වීමට දැඩි පරිසර තත්ව, උඩු අතට හටගන්නා සුළන් සමග මවු අකුනු(ටෝනාඩෝ වලට සමාන) සහ අඩු උස හිමායන මට්ටමක් අවශ‍‍‍‍ය්‍ය වේ. මධ‍‍ය අක්ෂාන්ශ වලදී, හිමකැට වැස්ස මහාද්වීප වල අභ්‍යන්තරයට ලගාවේ, එහෙත් නිවර්තනයේදී, එය ඉතා ඉහල මට්ටමකට නැබුරු වේ.

කාලගුණ චන්ද්‍රිකා සහ කාලගුණ රේඩාර් බාවිතයෙන් හිමකැට වැසි කලින් හදුනා ගැනීමේ ක්‍රම ඇත. සාමාන‍‍‍‍යයෙන් හිම කැට

නිර්වචනය[සංස්කරණය]

පොලොව මතට හිම වැටෙන ඕනෑම කුනාටුවක් හිම කුනාටුවක් ලෙස හදුන්වයි.[3] හිමකැට වල විශ්කම්භය මි.මි 5 (අඟල් 0.2) හෝ ඊට වැඩි ප්‍රමානයක් වේ.[4] හිමකැට වලට සෙ.මි 15 (අඟල් 6) සහ බර ගැරැම් 500 ක් දක්ව විශාල විය හැක.[5] අයිස් කැට මෙන් නොවේ හිම කැට තට්ටු වශයෙන්, අසමාකාරව පවතින අතර එකට එකතු කල හැක. හිම සමන්විත වන්නේ අවම තරමින් මි.මි. 1 ක්(අඟල් 0.039) ගනකමින් යුතුව, වළාකුළු අතරින් ගමන් කරන විට හිම කැට වල තැන්පත් වු, විනිවිද පෙනෙන අයිස් හෝ තට්ටුවක් ඇර තට්ටුවක් විනිවිද පෙනෙන අයිස් හා විනිවිද නොපෙනෙන අයිස් වශයෙනි. මෙම හිම වාතය මගින් ඇතිකරන උඩුකුරු තෙරපුම ඉක්මවා යන තරමට බර වැඩි වු විට පොලවට වැටෙයි. හිම කැට වල විශ්කම්භය විවිදාකාර වන නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ හානි පමුණුවන හිම කැට වල ස්මාන‍‍‍‍‍ය විශ්කම්භය සෙ.මි 2.5 (අඟල් 1) සහ ගොල්ෆ් පන්දුවක විශාලත්වයෙන්(අඟල් 1.75) යුතු බව නිරීක්ෂණය කර ඇත.[6] විශ්කම්භය සෙ.මි 2 (අඟල් 0.8) ට වඩා විශාල හිමකැට හානි පැමිනවීමට හැකියාවක් ඇතැයි සැලකේ. කැනඩාවේ කාලගුණ නිරික්ෂණ සේවය විසින් මෙම ප්‍රමනයෙන් භාගයක් තරම් විශාල හිම කැට වැටේ යැයි බලාපොරොත්තු වන විට දරුනු සුලි කුණාටු පිලිබද අනතුරු අගවයි.[7] ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය අනතුරුදායක සිමාව ලෙස සලකන්නේ සෙ.මි 2.5(අඟල් 1) වන අතර මෙම නව සීමාව බලපවත්වෙන්නේ 2010 ජනවාරි මස සිටය. මෙයට පෙර පැවති සීමාව අඟල් 3/4 කි.[8] අනෙක් රටවල් වලට එම රටවල හිම වල සන්වේදී බව අනුකූල වු ඔවුන්ට අවේනික වු සීමා ඇත. උදාහරණයක් වශයෙන් මිදි වගාකරන ප්‍රදේශ වලට කුඩා ප්‍රමනයේ හිම කැට වලින් පවා හානි ඇති විය හැක. හිම කැට උඩුකුරු තෙරපුම විශාලත්වය මත කුඩා හෝ විශාල විය හැක. ශක්තිමත් බවෙන් අඩු හිම කුණාටු ශක්තිමත් බවෙන් වැඩි හිම කුණාටු වලට වඩා කුඩා හිම කැට පතිත කරවයි.

යෙදුම[සංස්කරණය]

හිමකැට වැසි සාධක[සංස්කරණය]

හිම කැට වැස්ස වැඩි වශයෙන් දැකගත හැක්කේ මධ්‍ය-අක්ෂාංශ ගත මහද්වීපික කලාපයේය.මක්නිසාද යත් හිම කැට වැසි හටගැනීම වැඩිවශයෙන් සිදු වනුයේ හිමායන මට්ටම අඩි 11000 අඩු වු විටය.විශාල අකුණු කුණාටු දෙසට වියළි සුලගේ ගමන් කිරීම මහද්වීප හරහා ගමන් කිරීමේ දී වැඩි වීම සිදු වේ.එම නිසා හිම කැට වැසි නිතර සිදු වීම සිදු වේ.වාෂ්පීභවන සිසිලස වැඩි වීම නිසා අකුණු කුණාටු වළාකුලේ ඝනීභවන මට්ටම අඩු වීම සිදු වේ එනිසා හිම කැට වැසි වල විශාල වර්ධනයක් සිදු වේ.හිම කැට වැසි නිවර්තන කලාපයේ එතරම් දැක ගත නොහැකි අතර මධ්‍ය-අක්ෂාංශ කලාපයට වඩා අකුණු කුණාටු දැක ගත හැකි වේ මක් නිසාද යත් නිවර්තන කලාපය ඉහල අහස වඩා උණුසුම් නිසාය. නිවර්තන කලාප වල ඇති වන හිම කැට වැසි අති වනුයේ ප්‍රධාන ලෙස ඉතා උස් ස්ථාන වලය.

කාලගුණ විද්‍යාව[සංස්කරණය]

හිමකැට වැසි වැඩිපුර ඇතිවන්නේ යුරෝපීය මධ්‍ය අක්ෂාංශ ප්‍රදේශ වලය. තවද කලාතුරකින් නිවර්තන කලාප වලද හිමකැට වැසි දැකිය හැක. හිමකැට වැසි නිතරම වගේ කදුකර ප්‍රදේශ වල දැකිය හැක. ඒ කදු මගින් සුළගට ඇති වන බාධාව නිසාය. එමගින් උඩු සුළං වේගය වැඩි වී අකුණු සහිත කුණාටු හා හිමකැට වැසි ඇති වෙයි. හිමකැට වැසි වලට ද්‍රව බවට පත් වීමට තිබෙන කාලය, ඉහල උස නිසා අඩු වෙයි. හිමකැට වැසි වැඩි වශයෙන් සිදු වන ප්‍රදේශයක් ලෙස උතුරු ඉන්දියානු කදුකර ප්‍රදේශය හදුනා ගෙන ඇත. හිමකැට වැසි නිසා 1888 දී වැඩිම ජිවිත හානි මෙම ප්‍රදේශයෙන් සිදු වූ බව වාර්තා වෙයි. චීනයට ද හිමකැට වැසි වල අත්දැකීම් ඇත. තවද මධ්‍ය යුරෝපයට හා ඔස්ට්‍රේලියාව ද හිමකැට වැසි අත්දැකීම් ඇත. හිමකැට වැසි වලට දකුණු හා බටහිර ජර්මනිය ප්‍රසිද්ධියක් උසුලයි.තව ද උතුරු හා නැගෙනහිර ප්‍රංශයේද හිමකැට වැසි දක්නට ලැබේ. උතුරු ඇමෙරිකාවේ කොලරාඩෝ හා නෙබර්ස්කර් ප්‍රාන්ත වල හිමකැට වැසි බහුලව දක්නට ඇත. මෙම ප්‍රදේශ වලට මාර්තු හා ඔක්තෝබර් මාස වල හිමකැට වැසි දක්නට ලැබේ.

මේවත් බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. http://www.straightdope.com/columns/read/1668/whats-the-difference-between-hail-sleet-and-freezing-rain
  2. "Merriam-Webster definition of "hailstone"". Merriam-Webster. සම්ප්‍රවේශය 2013-01-23. 
  3. Glossary of Meteorology (2009). "Hailstorm". American Meteorological Society. සම්ප්‍රවේශය 2009-08-29. 
  4. Glossary of Meteorology (2009). "Hail". American Meteorological Society. සම්ප්‍රවේශය 2009-07-15. 
  5. National Severe Storms Laboratory (2007-04-23). "Aggregate hailstone". National Oceanic and Atmospheric Administration. සම්ප්‍රවේශය 2009-07-15. 
  6. Ryan Jewell and Julian Brimelow (2004-08-17). "P9.5 Evaluation of an Alberta Hail Growth Model Using Severe Hail Proximity Soundings in the United States". සම්ප්‍රවේශය 2009-07-15. 
  7. Meteorological Service of Canada (November 3, 2010). "Severe Thunderstorm criteria". Environment Canada. සම්ප්‍රවේශය 2011-05-12. 
  8. National Weather Service (January 4, 2010). "NEW 1 Inch Hail Criteria". NOAA. සම්ප්‍රවේශය 2011-05-12. 

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Rogers and Yau (1989). A Short Course in CLOUD PHYSICS. Massachusetts: Butterworth-Heinemann. ISBN 0-7506-3215-1. 
  • Jim Mezzanotte (2007). Hailstorms. Gareth Stevens Publishing. ISBN 978-0-8368-7912-4. 
  • Snowden Dwight Flora (2003). Hailstorms of the United States. Textbook Publishers. ISBN 978-0-7581-1698-7. 
  • Narayan R. Gokhale (1974). Hailstorms and Hailstone Growth. State University of New York Press. ISBN 978-0-87395-313-9. 
  • Duncan Scheff (2001). Ice and Hailstorms. Raintree Publishers. ISBN 978-0-7398-4703-9. 

අමතර ඇමිණුම්[සංස්කරණය]

සැකිල්ල:AmCyc Poster

සැකිල්ල:Natural disasters

si:හිමකැට වැස්ස

"http://si.wikipedia.org/w/index.php?title=හිම_කැට_වැස්ස&oldid=314737" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි