හින්දු මූර්ති

විකිපීඩියා වෙතින්
tiny globe
ගණ දෙවියන්ගේ මූර්තියක්

හින්දු 'මුර්ති' යනුවෙන් හඳුන්වනු ලබන්නේ දේව ප්‍රතිමා ආදියයි. මෙම ප්‍රතිමා තුළ දේවත්වය මුර්තිමත් වී ඇතැයි විශ්වාස කරති. දේවානුභාවයෙන් ප්‍රතිමාවකට දේවත්වය කැඳවීම කළ පසු එයට වැඳුම් පිඳුම් කිරිමට සුදුසු බව පිළිගනිති. එම නිසා හින්දුන් මෙන්ම මහායාන බෞද්ධ ජනයා භක්තිය ඇති කර ගැනිම සහ භාවනාවන් සඳහා සිත කේන්ද්‍රගත කර ගැනීමට මෙම ප්‍රතිමා ප්‍ර‍යෝජනවත් ලෙස සලකයි. ‍වංචකස්තු ග්‍රන්ථ වල ප්‍රතිමා පුද පූජා සඳහා උපයෝගී කර ගැනිම පිළිබඳ ව විස්තරාත්මකව දක්වා ඇත.

නිශ්චිත හැඩ රුවකින් තොර මුර්ති නොහොත් ප්‍රතිමා කලාතුරකින් දක්නට ලැබුනද, බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ නිශ්චිත හැඩ හෝ ස්වරූපයකින් දෙවියන් නිරූපනය කෙරී ඇති ශිව, ගණ, රාම, කාලි වැනි දේව ප්‍රතිමාවන් ය. 'ශිල්ප ශාස්ත්‍ර' ග්‍රන්ථයෙහි දක්වා ඇති නියමයන්ට අනුකූලව ප්‍රතිමා නිර්මාණය කෙරේ. ප්‍රතිමා සැකසිම සදහා පංච ලෝහ වර්‍ග භාවිතා කරනු ලැබේ. ප්‍රාණ ප්‍රතිශ්ඨා නමින් හඳුන්වනු ලබන උත්සව අවස්ථාවල දී පූජකවරුන් විසින් මෙම ප්‍රතිමාවලට දිව්‍යමය භාවය ආරෝපණය කරනු ලැබේ.

ප්‍රතිමා වන්දනය මඟින් එක් එක් පුද්ගලයා දෙවියන් කෙරෙහි ඇති භක්තිය වර්ධනය කර ගන්නා අතර ඔවුන්ගේ දෙවියන් කෙරෙහි ඇති ඇල්ම ගෞරවය, වඩාත් තහවුරු කර ඇදහීම ද සිදුවන්නේය. කෙසේ වෙතත් “ආර්ය සමාජ” සහ "සත්‍ය ධර්‍ම මහිම" යන සංවිධාන මෙය හුදු, රූප වන්දනයක් පමණක් බව පවසා මෙම විශ්වාසයන් බැහැර කරනු ලබයි.

සත්ගුරු සිවය සුබ්‍රමනියස්වාමි තුමා පවසන අන්දමට ප්‍රතිමා (මුර්ති) නූතන කාලයේ දුරකතනයකට සමාන කළ හැකිය. මේ අනුව කෙනෙකු කතා කරන්නේ දුරකතනයට නොවන බවත් එය දුර සිටින කෙනෙකු‍ට කතා කිරිමේ මාධ්‍යය වශයෙන් පමණක් යොදා ගන්නා බව පවසයි. ඒ ආකාරයෙන් වන්දනීය තත්ත්වයක් ආරෝපණය කර පූජනීයත්වය වඩවා ඇති ප්‍රතිමා මඟින් කෙනෙකුට පහසුවෙන් දෙවියන් අවබෝධ කර ගැනිමට හැකිවනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=හින්දු_මූර්ති&oldid=472315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි