හැලීගේ ධූම කේතුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
හේල්-බෝප් ධූමකේතුව සමග පටලවා ගත යුතු නොවේ.
1P/හැලී (හැලීගේ ධූම කේතුව)
A color image of comet Halley, shown flying to the left aligned flat against the sky
1986 මාර්තු 8 දිනදී හැලීගේ ධූම කේතුව
සොයාගැනීම
සොයාගත් තැනැත්තේ ප්‍රාග්-ඓතිහාසික (නිරික්ෂණය);
එඩ්මන් හැලී ( ආවර්තිකතාව හඳුනාගැනීම)
කක්ෂීය ලක්ෂණ[2]
කාලාරම්භය 2449400.5
(17 පෙබරවාරි 1994)
විහේලිකය 35.1 AU
(9 දෙසැම්බර් 2023)[1]
අපහේලිකය 0.586 AU
අවසන් අපහේලිකය: 9 පෙබරවාරි 1986
ඊළඟ අපහේලිකය: 28 ජූලි 2061[1]
අඩ-මහා අක්ෂය 17.8 AU
උත්කේන්ද්‍රියතාවය 0.967
කක්ෂීය කාලාවර්තය 75.3 [2]
ආනතිය 162.3°
භෞතික ගුණාංග
මාන 15×8 කිමී,[3] 11 කිමී (මධ්‍යන්‍යය)[2]
ස්කන්ධය 2.2×1014 කිග්‍රෑ[4]
මධ්‍යන්‍යය ඝණත්වය 0.6[5] (ඇස්තමේන්තුගත පරාසය 0.2 සිට 1.5 දක්වා ග්‍රෑ/සෙමී3[6])
මිදුම් ප්‍රවේගය

~0.002

කිමී/තත්
නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තය 2.2 දි (52.8 පැ) (?)[7]
ප්‍රභානුපාතය 0.04[8]
දෘශ්‍ය විශාලත්වය 28.2 (2003 දී)[9]

හැලීගේ ධූම කේතුව , නිල නම්කරණය 1P/හැලී,[2] යනු, පෘථිවියෙහි සිට සෑම වසර 75–76 ට වරක් දර්ශනය වන, කෙටි-කාලාවර්ත ධූම කේතු අතුරින් පැහැදිලිතම අවබෝධයක් සහිත ධූම කේතුවය.[2][10] පෘථිවියෙහි සිට පියවි ඇසට දර්ශනය වන එකම කෙටි-කාලාවර්ත ධූම කේතුව හැලීගේ ධූම කේතුව වන අතර, එම නිසාම, මිනිස් ජීවිත කාලය තුල දෙවරක් දිස්විය හැකි පියවි-ඇසට පෙනෙන එකම ධූම කේතුව එය වෙයි. [11] පියවි-ඇසට පෙනෙන අනෙකුත් ධූම කේතු මෙයට වඩා දීප්තිමත් සහ ප්‍රේක්ෂණීය විය හැකි නමුදු ඒවා දිස්වන්නේ වසර දහස් ගණනකට එක් වරකි. අභ්‍යන්තර සෞර ග්‍රහ මණ්ඩලයෙහි අවසන් වරට හැලී දක්නට ලැබුණේ 1986දී වන අතර නැවතත් පෙනෙන්නේ මධ්‍ය-2061 හිදීය.[12]


අභ්‍යන්තර සෞර ග්‍රහ මණ්ඩලය වෙත හැලීගේ යළි-පැමිණීම්, අඩුම වශයෙන් ක්‍රිපූ 240 සිට තාරකා විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කොට වාර්තාගත කොට ඇත. ධූමකේතුවෙහි දර්ශනය වීම් වල පැහැදිලි වාර්තාගත කිරීම් චීන, බැබිලෝනියානු සහ, මධ්‍යතන යුරෝපියානු වංශකථා වල දක්නට ඇතත්, එකම වස්තුව යළි-දර්ශනය වීම් ලෙසින් එකල හඳුනාගෙන නොතිබිණි. ධූමකේතුවෙහි ආවර්තිත ගමන වසර 1705දී පළමුවෙන් හඳුනාගත්තේ ඉංග්‍රීසි තාරකාවිද්‍යාඥ එඩ්මන්ඩ් හැලී විසින් වන අතර, එය නම් කර ඇත්තේ ඔහු අනුව යමිනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; horizons නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; jpldata නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Learn නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; mass නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; density නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. එස්. ජේ. පීල් (1989). "ඔන් ද ඩෙන්සිටි ඔෆ් හැලීස් කොමට්". ඉකරස් 82 (1): 36–49. doi:10.1016/0019-1035(89)90021-3. "densities obtained by this procedure are in reasonable agreement with intuitive expectations of densities near 1 g/cm3, the uncertainties in several parameters and assumptions expand the error bars so far as to make the constraints on the density uniformative ... suggestion that cometary nuclei tend to by very fluffy, ... should not yet be adopted as a paradigm of cometary physics.". 
  7. එස්. ජේ. පීල්, ජේ. ජේ. ලිස්සවා (1989). "රොටේෂන් ඔෆ් හැලීස් කොමට්". ඉකරස් 79 (2): 396–430. doi:10.1016/0019-1035(89)90085-7. 
  8. ආර්. ආර්. බ්‍රිට් (29 නොවැම්බර් 2001). "කොමට් බොරෙලි පස්ල්: ඩාර්කස්ට් ඔබ්ජෙක්ට් ඉන් ද සෝලර් සිස්ටම්". Space.com. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2008.  සැකිල්ල:මල බැඳිය
  9. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; ESO2003 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. ජී. ඩබ්. ක්‍රොන්ක්. "1P/හැලී". cometography.com. සම්ප්‍රවේශය 13 ඔක්තොම්බර් 2008. 
  11. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Delehanty නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  12. ඕ. ඇජිකි සහ ආර්. බාල්කෙ. "ඕර්බිට් ඩයග්‍රම් (ජාවා) ඔෆ් 1P/හැලී". ජේට් ප්‍රෙපපල්ෂන් ලැබොරටරි සෝලර් සිස්ටම් ඩයිනමික්ස්. සම්ප්‍රවේශය 1 අගෝස්තු 2008. 
"http://si.wikipedia.org/w/index.php?title=හැලීගේ_ධූම_කේතුව&oldid=302892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි