හන්තාන ලිනක්ස්

විකිපීඩියා වෙතින්
හන්තාන ලිනක්ස්
Hanthana logo
Hanthana
විකාශකයාHanthana Linux Community
OS පවුලUnix-like
Working stateCurrent
මූලාශ්‍ර ආකෘතියFree and open source software
Initial release19 සැප්තැම්බර් 2009 (2009-09-19)
Latest release28 (කණ්ඩුල - ආරක්ෂක සංස්කරණය) / අගෝස්තු 2019; වසර 4 කට පෙර (2019-08)
ලබා ගත හැක්කේMultilingual
Update methodYum (PackageKit)
Package managerRPM Package Manager
Platformsi386, amd64
Kernel typeLinux (Monolithic-based Hybrid)
UserlandGNU
Default user interfaceGNOME
LicenseFree software licenses
(mainly GPL)
Official websitehanthana.org

හන්තාන ලිනක්ස් යනු ෆෙඩෝරා (මෙහෙයුම් පද්ධතිය) මත පදනම්වූ නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් සේ බෙදාහරින පරිගණක මෙහෙයුම් පද්ධතියකි. [1] හන්තාන ලිනක්ස් සක්‍රීය Fedora Remix අතර පවතී [2]

නිතර අන්තර්ජාලය හා සම්බන්‍ධ විය නොහැකි ශ්‍රී ලාංකික පරිගණක පරිශීලකයන්ගේ භාවිතය උදෙසා බොහෝ අවස්ථාවන්හිදී අවැසි වන මෘදුකාංග විශාල සංඛ්‍යාවක් පෙර නිමියෙන් අන්තර්ගත වන පරිදි එය විශේෂයෙන් තනා ඇත.[3] එසේ වුවත් ශ්‍රී ලංකාවෙන් පිටත ද හන්තාන ලිනක්ස් පරිශීලක ප්‍රජාව ව්‍යාප්ත වෙමින් පවතී.[4]

හන්‍තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන හන්‍තාන ලිනක්ස් සමූහය මගින් සංවර්ධනය කෙරෙන්නකි.[5]

ඉතිහාසය හා සංවර්ධන ක්‍රියාදාමය[සංස්කරණය]

හන්තාන ලිනක්ස් යනු ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියේ ප්‍රතිසංකලනයකි. ශ්‍රී ලංකාවේ සමහර ග්‍රාමීය ප්‍රදේශවල අන්‍තර්ජාලය හරහා මෘදුකාන්ග බෑම අසීරු බැවින්, හන්‍තාන කණ්ඩායමේ ප්‍රධාන අභිප්‍රාය වූයේ භාවිතයට පහසු මෙන්ම හැකිතාක් වැඩි භාවිත මෘදුකාංග එකතුවකින් හෙබි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කිරීමයි.

හන්තාන ලිනක්ස්හි මුල් නිකුතුව 2009 සැප්තැම්බර් මස 19 වැනි දින සිදු කෙරිණි.[6] එතැන් පටන් එක් නිකුතුවක් සඳහා මාස දහ අටක සහාය කාලයක් සහිතව මාස හයෙන් හයට ආරක්‍ෂක නිවැරදි කිරීම්, දෝෂ නිරාකරණ හා අනෙකුත් යාවත්කාල කිරීම් සහිතව නව නිකුතුවක් හන්‍තාන කණ්ඩායම විසින් ලබා දෙනු ලැබේ.

හන්‍තාන, ෆෙඩෝරා වෙතින් ලැබෙන පැකේජයන් මත පාදක වී ඇත. ෆෙඩෝරා මෙන් ම හන්තාන ලිනක්ස් ද RedHat හි rpm මාදිලියේ පැකේජ හා ඒවායේ කළමනාකාරකය වන Yum භාවිත කරයි.

පහසුකම්[සංස්කරණය]

වාණිජ දෘඪාංග ධාවක කිහිපයක් හැරුණු විට හන්‍තාන මෙහෙයුම් පද්ධතිය මුළුමනින්ම පාහේ නිදහස් මෘදුකාංග බලපත්‍රය මත බෙදාහරින මෘදුකාංගවලින් නිර්මිතව ඇත. ප්‍රධාන වශයෙන් භාවිත වන GNU General Public License (GNU GPL) හා ඊට අමතරව භාවිතා වන GNU Lesser General Public License (GNU LGPL) යන බලපත්‍ර මෘදුකාංග ධාවනයට, පිටපත් කෙරුමට, බෙදාහැරුමට, අධ්‍යයනයට, වෙනස් කෙරුමට හා සංවර්ධනයට පරිශිලකයාට අවසර ලබා දෙයි. අනෙක් අතට, හන්‍තාන මත ධාවනය කළ හැකි වාණිජ මෘදුකාංග ද තිබේ. හන්‍තාන භාවිතාව, ආරක්‍ෂාව හා ස්ථාවරත්වය යන කරුණු කෙරේ අවධානය යොමු කරයි. එමෙන්ම accessibility හා ජාත්‍යන්‍තරකරණය කෙරෙහිද අවධානය යොමු කරන්නේ හැකිතාක් වැඩි පිරිසක් වෙත ළඟා වීමේ අරමුණෙනි. ආරම්භයේ සිටම පෙරනිමි character encoding වූයේ රෝමනික නොවන අක්‍ෂර බොහොමයක් භාවිතා කළ හැකි UTF-8ය.

හන්‍තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙහි පෙරනිමියෙන් LibreOffice, Firefox, Pidgin, Transmission හා GIMP වැනි මෘදුකාංග සමග (සුදෝකු හා චෙස් වැනි) සැහැල්ලු ක්‍රීඩා කිහිපයක්ද අන්‍තර්ගතය.

ස්ථාපනය[සංස්කරණය]

හන්තාන ස්ථාපනය සාමාන්‍යයෙන් සජීව ඩී.වී.ඩී තැටියක් භාවිතයෙන් සිදු කෙරේ. හන්‍තාන සංගත තැටියේ සිට ඍජුව (ක්‍රියාකාරීත්‍වයේ අඩුවක් සමග වුවද.) "පරීක්‍ෂා ධාවනය"ක් කොට තමන්ගේ පරිගණකයේ දෘඪාංග හා ධාවක සමග මෙම මෙහෙයුම් පද්ධතිය ගැළපේදැයි පරිශීලකයාට පරීක්‍ෂා කළ හැක.

පරිශීලකයන්ට සංගත තැටි පිළිබිඹුවක් (.iso) බාගෙන, එය එක්කෝ සත්‍ය සංගත තැටියක් මතට ලියා හෝ කෙලින්ම දෘඪ තැටියේ තබා ධාවනය කළ හැක (UNetbootin හෝ GRUB හරහා).

හන්තාන මෙහෙයුම් පද්ධතියේ බහුතරයක් අංශ GNU General Public Licenses යන බලපත්‍රය යටතේ නිකුත් කෙරෙන අතර ඔබට එය රිසි පරිදි පිටපත් කිරීමට හා බෙදාහැරීමට නිදහස තිබේ. එසේ වුව ද මෘදුකාංග බලපත්වල සීමාවන් බලපැවැත්වෙන රටක හෝ කලාපයක ඔබ සිටින්නෙහි නම් මේ වෙනුවට Fedora භාවිත කිරීම උචිත ය.

පද්ධති අවශ්‍යතා[සංස්කරණය]

  • i386 පරිගණක architecture.
  • 400MHz සකසනය.
  • 640MB අවම මතකය (1GB නිර්දේශිතයි).
  • 16GB ක නිදහස් දෘඩ තැටි ඉඩ.

නවතම හන්තාන සංස්කරණය සඳහා පද්ධති අවශ්‍යතා[සංස්කරණය]

ඔබගේ පරිගණක‍යේ දෘඩාංග

  1. පෙළ ආකාරය සඳහා (text-mode) අනුමත : 200 MHz Pentium Pro හෝ වැඩි
  2. චිත්‍රක ආකාරය සඳහා (graphical) අනුමත : 400 MHz Pentium Pro හෝ වැඩි
  3. පෙළ ආකාරය සඳහා (text-mode) අවම මතකය (RAM): 256 MiB
  4. චිත්‍රක ආකාරය සඳහා (graphical) අවම මතකය (RAM): 640 MiB
  5. චිත්‍රක ආකාරය සඳහා (graphical) අනමත මතකය (RAM): 1152 MiB
  6. දෘඪ තැටියේ තිබිය යුතු අවම ඉඩකඩ 15GB
  7. DVD ධාවකයක්

නවතම නිකුතුව[සංස්කරණය]

හන්තාන ලිනක්ස් 30 වන සංස්කරණය (විශ්ව)[7] වෙනුවෙන් නිර්මාපකයන් වැඩ කටයුතු කරගෙන යන බව ප්‍රකාශ කර ඇත. Fedora පාදක කරගත් Live DVD තැටියකින් සමන්විත යෙදුම් විශාල ප්‍රමාණයකින් සහ Media Codec, Custom Artworks වලින් පොහාසත් නවතම හන්තාන ලිනක්ස් සංස්කරණය 28 වන අතර එය කණ්ඩුල නමින් නිකුත් වී ඇත. ගිගාබයිට 1.9කින් සමන්විත එය දැනට ඔබ හට බාගත කර ගැනීමේ පහසුකම් ලබා දී තිබේ.

හන්තාන ලිනක්ස් 28 වන සංස්කරණය (කණ්ඩුල - හන්තාන ලිනක්ස් ආරක්ෂක සංස්කරණය), යෙදුම් සමූහය මෙන්ම නවතම The Document Foundation මගින් ලබාදෙන LibreOffice මාර්ගෝපදේශනය සමඟින් බලගැන්වී ඇත.

කරුණාකර හන්තාන ලිනක්ස් Gnome 3,Gnome Sugar,KDE,LXDE,XFCE යන desktop පාරිසරිකයන් වලින් සමන්විත බව සලකන්න.

නිකුත්වූ තැන් පටන් 2012 සැප්තැම්බර් 25 දින දක්වා 3500කට අධික පිරිසක් මෙය බාගත කරගෙන ඇති වාර්තා වීමෙන් මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති ජනප්‍රියතාවය පෙනී යයි. එම අතර ඉදිරි නවතම සංස්කරණයක් සඳහාද මේ වන විට එහි නිර්මාපකයන් අතින් කටයුතු සම්පාදනය වෙමින් පවතී.

නවතම වෙළුම බාගත කිරීම සඳහා කරුණාකාර මෙම සබැඳිය භාවිතා කරන්න.

හන්තාන 17 සිතිජ සංස්කරණය සජීව සංයුක්ත තැටි (සී.ඩී.) මාධ්‍යය[සංස්කරණය]

හන්තාන 17 සිතිජ සංස්කරණයේ තවත් සංස්කරණයක් නිකුත්ව ඇති අතර එය ඔබට බාගත කිරීම සඳහා පහත සබැඳිය භාවිතා කල හැකියි. මෙය අවම පහසුකම් වලින් යුක්ත පරිගණයකට ස්ථාපනය සඳහා එහි නිර්මාපකයන් විසින් සකසන ලද්දකි. එහෙත් එහිද ෆයර්පොක්ස් වැනි වෙබ් ගවේෂකයන්ද ලිබ්රේ ඔෆීස් වැනි මෘදුකාංගද අඩංගු කර ඇත.

http://ncu.dl.sourceforge.net/project/hanthana/17/i386/Hanthana-17-i386-livecd.iso[permanent dead link]

ඔබ ශ්‍රී ලංකාවේ වාසය කරන අයෙක් නම් පහත සැබැඳිය භාවිතයෙන් වඩාත් වේගයෙන් බාගත කිරීම කරගත හැකිවනු ඇත.

http://mirror.learn.ac.lk/hanthanalinux/17/i386/Hanthana-17-i386-livecd.iso[permanent dead link]

මෙම බාගත් ගොනුවේ චෙක්සම් අගය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් පහත ගොනුව බාගත කර ගන්න.

http://ncu.dl.sourceforge.net/project/hanthana/17/i386/Hanthana-17-i386-livecd.CHECKSUM[permanent dead link]

http://mirror.learn.ac.lk/hanthanalinux/17/i386/Hanthana-17-i386-livecd.CHECKSUM[permanent dead link]

හන්තාන 17 සිතිජ සංස්කරණය බිට් 64 (ඩී. වී.ඩී.) මාධ්‍යය[සංස්කරණය]

නවතම හන්තාන 17 සිතිජ සංස්කරණයෙහි බිට්(බිටු) 64 සංස්කරණය දැන් නිකුත් වී ඇති අතර එය පහත සබැඳි වලින් එකකින් ඔබට ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

http://distro.ibiblio.org/hanthana/17/Hanthana-17-x86_64-dvd.iso

http://space.dl.sourceforge.net/project/hanthana/17/x86_64/Hanthana-17-x86_64-dvd.iso[permanent dead link]

http://jaist.dl.sourceforge.net/project/hanthana/17/x86_64/Hanthana-17-x86_64-dvd.iso

මෙම බාගත් ගොනුවේ චෙක්සම් අගය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් පහත ගොනුව බාගත කර ගන්න.

http://distro.ibiblio.org/hanthana/17/Hanthana-17-x86_64-dvd.CHECKSUM

http://space.dl.sourceforge.net/project/hanthana/17/x86_64/Hanthana-17-x86_64-dvd.CHECKSUM[permanent dead link]

වැඩිදුර[සංස්කරණය]

බාහිර සබැදුම්=[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

සැකිල්ල:ලිනක්ස් බෙදාහැරුම්

සැකිල්ල:මෙහෙයුම් පද්ධති

"https://si.wikipedia.org/w/index.php?title=හන්තාන_ලිනක්ස්&oldid=593895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි