හදවත
හෘදය වස්තුව යනු සියළුම පෘෂ්ඨවංශිකයන් සතුව ඇති රිද්මයානුකූල සංකෝජනය මගින් රුධිර වාහිනී හරහා සිරුර පුරා රුධිරය පොම්ප කරන මාංශ පේශීන්ගෙන් සැදුම් ලත් අවයවයකි. මිනිස් හෘදයේ රිද්මයානුකූල සංකෝචනය හා සමාන අකෘතියක් ගැඩිවිලුන් , මෘද්වංශිකයන් සහ ආත්‍රපෝඩාවන්ට ඇත. ඉංග්‍රීසියෙන් “කාඩියැක” (Cardiac) යන වදන හෘදය හා සම්බන්ධ යන අරුත් දෙන ග්‍රීක වදනින් බිදී ආවකි.
පෘෂ්ඨ වංශිකයන්ගේ හෘදය වස්තුව නිර්මාණය වී ඇති හෘද පේශී හෘදයටම පමණක් සීමා වු අතිච්ධානුග පේශි විශේෂයකි. සාමාන්‍ය පුදගලයෙකුගේ හෘද ස්පන්දන වේගය මිනිත්තුවට වාර 72 ක් පමණ වන අතර වසර 66ක්වු ජීවිත කාලයක් ඇතුළත එය ආසන්න වශයෙන් බිලියන 2.5ක් වාරයක් ස්පන්දනය වේ.
හෘදයේ ආකෘතිය [සංස්කරණය]
මිනිස් සිරුර තුළ හෘදය වස්තුව පිහිටා ඇත්තේ උරස් කුහරයේ මැද හරියට වන්නට නමුත් හෘදයෙන් බහුතරයක් වම්පැත්තට නැඹුරුව පවතී. ඇතැම් විට මෙය දකුණු පසට බරව පහිටන අතර එවිට එය ඉංග්‍රීසි බසින් “ඩෙක්ස්ට්‍රොකාඩියා” නමින් හැදින්වේ. හෘදය වස්තුව වම්පසට බරව පිහිටා ඇත්තේ සිරුර පුරා රුධිර පොම්පකර හරින ශක්තිමත් වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා කුඩාවට පිහිටා ඇත. හෘද පරිතන්තුව නමින් හැඳින්වෙන මල්ලක් වැනි කොටසක් මගින් හෘදය පිටතින් ආවරණය වී ඇත. හෘද පරිතන්තුව පෙනහළු මගින් වටවී ඇති. හෘද පරිතන්තුව ප්‍රධන වශයෙන් කොටස් දෙකකි. තන්තුමය හෘද පරිතන්තුව ඝන තන්තුමය සන්දාරක පටකවලින් සෑදී ඇත. හෘදය සංකෝචනය වීමේදී ඇතිවන ඝර්ෂණ බල අවම කර ගැනීම සදහා පටල දෙකකින් යුක්ත ඒ අතර තරලමය ද්‍රව්‍යයෙන් පිරුණු තරලමය හෘද පරිතන්තුව ඇත. උරස් කුහරය තුළ හෘදය වස්තුව පිහිටා ඇති කුහරය mediastinum නමින් හැඳින්වේ
හෘදය වස්තුවේ අග්‍රය යනු එහි පහලට හා වම්පසට බරව පිහිටා ඇති මොට වු ස්ථානයකි. මෙම ස්ථානයට කෙලින්ම වෙද නලාවක් තබා හෘද ස්පන්දන වාර ගණන ගණන් කළ හැකිය. මෙය වම් අකු ඇටයෙහි මධ්‍ය රේඛාවේ පස්වන හා හයවන පර්ශු අතර ඇති අවකාශයට කෙළින්ම පිටුපසට වන්නට පිහිට ඇත. නිරෝගී පුද්ලයෙකුගේ හෘදය වස්තුව ග්‍රෑම් 250 – 300 අතර වන අතර එය තමාගේ මිට මොළවන ලද අතක ප්‍රමාණයේ ¾ පමණ වේ. නමුත් හෘදය වස්තුවේ ඇතැම් රෝගී අවස්ථාවලදී හෘද පේශීවල අධිතර්පනයක් සිදුවන නිසා එහි බර ග්‍රෑම් 1000ක් හෝ ඊටත් වඩා ඉක්මවිය හැකිය. හෘදය වස්තුව කුටීර 4කින් යුක්ත වේ. ඉහලින් පිහිටා ඇති කර්ණිකා දෙකක් සහ ඊට පහලින් අනිකුත් කුටීර දෙක වන කෝෂිකා දෙක පිහිටා ඇත.
