හතරවන විජයබාහු රජ

විකිපීඩියා වෙතින්
හතරවන විජයබාහු රජ
දඹදෙනිය රාජධානියේ රජ
රාජ්‍ය සමය1269-1270
පූර්වප්‍රාප්තිකයාදෙවන පරාක්‍රමබාහු රජ
අනුප්‍රාප්තිකයාපළමු බුවනෙකබාහු රජ
මරණය1270 ඔක්තොම්බර්
දඹදෙනිය
දරුවන්තෙවන පරාක්‍රමබාහු රජ
වංශයසිරි සඟ බෝ රාජ වංශය
පියාදෙවන පරාක්‍රමබාහු රජ

ක්‍රිස්තු වර්ෂ 1270 දි දෙවන පරාක්‍රමබාහු රජතුමාගෙ මරණයෙන් පසු දඹදෙනිය අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් වුනේ ඔහුගේ වැඩිමහළු පුත් විජයබාහු කුමාරයා ය. හතරවන විජයබාහු නමින් ප්‍රකට වූ මෙතුමා බෝසත් විජයබාහු නමින් ද හැඳින්වින.

එහෙත් මෙම රජතුමාට බලයේ සිටිය හැකි වුනේ දෙවසරක් පමණි. මිත්ත නම් සෙන්පතියෙක් ක්‍රිස්තු වර්ෂ 1272 දී රජ ගෙදර මෙහෙකරුවෙකුට අල්ලස් දී රජු මරා දමා තෙමේ රජ විය. මිත්ත සෙන්පතියාට සිහසුනට උරුමයක් නොවූ අතර වැටුප් ප්‍රසාද දී හමුදාපතීන් පක්ෂ කරවාගෙන තමන්ට තර්ජනයක් විය හැකි බෝසත් විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු ආදිපාදයන් මැරවීමට චරපුරුෂයන් යෙදවීය.

මෙකල රාජ සේවයේ සිටි විදේශීය හමුදාංකයේ සිටි ආර්ය භටයන් මිත්තට අවනත නොවුණු අතර ඔවුන්ගේ නායක ඨකුරක සෙන්පතියා මිත්තව මරා දමා තමා එය සිදුකලේ සිහසුනට උරුමකම් කියන බුවනෙකබාහු ආදිපාදගේ උපදෙස් පරිදි බව සිංහල සෙන්පතියන්ට පැහැදිලි කර ඔවුන්ද පක්ෂ කොටගෙන බුවනෙකබාහු ආදිපාදයන් කැඳවා රජ කරවීය. බුවනෙකබාහු කුමරා පළමු බුවනෙකබාහු රජ නමින් දඹදෙනිය අග නගරය කරගෙන රජ විය. ඒත් ටික කලෙකින් පළමු බුවනෙකබාහු රජතුමා තම අග නගරය වශයෙන් යාපහුව තෝරා ගත්තේය.

සබැඳි පිටු[සංස්කරණය]

හතරවන විජයබාහු රජ
උපත: 1269 මරණය: 1270
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
දෙවන පරාක්‍රමබාහු රජ
දඹදෙණියේ රජ
1269–1270
අනුප්‍රාප්තිකයා 
පළමු බුවනෙකබාහු රජ
"https://si.wikipedia.org/w/index.php?title=හතරවන_විජයබාහු_රජ&oldid=430266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි