සෞඛ්‍ය සම්පන්න ආහාර වේල
| මෙම ලිපිය වනාහි Healthy diet ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යනු හොද සෞඛ්‍ය තත්ත්වයක් වර්ධනය කර ගැනීමේ හෝ පවත්වා ගැනීමේ අරමුණින් ආහාරයට ගනු ලබන ද්‍රව්‍යය මොනවාදැයි තීරණය කිරීම හා සම්බන්ධ ප්‍රායෝගීකරණයකි.
මෙය සිදු කරනු ලබන්නේ සියළුම ආහාර කාණ්ඩවලින් ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන අන්දමන් පරිභෝජනයට ගැනීම මගිණි. මෙහිදී ආහාරයට ප්‍රමාණවත් පරිදි ජලය එකතු කර ගැනීම ද එකසේ වැදගත්ය. මානව පෝෂණය වඩාත් සංකිර්ණ මාතෘකාවක් වන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යන්න එක් එක් අවස්ථාවන්වලදී විවිධ වේ. ඒ සදහා පුද්ගලයාගේ ප්‍රවේනික සැලැස්ම, අවට පරිසරය සහ සෞඛ්‍ය තත්ත්වය බලපායි. මානව ජනගහනයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා නොගැනීම හේතුවෙන් ඇති වී ඇති ප්‍රධානතම අවහිරතාවය වී ඇත්තේ ආහාර ඌණතාවය සහ මන්ද පෝෂණයයි. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන් සංවර්ධිත රටවල ඇති ප්‍රධානතම ගැටළුව වනුයේ අධි ස්ථුලතාවයයි.