සොක්ටා කොහ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සොක්ටා කෝ - භූමි විස්තරය[සංස්කරණය]

මෙහි දැක්වෙන්නේ පකිස්ථානයේ පස්නි ප්‍රදේශය යාබදව සොක්ටා කොහ් ආශ්‍රිතව පිහිටා තිබු වෙරළ ආශ්‍රිත හරප්පා ජනපදයේ පරිගණක ඇසුරින් කරන ලද ප්‍රතිනිර්මාණයකි.

සොක්ටා කෝ යනු සාදි කෞර් ගංගා මිටියාවතෙහි ඇති කුඩා කඳු ගැට අතරින් මතුවු කඳු ගැටයක් වේ. එය පස්නි ප්‍රදේශයේ උතුරින් පිහිටා ඇති කඩතොලු සහිත ස්ථාන කඳු පංති වලින් වටවී ඇත. වර්තමානයේ දී ගංගාවක් එයට ආසන්නයෙන් ගලා බසියි. කුඩා දියපාරවල් සහ දොළ පාරවල් වැඩිවශයෙන් ම වර්ෂා ජලයෙන් පෝෂණය වන අතර එම ජලය සාදි කෞර් වෙත ‍එකතු වේ.

කඳු පංතිය ප්‍රදේශය පුරා සැතපුම් දෙකක් පමණ පැතිරෙන අතර සැතපුමකට වඩා අඩු ඉතිරි ප්‍රදේශය ගිණිකොණ ප්‍රදේශයට පැතිර ඇත. එය භූමියේ සිට ඇගයීම අපහසු කරුණක් වන්නේ එය ආසන්නයේ තවත් කිසිදු කඳු ව්‍යුහයක් නොපවතින බැවිනි. කඩින් කඩ පිහිටා තිබෙනවා විනා හැරෙන්නට මෙම භූමි ප්‍රදේශය සවිස්තර වශයෙන් කැනීමකට ලක් වී නොමැත.

උතුරු හා දකුණු මායිම්, වියළි ගිරිකඳුරු ප්‍රදේශය හරහා පිහිටා ඇත. තවත් දෘෂ්‍යමාන සලකුණු වන්නේ රළුගල් යට වැළලී ඇති වලවල් විශාල ප්‍රමාණයයි. තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ බිත්තිවල ආරක්ෂා සැලසීම පිළිබඳ ප්‍රමාණවත් දෘෂ්‍යමානික සාක්ෂීන් ‍නොතිබීමයි.

ගොනුව:Sokhta Koh3.jpg
උඩු ගුවනේ සිට ගන්නා ලද සොක්ටා කෝ - භූමි ප්‍රදේශයේ ඡායා රූපයක්

පුරා විද්‍යාත්මක වැදගත්කම[සංස්කරණය]

සොක්ටා කොහ් ලෙස හැදින්වෙන වෙරළ ආශ්‍රිත හරප්පා ශිෂ්ටාචාරය සම්බන්ධ පුරා විද්‍යා ස්ථානය මුල්වරට සමීක්ෂණය කරන ලද‍්දේ 1960 වසරේදි ඇමෙරිකානු පුරා විද්‍යාඥයෙකු වු ජෝජ් F ඩේල්ස් විසිනි. සොක්ටා කොහ් යන නමෙහි අරුත ගිනිගත් කන්ද යන්න වන අතර ඇමරිකානු පුරාවිද්‍යාඥ ජෝජ් F ඩේල්ස් හට මෙම ප්‍රදේශය හමුවුයේ ඔහු පකිස්ථානයේ, බලුකිස්ථානයේ මක්‍රාන් වෙරළ ආශ්‍රිත අතු ගංඟා ගවේෂණය කරන අතර තුරයි. මෙම ස්ථානය පස්නි ප්‍රදේශයේ සිට සැතපුම් 15 ක් පමණ දුරින් පිහිටා ඇත. තවත් මෙවැනිම ස්ථානයක් වු සුට්කාගෙන් - ඩෝ වෙරළෙන් සැතපුම් 30 ක් පමණ රට තුළට වන්නට පිහිටා ඇති අතර එය ජිවානි ප්‍රදේශයට උතුරින් වු ඩැෂ්ට් නදිය ආශ්‍රිතව පිහිටා ඇත. මෙම ස්ථාන කිසියම් ආදි වෙරළ තීරයක් ඔස්සේ පිහිටා තිබු බවට පවතින සාධක (එකල වෙරළ තීරය සාපේක්ෂව වඩාත් රට තුළට වන්නට පිහිටි බවට සැලකිය හැක) හරප්පානු සමයට අයත් අන්තර් ජාතික වෙළඳ කටයුතු සම්බන්ධ සාධක හා මනා ලෙස ගැලපෙයි. මෙම ජනාවාස වලින් හමු වු මැටි භාජන වල ලක්ෂණ අනුව මෙම ජනාවාස හරප්පානු ශිෂ්ටාචාරය උච්ච සමයට අයත් බව ඇස්තමේන්තු කෙරෙයි. (ක්‍රි.පු. 2600 – 1900)


සොක්ටා කෝහි වළං කර්මාන්තය[සංස්කරණය]

සොක්තා කෝහ්හි කැණීම් වලින් සොයා ගන්නා ලද මැටි බදුනක්

නැති වි ගිය ජනාවාසයන්හි නෂ්ටාවශේෂයන්ගෙන් යුක්ත වූ සිය දහස් ගණන් වලං කැබලි භූමිය පුරා විසිරී ඇත. වලං පිළිස්සීම සඳහා භාවිතා කරන ලද උඳුන්ද දැකිය හැකිය. විශාල වශයෙන් වලං කර්මාන්තය සිදුකරන ලද්දේ සුඛෝපභෝගී භාණ්ඩ සමඟ හුවමාරු කරගැනීම සඳහාය. කල්තබා ගත නොහැකි භාණ්ඩ අපනයනය කිරීමේදී ඒවා ඇසුරුම්කරණය සඳහා ඇතැම් භාණ්ඩ අවශ්‍ය වේ යැයි සිතිය හැකිය. පෝරණු වල පිළිස්සු භාණ්ඩ වන කලස්, පිඟන් සහ මූඩි වල කැබලි, දම් මැටි වලින් සියුම් ලෙස සැදු වලලු ආකාර කොටස්ය. මෙම වලන් සකයක කරකවන සහ රෝස පැහැයට හුරු ඔපදමන ලද නියැඳි දක්නට ලැබේ. සමහර භාණ්ඩ විශේෂයෙන් කලස්වල, ගෙල වටා රතු පාටට හුරු ඔපදැමූ පටියක් තිබේ. මෝස්තර යෙදීම බොහෝ වලන් වල අලංකාර ලක්ෂණ වලින් එකක් වන අතර එම අලංකාර කලු පැහැයෙන් යුක්ත වේ. මෙම මෝස්තර ජ්‍යාමිතික හැඩ වලට සීමා කර ඇත. විවිධ ඝණකම් වලින් යුතු තිරස් රේඛා, මාලුන්ගේ කොරල රටා, රැලි රේඛා, ඡේදනය වන රවුම් සහ පනා රටා ඇතුලත් වේ. මිනිසුන්ගේ හා සතුන්ගේ මෝස්තර අංග සැලකිය යුතු තරම් නැත. වලංන්කරුවන්ගේ සලකුණු කලස් සහ වලං වලින් ඒ බව මනාව පැහැදිලිව තිබේ. සෙල්ලම් බඩු, පිළිම සහ පැළඳුම් සම්පූර්ණයෙන් නොමැති වීම උපයෝගිතාත්මක පරිසරයක් පෙන්නුම් කරයි.(තවදුරටත්කැණීම සිදු කරන) මෙම හරප්පා ශිෂ්ඨාචාරයේ පෙනෙන්නට තිබෙන සමාජ හා සංස්කෘතික විසංගමනය අඩු කල හැකි ද්‍රව්‍ය අනාවරණය කර ගැනීමට තවදුරටත් නිරන්තරව කැණීම් සිදු කරනු ලබයි.

වෙළඳ මධ්‍යස්ථානවල වැදගත්කම[සංස්කරණය]

හරප්පන්හි මාර්ග ලකුණක් ලෙස සොක්ටා කෝ ‘අන්තර් ක්‍රියා ජාලකය’

ක්‍රිස් . පේ.ඩී. කොස්ටමාන් ඔහුගේ “ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, එහි මායිම් හා අමතක වී ගිය තැන්, සාකච්ඡා” නම් වූ විග්‍රහයේ දී ප්‍රාථමික ‍හෝ ප්‍රාථමික නොවන අවස්ථා වලදී නොනිමි අමුද්‍රව්‍ය හා අනෙකුත් ද්‍රව්‍ය සොයාගත නොහැකි ලෙස යටි ජල පෝෂික ගංගාධරයන්හි (තැනිතලාවන්), සුඛෝපභෝගී භාණ්ඩ සඳහා දිගු කාල වෙළඳ බලකායක් අවශ්‍ය වීම ඉන්දු ශිෂ්ටාචාරයන්හි ප්‍රධාන අංගයක් පවතින්නට ඇති බවයි.

‍‍ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දී ජනප්‍රිය භාණ්ඩ අතර තඹ, රත්‍රන්, රිදී, ටින්, සූර්යකාන්ත පාෂාණ(jasper), අගස්ති, ඕර්ටි ගල් , තෝරමල්ලි,ඇසුරිටි ගල්, ලාඕසි, මුතු, බෙල්ලො ස්ෂටයිල‍යිට්, දීප්තිමත් නිල් මැණික්, සබන් ගල්, ඇනිටිමනි සහ ඇත්දළ ආදී භාණ්ඩ සැලකිය හැකිය. මෙම ද්‍රව්‍ය අඩංගු ප්‍රදේශ හිමිකර ගැනීම සඳහා සිදුකළ ආක්‍රමණ හා සිවිල් යුද්ධ මෙම ශිෂ්ටාචාරයේ ඉදිරිය තීරණය කරන්නට ඇත.

අවම වශයෙන් එකල අන්තර් කලාප අතර ගමනාගමනය සඳහා පෙළඹවීමක් වුයේය. සිල්වියෝ ඩු‍රාන්ට්ගේ ඉන්දියානු මුතු බෙල්ලෝ අධ්‍යයන(1979) හා ඔවුන්ගේ පෙනුම පුරාවිද්‍යාත්මක වාර්ථාවල දී, ඉරානයේ ටෙපේ සහ්යා සහ ෂාර් අයි සොන්ටා වලදී, එමෙන්ම ඉන්දු නිම්න වලදී, පුරාතන වෙළඳ මාර්ග ඔස්සේ (ප්‍රථමයෙන් ඉන්දියානු වෙරළ තීරය දිගේ සොයාගන්නා ලද එක්තරා ගල් විශේෂයක්). පුරාවෘත්තයේ ප්‍රාථමික වශයෙන් සාකච්ඡා කරනුයේ Xancus pyrum නම් බෙල්ලන් විශේෂ ද, ලොව පුරා නොනැසි පැවති ආකාරය, එකල ඒවා ආහාර බවට පත් කල අයුරු හා එහි ගමනාන්තය සමහර විට ලොව නව තැනකට ගෙන යන්නට ඇත.

මෙම විශේෂිත බෙල්ලාගේ වැදගත්කම Xancus pyrum සතුවු සීමිත භූගෝලීය ව්‍යාප්තියත් (ඔවුන් සතුවන සමාන විශේෂත්වය ඛණිජ සම්පත් වල අනතර්ගතය ලම්ප ලෑලි වැනි බෙල්ලන් අති තියුනුය). මේ සම්බන්ධයෙන් දේශිය වශයෙන් නොනිමි අමුද්‍රව්‍ය මෙම බෙල්ලන් ඇතිවන හොඳින් හඳුනාගන්නා ලද ප්‍රදේශ වල සිට ගෙන ඒමේ දී (Xancus pyrum වෙළඳාම සම්බන්ධයෙන් වූ පරිදිම) සමහර විට මෙම ෂෙල් එවකට වූ සංස්කෘතින් අතර සම්බන්ධයන් පවතින්නට ඇත.


Sokhta_Koh Pottery

"http://si.wikipedia.org/w/index.php?title=සොක්ටා_කොහ්&oldid=250038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි