සෛල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(සෛලය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සෛල යනු සියළුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය, කෘත්‍යමය සහ ජෙෙවීය ඒකක වේ. ජීවයේ කුඩාම ඒකකය වන සෙෙලයට ස්වාධීනව ප්‍රතිවලිත වීමේ හැකියාව පවතීින අතර, සෙෙලය "ජීවයේ තැනුම් ඒකකය" ලෙසද හැඳින්වෙි. සෙෙල පිළිබඳව හැදෑරීම සෙෙල ජීව විද්‍යාව නම් වේ.

පටලයකින් ආවරණය වූ ප්‍රාක්ප්ලාස්මයකින් සෙෙල සමක්විත වේ. ඒ තුල ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල වැනි විවිධ ජීව අණු රැසක් අන්තර්ගතය.[1] ජීවීන් ප්‍රධාන වශයෙන් ඒක සෙෙලික (එක් සෙෙලයකින් පමණක් සමන්විත ජීවීන්; බැක්ටීරියාවන්) හා බහුසෙෙලික (ශාක සහ සතුන්) වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කල හැකි වේ. ශාක සහ සතුන්ගේ දේහ තුල අන්තර්ගත වන සෙෙල සංඛ්‍යාව ජීව විශේෂයෙන් විශේෂයට වෙනස් වේ. පරිණත මිනිස් දේහයක් තුල සෙෙල ට්‍රිලියන 100 ක් පමණ ඇතැයි සැළකෙයි.[2] බොහොමයක් ශාක සහ සත්ව සෙෙල දැකගත හැකි වන්නේ අන්වීක්ෂ භාවිතයෙන් පමණක් වන අතර, සෙෙල වල විශාලත්වය මයික්‍රොමීටර 1 - 100 ත් අතර පමණ වේ.[3]

සෙෙලය ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ 1665 වසරේදී රොබට් හුක් විසිනි. 1839 වසරේදී මුල්ම වරට සෙෙල වාදය, මතායස් ජේකොබ් ශ්ලයිඩන් සහ තියඩෝර් ශ්වාන් විසින් දියුණු කොට, සියළුම ජීවීන් සමන්විත වන්නේ තනි සෙෙලයකින් හෝ සෙෙල විශාල ගණනකින් බවත්, එම සෙෙල ඇතිවන්නේ පෙර පැවති සෙෙල වලින් බවත්, ජීවියෙකුගේ ජෙෙවීය ක්‍රියාවලීන් සෙෙල තුල සිදුවන බවත්, සියළුම සෙෙල තුල එහිලා වූ කෘත්‍යයන් පාලනය කිරීම සඳහා සහ තොරතුරු ඊලඟ පරම්පරාවේ සෙෙල වෙත සම්ප්‍රේෂණය කිරීමට අදාල ප්‍රවේණික තොරතුරු අන්තර්ගත වන බවත් ප්‍රකාශ කරන ලදී.[4] මීට වසර බිලියන 3.5 කට පමණ පොරාතුව, පෘතුවිය මත මුල්ම සෙෙලය ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරේ.[5][6][7]

ව්‍යුහ විද්‍යාව[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් ජීවී සෛල දෙවර්ගයක් ඇත. ඒවා නම්, ‍ප්‍රාග්න්‍යෂ්ටිකයින් (ප්‍රෝකැරියෝටා) හා සූන්‍යෂ්ටිකයින් (යූකැරියෝටා) වේ. සූ න්‍යෂ්ටිකයින් සතුව සංවිධානය වූ න්‍යෂ්ටියක් පවතී. ප්‍රාග්න්‍යෂ්ටිකයින් සතුව එවැන්නක් නොමැත. ප්‍රාග් න්‍යෂ්ටිකයින් සාමාන්‍යයෙන් ඒක සෙෙලික ජීවීන් වේ. සූ න්‍යෂ්ටිකයින්, ඒක සෙෙලික හෝ බහු සෙෙලික ජීවීන් යන දෙයාකාරයෙන්ම දැකගත හැකි වේ

ප්‍රාග්න්‍යෂ්ටිකයින් හා සූන්‍යෂ්ටිකයින් අතර සංසන්දනය
ප්‍රාග්න්‍යෂ්ටිකයින් සූන්‍යෂ්ටිකයින්
දර්ශීය ජීවීන් බැක්ටීරියාවන්, ආකියාවන් ප්‍රොටිස්ටාවන්, දිලීර, ශාක, සතුන්
දර්ශීය ප්‍රමාණය ~ 1–5 මයික්‍රොමීටර[8] ~ 10–100 මයික්‍රොමීටර[8]
න්‍යෂ්ටියේ ආකාරය න්‍යෂ්ටික කලාපයක් පවතී; සංවිධානය වූ සත්‍ය න්‍යෂ්ටියක් නැත. ද්විත්ව පටලමය සංවිධානය වූ සත්‍ය න්‍යෂ්ටියක් පවතී
DNA චක්‍රීයයි (සාමාන්‍යයෙන්) රේඛීය අණුවකි. (වර්ණදේහ) හිස්ටෝන ප්‍රෝටීනද පවතී.
RNA/ප්‍රෝටීන සංස්ලේෂණය සෙෙල ප්ලාස්මය තුල සිදුවේ. RNA සංස්ලේෂණය න්‍යෂ්ටිය තුලත්,
ප්‍රෝටීන සංස්ලේෂණය සෙෙල ප්ලාස්මය තුලත් සිදුවේ.
රයිබොසෝම 50S සහ 30S 60S සහ 40S
සෙෙල ප්ලාස්මීය ව්‍යුහය ඉතා කුඩා ව්‍යුහ ප්‍රමාණයක් පවතී. සෙෙල සැකිල්ලකින් හා පටලමය ව්‍යුහ රැසකින් සමන්විත වේ.
සෙෙල චලනය කෂිකා හරහා සිදුවේ. (තැනෙන්නේ ෆ්ලැජලින් වලිනි) කෂිකා සහ පක්ෂ්ම හරහා සිදුවේ. (තැනෙන්නේ ක්ෂුද්‍රනාලිකා; lamellipodia සහ filopodia ඇක්ටින් අන්තර්ගතය)
මයිටොකොන්ඩ්‍රියා නැත ඇත
හරිතලව නැත ඇල්ගී සහ ශාක
සංවිධානය ඒක සෙෙලික ඒක සෙෙලික, ඝනාවාස, විශේෂණය වූ සෙෙල සහිත බහු සෙෙලික
සෙෙල විභාජනය ද්වි ඛණ්ඩනය (සරල විභාජනය) අනූනනය (විඛණ්ඩනය හෝ අංකුරණය)
ඌනනය
වර්ණදේහ තනි වර්ණදේහය වර්ණදේහ එකකට වඩා පවතී
පටලය නැත පටලමය ඉන්ද්‍රයිකා ඇත

.

ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල[සංස්කරණය]

දර්ශීය ප්‍රාග්න්‍යෂ්ටික සෙෙලයක රූප සටහනක්

මිහිතලය මත සම්භවය වූ ප්‍රථම ජීවී ආකාරය ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල වේ. ඔවුන් සූන්‍යෂ්ටිකයින්ට සාපේක්ෂව සරල හා කුඩා වන අතර, න්‍යෂ්ටියක් වැනි පටලමය ඉන්ද්‍රයිකා නොදරයි. ප්‍රාග්න්‍යෂ්ටිකයින් වර්ග දෙකකි. ඒවා නම් බැක්ටීරියා සහ ආකියා වේ. ප්‍රාග්න්‍යෂ්ටිකයින් තුල අන්තර්ගත වන DNA, එක් වර්ණදේහයක් තුල අඩංගු වන අතර එය සෙෙල ප්ලාස්මය හා සෘජුවම සම්බන්ධ වී පවතී. සෙෙල ප්ලාස්මයේ වූ න්‍යෂ්ටික කලාපය, නියුක්ලොයිඩය ලෙස හැඳින්වේ. සියළුම ජීවීන් අතුරින් බොහොමයක් ප්‍රාග්න්‍යෂ්ටිකයින් කුඩාතම වේ. ඔවුන්ගේ විශාලත්වය 0.5 සිට 2.0 µm දක්වා පමණ වෙයි.[9]

ප්‍රාග්න්‍යෂ්ටික සෙෙලයක දැකගත හැකි ප්‍රධාන ව්‍යුහාංග 3 කි:

  • සෙෙලයේ මතුපිට සිට භාහිරයට විහිදී යන කෂිකා සහ පිලයි - මෙම ව්‍යුහයන් (සියළුම ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ දැකගත නොහැකි වේ) ප්‍රෝටීන වලින් තැනී ඇති අතර, සෙෙල අතර සන්නිවේදනයට සහ සෙෙල වල චලනයට උපකාරී වේ.
  • සෙෙලය ආවරණය කරන සෙෙල කොපුව – සාමාන්‍යයෙන් ප්ලාස්ම පටලය ආවරණය කරමින් පවතින සෙෙල බිත්තියකින් සමන්විත වේ. නමුත් සමහර බැක්ටීරියාවන් සතුව කැප්සියුලය නමින් තවත් ආවරණයක් පවතී. සෙෙල කොපුව මගින් සෙෙල වෙත දැඩි භාවයක් ලබා දෙන අතරම, සෙෙල අභ්‍යන්තරය භාහිර පරිසරයෙන් වෙන් කරමින්, ආරක්ෂිත පෙරහනක් සේද ක්‍රියා කරයි. බැක්ටීරියාවන්ගේ සෙෙල බිත්තිය පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත වන අතර එය භාහිර බලපෑම් වලට එරෙහි බාධකයක් ලෙස ක්‍රියාකිරීමේදී වැදගත් වේ. එසේම උපාභිසාරක මාධ්‍යයකදී ආස්‍රැති පීඩනය නිසා සිදුවන සෙෙල විදාරණය හා පිපිරී යාමට ඇති හැකියාව සෙෙල බිත්තිය මගින් වලක්වනු ලබයි. සමහර සූන්‍යෂ්ටික සෙෙල සතුවද (ශාක සෙෙලය සහ දිලීර සෙෙල) සෙෙල බිත්ති පවතී.
  • සෙෙලයේ අභ්‍යන්තර සෙෙල ප්ලාස්මීය කලාපය තුල ජීනෝමය (DNA), රයිබොසෝම සහ විවිධ වර්ගයේ අන්තර්ගත ද්‍රව්‍යයන් පවතී. ප්‍රාග්න්‍යෂ්ටිකයින් තුල පවතින වර්ණදේහය සාමාන්‍යයෙන් චක්‍රීය අණුවක් වේ.[10] ප්‍රාග්න්‍යෂ්ටිකයින් සතුව කෙසේ නමුදු න්‍යෂ්ටියක් නොමැති වන අතර, DNA නියුක්ලොයිඩ කලාපයේ සාන්ද්‍රණය වී පවතී. මීට අමතරව ප්ලැස්මිඩ ලෙස හඳුන්වන අතිරේක චක්‍රීය වර්ණදේහමය DNA බැක්ටීරියාවන් තුල දැක ගත හැකි වන අතර, ඒවා හීද ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයට හේතුවන ජාන වැනි අතිරේක ජාන පිහිටා ඇත.

සූන්‍යෂ්ටික සෙෙල[සංස්කරණය]

දර්ශීය සත්ව සෙෙලයක ව්‍යුහය
දර්ශීය ශාක සෙෙලයක ව්‍යුහය

ශාක, සතුන්, දිලීර, ප්‍රෝටසෝවාවන්, සහ ඇල්ගාවන් සියළුදෙනාම සූන්‍යෂ්ටිකයෝ වේ. සූන්‍යෂ්ටික සෙෙල, ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල පළල මෙන් පහලොස් ගුණයක් පමණ විශාල වන අතර, පරිමාව සැළකීමේදී දහස්වාරයක් පමණ විශාල විය හැකිවේ. ප්‍රාග්න්‍යෂ්ටික සෙෙල සමග සසඳන විට සූන්‍යෂ්ටික සෙෙල වල දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ, සූන්‍යෂ්ටික සෙෙලය පටල මගින් තවත් කොටස් වලට බෙදී ඒවා තුල විශේෂිත පරිවෘත්තීය ක්‍රියාවන් සිදුවීමයි. ඒ අතුරින් සූන්‍යෂ්ටික සෙෙලයක් තුල DNA ගබඩා කොට පවත්වා ගන්නා සෙෙල න්‍යෂ්ටිය විශේෂ කොට දැක්විය හැකිවේ.

උප සෙෙලීය සංරචක[සංස්කරණය]

සූන්‍යෂ්ටික සෙෙලයක් තුල පවතින ප්‍රධාන සංරචක

පටලය[සංස්කරණය]

සෙෙල සැකිල්ල[සංස්කරණය]

ප්‍රවේණික ද්‍රව්‍ය[සංස්කරණය]

ඉන්ද්‍රයිකා[සංස්කරණය]

සූන්‍යෂ්ටික[සංස්කරණය]

  • සෙෙල න්‍යෂ්ටිය:
  • මයිටොකොන්ද්‍රියා සහ හරිතලව:
  • අන්ත:ප්ලාස්මීය ජාලිකාව:
  • ගොල්ගි දේහය:
  • ලයිසොසෝම හා පෙරොක්සිසෝම:
  • කේනද්‍රදේහ
  • රික්තකය:

සූන්‍යෂ්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික[සංස්කරණය]

  • රයිබොසෝම:

සෙෙල පටලයෙන් පිටත වූ ව්‍යුහ[සංස්කරණය]

සෙෙල බිත්තිය[සංස්කරණය]

ප්‍රාග්න්‍යෂ්ටික[සංස්කරණය]

කැප්සියුලය[සංස්කරණය]

කෂිකා[සංස්කරණය]

පිලයි[සංස්කරණය]

සෙෙලීය ක්‍රියාවලීන්[සංස්කරණය]

වර්ධනය හා පරිවෘත්තිය[සංස්කරණය]

ප්‍රතිවලිත වීම[සංස්කරණය]

ප්‍රෝටීන සංස්ලේෂණය[සංස්කරණය]

චලනය හා සංචරණය[සංස්කරණය]

බහුසෙෙලිකතාව[සංස්කරණය]

සම්භවය[සංස්කරණය]

පළමු සෙෙලයේ සම්භවය[සංස්කරණය]

සූන්‍යෂ්ටික සෙෙලයේ සම්භවය[සංස්කරණය]

පරීක්ෂණ ඉතිහාසය[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Cell Movements and the Shaping of the Vertebrate Body in Chapter 21 of Molecular Biology of the Cell fourth edition, edited by Bruce Alberts (2002) published by Garland Science.
    The Alberts text discusses how the "cellular building blocks" move to shape developing embryos. It is also common to describe small molecules such as amino acids as "molecular building blocks".
  2. Lodish (2007). Molecular Cell Biology,6e. W.H.Freeman and Company. ISBN 0-7167-7601-4. 
  3. Campbell, Neil A.; Brad Williamson; Robin J. Heyden (2006). Biology: Exploring Life. Boston, Massachusetts: Pearson Prentice Hall. ISBN 0-13-250882-6. http://www.phschool.com/el_marketing.html. 
  4. Maton, Anthea; Hopkins, Jean Johnson, Susan LaHart, David Quon Warner, Maryanna Wright, Jill D (1997). Cells Building Blocks of Life. New Jersey: Prentice Hall. ISBN 0-13-423476-6. 
  5. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Origin1 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Origin2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; RavenJohnson2002 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. 8.0 8.1 Campbell Biology—Concepts and Connections. Pearson Education. 2009. pp. 320. 
  9. Microbiology : Principles and Explorations By Jacquelyn G. Black
  10. European Bioinformatics Institute, Karyn's Genomes: Borrelia burgdorferi, part of 2can on the EBI-EMBL database. Retrieved 5 August 2012

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සෛල&oldid=320017" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි